Mega jokes thread for stress relief

Boole

Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    ස්වර්ගයට ගිය කන්‍යා සොහොයුරියන් 3 දෙනා
    -------------------
    කන්‍යා සොහොයුරියන් 3 දෙනෙක් වාහන ඇක්සිඩන්ට් එකකින් මියගියා. සුපුරුදු පරිදි ඔවුන් 3 දෙනාම ස්වර්ගයට ඇතුලු වෙන ගේට්ටුව ලඟදි සාන්ත පීතර මුණිතුමා විසින් පිලිගත්තා. දන්නවනේ ස්වර්ගයට ඇතුලු වෙන්න නම් එතුමා අහන ප්‍රශ්නයට හැමකෙනාම නිවැරදිව පිලිතුරු දෙන්න ඕන. එතකොට තමයි ඇතුලුවෙන්න ගේට්ටුව ඇරෙන්නේ, නිකම් නෙමෙයි උත්සවාකාර පිලිගැනීමක් එක්ක.
    ඉතින් සාන්ත පීතර මුණිතුමා පලමුවැනි කන්‍යා සොහොයුරියගෙන් අහනවලු එයාගෙ ප්‍රශ්නය.
    "දෙවියන් වහන්සේ විසින් මිහිමත මවන ලද පලමුවන පුද්ගලයා කවුද?"
    මාර ලේසි ප්‍රශ්නයක්. පලමුවෙනි කන්‍යා සොහොයුරිය උත්තර දෙනවලු..
    "දැට්'ස් ඊසි වන්.... ආදම්"
    එසැනින් සීනු හැඬවුනා.. සංගීතය දසතින් පැතිරෙන්න ගත්තා.. සුරදූතිකාවන් ගීතිකා ගායනා කරන්න ගත්තා.. දොරටුව සෙමින් ඇරුනා.. "පිලිතුර නිවැරදියි.. ඔබට ස්වර්ගයට ඇතුලු වෙන්න පුලුවන්" මුණිතුමා ප්‍රීතියෙන් පැවසුවා. ඇය ඇතුලු වුනා.
    දැන් දෙවනි කන්‍යා සොහොයුරිය. මුණිතුමා එයාගෙන් අහනවලු ප්‍රශ්නය.
    "දෙවියන් වහන්සේ විසින් මිහිමත මවන ලද පලමුවන කාන්තාව කවුද?"
    ඒකත් ලේසි ප්‍රශ්නයක්. දෙවනි කන්‍යා සොහොයුරිය උත්තර දෙනවලු..
    "දැට්'ස් ඊසි වන්.... ඒව"
    සීනු හැඬවුනා.. සංගීතය දසතින් පැතිරෙන්න ගත්තා.. සුරදූතිකාවන් ගීතිකා ගායනා කරන්න ගත්තා.. දොරටුව සෙමින් ඇරුනා.. "පිලිතුර නිවැරදියි. ඔබට ස්වර්ගයට ඇතුලු වෙන්න පුලුවන්" මුණිතුමා ප්‍රීතියෙන් පැවසුවා. ඇයත් ඇතුලු වුනා.
    දැන් තුන්වෙනි කන්‍යා සොහොයුරියගේ වාරේ. සාන්ත පීතර මුණිතුමා ඇයගෙන් අහනවලු ප්‍රශ්නය.
    "ඒව විසින් ආදම්ට මුලින්ම පැවසූයේ කුමක්ද?"
    තුන්වෙනි කන්‍යා සොහොයුරිය අන්දමන්ද වුනාලු මේ ප්‍රශ්නයට. විනාඩි ගානක් කල්පනා කලත් උත්තරයක් ඔලුවට ආවෙ නෑලු. කල්පනා කරන අතරෙ ඇයට කියවුනාලු මෙහෙම..
    "ඕ.. මයි ගෝඩ්.. දැට්'ස් සෝ හාර්ඩ් වන්..."
    එතකොටම සීනු හැඬවුනාලු.. සංගීතය දසතින් පැතිරෙන්න ගත්තාලු.. සුරදූතිකාවන් ගීතිකා ගායනා කරන්න පටන් ගත්තාලු.. දොරටුව ඇරුනාලු.. 😁😁
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    ----මූලික අවශ්‍යතා----
    දිනක් මහාචාර්යවරයෙක් සිසුන් විශාල ප්‍රමාණයක් සිටින දේශන ශාලාවකට දිගෙන් වැඩි කුඩුවක් රැගෙන විත් මේසය මත තබන ලදී.ඉන්පසු පිරිමි මීයෙකු ගෙන කුඩුවේ හරි මැද තබා එක කෙළවරක ගැහැණු මීයෙකුද අනෙක් කෙලවරේ කේක් කෑල්ලක්ද තබා සිසුන් හට නිරීක්ෂණය කරන්නට යයි පැවසීය.මීයා ටික වෙලාවක් ඉව අල්ලා කේක් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.නැවත වරක් කේක් කෑල්ල වෙනුවට චීස් කෑල්ලක් තබා නැවත සිසුන් හට කරන්නට යයි පැවසීය.පෙර පරිදිම මීයා චීස් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.මෙසේ කිහිප වතාවක් විවිධ අහාර වර්ග තබා නිරීක්ෂණය කලද දැකිය හැකි වුයේ සමාන ක්‍රියාවලියකි.
    නැවත දේශනය ඇරඹු මහාචාර්යවරයා, ” පැහැදිලියි නේද… මිහිපිට ජීවියෙකුට අත්‍යාවශ්‍යම සහ ආකර්ශනයෙන් වැඩිම දෙයක් තිබේ නම් ඒ ආහාරය පමණයි..”.
    එවිට පිටුපස පේලියෙන් නැගී සිටි සිසුවෙකු ” සර් , පොඩ්ඩක් ගැහැණු මීයව මාරු කරල බලමුද … සමහරවිට ඒ අරුගේ wife ද දන්නෙ නෑ” යයි පවසා වාඩිවිය..😂😂
    (උපුටාගැනීමකි)
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    දැති මෝරා පැටියා එක්ක ගිලී ගිය යාත්‍රාව අසලට පැමිණියා.
    “මුං දැක්ක ගමන් කන්න හිතෙනවා තාත්තේ.” මෝර පැටියා මහ මෝරාට කිව්වා.
    “උඹට අද සෑහෙන කලකට ඇති වෙන්න තරම් කෑම හම්බ වෙනවා. මං පස්සෙන් වරෙන්.” මහ මෝරා ටිකක් සැර දැම්මා.
    “තාත්තේ, එකෙක් කාලා යමු. ඉතිරි එවුන්ට පස්සෙ වග කියන්න පුළුවන් නෙ.”
    “තෝ මං කියපු එක අහගෙන මං පස්සෙන් වරෙන් පඬිය වෙන්නෙ නැතුව.”
    මෝරා යාත්‍රාව වටේ හෙමින් හෙමින් පීනනවා. වරල යාන්තමට පෙනෙනවා විතරයි. සිරුරේ සෙසු කොටස් දිය යට. මෝර පුත්‍රයා ද පියා අනුගමනය කරනවා.
    එක වටයක් ගියා. තවත් වටයක් ගියා.
    ඉවසීමෙත් සීමාවක් තියෙනව නෙ. පොඩි බඩගින්නට යාන්තමට බයිට් එකක් ඕන ම නෙ.
    “තාත්තේ, එකෙක් කාලා ඉඳිමු කො. මට බඩගිනියි.”
    “හය මාසයක් බඩගින්නේ හිටිය වගේ බෙරිහන් දෙන්නෙ නැතුව තව රවුමක් දෙකක් යමං.”
    රවුමක් ගියා. තවත් එකක් ගියා.
    “තාත්තේ.”
    “තොගෙ ....”
    ආපහු රවුමක් දෙකක් ගියා.
    “අනේ තාත්තෙ..”
    “කට වහප්.. පර.. තොගෙ ...”
    රවුම් දහයක් දොළහක් ගියාට පස්සේ පොඩි එකාට අවසරය ලැබුණා.
    මහ මෝරා පොඩි එකත් එක්ක මාස ගාණකට ඇති වෙන්න බඩ පුරවා ගත්තා.
    “තාත්තේ, ඇයි අපි එක සැරේට උන් කන්නේ නැතුව වරල් විතරක් පේන්න උන් වටේට, වටේට ගියේ?”
    “ආන්න හරි. මං දැන් තොට ඒක කියා දෙන්නම්. වටේට යනකොට උන්ට බය හිතෙනවා. 'දැන් කයි', 'දැන් කයි' කියලා මර බිය ඇති වෙනවා. එතකොට බඩ යනවා. චූ යනවා. ඔහොම බඬේ තියෙන ඔක්කොම පිටට ගියාට පස්සෙ සතා පිරිසිදුයි. ඊට පස්සෙ තමයි අපි කන්නෙ. ආං ඒ වගේ පිරිසිදු ඩයට් එකක් බඩට යනවා.” මහ මෝරා පැහැදිලි කළා.
    (උපුටාගැනීමකි. කතාවේ අයිතිය මහින්ද ගුණවර්ධන මහතා)
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    මේකත් මන් කලින් ජොබ් එක කරන කාලෙ උන සීන් එකක් .ණය එකතු කරන රැස්වීම ඉවර උනා පස්සෙ තමා ,අලුතෙන් ණය ඉල්ලන අය ඉල්ලුම් කරන්නෙ.ඉතින් එදත් එහෙම 2-3ක් ඉල්ලුම් කරල තිබ්බ .මුලින්ම අපි කරන්නෙ එයාලගෙ ගෙදරට ගිහිල්ලා මෙයාට ණය දෙන්න සුදුසු ද කියල බලන එක.ඔහොම බල බල ගියා එක ගෙදරකට.මං ඒ ඒරියා එකට අලුත් නිසා ඒ පැත්තෙ ඩයල් ගැන වැඩි දන් නෑ.
    "ශ්‍රියානි මිස්ට ඕන දැන් ලක්ෂ යක් ද??ඊට අඩු උනොත් මදිද ?"
    "අනේ ඔව් මහත්තයා ,අපි කලින් ගත්ත 50000 හොදට ගෙව්වනෙ"
    එහෙම කීවට වාරික 3-4 අරන් තියෙන්නෙ ගෙදරට ගිහිල්ලා ,ඒ නිසා මං වැඩි කැමති උනේ නෑ.මං කීව උපරිම 75ක් දෙන්නම් ,ඊට වඩා බෑ කියල.අපේ මේ කතාව යන අතරෙ එහෙ හිටිය අමුතු ඩයල් එකක් ,රැවුල උඩට කරකල.වයසක පොරක්.මං හිනා උනාට පොර හිනා උනෙත් නෑ.හෙන ගැම්මෙන් හිටිය .
    මං ඉතිරි විස්තර පුරවන අතරෙ ශ්‍රියානි ගියා කුස්සියට ,මං හිතන්නේ තේ එකක් ගේන්න .මං විස්තර පුරවල නිකන් ගේ දිහා බලද්දි දැක්ක බිත්ති යෙ ගහල තිබ්බ පොටෝ එකක් .හැබැයි ඒක පත්තරේකින් කපාගෙන ලැමිනේට් කරල ගහපු එකක් .කවුරුත් පේන්න හිටියෙත් නැති නිසා,මං බැලුව ළං වෙලා.
    "යක්කුන්ගෙන් වැඩ ගත්ත වික්‍රමාරච්චි පවුල"
    හම්මට ..මේ මොකක්ද යකූ..ශ්‍රියානි ගෙ මහත්තයා ගෙ නමේ අගට වික්‍රමාරච්චි කියල ත් එනව..කියවල බලද්දි මුලු පවුලම යක්කුන්ගෙන් වැඩ ගත්ත ඩයල්.යටින් පොටෝ එකේ ඉන්නවා සෙට් එකක් .මං අර කියපු ඩයල් එකත් ඉන්නවා ඒකෙ.මට නිකන් පොඩි දාඩිය පාරක් දාගෙන ගියා .ඇයි මං ලක්ෂයක් දෙන්න බෑ කීවනෙ.ඒ එක්කම ශ්‍රියානි ආව.
    "මහත්තය බොමු බීම එකක් .."
    "ආ..බොමු බොමු ..මේ මිස්ට ඕනෙ ලක්ෂෙ අවුරුදු 4න් ගෙවන්න ද..5න් ගෙවන්න ද.."
    මට නිකන්ම කිය වුනා..😂😂
    මාස 6-7ඔහොම ගියා,වාරික 2 විතර ගත්තෙ ගෙදරට ගිහිල්ලා .ඔෆිස් එකෙ බොස් ගෙනුත් බැනුම් ඇහුව ලක්ෂයක් දුන්න කියල.මං නෙ දන්නෙ උන සීන් එක.එක දවසක් කොහොම හරි වාරිකෙ ගෙව්වෙ නැති නිසා මං ගියා ගෙදර ,යද්දි හිටියෙ ශ්‍රියානි ගෙ දුව.දැන් ඉතින් කොහෙන් සල්ලි හොයන්න ද.අම්ම එනකන් මාත් චැට් එකක් දාගෙන හිටිය .
    "දැන් සීය යක්කුන්ගෙන් වැඩ ගන් නැද්ද ඉස්සර වගෙ.."
    මං ඇහුව.
    "මොන..ඒ කීවෙ.."
    කෙල්ල ඇස් ලොකු කරන් ඇහුව.
    "ඇයි අනේ..ඔයාල ගැන පත්තරේ දාල තියෙන්නෙ ..ඔය බිත්ති යෙ ගහල තියෙන්නෙ "
    බිත්ති ය දිහා බලපු කෙල්ල හය්‍ යෙන් හිනා උනා.මං බැලුව මේ මොකද කියල.
    "අය් යෝ..අපේ මල්ලි ගෙ වැඩ..සීය හැම වෙලේම කයිවාරු ගහනව ඒ කාලෙ යක්කු එක්ක වැඩ කලේ..අරකයි මේකයි කියල..මල්ලි ට ඕවට හරි හිනා..මිනිහ කොම්පියුටර් ක්ලාස් යන්න ගත්ත පස්සෙ ,එහෙන් ඕක හදල ගෙනත් සීයට දුන්න .පව් සීය හිතන් ඉන්නෙ ඇත්ත ටම පත්තරේ දාල කියල..වෙනදට වඩා කයිවාරු ගහනව දැන්.."
    ආච්චි ට හාල් ගරන්න..යකූ.මුන්ගෙ වැඩ..මං හෙන ගොනා උනානෙ..
    "ඉතින් සීය ඒ කාලෙ යක්කුන් ගෙන වැඩ අරන්ද??"
    "මොන පිස්සු ද..සිල් ගන්න යන්නෙත් නෑ තනියම .සොහොන අහුවෙනවනෙ පන්සල ට යද්දි ..සීයගෙ බොරු කයිවාරු තියෙන්නෙ "
    විලි ලැජ්ජයි සන්තෝෂයි..දැන් මොනව කරන්න ද..
    කොහොම හරි ජොබ් එකෙන් අයින්වෙලත් මං ඒ ණය එක ගැන බැලුව.සෑහෙන ගේමක් දීල සල්ලි ටික අරගෙන.අදටත් මට තොවිල් ගෙයක් දකිනකොට ඔය සීන් එක මතක් වෙලා තනියම හිනා යනව..
     
    • Like
    Reactions: Dishta Didin

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    මේ කතාව ඔන්න හේනේ මාමාට වෙච්ච අකරතැබ්බයක්.
    හේනේ මාමා කියන්නේ හොද ගොවියෙක්. ගොවියෙක් කීවම ගොඩ මඩ හැමදෙයක්ම සරුවට වගාකරන ගමේම හිටිය ගොවි රජෙක්.
    ඒ විතරක්ම නෙවෙයි හොදට කිරි දෙන වැස්සියෙකුත් හේනේ මාමට උන්නා.
    දුක කියන්නේ..... වත්තේ පිටියේ හැම වැඩකටම දක්ෂයා උනාට වැස්සිගෙන් කිරිදොවන වැඩේනම් මාමාට කරන්නම බෑ.
    හේනේ මාමාගේ නෝනා ඒ කියන්නේ කිරිඑතනා, මේ වැඩේ අපේ හේනේ මාමා කොයිතරම් පුරුදු කරන්න හැදුවත් මිනිහා නෙවෙයි වැඩේ අල්ලගත්තේ. කියාදෙන හැමවාරෙකම මොකක් හරි අලකලංචියක් උන්දැ කොරගන්නවා.
    කිරිඑතනත් මුන්දැට බනිනවා ....
    "මට අසනීප වෙච්ච දවසක කොහොමදෑ වැඩේ කොරගන්නේ "
    අම්මාවත් උන්නන් බයක් නෑ උන්දැත් මියෑදිච්චි....
    මොකද කිරිඑතනා කිලි අහුවෙච්ච දවස්වලට මෙච්චර දවසක් කිරිදෙව්වේ උන්දෑ.
    උන්දැ මියැදිච්චච නිසා මේ මාසේ කිරි එතනා අසනීප උනාම දැන් ඉතින්න වැඩේ කොරන්න වෙන්නෙම හේනේ මාමාට.
    ඔන්න ඉතින් කීව විදිහටම කිරිඑතනා නැන්දා අසනිපවුනා. (අසනීප කීවාම දන්නවනේ ඉතින් කාන්තාවන්ගේ අසනීප)
    දැන් ඉතින් මොනවා කරන්නද වැඩේ කොරන්නම වෙනවා අපේ හේනේ මාමට.
    ඔන්න ඉතින් උන්දෑ අකමැත්තෙන්ම වැඩේට පිටත්වුනා.
    එළදෙන ලඟට කිට්ටුවෙනකොටම එළදෙනක් දැන් කලබල වෙලාලු දැන් මොකාද අළුත් සතා කියලා.
    මොනවා කරන්ද ඉතින් හේනේ මාමත් වැඩේට එන්ටර්වුනා ඔන්න දැන්.
    එළදෙන ලගට කිට්ටුවුනා විතරයි ඕන්, උස්සලා වම් කකුලෙන් දුන්නා පාරක් හේනේ මාමට තරු විසිවේන්න.
    ඔන්න ඉතින් හේනේ මාමා දහ අතේ කල්පනා කරනවා කොහොමද වැඩේ ගොඩදාගන්නේ කියලා.
    මිනිහා කල්පනා කරලා, ඇදන් උන්න බැනියම ගලවලා අරන් හරකගේ වම් කකුල ගැට ගැහුවා කණුවක හොද තදට.
    දැන් වැඩේ හරි කියලා හිතපු හේනේමාමා ආයම වැඩේට එන්ටර් වුනා.
    මොන.... දුන්නා දකුණු කකුලෙන් බීපු කිරි මතක් වෙන්න උන්දැට.
    මිනිහත් සෙකන්ඩ් වෙන්න කැතිම නෑ. කොහොමත් කිරිත් නැතුව රෙද්දක් ඇදන් ගෙදර යන්න පුළුවනෑ.
    ඒක මොන ලැජ්ජාවක්ද, හෙලුව තව හොදයි කියලා හිතලා සරම ගලවලා අරන් ගැට ගැහුවා දකුණු කකුලත්.
    වැඩේ හරි වගේ කියලා තමයි හිතුවේ....
    මොන.....
    ආයෙම ලන්වුනා විතරයි වලිගෙ කරකවලා අරන් දුන්නා හොද කම්මුල් පාරක්...
    පව් අහිංසකයා....
    හේනේ මාමටත් දැන් යකා නැගලා.
    අන්තිම වතාවට කියලා ලෙහෙලා ගත්තා අබුඩ ලේන්සුව...
    දැන් ඉතින් හේනේ මාමා තනි හෙලුවෙන් දිය ලණුව විතරයි ශරීරෙටම ඉතුරු.
    දැන් හේනේ මාමාගේ අදහස නැට්ට අරගෙන වහලේ ගැටගහන්නයි.
    කරුමෙට උස මදි...
    හේනේ මාමා එළදෙනගේ කකුලක් උඩ පය කියලා නැට්ට උසසලා දැන් බදින්නයි හදන්නේ වහලේ.
    මේ අතරේ කිරිඑතනා බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන මුන්දෑ මොන ගිනිවිජ්ජුම්බරයක් කරන්ද දන්නැ කියලා එනවා හේනේ මාමා හොයාගෙන.
    හපොයි....
    දැකපු දර්සනේ මුන්දැ හීනෙකින් වත් නොහිතපු දෙයක්.
    හේනේ මාමට කිට්ටු වෙච්ච කිරි එතනා නැන්දා කීවා මෙන්න මෙහෙම.
    "මොකැක්කෙයි ඔය කරන්නේ...
    ඔය තිරසනාටවත් ඉන්න දීපිය...
    යකෝ මේ අසනීපේ දින දෙක තුනකින් හොද වෙනවා. බොට එතකන්වත් ඉවසන්න බැරිද ....."
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එළකිරි! :D

    මේකත් මන් කලින් ජොබ් එක කරන කාලෙ උන සීන් එකක්................

    මෙන්න මේවගේ ඇත්ත විදියටම යන කතාවල අමුතු ගතියක් තියනවා. :D
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    එළකිරි! :D

    මෙන්න මේවගේ ඇත්ත විදියටම යන කතාවල අමුතු ගතියක් තියනවා. :D
    ඔව් මැවිලා පේනවා :lol:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    [නඩු අංක 2745 බස්රථයක් තුල කාන්තාවකට පහරදීමක්]
    "තමුන් කරල තියෙන්නෙ පිරිමිකමටත් නොගැලපෙන වැඩක්.... පොදු ප්‍රවාහන සේවයේ යන ගමන් කාන්තාවකට පහරදීම! බරපතලයි! වැරැද්ද පිලිගන්නවද?" "නැහැ ස්වාමීනි"
    "එහෙනං මොකද්ද වුනේ?"
    "මේකයි ස්වාමීනි..... මම ඊයෙ මහන්සි වෙලා වැඩ කරල ගෙදර යන්න ස්ටෑන්ඩ් එකට ආව.... ඇවිල්ල නවත්තපු බස් එකක සීට් එකකින් ඉඳගත්ත....."
    "ඊට පස්සෙ?"
    "ඊට පස්සෙ ස්වාමීනි මේ තැනැත්තියත් මගේ සීට් එකේ එහා පැත්තෙ ඉඳගත්ත"
    "ඉතිං?"
    "අපි හිටියෙ බස් එකේ ටිකක් පිටිපස්සට වෙන්න..... බස්එක සෙනඟ පිරුනම අදින්න ගත්ත...."
    "හොඳයි ඊට පස්සෙ?"
    "ඊට පස්සෙ ස්වාමීනි මේ තැනැත්තිය බෑග්එක ඇරල පර්ස් එක අරගෙන පර්ස්එක ඇරල සල්ලි අරගෙන පර්ස් එක වහල බෑග් එකට දාල බෑග්එක වැහුව"
    "ඉතිං?"
    "⁣හිටපු සෙනඟත් එක්ක කොන්දොස්තරට ටික වෙලාවකට අපි ඉන්න කිට්ටුවට එන්න බැරි බව තේරුන නිසා මේ තැනැත්තිය ආයෙ බෑග් එක ඇරල පර්ස් එක අරගෙන පර්ස්එක ඇරල සල්ලි දාල පර්ස් එක වහල බෑග්එකට දාල බෑග්එක වැහුව....."
    "හරි ඊට පස්සෙ මොකද වුනේ?"
    "ඊට ටික වෙලාවකට පස්සෙ කොන්දොස්තර මල්ලි කිට්ටුවට ආවම මෙයා ආයෙත් බෑග්එක ඇරල පර්ස්එක අරගෙන පර්ස්එක වහල!"
    "ඇති ඇති මනුස්සයෝ! මට ඕක අහල එපාවෙලා තියෙන්නෙ!"
    "දැක්කනෙ ස්වාමීනි, ඔබතුමාට මේක අහගෙන ඉඳල එපාවුනා නං මේක බලං හිටපු මම හිටියෙ කොච්චර අමාරුවෙන්ද කියල තේරෙනවනෙ!"
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    ෆ්ගනිස්තානයේ වැඩකරන කාලෙ එහෙ මුල්ලහ් කෙනෙක් කියපු එකක්.
    ඇෆ්ගනිස්තානයේ එක පලාතක් තියෙනවා කන්දහාර් කියල. එහෙ ඉදල තියෙන්නෙ රණ කාමියෝ. ඉතිං එහේ සංස්කුරුතියට අනුව ගෑනු යුද්දෙට ගිනියන්ට බැරි නිසා ලක්ශන කොලු ගැටව් තමා අරන් යන්නෙ නටන්ඩ කරන්න අරවට මේවට සහ අනෙක් ඒවාට. බාචා බාසී කියන්නෙ ඒගොල්ලන්ට. ඉතිං ඇෆ්ගනිස්තානයේ තියෙන කොමන් ජෝක් එකක් තමා කන්දහාර් වල ඉන්නෙ එහෙම අය කියල. එහෙ යනවනම් සල්ලි වැටුනත් ඇහිදින්ඩෙපා කියල කියන්නෙ.🙄 ඔන්න ඔය එක රණකාමියෙක් යුද්දෙට ගිහිං ඇවිත් එහෙම කසාදයක් බදින්ට ගියාලු. මනමාලී හෙන සුරුපී ලලනාවලු ඉතිම්. ( එහෙ ලලනාවෝ සුරූපී තමා ඉතිං) පොර ඉතිං මනමාලි දැකල තක්බීර් වෙලා බලා ඉන්නවලු.
    මනමාලිගෙ තාත්තා ඇහුවලු පුතා මගේ දුවගේ රූපශ්‍රීයෙන් වශී වෙලා නේදැ කියල.
    පොර ගත් කටටම කියාපිලු නෑ මම මේ කල්පනා කලේ මෙයා මෙහෙම ලස්සන නම් මෙයාගෙ සහෝදරයා කොච්චර ලස්සන ඇතිද කියල.
    මාමා ඩොක් ගාල වැටුනලු.
    ( ඇෆ්ගනිස්තානයේ ප්‍රසිද්ධ විහිළු කතාවකි)
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    ඇම්ඩා සහ පිටි මෝළ
    (සැ: යු: - පිටි කෙටිමේ අලුත් කලාව අත්හදා බැලීමෙන් වළකින්න.)
    ඔන්න ඉතින් ගිය අවුරුද්ද අන්තිමේ ලව් ❤ සීන් කෝන් එකකින් විවාහය කෙළවර කරගත්ත අලුත් කපල් එකක් හනි මූන්(පැණි හඳ, 🌙 )යන්න බලාගෙන යොදා ගත් නුවරඑළි ගමන, කොරෝනා වසංගතය නිසා අවලංගු කර දැමීමට සිද්ධ වුණා.
    මේ ඇඳිරි නීතිය අස්සේ සවාරි යන එක අපි හැමෝටම පොදු තහනමක්නේ..., තහනමක් කිව්වාට ඉතින් ඒක අපේ ජනතාව වෙනුවෙන් ආරක්ෂක අංශ ගත්ත නිවැරැදි පියවරක්. දැන් ඉතින් මේ කුරුලු ජෝඩුවට ආදරයේ ඵල නෙළා ගන්න මේ වසංගතය අපේ රටින් තුරන් වෙලා වසන්ත කාලය එනකල් බලන් ඉන්නත් බෑනේ, මොකද..? කිව්වොත් ගින්දරට🔥 පුළුන් ළං කළොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ....!!
    ඉතින් මුළු ලංකාවම ලොක් ඩවුන් වුණ වෙලාවෙ මේ 💑 ජෝඩුව උදේ ,දවල් , රෑ වෙහෙසෙ නොබලා ඩිෂ්ටි, ඩි, ඩි ඩිං පාර දාලා සොමිය ගන්න පටන් ගත්තාලු.ඇම්ඩාත් ඉතින් තමන්ගේ බෝඩිමට එහා පැත්තේ නිවසේ පදිංචි වෙලා ඉන්න මේ නව යුවළගේ සද්ද, බද්ද, (හයියෙන් හුස්ම ගන්න සද්ද, ඇඳ හෙළවෙන සද්ද, ඇඳ පොලු කඩා වැටෙන සද්ද,, දෙන්නගෙම ආයි, හූයි, සූස් ගාන සද්ද) කනින් අහල, කාමරේ ජනේලය හුළඟට විවර වෙන වෙලාවට,කොල්ල ඇඟට පතට වීරිය අරන් දාඩිය දාගෙන හයියෙන් උඩ පැන, පැන කරන දේවල් ඇහෙන් දැකලා මේ ගැන සෑහෙන අවුලකින් තමයි කාලය ගත කළේ,
    හේතුව නම් සද්ද බද්ද ඇහුණට, ජනේලය ඕපන් වෙන කොට ඇම්ඩාට පෙන්නේ අලුත් ජෝඩුවගෙ උරහිස් මට්ටමින් උඩ කොටස විතරයි . අතේ පිහිටෙන් පොඩි ආතල් එකක් ගන්න ඇම්ඩාට ඔය ජෝඩුව ගන්න ෆන් එක ගැන මෙලෝ හසරක දැනුමක් , තේරුමක් නෑ. දවසක් මනමාලය බැල්කනියට වෙලා තේ පානය කරමින් ඉන්න කොට මේක දැකපු ඇම්ඩා , මනාලයාට කතා කරලා කතාවට අල්ල ගත්තාලු,
    • ඇම්ඩා :- ආ..., මල්ලි , ගුඩ් මෝර්නින්, කොහොමද ජීවිතේ.....!!
    • මනමාලය :- ගුඩ් මෝර්නින්,ගුඩ් මෝර්නින්, වරදක් නෑ, හොඳයි , අයියාට කොහොමද අයියෙ...??
    • ඇම්ඩා:- අවුලක් ඇත්තේත් නෑ, නැත්තේත් නෑ.....??
    • මනමාලය:- ඒ මොකෝ.., අයියෙ.., ඇයි.., මොකක්ද..,? අවුල....??
    • ඇම්ඩා:- නෑ.., බං, මම මේ, නිකමට අහන්නෙ.., මොකක්ද.? මල්ලි උඹ ඔය ගේ අස්සේ දිවා, රෑ නොබලා දාඩිය පෙරාගෙන දඟල, දඟල කරන වැඩෙ...! මොකක් හරි ලොකු වැඩක් ද..? බං....,
    මනමාලය ගෙ මූඩ් එක ෆූල් අප්සට් 😕 වෙයි, තමාටම සිතින් කියා ගනියි.
    • මනමාලය:- (මූටත්, ඕන්නැති රෙද්දක් නෑ,අනුන්ගේ මඟුල්මයි හොයන්නෙ, අඹරලා දෙන්න ඕන හොඳ ගුලියක්, මු කොහොමත් හෙන පට්ට ගොන් පාටයි, නැත්තං ඔය වගේ ගොබ්බ කතාවක් මගෙන් අහයි ද...? හිටපන් කෝ....!! උඹට )
    • මනමාලය:- අයියෝ..., ඕක දන්නැද්ද .., අයියෙ..., අලුත් අවුරුද්දක් අතළඟටම එන වෙලාවෙ අපිත් ලෑස්ති වෙන්න එපැයි, ඉතින් ඒකට කැවිලි හදන්න මම මේ මැෂිමෙන් පිටි කොටනව....,නේ.., ඒකයි..,
    • ඇම්ඩා :- ආ.., හා,හා ,හා , යකෝ ඇත්ත නේන්නං , තනිකඩ මට ඕව එච්චර තේරෙන්නේ නෑනේ බං..., හොඳයි, හොඳයි......!!මටත් කැවුම්, කොකිස් හම්බෙයි නේද..? එහෙනම්..., ඇ..,
    (මනමාලය හිනාවක් දාගෙන නිවසට යයි.)
    ඉතින්, ඔහොම කාලය ගත වෙද්දී, දවසක් ඇඳිරි නීතිය ඉවත් කරපු වෙලාවක මේ අලුත බැඳපු ජෝඩුවෙ මනමාලය නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය ගේන්න ටවුමට පැත්තට ගියා. එසැනින් මනමාලියගෙ කලින් පෙම්වතා පැමිණ මනමාලිය සමඟ අහවල් වැඩෙ කර, කර, ඉන්නකොටම හදිසි වුවමනාවකට ආපු ඇම්ඩා දැකපි මේ සිද්ධිය.(ඇම්ඩාට ඔය දොරවල්වලට තට්ටු කරලා, ගෙදර ඉන්නේ කවුද ? බළලා ඇතුළට යන පුරුද්දක්, ඇඟේ ගෑවීලාවත් නැති බව දන්නවනේ)
    , කලබල වුණ මනමාලිය, තරුණයා ඉක්මනින් පිටත් කර ඇම්ඩාට වැඳ වැටෙමින් මේ ගැන සැමියාට නොකියන ලෙසත්, ඒ වෙනුවෙන් ඔහු කියන ඕනෑම දෙයක් කිරීමට තමන් කැමති බවත් කිව්වා. එවිට ඇම්ඩා මෙසේ කියයි...,
    • ඇම්ඩා :-,අයියෝ..., ඕව, ඔහොම තමයි නංගී, මම දන්නවනේ මේ ඇඳිරි නීති අස්සේ ගෙදරට හිර වුණාම මිනිස්සුන්ට තියෙන කරදර ගැන, මම නංගීට ෆූල් සපොට් එක දෙන්නම්, අපිත් දියුණු වෙන මිනිස්සුනේ , නැද්ද....,
    • මනමාලිය:- අනේ , මගේ හස්බන්ඩ්ට නම් මේවා දැනගන්න තියෙන්න එපා..., ප්ලිස්..., අයියෙ...!!
    • ඇම්ඩා :- ඒක මම බලා ගන්නම්, ඔන්න එයත් මේකට අකැමැති වෙන එකක් නෑ, සතුටු වෙනවා මිසක්..., මට ෂුවර්.., ඔව්, නංගී දැන් ඇතුළට යන්න කො....,
    • මනමාලිය:- මට අයියගෙ, මූණ බලන්නත් ලජ්ජයි , අයියෙ....!
    • ඇම්ඩා :- හා, හා.., ඒ ගැන කිසිම අවුලක් හිතේ තියාගන්න එපා....! මූණ බලන්න බැරි නම් ඇස් දෙක වැහෙන්න රෙද්දක් බැඳ ගන්න, ගිහින් අර කලින් හිටපු විදියට ඔය ඇඳුම් අයින් කරලා ඇඳ උඩින් හාන්සි වෙන්න....!
    • මනමාලිය:- හා , හොඳයි , අයියෙ , අනේ ඉක්මනින් කරන දෙයක් කරලා යන්න, අරය එන්න කලින්, හා..., ද...??
    • ඇම්ඩා :- හරි, හරි, ඒවා හරි, කෙල්ලේ කිසි දේකට බය වෙන්න එපා....!! මම ගාණට වැඩෙ කරන්නම්. මනුස්සයෙක්ට දියුණු වෙන්න අපි උදව් කරන්න එපැයි....!
    සෑහෙන වේලාවකින් පසු නිවසට පැමිණෙන අලුත් මනමාලයට හෙණ ගැහුව වගේ, සිදු වී තිබෙන දේ ගැන හිතා ගන්න බැරිව තුෂ්නිම්භූත වෙයි, නිවසේ දොර ළඟ සිට මහා පාර දක්වා පිරිමින්ගෙන් පිරෙන පෝලිම ළඟට යන ඔහු ඉතා හොඳින් අඳුරන මැදි වයසේ සැම්සන් නැමැති පුද්ගලයකුගෙන් මිනිස්සුන් රැස් වී සිටින කාරණය සහ නිවසේ දොර ළඟ ඉන්න ඇම්ඩා කර, කර ඉන්න වැඩෙ ගැන විස්තර අසයි,
    • මනමාලය:- අ, අංකල් , මේ මොකෝ අංකල් මේ....!!ඇයි..? ඇයි....,?? මේ පොඩි කොල්ලෝ, ලොකු මිනිස්සුයි, නාකි අංකල්ලා ඔක්කොම පිරිමි මේ පෝලිමේ ඉන්නේ , අනික අර දොර ළඟ ඉන්න ඇම්ඩා , අර මොකෝ කරන්නේ.....!!
    • සැම්සන් අංකල් :- ආ.., පුතේ මේ, අපි ඔක්කොම, ඇඳිරි නීතිය අයින් කරපු වෙලාව උඹගෙ මැෂිමෙන් පිටි කොටාගන්ඩ ආවා, අර ඇම්ඩා කොල්ල තමයි වත්තේ ඔක්කෝටම පයිණ්ඩේ දුන්නේ, ඌ දැන් දොර ළඟ ඉඳන් , ඇතුළට යන එවුන්ට ටිකට් කඩල අතට සබන් දානවා අර සිංක් ඒකෙන් අත හෝද ගන්න.....!!
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p

    :lol:පට්ටම එක:yes: