පාන්පිටි,කිරි ආහාර නවත්වන තෙක් කොරෝනා වලින් ගැලවීමක් නෑ – වෛද්‍ය ගාමිණී අභය.
වෛද්‍ය ගාමිණී අභය මහතා එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) වසර 35 ක් පමණ සේවය කළ වෛද්‍යවරයෙකි. තවද එංගලන්තයේ’ Primary Care Trust හි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. කලක් හෘද රෝග විශේෂඥයෙකු ලෙස සෞදි අරාබියේ ද සේවය කළ වෛද්‍ය ගාමිණී අභය මහතා වරින් වර ලංකාවට පැමිණෙමින් බුද්ධ දර්ශනය සහ නිරෝගී සුවය පිළිබඳ සිය දැනුම දේශීය භාෂාවෙන් ලංකාවේ ජනතාවට ලබා දෙයි. මේ වන විට වෛද්‍ය ගාමිණී අභය මහතා නැවතත් ලංකාවට පැමිණ සිටියි. ඔහු ආණ්ඩුවේ කොවිඩ් මර්දන සටනට සිය දැනුම, කැපවීම සහ ප්‍රවීණත්වය සමග නායකත්වය ලබාදෙන්නට සූදානම්.
මෙම සති 2 කින් කොරෝනා වසංගතය දුරලන ක්‍රමය මගින් ඔහු යෝජනා කරන්නේ ජනතාවගේ බිඳ වැටී ඇති ප්‍රතිශක්තිය, කොරෝනා වෛරසයට ඔරොත්තු දෙන පරිදි වැඩි දියුණු කිරීමයි. ඒ සඳහා ග්ලූටෙන් අඩංගු ආහාර සහ කිරි වර්ග වහාම නතර කිරීමේ සරල ක්‍රමය ඔහු විසින් විද්‍යාත්මක ව පැහැදිලි කරනු ලබයි.
ආණ්ඩුව සහ කොවිඩ් මර්දන කාර්යසාධන බලකාය මේ මොහොතේ කළ යුත්තේ ලංකාවෙන් බිහි වූ මෙවැනි බුද්ධිමතුන්ගේ අදහස්වලට ඉඩ කඩ ලබාදීමයි. එය, මේ මොහොතේ නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, හුදෙකලාකරණය, ඇඳිරි නීතිය පැනවීමට තරමටම හෝ ඊටත් වඩා වැදගත් දෙයක් වනු ඇත. කොවිඩ් මර්දන මෙහෙයුම්වලට සම්බන්ධ වූ හමුදා සෙබළුන්ට ද බුරුතු පිටින් රෝගය වැළඳෙමින් තිබෙන වාතාවරණයක් තුළ, පොකුරු පිටින් රෝගීන් හමුවීමේ අවදානමක් තුළ ලංකාව පසුවන මෙවැනි අවස්ථාවක වෛද්‍ය ගාමිණී අභය මහතාගේ යෝජනාව සහ විද්‍යාත්මක අදහස කෙරෙහි අවධානය යොමු වීම රටේ යහපතට හේතු වනු ඇත.වෛද්‍ය ගාමිණී අභය මහතා සති 2 කින් කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන්ම නතර කරන අයුරු මීට පෙර වීඩියෝවකින් පැහැදිලි කර දී තිබේ. එහි ඇති ප්‍රධාන කාරණා පහත දැක්වේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර, එම වීඩියෝව නැරඹීමෙන් ඔබට ද අවබෝධ කර ගත හැකිය.
– පාන්පිටි සහ කිරි ආහාර නවත්වන තෙක් අපේ රටට කොරෝනාවලින් ගැළවීමක් නැහැ…
– අඩුම ගානෙ සුමාන 2 ක්වත් ග්ලූටෙන් අඩංගු කෑම බීම නැවැත්විය යුතුයි. එසේ නවත්වා මුල් දින 4-5 ඇතුළතම පාන්පිටිවල ඇති ග්ලූටෙන්වලින් දුර්වල වී ඇති ප්‍රතිශක්තිය නැවත සාමාන්‍ය තත්වයට පත් වෙනවා.- එතකොට කිසිම වෛරසයකට ශරීරය රෝගී කරන්න බැහැ…
– සුමාන 2 ක් යද්දි මේ වසංගතය සම්පූර්ණයෙන්ම නවතාගන්න පුළුවන්..
– කිරි ආහාර නිසා වෛරසය ශරීරගත වෙන නාසය හා උගුරේ ඇති පටලවල ප්‍රතිශක්තිය බිඳ වැටෙනවා..
– වෙන මොන දේ කළත් මේ දේ නොකළොත් රටම අනතුරේ