රසායනාගාර පරීක්ශන වලට සඛ්‍ය බලඩරීම බධා ක&#3515

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,108
    2,201
    113
    රසායනාගාර පරීක්ෂණ වලට සෞඛ්‍ය බලධාරින්ම බ


    MLT-logo.jpg

    කෝවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ බලාපොරොත්තු වූ වේගයෙන් සිදු කිරීමට නොහැකි වන අයුරින් සමහර සෞඛ්‍ය ප්‍රධානීන්ගේ අත්තනෝමතික සහ ආත්මාර්ථකාමී ක්‍රියාකලාපයන් මේ මොහොතේද ක්‍රියාත්මක වන බැවින් ඒවා පිළිබඳව කරුණු 12කින් යුත් ලිපියක් ජනාධිපතිවරයාගේ හා සෞඛ්‍ය බලධාරින්ගේ අවධානය පිණිස, රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය විසින් යොමු කර ඇත.

    එම ලිපියේ පහතින් දැක්වේ.

    කොරෝනා හඳුනා ගැනීමේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමේ ක්‍රියාවලියට බාධාවන් ඇති කිරීම

    ශ්‍රී ලංකාව තුල කෝවිඩ් 19 වසංගත තත්වය මර්ධනය කිරීම සඳහා ගනු ලැබ ඇති බොහෝ තීරණාත්මක උත්සහයන් අපගමනය වීමට හේතුවක් වී ඇත්තේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ප්‍රමාණාත්මකව හා සංවිධිතව සිදු නොකිරීමයි. ශ්‍රී ලංකාව තුල කෝවිඩ් 19 රෝගියෙකු හඳුනා ගැනුනු මුල් අදියරේ සිටම ඒ පිළිබඳව වාර්තාවන් හා යෝජනාවන් රැසක් අප ඔබ වෙත යොමු කරනු ලැබූ නමුත් එම තාක්ෂණික උපදෙස් නිසි පරිදි කළමණාකරනය කර ගැනීමට අදාල විධිමත් සාකච්ඡාවන් පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතාම මඟහැරියේය.

    ඒ හේතුවෙන්ම කොවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තුල අඩුපාඩු රැසක් ඇතිවූ බව අප ඉතා තදින් විශ්වාස කරන අතර එය ශ්‍රී ලංකාව තුල මෙතරම් වේගයෙන් රෝගය ව්‍යාප්ත වීමට අදාල වන ප්‍රධානතම හේතුවක් වේ. කෙසේ නමුත් කෝවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ අප බලාපොරොත්තු වූ වේගයෙන් සිදු කිරීමට නොහැකි වන සමහර සෞඛ්‍ය ප්‍රධානීන්ගේ අත්තනෝමතික සහ ආත්මාර්ථකාමී ක්‍රියාකලාපයන් මේ මොහොතේද ක්‍රියාත්මක වන බැවින් ඒවා පිළිබඳව ඔබගේ අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කරමි.

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කෝවිඩ් 19 PCR පරීක්ෂණ සේවාව පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අවහිර කරමින් එම ආයතනයේ වෛරසවේදීන් කිහිපදෙනෙකු බාධා ඇති කිරීම මත අඛණ්ඩව එකම සීඝ්‍රතාවයකින් එදිනෙදා ලැබෙන නිදර්ශක සියල්ල පරීක්ෂා කර අවම කාලයක් තුල වාර්තා නිකුත් කිරීමට නොහැකි වීම. ඒ හේතුවෙන් PCR පරීක්ෂණ 1000ක් පමණ ඉතා පහසුවෙන් සිදු කල හැකි වෛද්‍ය පර්යේෂණ ආයතනය තුල එම ප්‍රමාණය 300-400 අතර සීමා කිරීමට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ට සිදුවීම.
    2. වෛද්‍ය පර්යේෂණ ආයතනය තුල කෝවිඩ් 19 රෝග වසංගත තත්වය පාලනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය පර්යේෂණ සිදු නොකිරීම. ශ්‍රී ලංකාව තුල එම වෛරසයේ හැසිරීම, රට පුරා පැතිරෙමින් තිබෙන වෛරස කාණ්ඩයන් පිළිබඳව නිර්දේශ ලබා දීම, රෝගී තත්වයන් උත්සන්න වීම, සහ කැපී පෙනෙන රෝග ලක්ෂණ නොමැති ආසාධිතයන්ගේ ස්වාභාවයන් පිළිබඳව පර්යේෂණාත්මකව අධ්‍යයනය කිරීම හා ඒ අනූව ඉදිරි පරීක්ෂණ සැළසුම් හඳුනාගැනීම වෛරසවේදීන්ගේ වගකීමක් වන නමුත් ඔවුන් ඒ පිළිබඳව කිසිඳු කටයුත්තක් නොකරමින් රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණය සිදුකිරීමේ කර්තව්‍ය මත යැපීම.
    3. ශ්‍රී ලංකා ජාතික රෝහල වැනි පහසුකම් සහිත ස්ථානයන්හි PCR පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම හිතාමතාම මඟහැර සිටීම. මෙවන් ජාතික ව්‍යසන තත්වයකදී එම රෝහලෙහි පාලනාධිකාරිය සහ අදාල රසායනාගාර විශේෂඥ වෘත්තිකයන් එම කාර්යය හිතාමතාම මඟහැරීම බරපතල රාජකාරී පැහැර හැරීමක් වුවද ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිඳු පියවරක් නොගැනීම.
    4. වෛරසවේදීන් කිහිප දෙනෙකුගේ පෞද්ගලික උපදෙස් පමණක් සැලකිල්ලට ගනිමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් ඇතුළු අනෙකුත් වෘත්තීයවේදී ආයතන සමඟ කිසිඳු සාකච්ඡාවක් නොපවත්වමින් රසායනාගාර පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රමවේදයන් සැකසීම හේතුවෙන් මෙම රෝගය හඳුනා ගැනීමට ඇති තාක්ෂණික හා රසායනාගාර උපක්‍රම භාවිතයට ගත නොහැකි වීම.
    5. කොරෝනා වසංගත තත්වය ඇතිවූ ආරම්භක මොහොතේ සිට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) සඳහා නිශ්චිත රාජකාරියක් නොපැවරීම. කෝවිඩ් 19 සබැඳිව රසායනාගාර සේවා කළමණාකරනයේ අතිශය වැදගත් වුනමනාවන් නොසළකා හරිමින්, එතෙක් රසායනාගාර සේවා කළමණාකරනය පිළිබඳව කටයුතු කරමින් සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාද විශ්‍රාම යැවීම. මේ පිළිබඳව අප සෞඛ්‍ය අමාත්‍යවරියට පැමිණිලි කිරීම හේතුවෙන් රසායනාගාර සේවාව පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති සහ සාමුහික සාකච්ඡා මඟින් තීන්දු ගැනීම පිළිබඳව කිසිඳු තැකීමක් නොකරන පුද්ගලයෙකු රසායනාගාර සේවාවේ වැඩබැලීම සඳහා පත් කිරීම.
    6. වසර 10ක පමණ කාලයක් තිස්සේ PCR පරීක්ෂණ සිදු කරනු ලැබූ පෞද්ගලික අංශය සඳහා අනවශ්‍ය ලෙස වෛරසවේදියෙකු අනිවාර්යය කිරීම හා රජයේ රසායනාගාර තුල ඉතා පහසුවෙන් කළ හැකිව තිබෙන PCR පරීක්ෂණ අනවශ්‍ය ලෙස පෞද්ගලික අංශයට යොමු කිරීමට උපායන් යෙදීම. එසේම අපට වාර්තා වන ආකාරයට මෙකී අන්වාර්යය කිරීම හේතුවෙන් වෛරසවේදියෙකුගේ සේවාව ලබා ගැනීම සඳහා පමණක් එක් පරීක්ෂණයකට රු 1000කට වඩා වැඩි අමතර වියදමක් දැරීමට පෞද්ගලික අංශයට සිදුවී ඇත. තවද PCR පරීක්ෂාවේ නිදර්ශකය ලබා ගැනීමේ සිට පෞද්ගලික අංශය වෙත යොමු කිරීම දක්වා සියළු කාර්යයන්හී වගකීම සහ පිරිවැය රජයට දරන්නට සිදු වන අතර පරීක්ෂණය සිදු කිරීම සඳහාඳ රජයේ මුදල් විශාල වශයෙන් පොද්ගලික අංශය වෙත ගෙවීමට සිදුවේ.
    7. මේ වන විට අපට ලැබී ඇති අභ්‍යන්තරික තොරතුරු වලට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත විශ්වවිද්‍යාලයක් වෙත PCR පරීක්ෂණය වෙත යොමු කරනු ලැබූ සැළකිය යුතු නිදර්ශක ප්‍රමාණයක් සඳහා කොරෝනා වෛරසය හඳුනාගත් බවට සාවද්‍ය වාර්තා ලැබී ඇත. මෙවන් තත්වයකදී ඒ පිළිබඳව විද්‍යාත්මක විමර්ශනයක් කඩිනමින් සිදු කිරීම අත්‍යාවශ්‍ය වන නමුත් එම තත්වය ඔබ ඇතුළු අදාල සියළු වගකිවයුත්තන්ගෙන් සඟවා තැබීම මඟින් අනවශ්‍ය බරපතල ව්‍යාකූලත්වයක් ඇති විය හැකි වීම.
    8. වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි වෛරසවේදීන් කිහිපදෙනෙකු අදාල අධ්‍යක්ෂවරයා නොසලකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සහ විවිධ බාහිර අංශයන් වෙත තොරතුරු සහ උපදෙස් ලබා දීම හේතුවෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය තුල තීරණ ගැනීමේ ක්‍රියාවලිව බරපතල ලෙස පිරිහී යාම.
    9. සෞඛ්‍ය අමාත්‍යාංශය තුල රසායනාගාර සේවාව පිළිබඳව හා කොරෝනා මර්ධන වැඩපිළිවෙල පිළිබඳව තීරණ ගැනීමේ ක්‍රියාවලිය කිහිපදෙනෙකුට සීමා වී ඇති අතර අදාල සියළු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තීරණ ගැනීම සම්පූර්ණයෙන්ම අහෝසි කොට පෞද්ගලික හිතෛෂීන් දෙතුන් දෙනෙකු විසින් දෙනු ලබන උපදෙස් මත ජාතික ප්‍රතිපත්ති සැකසීම. මෙහිදී වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන් කිසිඳු සාකච්ඡාවකට කැඳවා නොමැති අතර ඒ හේතුවෙන්ම රෝග හඳුනා ගැනීමේ පරීක්ෂණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා භාවිත කල හැකි උපාය උපක්‍රම මෙන්ම තාක්ෂණික හා විද්‍යාත්මක භාවිතාවන් නොසලකා හැරීමකට ලක්ව ඇත.
    10. මුල්ලේරියාවේ පිහිටුවන වෛද්‍ය රසායනාගාරයක් මඟින් තව නොබෝ දිනකින් කෝවිඩ් 19 PCR පරීක්ෂණ 1000ක් සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් මාධ්‍යයට වරින් වර වාර්තා නිකුත් කරනු ලැබූවද එවන් රසායනාගාරයක් ඉදිකිරිම, එහි කටයුතු සිදු කරන ආකාරය, ඊට අදාල වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් අනුයුක්ත කරන ආකාරය, රසායනාගාර උපකරණ ගෙන්වීම, එම උපකරණ පිළිබඳ පිරිවිතරයන් සැකසීම හා තාක්ෂණික ඇගයුම් සිදු කිරීම, ආදී කිසිඳු කරුණක් පිළිබඳව පර්ශ්වකරුවන්ගේ කිසිඳු සාකච්ඡාවක් මෙතක් පවත්වා නොමැති වීම.
    11. රසායනාගාර සේවාව විධිමත්ව සිදු කිරීම පිළිබඳව පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා සිදු වීම ඉතා අවම මට්ටමක පැවතියද සම්මත ක්‍රමවේදයන්ට පරිබාහිරව රසායනාගාර සේවාව සඳහා උපකරණ හා ප්‍රතික්‍රීයක ගෙන්වීම සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. මේ සඳහා රජයෙන් ලබා දෙන මුදල් වලට අමතරව ආසියානු සංවර්ධන බැංකුව, යුනිසෙෆ් ආයතනය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ගෝලීය අරමුදල ඇතුළු අංශ ගණනාවකින් මිලියන ගණනක මුදල් ආධාර ලබා දී ඇති බවද වාර්තා වේ. නමුත් එකී ප්‍රතිපාදන මඟින් මිලදී ගැනීමට අපේක්ෂිත උපකරණ හෝ ප්‍රතික්‍රීයක පිළිබඳ පිරිවිතර සැකසීමේ කමිටු (PEC) සහ තාක්ෂණික ඇගයීම් කමිටු (TEC) ​සඳහා, එම උපකරණ සහ ප්‍රතික්‍රීයක භාවිතා කරන අවසන් පාරිභෝගිකයා ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් ඇතුලත් කර නොමැත.
    12. වෛරසවේදීන් කිහිප දෙනෙකුගේ ඒකාධිකාරය ආරක්ෂා කිරීම සඳහා ක්ෂණික පරීක්ෂණ සිදු කිරීම සහ ඊට අදාලව නිරවද්‍යතාවයෙන් ඉහල පරීක්ෂණ කට්ටල පිළිබඳව අධ්‍යයනය කිරීමට ඇති අවස්ථාවන් සියල්ල බලහත්කාරී ලෙස අත්හිටුවීම. අධ්‍යයනයන්ට අදාලව පරීක්ෂණ කට්ටල හෝ උපකරණ වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා නියැදි (Sample) ගෙන්වා ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අවසරය ලබා ගත යුතුය. නමුත් එම අධිකාරිය විසින් එම අවසරය අහේතුක ලෙස අත්හිටවා ඇති නමුත් තොරාගත් ආයතන කිහිපයක පමණක් නියැදි පරීක්ෂාවන් සිදු කිරීම නිළ වශයෙන් සිදුවෙමින් පවතී. ඒ අනූව වලංගු කිරීමේ (validation) පරීක්ෂා වලින් අසමත් වීමකින් තොරව නියැදි ගෙන්වීම වැලැක්වීමද විද්‍යානුකූල නොවන අතර නියැදි ගෙන්වීම වලක්වා ඇති තත්වයක් යටතේ වලංගු කිරීමේ පරීක්ෂණ සිදු කිරීමද බරපතල ගැටළුවකි. එනයින් මෙම ක්ෂණික පරීක්ෂණ වැලැක්වීමේ ප්‍රතිපත්තිය මෙන්ම හිටිහැටියේ ආරම්භ කිරීමේ ප්‍රතිපත්තියද ජාවාරමක ස්වරූපය ගෙන ඇති අතර එම තත්ත්වය වඩා නිවැරදි ක්ෂණික පරීක්ෂණ කට්ටල කල්තබා ගෙන්වා ගැනීමට බාධාවක් ලෙස ක්‍රියාත්මක වේ.
    උක්ත සියළු කරුණු ඔබගේ අවධානය වෙත යොමු කරනු ලබන්නේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩපිළිවෙල විවේචනය කිරීමේ අරමුණෙන් නොවන අතර එහි ඇති අඩුපාඩු සකස් කර ගැනීමේ ජාතික වගකීමක් අප සතුව ඇති බැවිනි. එසේම මේ මොහොතේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතින ආකාරයට අනූව රසායනාගාර සේවාව පිළිබඳ අතිශය වැදගත් සමහර තොරතුරු නිවැරදිව ඔබ වෙත වාර්තා වීමට ක්‍රමවේදයක් නොමැති බව අප දන්නා නිසාත්, ඊට අදාලව ඉතා සුළු වරද්දා ගැනීමකින් වුවද, වසංගතය ව්‍යසනයක් බවට පරිවර්තනය කරවීමේ හැකියාවක් පවතින නිසාවෙනි.
     
    Last edited:
    • Like
    Reactions: tharinduncc

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    bump. lanakwe kisima deyak hariyata karanna be. Me rate atta kata karama godak eunta ridenawa eken rata tawath wala pallata yanawa a
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව ඔක්කොම වෘර්තීය බල අරගල,ඕවට සුදුසු වෙලාව මේක නෙමේ.. කරගෙන යන වැඩ කරගෙන යන්ඩ දීල කට වහන් උන්න නම් වඩාත් හොදයි..:yes::yes:

    වෛරසවේදීන් මේ වෙලාවෙදි අවශ්යයි, වෙනද වගේ නෙමේනෙ මේ වෙලාවෙ, ඒකෙ කිසීම තර්කයක් නැ..
     
    Last edited:

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,108
    2,201
    113
    ඕව ඔක්කොම වෘර්තීය බල අරගල,ඕවට සුදුසු වෙලාව මේක නෙමේ.. කරගෙන යන වැඩ කරගෙන යන්ඩ දීල කට වහන් උන්න නම් වඩාත් හොදයි..:yes::yes:

    වෛරසවේදීන් මේ වෙලාවෙදි අවශ්යයි, වෙනද වගේ නෙමේනෙ මේ වෙලාවෙ, ඒකෙ කිසීම තර්කයක් නැ..

    :rofl: lol