97දි හෝ 98 මුල මම ආරුමුගම් එක්ක ලිඳුලට ගියා. ඒ එයා චන්ද්‍රිකාගෙ දේශපාලන යෝජානාවලිය ගැන කරන වැඩ බලන්න. ඒත් එක්ක තවත් වාහන 18ක් ආව. ඕක්කොමල එයාගෙ සහපිරිවරේ හිටපු සෙල්ලක්කාර සිංහල දෙමළ මුස්ලිම් කොල්ලො. ඒ වාහනත් ඒ කාලෙ තිබ්බ හොඳම ජීප්. හවස අඩියක් ගහද්දි මම තොන්ඩගෙන් ඇහැව්ව මෙහෙම අධි සුඛෝපභෝගී වාහන පෝලිමක් එක්ක තමන්ගේ වතුකරයේ ජනයාව බලන්න එනකොට ඒ අයට මොනව හිතෙනව ඇද්ද? ඒ ගැන උඹට වරදකාරී හැඟීමක් නැද්ද කියල. තොන්ඩ කිව්ව, මේ සංස්කෘතිය වෙනස්, තව වාහන පෝලිමක් එක්ක ඒ ගොල්ල ජීවීතේට දැකල නැති වාහන වලින් එනවට තමා ඒ ගොල්ල කැමති. නම්බඩ සාමි, මගෙ සාමී, සින්න මගන්, මගෙ දෙයියෝ කියල කකුල ගාව වැටිල, තව තව ලැබෙන්න ඕනෙ කියල ඒ මිනිස්සු කියන්නෙ. උඹ හෙට උදේට බලා ගනින් කියල. කිව්ව වගේම උදේ පෝලිම, කකුල ඉඹිනව, ඒක අමුතුම එකක්. ඒ සංස්කෘතියෙ වෙනසක් තාම නැහැ. කාටවත්ඒක වෙනස් කරන්න බැරිඋනා!
උපුටාගත්තේ උවිදු කුරුකුලසූරියගෙනි
