lucid_dream

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    [
    IMG]https://zerotoinfinitude.com/wp-content/uploads/2017/02/astral-travel-vs-lucid-dreaming-300x201.jpg[/IMG]​

    පි දකින සිහිනයක් පාලනය කරන්න පුලුවන් කියලා ඔඹ දැන ගන්න කොට වයස කියද?

    ------------
    හදුන්වාදිම
    ------------

    අපි හැමෝම සිහින දකිනවා; එ දකින සිහින තමන් කැමති විදිහට පාලනය කරන්න බැ කියලා ගොඩක් මිනිසුන් විශ්වාස කරනවා.එත් සිහිනයක් දකින විට අපි සිහිනයක් දකිමින් ඉන්න බව දැනගෙන එම සිහිනයේ පාලනය අපේ අතට ගන්න පුලුවන්; එකට ලුසිඩ් සිහිනයක් දකිනව කියලා කියනවා.
    මෙවැනි සිහිනයක් අතර තුර සිහින දකින පුද්ගලයට සිහිනෙ සිටින සමාජිකයන් ,පරිසරය හා කතාව යම්තාක් දුරකට පාලනය කරන්න පුලුවන්.

    ලොකයේ ජිවත් වන මිනිසුන්ගෙන් සීයයට 55 පමන ඔවුන්ගේ ජිවිත කාලය තුල ලුසිඩ් සිහින එකක් හෝ වැඩි ගනනක් අහඹු ලෙස අත් දැක ඇති බවට පරික්ශකයන් විසින් පවසනවා.
    කෙසේ වුවත් ලුසිඩ් සිහිනයයක් දැකීම දුර්ලභ අවස්තාවක්. එහෙත් නිසි පුහුණුවක් හා සරල ක්‍රියාකාරකම් වලින් අපිටත් ලුසිඩ් සිහින දකින්නකු බවට පත් වෙන්න පුලුවන්.

    ----------
    ඉතිහාසය
    ----------

    සිහි බුද්දිය ඇතුව සිහින දැකිම පිලිබදව දිගු ඉතිහාසයක් පවතිනවා.ඇත අතිතයෙදි දී, සිහින දකින තැනැත්තාට ඔහු හෝ ඇය සිහිනයක් දකිමින් සිටින බව දැන ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීම සදහා Yoga nidra නම් ක්‍රිමයක් භාවිතා කල බවට පුරාණ ඉන්දියානු හින්දු සාහිත්‍යයේ සදහන් අතර dream Yoga නම් ක්‍රමයක් ටිබෙටයේ බෞද්ධයන් ගේ පිළිවෙත් අතර තිබු බව සදහාන් වෙනවා.

    ලන්දේසි කතුවරයකු හා මනෝචිකිත්සකයෙකු වන ෆ්‍රෙඩ්රික් වැන් ඊඩන් (Frederik van Eeden) විසින් ලුසිඩ් ඩ්‍රිම් ( 'Lucid dream') යන නම 1913 දී රචනා කරන ලද "ස්ටඩි ඔෆ් ඩ්‍රීම්ස්" (A Study of Dreams) නම් ලිපියේ මුල් වරට සදහන් කර ඇත.

    මැත ඉදිහාසයෙදි Dr. Stephen LaBerge, ලුසිඩ් ඩ්‍රිම් සම්බන්ද පර්යේෂණ වල පුරෝගාමියා ලෙස සලකනවා. ඔහුගේ පරික්ශන තුලින් ලුසිඩ් සිහිනයන් වෙත පිවිසිය හැකි ශිල්ප ක්‍රමයන් හදුන්වා දි ඇති අතර එවා ඉතා ජනප්‍රිය වි ඇත.

    ----------------------------------------------
    ලුසිඩ් ඩ්‍රිම් එකක් බලන්නෙ කොහොමද ?
    ----------------------------------------------

    (1)සුව නින්දක් ලබා ගන්න
    -------------------------------

    අපේ නින්දේ කොටස් 3 පවතින අතර එවා Light Sleep ,Deep Sleep ,REM Sleep ලෙස හදුන්වනවා.
    අපිට සිහින දැකිම REM Sleep අවස්තාවෙදි සිදු වන අතර මෙම REM Sleep (Rapid eye movement sleep) අවස්තාවෙ සිටින පුද්ගලයකුගේ ඇස් වෙගවත්ව චාලනය විම දක්නට ලැබෙනව.එයට හේතුව එම පුද්ගලයා සිහිනයක් දකිමින් සිටිමයි.

    ලුසිඩ් ඩ්‍රිම් එකකට පිවිසිමට REM Sleep අවස්තාව දක්වා සුව නින්දක් ලබා ගැනිම ඉතා වැදගත් වන් අතර REM Sleep අවස්තාව සදහා පිවිසිම අඩුම පැය 6-8 අතර හොද නින්දක් ලබා ගැනිම අවශ්‍ය වෙනවා.

    හොද නින්දක් ලබා ගන්න ,

    01. හැමදාම එකම වෙලාවට නින්දට යන්න, කාලසටහනක් අනුගමනය කරන්න.

    02. දිනපතා ව්‍යායාම කරන්න.

    03.නින්දට යන්න මොහෝතකට පෙර දුරකතනය වැනි ඉලේක්ට්‍රෝනික් උපකරණ බාවිත කිරිමේන් වලකින්න.

    04.නින්දකට සුදුසු පරිසරයක් හදා ගන්න.

    05.නින්දට යාමට පෙර කැෆේන් හෝ මත්පැන් පානය කිරීමෙන් වළකින්න.

    06.භාවනා කරන්න.

    07.හොදින් වතුර බොන්න වගේම විටමින් බි බහුල ආහාර වැගි පුර ගන්න.

    (2)Dream Journal එකක් පවත්වන් යන්න
    --------------------------------------------------

    සිහිනයක් දැකලා අවදි වෙලා ටික වේලාවක් යනකොට දැකපු සිහින අමතක වෙනවා.
    පරික්ශකයෝ පවසන විදිහට මිනිසකු නින්දෙන් අවදි වෙන කොට දැකපු සිහින වලින් සීයයට 50 පමන මතකයේ රැදෙන අතර එම මතකය විනාඩි 10 වැනි කාලයක් ඇතුලත සීයයට 90 පමන වර්ධනය වුවත් එම මතකය විගසින් අමතක වෙලා යන බවයි. එම නිසා අපි දැකපු ලස්සන සිහින සදහටම මතකයෙන් ඉවත් වෙනවා.

    ලුසිඩ් ඩ්‍රිම් එකකට පිවිසිමට නම් දැකපු සිහිනයන් මතක තබා ගැනිම ඉතා වැදගත්. එම නිසා නින්දෙන් අවදි වු විගස දැකපු සිහින අමතක වෙන්න කලින් පොතක ලියා ගැනිම සිදුකල හැකිය.එ සදහා පොතකුයි පැනකුයි ඇද ලග තබා ගන්න හැකි අතර එම පොත Dream Journal එක නමින් හදුන් වනවා.

    එසේ ඔබ දැකපු සිහින පොතක ලිවීමෙන් අමතක වු සිහින වල කොටස් නැවත සිහිපත් කිරීමට මොළයයට බල කරන බැවින් සිහින පිලිබදව මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා. මෙය දිගින් දිගටම සිදු කිරිම මගින් දකින සිහින මතක තියා ගැනිමට මොළය පුරුදු වෙනවා.

    Dream Journal එකක් පවත්වා ගෙන යාමෙදි ඔඹත් සිහින දකින්නකු යන්න අවබෝද කර ගත හැකි අතර එම සිහින වල පවතින පොදු ලක්ශන, හැඩ තල වගේම එවාගේ පවතින රටා හදුන ගන්න පහසු වෙනවා.

    (3)Reality testing එකක් පුරුදු වෙන්න
    ----------------------------------------------

    සිහින කියන්නේ බොහෝම තාත්වික දෙයක් .එම නිසා සිහිනයක් දකින විට එය සිහිනයක්ද නැතිනම් සැබැ ජිවිතයේ සිදුවිමක්ද කියලා වෙන් කර හදුන ගන්න අපිට අමාරුයි.

    එම නිසා සිහිනයක් දකින කොට අපි ඉන්නෙ සැබැ ලොකයෙද එහෙමත් නැත්තම් සිහිනයක් ඇතුලෙද කියලා තහාවුරු කර ගන්න යොදා ගන්න ක්‍රමය Reality test එකක් ලෙස හදුන්වනවා.

    මෙ වැනි ක්‍රමයක් දවසේ එකම වෙලාවක් තුල පුහුණු විම මගින් එය සැබැ ජිවිතයේ පුරුද්දක් බවට පත් කල ගත හැකිය අතර කාලයක් යන විට එය සිහිනයක් තුලදිත් ඉබෙටම ඔඹ විසින් සිදු කරන පුරුද්දක් බවට පත් වනු ඇත.

    එවැනි ක්‍රම රාශියක් පරික්ශකයන් විසින් හදුන්වා දි ඇති අතර මේ සදහා ඔනැම ක්‍රමයක් බවිතා කල හැක.
    +Reality testing කිපයක්,

    01.ඔබේ දිව හපා බලන්න,ඉන් වෙදනාවක් දැනෙන්නේ නැති නම් ඔඹ සිහින දකිනවා.

    02.ඔබේ ප්‍රතිවිරුද්ධ අත්ලට එරෙහිව ඔබේ ඇඟිලි තල්ලු කරන්න. ඇඟිලි අත්ල හරහා ගියහොත්, ඔබ සිහින දකිනවා.

    03.ඔබේ නාසය අතෙන් වසා ගන්න. ඔබ සිහිනයක සිටී නම් ඔබට හුස්ම ගැනීමට හැකි වේ.

    ඉතින් කවදා හරි සිහිනයක් දකිමින් සිටින විට Reality Test එකක් ඔඹ සාර්තකව සිදුකල හොත් ලුසිඩ් ඩ්‍රිම් එකකට ඇතුලු වන අතර එම සිහිනයේ පාලනය ඔඹේ අතට ගැනිමට පුලුවන් වෙනවා.

    එම සිහිනය ඔඹ කැමති විහිහට රස විදින්න පුලුවන්.කැමති නම් පියාබන්න,පිහිනන්න දුවන්න පනින්න වගේම ඉට අදාල පරිසරය වුනත් වෙනස් කර ගන්න පුලුවන්.

    ලුසිඩ් ඩ්‍රිම් එකකට පිවිසිම ඉතාමත් දුර්ලභ අවස්තාවක් එ සදහා සතියක් , මාසයක් හෝ ඉට වැඩි කාලයක් මහාන්සි වෙන්න සිද්ද වෙන්න පුලුවන්.

    එත් කවදා හරි ලුසිඩ් ඩ්‍රිම් එකක් දකින්න පුලුවන් වුනොත් එයින් ලබන අද්‍යකිම් වචනයෙන් විස්තර කල නොහැකි වනු ඇත.

    *සියලු හිමිකම් 123 article සතුය.

    https://www.facebook.com/123article/posts/113991440275372?__tn__=K-R
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    තුන් පාරක් දැක්ක පොඩි ට්‍රයි එකක් දෙන්න උනා මාර අත්දැකීම ඒක
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    මචන් හීන කියන්නෙ කලින් අපි දැකලා හිතේ තැන්පත් උන දෙයක්මද..?:confused: එතකොට උපතින්ම අන්ධ අය හීන දකිනවද බන්..:baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ මමත් පට්ටම හීන දකින කෙනෙක්.....සාමාන්යෙන් මට හැමදාම වගේ හීන පේනවා.දවසට හීන 3,4 පේනවා....එකම හීනේ ඕනේ තරම් දැකල තියෙනවා.
    කොටිම්ම ස්ලීපින් පැරලයිස් දරුනුවටම තියෙනවා....සතියට 4,5 පාරක් අනිවා වෙනවා...

    මේක පොඩ්ඩක් ට්‍රයි කරන්න වටිනවා....
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    අඩේ මමත් පට්ටම හීන දකින කෙනෙක්.....සාමාන්යෙන් මට හැමදාම වගේ හීන පේනවා.දවසට හීන 3,4 පේනවා....එකම හීනේ ඕනේ තරම් දැකල තියෙනවා.
    කොටිම්ම ස්ලීපින් පැරලයිස් දරුනුවටම තියෙනවා....සතියට 4,5 පාරක් අනිවා වෙනවා...

    මේක පොඩ්ඩක් ට්‍රයි කරන්න වටිනවා....


    ඩොඩා එක එච්චර හොඳ දෙයක් නෙමේ... :yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඩොඩා එක එච්චර හොඳ දෙයක් නෙමේ... :yes:
    :(:(:(

    ඔව් බන්....මම දන්නවා...ඒත් කොන්ට්‍රෝල් නැහැ නේ....අවුරුදු 15,16 ඉඳලම ඔහොමමයි....හැබැයි නින්ද යනවා කොහොම හරි.ඒක අවුලක් නැහැ.
    ස්ලීපින් පැරලයිස් වුනහම චුට්ටක් ඇඟට අමාරුයි.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මචන් හීන කියන්නෙ කලින් අපි දැකලා හිතේ තැන්පත් උන දෙයක්මද..?:confused: එතකොට උපතින්ම අන්ධ අය හීන දකිනවද බන්..:baffled:


    ප්‍රශ්නයක්... ? :sorry:
    මන් හිතන විදිහ බං.... පංචේන්ද්‍රියන්ගෙන් එකක් උපතින්ම වැඩ නැතුව ගියෝත් අනිත් ඒවයින් එකක් මාරම විදිහට තියුනු වෙනවා. සමහර අයට කන් ඇහීම අනිත් අයට වඩා වැඩී ස්පර්ෂයන් ගේ දැනීම වැඩී වගේ. මේක නිසා සිතට පුලුවන් වෙනව ඇති ඒ එකතුවෙන ඩීටේල්ස් වලින් චිත්ත රූප මවන්න. ඒවා සාමාන්‍ය මිනිසුන්ට පේන දේවල්වලට ඒ විදිහටම ඇකියුරේට් නැතිවෙන්න පුලුවන්. ඒ මැවෙන ච්ත්ත රූප හීන විදිහට පේනවා වෙන්න ඇති... :yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    :(:(:(

    ඔව් බන්....මම දන්නවා...ඒත් කොන්ට්‍රෝල් නැහැ නේ....අවුරුදු 15,16 ඉඳලම ඔහොමමයි....හැබැයි නින්ද යනවා කොහොම හරි.ඒක අවුලක් නැහැ.
    ස්ලීපින් පැරලයිස් වුනහම චුට්ටක් ඇඟට අමාරුයි.


    අප්පා එහෙමද.. :sorry:
    ඔකට ට්‍රීට්මන්ට් තියනවා බං උබ කැමතිනන් කරන්න:yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අප්පා එහෙමද.. :sorry:
    ඔකට ට්‍රීට්මන්ට් තියනවා බං උබ කැමතිනන් කරන්න:yes:

    :confused::confused::confused:

    මොන විදිහේ ඩොක්ටර් කෙනෙක් ගවටද යන්න ඕනේ......

    මම හිතුවේ ඕක නෝමල් තත්වයක් කියල....
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113

    ප්‍රශ්නයක්... ? :sorry:
    මන් හිතන විදිහ බං.... පංචේන්ද්‍රියන්ගෙන් එකක් උපතින්ම වැඩ නැතුව ගියෝත් අනිත් ඒවයින් එකක් මාරම විදිහට තියුනු වෙනවා. සමහර අයට කන් ඇහීම අනිත් අයට වඩා වැඩී ස්පර්ෂයන් ගේ දැනීම වැඩී වගේ. මේක නිසා සිතට පුලුවන් වෙනව ඇති ඒ එකතුවෙන ඩීටේල්ස් වලින් චිත්ත රූප මවන්න. ඒවා සාමාන්‍ය මිනිසුන්ට පේන දේවල්වලට ඒ විදිහටම ඇකියුරේට් නැතිවෙන්න පුලුවන්. ඒ මැවෙන ච්ත්ත රූප හීන විදිහට පේනවා වෙන්න ඇති... :yes:
    Upathin anda ayata rupa widiyata hina penne naha.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ප්‍රශ්නයක්... ? :sorry:
    මන් හිතන විදිහ බං.... පංචේන්ද්‍රියන්ගෙන් එකක් උපතින්ම වැඩ නැතුව ගියෝත් අනිත් ඒවයින් එකක් මාරම විදිහට තියුනු වෙනවා. සමහර අයට කන් ඇහීම අනිත් අයට වඩා වැඩී ස්පර්ෂයන් ගේ දැනීම වැඩී වගේ. මේක නිසා සිතට පුලුවන් වෙනව ඇති ඒ එකතුවෙන ඩීටේල්ස් වලින් චිත්ත රූප මවන්න. ඒවා සාමාන්‍ය මිනිසුන්ට පේන දේවල්වලට ඒ විදිහටම ඇකියුරේට් නැතිවෙන්න පුලුවන්. ඒ මැවෙන ච්ත්ත රූප හීන විදිහට පේනවා වෙන්න ඇති... :yes:

    කූඹියෝ එකේ ප්‍රියන්ත ගොළුවෙක් විදියට රඟපාලා ජෙහාන් එක්ක සල්ලි කඩාගන්න ගිය office එකේ සුදු නෝනා මතක් වුනා... :shocked: