Jack London යනු එතෙක් මෙතෙක් ඇමරිකාවේ බිහිවූ විශිෂ්ට ගනයේ නවකතා කරුවෙකි. අවුරුදු 40ක් වන් වයසකදී අවාසනාවන්ත මරණයකට ගොදුරු වුවද ඔහු ලියූ නවකතා 50 කට අධික ප්රමාණය අදටත් ලොව පුරා ඉහල අලවියක් ඇත. Jack London සුනඛයන් ගැන කතා ලිවීමට ප්රිය කල අයෙකි. ඒ අතරින් බක් නම් සුනඛයා වටා ගෙතී ඇති "වන පෙත අඩගසයි" ඔහුගේ විශිෂ්ටතම නවකතාවයි. තම තරුණ කාලය බක් හරහා නැවත පණදීමට ඔහු සමත් වී ඇත. මෙය මිනිසාත්,සතුනුත්, ස්වාභාදහමත් අතර පැවතිය යුතු ගැබුරු සහජීවනය පිළිබද විවරණයකි. ලෝකයේ සෑම ප්රධාන භාෂාවකටම පරිවර්තනය වී ඇති මෙම පොත ආරියවංශ රණවීර සුරින් විසින් කදිම ලෙස සිංහලට පරිවර්තනය කොට ඇත. (ගොඩගේ ප්රකාශනයක්)