The Economist : ලංකාවට_දරුණුතම ආර්ථික
COVID-19 වසංගතය හේතුවෙන් දකුණු ආසියාවේ දරුණුතම ආර්ථික බලපෑම ශ්‍රී ලංකාවට – The Economist කියයි
The Economist ජාත්‍යන්තර සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවකට අනුව COVID-19 වසංගතය හේතුවෙන් අන්තරායට පත්ව ඇති ලොව නැගී එන ආර්ථිකයන්ගෙන් (Emerging Economies) එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.
රාජ්‍ය ණය, විදේශ ණය, ණය පිරිවැය සහ විදේශ සංචිත යන සාධක මත පදනම්ව COVID-19 වසංගතය හේතුවෙන් පහළ බලපෑමේ සිට ඉහළ බලපෑමක් දක්වා මෙම වර්ගීකරණය කර ඇති අතර එහිදී ලොව නැගී එන ආර්ථිකයන් 66 අතුරින් 61 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත.
මේ අනුව දකුණු ආසියාවේ දරුණුතම බලපෑමට ලක්වූ ආර්ථිකය ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වී තිබේ. අඩු විදේශ ණය සහ ඉහළ විදේශ සංචිත ඇති අසල්වැසි ඉන්දියාව 18 වන ස්ථානයත්, බංග්ලාදේශය 8 වන ස්ථානයත්, ඉහළ ණය ඇති පාකිස්තානය 43 වන ස්ථානයත් ලබා ඇත.
අද දෙරණ

Last edited: