ස්වර්ගයට ගිය කන්යා සොහොයුරියන් 3 දෙනා
-------------------
කන්යා සොහොයුරියන් 3 දෙනෙක් වාහන ඇක්සිඩන්ට් එකකින් මියගියා. සුපුරුදු පරිදි ඔවුන් 3 දෙනාම ස්වර්ගයට ඇතුලු වෙන ගේට්ටුව ලඟදි සාන්ත පීතර මුණිතුමා විසින් පිලිගත්තා. දන්නවනේ ස්වර්ගයට ඇතුලු වෙන්න නම් එතුමා අහන ප්රශ්නයට හැමකෙනාම නිවැරදිව පිලිතුරු දෙන්න ඕන. එතකොට තමයි ඇතුලුවෙන්න ගේට්ටුව ඇරෙන්නේ, නිකම් නෙමෙයි උත්සවාකාර පිලිගැනීමක් එක්ක.
ඉතින් සාන්ත පීතර මුණිතුමා පලමුවැනි කන්යා සොහොයුරියගෙන් අහනවලු එයාගෙ ප්රශ්නය.
"දෙවියන් වහන්සේ විසින් මිහිමත මවන ලද පලමුවන පුද්ගලයා කවුද?"
මාර ලේසි ප්රශ්නයක්. පලමුවෙනි කන්යා සොහොයුරිය උත්තර දෙනවලු..
"දැට්'ස් ඊසි වන්.... ආදම්"
එසැනින් සීනු හැඬවුනා.. සංගීතය දසතින් පැතිරෙන්න ගත්තා.. සුරදූතිකාවන් ගීතිකා ගායනා කරන්න ගත්තා.. දොරටුව සෙමින් ඇරුනා.. "පිලිතුර නිවැරදියි.. ඔබට ස්වර්ගයට ඇතුලු වෙන්න පුලුවන්" මුණිතුමා ප්රීතියෙන් පැවසුවා. ඇය ඇතුලු වුනා.
දැන් දෙවනි කන්යා සොහොයුරිය. මුණිතුමා එයාගෙන් අහනවලු ප්රශ්නය.
"දෙවියන් වහන්සේ විසින් මිහිමත මවන ලද පලමුවන කාන්තාව කවුද?"
ඒකත් ලේසි ප්රශ්නයක්. දෙවනි කන්යා සොහොයුරිය උත්තර දෙනවලු..
"දැට්'ස් ඊසි වන්.... ඒව"
සීනු හැඬවුනා.. සංගීතය දසතින් පැතිරෙන්න ගත්තා.. සුරදූතිකාවන් ගීතිකා ගායනා කරන්න ගත්තා.. දොරටුව සෙමින් ඇරුනා.. "පිලිතුර නිවැරදියි. ඔබට ස්වර්ගයට ඇතුලු වෙන්න පුලුවන්" මුණිතුමා ප්රීතියෙන් පැවසුවා. ඇයත් ඇතුලු වුනා.
දැන් තුන්වෙනි කන්යා සොහොයුරියගේ වාරේ. සාන්ත පීතර මුණිතුමා ඇයගෙන් අහනවලු ප්රශ්නය.
"ඒව විසින් ආදම්ට මුලින්ම පැවසූයේ කුමක්ද?"
තුන්වෙනි කන්යා සොහොයුරිය අන්දමන්ද වුනාලු මේ ප්රශ්නයට. විනාඩි ගානක් කල්පනා කලත් උත්තරයක් ඔලුවට ආවෙ නෑලු. කල්පනා කරන අතරෙ ඇයට කියවුනාලු මෙහෙම..
"ඕ.. මයි ගෝඩ්.. දැට්'ස් සෝ හාර්ඩ් වන්..."
එතකොටම සීනු හැඬවුනාලු.. සංගීතය දසතින් පැතිරෙන්න ගත්තාලු.. සුරදූතිකාවන් ගීතිකා ගායනා කරන්න පටන් ගත්තාලු.. දොරටුව ඇරුනාලු..