සූරියවැවෙන් වාර්තා වු කොරෝනා රෝගියා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමටපියවර ගත් බවත් හා ඔහුගේ පවුලේ උදවිය හා ඔහු ආ ගිය තැන් සොයා ඔවුන්ද නිවෙස් තුළම ස්වයං නීරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රහල් රාජපක්ෂ මහතා පැවසිය.
වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කරනු ලබන සුරියවැව වීරියගම පදිංචි මෙම නාවික හමුදා සෙබලා පසුගිය 18 දින නිවාඩු ලබා නිවසට පැමිණ තිබේ.විවාහකයෙකු වන ඔහු නිවාඩු ලබා නිවසට පැමිණි පසු සුරියවැව රම්මුදුවැව පිහිටි ඔහුගේ බිරිදගේ මහ ගෙදරද ගොස් තිබේ.ඊට අමතරව මෙම නාවික හමුදා සෙබලා ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයකටම ගොස් ඇති බවද අනවාරණය වි තිබේ.නිවාඩු ලබා නිවසට පැමිණෙන අතරවාරයේ මෙම සෙබලා විවිධ වාහන 06ක පමණ පැමිණ නිවසට පැමිණ තිබේ.
මේ වන විට සුරියවැව රම්මුදුවැව,බෝගහඉදිවැව,18 කොළණිය,අළුත්ගම්ආර,වීරියගම ඇතුළු ප්‍රදේශ කිහිපයකම පවුල් 50ක් පමණ නිවෙස් තුළම නීරෝධායනයට ලක් කර තිබේ.මෙම නාවික හමුදා සෙබලා නිවාඩු ලබා නිවසට පැමිණි දින සිට පුද්ගලයින් ආසන්න වශයෙන් 200 පමණ ඇසුරු කර ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් තිබේ.ඔහු නගරයේ බැංකු, වෙළදසැල් ඇතුළුස්ථාන කිහිපයක් වෙතද ගොස් ඇති බවයි අනාවරණය වන්නේ.
කෙසේ වෙතත් මේ වන විට සුරියවැව රම්මුදුවැවෙන් හා වීරිගම වසම් තුළින් එම ගම්මාන වෙත ඇතුළුවීම හෝ පිටවිම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට සුරියවැව කොරෝනා කමිටුව කටයුතු කර තිබෙනවා.මීට අමතරව මෙම නාවික හමුදා සෙබලා ආගිය තැන් හා ඇසුරු කල අයෙකු වේ නම් වහාම ඒ පිළිබදව සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කරන ලෙසද සුරියවැව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂඛ නිමල් සේනාරත්න මහතා ඉල්ලිමක් කරනවා.