බොහෝ දෙනා රටේ වැඩ පටන්ගන්න එකට විරුද්ධව කතා කරනවා දුටුව.
මුලින්ම අපි රටේ ඇදිරි නිතිය නොදමා පිටරටවල් වල වගේ අවවාද කරලා ලොක්ඩවුන් එකක් කරනන් ගියා. ඒක අසාර්ථක වෙච්චි නිසා ඇදිරි නිතිය දාන්නට උනා. ඒ කාලය තුල මොනව හරි බෙහෙතක් ලැබෙයි කියලා බලාපොරොත්තුත් තිබ්බා. බෙහෙත් එතරම් වැඩකලේ නැහැ.
ඒ අතර ලංකාවේ දේශගුණය, ජාන, ලේ වර්ග,BCG ආදී දේවල් නිසා රෝගය සමාජයේ පැතිරීම යුරෝපයේ තරම් දරුණු නැති වගත් නොපෙනුනා ම නොවේ.
අන්තිමේදී අපිට ඉතුරු උනේ යක්කු දෙන්නෙක්ගෙන් එකෙක් තෝරා ගන්න....දිගටම ලොක්ඩවුන් යකා සහ කෝවිඩ් යකා....... ලංකාවේ බොහෝ දෙනා, බස් රියදුරා, කොන්දොස්තර, විල් දුවන කෙනා, ගරාජ් බාස්, වෑල්ඩින් බාස්, රේඩියේටර් බාස්ගේ සිට චැනල් කරලා පෙරුම් පුරලා ගත්තු Benz එකේ ලෝන් ගෙවන දොස්තර දක්වා දිනපතා ලැබෙන මුදලින් ජිවිත සරි කරගන්න මිනිස්සු.. මේ වගේ රටක කෝවිඩ් යකාට වඩා ලොක්ඩවුන් යකා කළු වෙන්න පුළුවන්... ඒ හින්දා තමයි ආණ්ඩුව මේ වෙලාවේ කාලෝචිත තීරණයක් අරන් ඇදිරි නිතිය ඉවත් කලේ..ඒ කොවිඩ් ඉවර නිසා නෙවෙයි...ඒකට වඩා ඇදිරි නිතිය දිගටම පවත්වා ගැනීම හානිකර නිසා.
ඒ හින්දා දිනපතා මුදල් සරි කර ගන්න අය වැඩ කරපුවා වේ. අවශ්‍ය අය ඒගොල්ල ගේ සේවය ගන්න. හැබැයි අනෙක් අය පුළුවන් තරම් අවශ්‍ය අත්ය්වාෂ්ය ම ගමන් පමණක් ගිහින් කෝවිඩ් යකාගෙන් රට බේරාගන්න.
ලොකුවට ම බය නම් රස්සාව දාලා ගෙදර ඉන්න.
තමන් ගැන විතරක් හිතන්න එපා. අනෙක් අය, දුප්පත් මිනිහා, දවස් පඩි කාරයා, බාස් උන්නැහේ, ගරාජ් එකේ මල්ලි, බස් එක එලවන කෙනා, කොන්දොස්තර ගේ ජීවිකාව ගැනත් සංවේදී වෙන්න...කවදා හරි ඒගොල්ලත් ඕනා වෙනවා.
විශේෂඥ වෛද්‍ය ලක්ෂාන් අබේනායක
https://m.facebook.com/story.php?story_fbid=1015737639053231&id=66397323