Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    රත්මලාන ,ශ්‍රී ජන මාවතේ කොරෝනා ආසාදිත කාන්තාවක් අද දින වාර්තා විය.


    ශ්‍රී ජන මාවතේ ඇය සිටිය ප්‍රදේශයට යාබද පවුල් ගණනාවක් මේ නිසා ආසාදනය වීමට තිබෙන ඉඩ සලකා
    34 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.
    රත්මලාන ,ශ්‍රී ජන මාවතේ 34 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබෙන බව ආරක්ෂක අංශ දන්වා තිබේ.

    :(:(
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මින් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් අඩි විස්සක් දිගැති උමං මාර්ගයක් ඔස්සේ සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර රට තුළට ගැනීමට පියවර ගෙන ඇතැයි ගුවන්
    තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පැවසීය.


    මෙමගින් කිසිදු මගියකු මග නොහැරෙන අතර, සියලුම විෂබීජ නැසිය හැකි අයුරින් විෂබීජ නාශක වාෂ්ප ලෙස මෙම උමං මාර්ගයේදී එක් කිරීමට නියමිතය.

    ගුවන් හමුදාවේ සහායෙන් මෙම විෂබීජානුහරණ උමං මාර්ගය සැකසීමට පියවර ගෙන ඇත. ගුවන් තොටුපළ සේවකයන්ද ඇතුළු වන හා පිටවන තැන්වලදී විෂබීජානුහරණ කුටි ඔස්සේ විෂබීජහරණයට ලක් කිරීමටද කටයුතු යොදා ඇත.

    තිස්ස රවීන්ද්‍ර පෙරේරා
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා
    ඇති පොලිස් ඇඳිරි නීතිය හෙට (6)උදෑසන හයට තාවකාලිකව ඉවත් කිරීමට නියමිතයි.

    එය යළි එදිනම පස්වරු දෙකට පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ඇඳිරි නීතිය ඉවත් කළත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙයි.
    කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් සහ කුඩා තේ වතු, අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එම වැඩකටයුතු කර ගෙන යාම සඳහා අවසර ලබාදී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
    එසේම, අනුමත සේවා හැඳුනුම්පත් හෝ ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව ගමන් කරන පුද්ගලයන් සහ වාහන සියල්ල අත්අඩංගුවට ගන්නා බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරස් ව්‍යාප්තිය වළක්වාලීම සඳහා වසා දමා ඇති අටළුගම ගම්මානයේ
    ඇතැමුන් බොල්ගොඩ ගඟ හරහා පැමිණ අනෙක් ගම්මාන වල සැරිසරන බවට තොරතුරු ලැබී තිබේ.


    මේ හේතුවෙන් අටළුගම ආසන්නයෙන් බොල්ගොඩ ගඟ හරහා ආරක්ෂක අංශ විසින් විශේෂ බෝට්ටු සේවාවක් ආරම්භ කර ඇත.

    මෙම ගම්මානය කීපදෙනෙකුට කොරෝනා වෛරසය වැලදී තිබීම හේතුවෙන් එය තව දුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා මුළු ගම්මානයම වසා දමා සියළු පවුල් නිරෝධායනයට ලක් කර තිබෙයි.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සිංහලු දැන් තමයි පරිස්සම් වෙන්න ඕනේ හොදම කාලේ සමහරු මේක විහිලුවට අරන් ඔක්කොටම බඩු ලැබෙයි වගේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    තමන්ව ‌හෙට දිනයේදී ශ්‍රී ලංකා භාරයට ‌ගන්නැයි ‌මේ වන විට ‌ලෝක සවාරියක ‌යෙදෙන MSC මැග්නිෆිකා ‌නෞකාවේ ‌සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර මහාත ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරනවා.
    එම ‌නෞකාව ‌හෙට (06) දිනයේදී ‌කොළඹ වරායට ‌සේන්දු වීමට නියමිතයි.


    ඒ මහතා සඳහන් කරන්නේ මගීන් 2700ක් පමන සිටින ‌මෙම ‌නෞකාව ජනවාරි 05වනදා ගමන් ආරම්භ කළ බවයි.

    නමුත් පවතින තත්ත්වය ‌හේතුවෙන් සංචාරය ඔස්ට්‍රේලියාවේදී නවතා දැමීමට සිදුවූ බවත් කිසිඳු වරායකට ‌නෞකාව භාර ‌නොගැනීම ‌හේතුවෙන් එය නැවත මවු ශාඛාව වන ඉතාලිය බලා ගමන් කරන බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.

    ඔහු සඳහන් කරන්නේ කිසිඳු ‌කොරෝනා ආසාදිතයකු තවමත් ‌නෞකාවෙන් හමුවී නැති බවයි.

    හෙට (06) ‌නෞකාව සැපයුම් ලබා ගැනීම සඳහා ‌කොළඹ වරායට ‌සේන්දු වන බවත් පැය 03ක පමන කාලයක් එහි රැඳී සිටින බවත් ඒ මහතා සඳහන් කරනවා.


    එබැවින් එම අවස්ථාවේදී තමන් ‌මෙරටට භාරගන්නා ‌ලෙසයි ඔහු ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

    එසේ ‌නොවුනහොත් තමන්ට නැවත වරක් යුරෝපය බලා පිටව යෑමට සිදුවන බවයි ඔහු ‌පෙන්වා ‌දෙන්නේ.

    තමන්ව ‌හෙට දිනයේදී දිවයිනට භාරගතහොත් මසක් ‌හෝ ‌දෙකක් වුවත් නිරෝධායනයට ලක් වීමට සූදානම් බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

    ලංකාවෙ උන් ටික විතරක් ගනිල්ලා, හැබැයි ගෙදර යවන්නෙ නැතුව නිරෝධායනයට යවන්න ඕන.
    මොනව වුනත් අපේ රටේ මනුස්සයෙක්නේ.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2020-04-05.png
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ලංකාවෙ උන් ටික විතරක් ගනිල්ලා, හැබැයි ගෙදර යවන්නෙ නැතුව නිරෝධායනයට යවන්න ඕන.
    මොනව වුනත් අපේ රටේ මනුස්සයෙක්නේ.

    nwatama eka manussayek inne


    mehedi gaththe naththan eelagata italy walalu nawathinne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113

    nwatama eka manussayek inne


    mehedi gaththe naththan eelagata italy walalu nawathinne

    ඒක තමයි ඒ මිනිහ විතරක් ගමු. හැබැයි ගෙදර යවන්න එපා... නිරෝධායනයට යවන්න ඕන.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    තුන් දෙනෙක්ගේද කොහෙද විදියක් හොයාගන්න ක්රේමයක් නැහැ
    ස්වයං නිරෝදනය වෙන්න කියපු වුන් ගම් පිටින් පනිනවා

    කොරෝනා එකෙක් ටවුමේ අද්රිනිතිය වෙලේ සෙට් වුනොත් අනාතයි tv එකේ පෙන්නුවාට 1m කැලේ
    මේ දවස් 14ක් ගෙදරටම වෙලා හිටපන් බත් ටිකක් කොස් ගෙඩියක් විතරක් හරි තම්බගෙන සමහරුන්ට මේවා ජෝක් වුන්ට හදාගන්න කියලා උබලා ගෙදර වුන් එක්ක පරිස්සම් වෙයන්

    ජුනි ඉවරවෙනකම් වගේ ඇදෙනවා
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අද කලින් එනවා නේ positive වෙච්ච අය ? රා වෙද්දි අම්මට සිරි වෙන්න වඩි වෙයි ද දන්නෙ න:baffled::baffled:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන අපහසුතා ඇත්නම් ඉක්මනින්ම දැනුම් දෙන්න කෙටි දුරකතන අංකයක්

    මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන අපහසුතා පවතින්නේ නම් වහාම 1390 ක්ෂණික දුරකතන අංකයට අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරනවා.

    වෛද්‍යවරුන් 100 කට අධික සංඛ්‍යාවක් විසින් මෙය මෙහෙයවනු ලබන අතර එහිදී ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි ඒ සම්බන්ධයෙන් අදමස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

    එසේම කොවිඩ් 19 ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු මේ වන විට තීව්‍ර කර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


    408e90825bdba278cee5c99e86b95bae5e4305ba.jpg
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඒක තමයි ඒ මිනිහ විතරක් ගමු. හැබැයි ගෙදර යවන්න එපා... නිරෝධායනයට යවන්න ඕන.

    pora kamathi wennam kiyala thiyenne masayak dekak wunath inna
     
    Status
    Not open for further replies.