උල්කාපාත වර්ෂාවක්...meteor shower today..

iadperera

Junior member
  • Dec 6, 2009
    36
    5
    8
    උල්කාපාත වර්ෂාවක්...meteor shower today..

    ග්‍රහ ලෝක 5 ක් සහ ලයිරීඩ් උල්කා වර්ෂාව මෙම සතිය තුල නැරඹීමේ අවස්ථාවක්

    කොරෝනා ව්‍යවසනය හේතුවෙන් මිනිස් ක්‍රියාකාරකම් අඩුවීම මත වායු දූෂණය අවම වීම නිසා අහස ඉතාම පැහැදිලිව දිස්වන හෙයින් වලාකුළු රහිත විට දී තාරකා විද්‍යා නිරීක්ශණ කිරීමේ ඉතා විරල අවස්ථාවක් මේ දිනවල උදාවී තිබෙනවා.
    අප්‍රේල් 16 වනදා සිට අප්‍රේල් 25 කාලය තුලදී එකිනෙකට ඉතා සමීපව අහස් මුදුනට ආසන්නව පිහිටි බ්‍රහස්පති, සෙනසුරු සහ අඟහරු ග්‍රහලෝකත් සමගම හිරු නැගීමට පෙර නැගෙනහිර ක්‍ෂිතිජයට ඉහලින් ඇති බුධ ග්‍රහයා මෙන්ම පැරණිතම වාර්ෂික උල්කාපාත වර්ෂාවක් වන ලයිරිඩ්ස් ද අළුයම් කාලයේදී දැක ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කලේ.
    ලයිරා තාරකා මණ්ඩලය දිසාවේ සිට උල්කා පැමිණෙනවා සේ දිස්වන හෙයින් මෙම උල්කා වර්ෂාව ලයිරිඩ්ස් නමින් හදුන්වන බවයි ඔහු සඳහන් කර සිටියේ.
    මේ දිනවල විචිත්‍ර උල්කාපාත පැයකට 5 ක් පමණ දැකිය හැකි නමුත්, අප්‍රියෙල් 22 රාත්‍රියේ පෘථිවියට උල්කාපාත ප්‍රවාහයේ උච්චතම කොටස හමු වන අතර, ඒ සමඟ උල්කාපාත පැයකට 20 ක් හෝ ඊට වැඩි ව දැකගත හැකි වේ.
    අප්‍රේල් මස 17 වනදායින් පසු චන්ද්‍රයා ක්‍රමයෙන් දසුනෙන් ඉවත්වන බැවින් සහ 23 අමාවක ඇතිවන බැවින් උල්කා උච්චතමය වන අප්‍රේල් මස 22 වෙනිදා වන විට අපට සම්පූර්ණ දර්ශනය බාධාවකින් තොරව බැලීමට ඉඩ සැලසෙන බව ඔහු ප්‍රකාශ කර සිටියා. දිගු වේලාවක් සිටගෙන සිටීමෙන් හා බෙල්ලෙන් ඇති වන වේදනාව වළක්වා ගැනීම සඳහා උල්කා වර්ෂාව නරබන අය උතුරු අහස පෙනෙන සේ බිම ඇතිරිල්ලක් දමා වැතිර සිටීම හෝ උද්‍යාන පුටුවක ඉද ගැනීම වඩා යෝග්‍ය වේ.
    සියලුම විදුලි පහන් නිවා දමා ඇස් අඳුරට අනුවර්තනය වීමට මිනිත්තු 15 - 20 ක් පමණ ඉඩ දීමෙන් මෙම උල්කා වර්ෂාව දැක ගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
    ඉදිරි සතිය තුල අනෙකුත් ග්‍රහයන් සහ ලියිරිඩ් උල්කා වර්ෂාව නිරීක්ෂණය කිරීමට හොඳම කාලය අළුයම 4.00 සිට 5.30 දක්වා වේ

    http://nethnews.lk/article/76303
     
    Last edited:
    • Like
    Reactions: SLCRI and Sai_baba

    iadperera

    Junior member
  • Dec 6, 2009
    36
    5
    8
    Meteor shower over Lankan skies tonight

    16 Apr, 2020 Colombo (News 1st) ;

    Sri Lankans will be gifted with a rare opportunity to witness a meteor shower in the skies above the country.


    The Arthur C Clarke centre in Colombo said the meteor shower can be witnessed between 12:00 AM to 01:00 AM
    www.newsfirst.lk
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    manjula-peiris.jpg


    හැලීගේ වල්ගා තරුව පේන්නේ නැද්ද:cool: