හරියට නිවසක් ඉදිකරමු . (පළමු ලිපිය)

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    By Dr Chamod Hettiarachchi - Phd, UOM



    101900870_103099461440913_8506451732799374738_o.jpg


    අද ඉදිකිරීම් ක්ශේත්‍රයේ බොහොමයක් ගැටලු වලට ප්‍රධානම හේතුව තමයි නියමිත ක්‍රියාපටිපාටීන්ට අනුගත නොවීම සහ එක් එක් සේවාවට අදාල වෘත්තිකයන්ගෙන් (උදා: ගෘහ නිර්මාණ ශිල්පීන් , සිවිල් ඉන්ජිනේරු, ප්‍රමාණ සමීක්ෂක) සේවාවන් ලබා නොගෙන කෙටි පාරෙන් අඩු මුදලින් සේවාවන් ලබා දෙන පුද්ගලයන්ගෙන් සේවාවන් ලබා ගැනීමට යාම.

    බොහොමයක් නිවාස ඉදිකිරීම් සමූහ තුල පැන නගින ප්‍රශ්න, ගැටලු බොහොමයකට හේතුව මෙන්න මේ ගොඩ වෙදකම් වලට යාම. මෙහෙම ගොඩ වෙදකම් වලට යන්න හේතු කිහිපයක්ම තියෙනවා. මූලිකවම බලපාන්නෙ මේ සේවාවන් ලබා ගන්න ගෙවිය යුතු මුදල ඉතා විශාලයි කියල හිතන එක. දෙවෙනි හේතුව තමයි මේ එක් එක් වෘත්තිකයන්ගෙන් ලැබෙන සේවාවන් පිලිබදව නොදැනුවත්කම. වෘත්තිකයෙක්ගෙ සේවය ලබාගැනීම මූලිකව ලොකු වියදමක් වුනාට ඒ අයට තියෙන ප්‍රායෝගික දැනුම සහ ඒ විශය ගැන හදාරාතිබීම ඔබ නොහිතන වටිනාකමක් මෙන්ම වාසියක් ද වෙනවා. ඒ නිසා පිටුවට මූලාරම්භයක් විදිහට සාමාන්‍ය ඉදිකිරීම් ව්‍යාපෘතියක අපිට හමුවෙන විවිධ සම්පත් දායකයන් සහ ඔවුන්ගේ දායකත්වය පහදලා දෙන්න තීරණය කලා.
    *************************************************************
    ඔබ නිවැරදි ක්‍රියාපටිපාටියට අනුව නිවසක් හෝ යම්කිසි ගොඩනැගිල්ලක් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔලුවෙ තියාගන්න ඕනිම කාරණාවක් තමයි තමුන්ගෙ වර්තමාන උවමනා සහ අවශ්‍යතා මොනවද අනාගත අවශ්‍යතා සහ උවමනා මොනවද කියන දේ. ඊලඟට තමුන්ගෙ වර්තමාන ආදායම, ඉතුරුම් සහ ණය ලබාගැනීම්. මේ ඔක්කොම පොඩි සටහනක් දාගෙන සැලසුම් කරන්න ඕනි කාමර කීයක් ද නාන කාමර කීයක් ද තට්ටු කීයද, අදියර කීයකින් හදනවද , අනෙකුත් විශේෂ අවශ්‍යතා සියල්ලම වගේම ඔබගේ සිත්ගත් නිවාස සැලසුම් වල පින්තූර එකතු කරගන්න. දැන් ඔබ වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් ( Architect) හමුවෙන්න. ඒ කෙනා සමහර විට ඔබේ නිවස සැලසුම් කරාවි නැත්තම් වෙන කෙනෙක් වෙත ඔබ යොමුවේවි. ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා. එක එක අය වැඩ කරන ස්ටයිල්ස්, ප්‍රොජෙක්ට් ටයිප් සහ බජ්ට් රේන්ජ් තියෙනවා. දැන් බලමු ගෘහ නිර්මාණ ශිල්පියාගේ කාර්ය භාරය.
    *************************************************************
    වරලත් ගෘහ නිර්මාණ ශිල්පියා (Chartered Architect)
    ========================================
    ගෘහ නිර්මාණ ශිල්පියා තමයි ඔබගේ නිවසේ සැලස්ම නිර්මාණය කරන්න සුදුසුම කෙනා. සාමාන්‍යයෙන් අවුරුදු පහක උපාධියක් අවසන් කරලා, තවත් වසර ගණනක් ක්ශේත්‍රයේ ප්‍රවීණයෙක් යටතේ වැඩ කරලා තමයි වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන්නෙ. ඒක නිසා එයාලා නිවසක් සැලසුම් කරද්දි නිවසේ අවකාශ භාවිතය, හැඩතල හැසිරවීම, වාතාශ්‍රය හැසිරවීම, වර්ණ සංයෝජනය වගෙ දේවල් ගැන මනා අවබෝධයකින් යුක්තයි. ඒ වගේම ඔබගේ අවශ්‍යතාවය මනාව අවබෝධ කරගෙන එයට ගැලපෙන පරිදි සහ විශේෂයෙන් ඔබගේ අතේ තියෙන මුදලට සරිලන ලෙස නිවාස සැලසුමක් පිලියෙල කරනවා. ඒ වගේම අවශ්‍යනම් අභ්‍යන්තර අලංකරණය (interior decorations), උද්‍යාන අලංකරණය ( landscaping) වගේ අමතර සේවාවන් පවා නොයෙක් ගෘහ නිර්මාණ ශිල්පීන් සපයනවා.
    තවත් විශේෂත්වයක් තමයි ගෘහ නිර්මාණ ශිල්පියෙක් හරහා ඔබගේ නිවස සැලසුම් කිරීමේදී අදාළ ඉදිකිරීම් කාලය තුල පවා ඔවුන්ගේ සේවය ලබා ගැනීමට හැකි වීම. නමුත් සුදුසු ගෘහ නිර්මාණ ශිල්පියෙක් තෝරා ගැනීමේදී ඔබ තරමක් සැලකිලිමත් විය යුතුයි. එක එක ගෘහ නිර්මාණ ශිල්පියාට ආවේණික වූ ශෛලියක් (Style/Design language) තියෙනවා. ඉතින් ඔබ ටිකක් එක එක ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ කලින් කරපු ව්‍යාපෘති අධ්‍යයනය කරලා තමන්ට සුදුසු ශිල්පියාව තෝරා ගන්න. ඒ වගේම ඔබ දැනට ඉඩමක් මිලදී ගෙන නැත්නම්, මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන ඉඩමක් තියෙනවනම් අදාළ ගෘහ නිර්මාණ ශිල්පියාව එක්කගෙන ගිහින් ඒ ඉඩම පෙන්වන්න. එතකොට ඔබට වඩාත් සුදුසු ඉඩමක් තෝරා ගැනීමටත් අවස්තාව උදා වෙනවා.
    ආකිටෙක් කෙනෙක් තෝරගත්තට පස්සෙ කැමති ආකාරයට සම්පූර්ණ ව්‍යාපෘතියටම හරි කොටසකට හරි ගිවිසුමට එළබෙන්න පුලුවන්. ඊලඟට chartered architect කෙනෙක් ගෙ වගකීම / සේවය ඔබේ නිවස සම්පූර්ණ කරලා ඉවර කරනතෙක් ලබාගන්න එක වැදගත්. ඒ කෙනා නිවස ඉදිකිරීමේදී අධීක්ෂණය කිරීම නිසා ගොඩක් අඩුපාඩු වැරදීම වලක්වාගන්න පුලුවන්.
    ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්, PHI කෙනෙක් ගෙන් රෙඩිමේඩ් ප්ලෑන් එකක් ගන්න අය ඒකෙ වාස්තු බලලා හදවන එක බජට් එකට වාසියි කියලා හිතුවට ආකිටෙක්ට් කෙනෙක් ප්ලෑන් කරන්නෙ දීර්ඝකාලීන පිරිවැය (OPERATIONAL COST) අඩු කරන්න සහ නිවැසියාගේ කායික මානසික පහසුව දෙකම උපරිම කරන්න.
    ඔබ ජොතිශ්‍ය තදින් විස්වාස කරනවනම් ඒ අනූව අදාල කෙනෙක් ට කියලා පරීක්ශාවක් කරගෙන ඒ අනූව සැලසුමේ වෙනසක් කරගන්න ඕනි නම් ඉල්ලීමක් කරලා බලන්නත් පුලුවන් තමුන්ගෙ ARCHITECT ගෙන්. ඒ වුනත් අතීතයේ රීතියක් විදිහට තිබුණ දේවල් වලට තාක්ශණයේ දියුණුවෙන් ඕනි තරම් විකල්ප තියෙන නිසා ඒ ගැන ඕනාවට වඩා කරදර වෙන්න අවශ්‍ය නෑ.
    ******************************************************************
    ඔන්න දැන් ගෘහ නිර්මාණ ශිල්පියාට කියලා ඔබගේ නිවස සැලසුම් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඊළග වැඩේ. ඔබගේ නිවසට සුදුසු ව්‍යුහාත්මක සැලැස්ම (Structural design) සකසා ගැනීම. මේ සදහා ඔබ වරලත් සිවිල් ඉන්ජිනේරුවකුගේ සහය ලබා ගැනීම ඉතාම වැදගත්.
    *******************************************************************
    වරලත් සිවිල් ඉන්ජිනේරුවා (ව්‍යුහ) (Chartered Structural engineer )
    ========================================
    Structural engineer ට තියෙන මුලිකම කාර්යය තමයි ගෘහ නිර්මාණ ශිල්පියා ඇදලා දෙන සැලැස්ම ප්‍රායෝගිකව ඉදිකරන්න සුදුසු විදිහට අදාළ foundation, column, beam, slab වගේ ව්‍යුහාත්මක සැලසුම නිර්මාණය කරන එක. මෙතෙන්දි නිවසේ හෝ ගොඩනැගිල්ලේ විවිධ බල ක්‍රියාත්මක කරන ආකාරය ගණනය කරලා එක් එක් ව්‍යුහයට (structural element ) අදාළ දිග පළල, අවශ්‍ය කම්බි ප්‍රමාණය වගේ දේවල් design කරන එක තමයි කෙරෙන්නේ. ඉංජිනේරුවන් විසින් අවුරුදු හතරක් මේ දේවල් ඉගෙනගෙන තවත් අවුරුදු පහක් පමණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ලබා ගත්තට පස්සේ තියෙන විභාගයකින් සමත් වෙලා තමයි වරලත් ඉංජිනේරුවෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඔබගේ නිවසේ ආරක්ෂාව වගේම කල් පැවැත්ම ගැනත් ඔබ සැලකිලිමත් නම් පළපුරුදු ඉන්ජිනේරුවකුගේ සහයෝගය ලබා ගන්න එක ඉතාම වැදගත්.
    ගොඩක් අය කරන දෙයක් තමයි සාමාන්‍ය භාවිතයේ එන විදිහට බාසුන්නැහැ ගෙන් උපදෙස් අරගෙන අදාළ කම්බි ගැන තීරණය කිරීම. මෙහි අවාසි දෙකක් තියෙනවා. එකක් තමයි බාසුන්නැහැ අවශ්‍ය ප්‍රමාණයට වඩා කම්බි සහ අනෙකුත් දිග පළල නිර්දේශ කිරීම නිසා ඔබ නොදැනුවත්වම ඇති විශාල මුදලක් නිකරුනේ නාස්ති කිරීම. අනික තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් කම්බි සහ අනෙකුත් දිග පළල නිර්දේශ කිරීම නිසා ඇතිවෙන්න පුළුවන් සංකුලතා නිසා ගොඩනැගිල්ල හෝ නිවස ඉදිකිරීමෙන් අනතුරුව බිත්ති ඉරිතැලීම්, බීම් සහ කොලම් ඉරිතැලීම්, නිවස ගිලා බැසීම් වගේ දේවල් තුලින් ඉතා මිල අධික නිවැරදි කිරීම් වලට යාමට සිදු වීම. තව දෙයක් තමයි ඉංජිනේරුවකු විසින් නිර්මාණය කරන structural design එකට වගකියන්න ඔහු බැදී සිටිනවා. ඒ නිසා කිසියම් හෝ දෝෂයක් තිබේ නම් ඔබට නඩු මගට ගොස් වන්දි මුදලක් ලබා ගැනීමට පවා හැකියාවක් තියෙනවා.
    තව එකක් තමයි ඉංජිනේරුවෙක් ඔබේ නිවස design කරනකොට අදාළ ඉඩමට ගොස් එහි soil report එකක් ලබාගෙන එම පසේ ස්වභාවයට ගැලපෙන විදිහට අදාළ පාදම (foundation) සැලසුම් කරන එක. ඒ නිසා ඔබේ නිවසේ හෝ ගොඩනැගිල්ලේ ගිලා බැසීම් හෝ ඉරිතැලීම් සිදුවීම් බොහෝ දුරට මගහැර ගන්න පුළුවන්.
    ඒ වගේම structural drawings දුන්නට, නොයෙක් ව්‍යාපෘති වලත් විශේෂයෙන්ම ගෙවල් වලදි, ඒ දෙන drawings ඒ විදියටම කෙරෙනවද කියන එකේ ප්‍රශ්නයක් එනවා. එතනදි ගොඩක් වෙලාවට slab, foundations concrete කරන්න කලින් අදාළ ඉන්ජිනේරුවගේ inspection එක වැදගත්. සමහරුන්ට මේකෙ තියන අවශ්‍යතාව සහ වටිනාකම ගැන අදහසක් නෑ. ඒ වෙනුවෙන් ගෙවීමක් කරලා ඒ සේවාව ලබාගැනීම අවශ්‍ය නැහැ කියලා හිතනවා ගොඩක් වෙලාවට. මොකද බොහෝ දෙනාගේ වැඩි සැලකිල්ල තියෙන්නේ ගෙදර පෙනුමට මිසක් කල්පැවැත්ම සහ ව්‍යුහාත්මක වැරදි ගැන නෙවෙයි. කොච්චර check කලත් ප්‍රශ්න තියන තැන් drawing වැරදියට තේරුම් අරගෙන වැඩ කරපු දේවල් අනන්තවත් අහුවෙනවා ඉංජිනේරුවෙක් කරන inspection වලදී . ඒ වගේම chartered engineer seal එක තියනවා කියන්නේ ඒ කෙනා ඒ design එකට වගේම construction supervision වලටත් වග කියන්න ඕන.
    ඒක නිසා සුළු මුදලක් වැඩිපුර වියදම් කර ඉන්ජිනේරුවකුගේ සහය ලබා ගැනීම තමයි වඩාත් නුවණට හුරු. ඒ වියදම් කරන මුදලට වඩා වැඩි ඉතිරියක් ඔබට අනිවාර්යයෙන්ම ලැබේවි හොද structural engineer කෙනෙක්ගෙන්.
    ******************************************************************
    හරි. structural drawing එකත් හදාගත්තට පස්සේ අවශ්‍ය දෙයක් තමයි MEP drawing එක. MEP කියන්නේ Mechanical, Electrical, Plumbing කියන එක( කාර්මික, විදුලි සහ ජලනල ). නිවසේ විදුලි පරිපථය සහ සැලසුම, ජලනල පද්ධතියේ සැලසුම.
    ******************************************************************
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    MEP Engineers
    =======================================
    ඔබ නිවසට අදාළ විදුලි පරිපථ සැලැස්ම සහ ජලනල සැලැස්මත් වෙනම drawing එකක් ඇදගන්න වෙනවා. ඒ සදහා විදුලි ඉන්ජිනේරුවකුගේ වගේම ජලනල ඉන්ජිනේරුවකුගේ (සිවිල් හෝ මිකැනිකල් ) සහය ගන්න වෙනවා. සාමාන්යෙන් මේ සේවාවන් දෙකම එකම තැනකින් කරගන්න පුළුවන්. නිවසකනම් කාර්මික සැලසුමක් අවශ්‍ය වෙන්නේ නැති තරම්. නමුත් ගොඩනැගිල්ලක නම් lift එක, ගිනි නිවීමේ උපකරණ, AC සහ වෙනත් අවශ්‍යතා සදහා අදාළ වෙන drawing සකසා ගන්න අවශ්‍යයි. මේ දේවල් මුලික අවස්ථාවේම කරගැනීම තුලින් නිවස ඉදිකිරීමෙන් පසුව බිත්ති කැඩීම, ස්ලැබ් එක සිදුරු කිරීම වගේ අනවශ්‍ය අහිතකර දේවල් ගොඩක් මගහැර ක්‍රමානුකුලව පිළිවෙලකට ඉදිකිරිම කරන්න පුළුවන්. අනිත් එක ජලනල කාන්දු වීම්, විදුලිය කාන්දු වීම වගේ දේවල් උනත් වලක්වගන්න පුළුවන්.
    ******************************************************************
    ඔන්න දැන් අවශ්‍ය මුලික drawing සියල්ල අතට අරන් ඉවරයි. architectural drawing, structural drawing සහ MEP drawing. දැන් ගේ හදන්න ලෑස්තියි. නමුත් මේකට යන එක එක අමුද්‍රව්‍ය ප්‍රමාණය, වියදම්, වැඩ කුලිය සහ සමස්ත වියදම් හරියටම ගණන් බලාගන්න වෙනවා. නැත්නම් නිවාස ණයක් ගන්න අවශ්‍ය නම් මේ තොරතුරු ඉල්ලනවා. ඒ නිසා ප්‍රමාණ සමිකෂකයකුගේ සේවාව ඔබට ලබා ගන්න වෙනවා.
    ******************************************************************
    ප්‍රමාණ සමීක්ෂක ( quantity surveyor)
    =======================================
    ප්‍රමාණ සමික්ෂක විසින් ඔබගේ නිවසේ සැලසුම අධ්‍යයනය කර BOQ එකක් හදලා දෙනවා. BOQ කියන්නේ Bill of Quantities. මෙතෙන්දි අදාළ ඉඩම සුද්ද කරන එකේ ඉදන් නිවස ඉදිකර අවසන් වෙන තෙක් අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය සහ ඒ ඒ වැඩ සදහා අවශ්‍ය වෙන වැඩ කුලිය පිළිවෙලකට සකස් කරනවා. මෙන්න මේ document එකෙන් ඔබට ඔබගේ නිවස හෝ ගොඩනැගිල්ල සදහා අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය සහ වියදම් ගැන මනා අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම නිවස ඉදිකරගෙන යන විට මේ ලේඛනය ඔබට ප්‍රයෝජනවත් වේවි ඔබේ වියදම් පාලනයටත්, නාස්තිය අවම කරගැනීමටත්, මනා කළමනාකරණයක් ඇති කර ගැනීමටත්. ප්‍රමාණ සමීක්ෂකයන් වසර හතරක් විශ්වවිද්‍යාල පාඨමාලාවක් හදාරලා තමයි මේ සේවාව සපයන්නේ. ඒ නිසා වැරදීම් සිදු වීම බොහොම අඩුයි. ඒක නිසා BOQ එකක් පිළියෙළ කරගැනීම මගින් ඔබේ ඉදිකිරිම වඩා පිළිවෙලකට කරගැනීම පහසු වෙනවා.
    තව දෙයක් තමයි ඔබට මුළු ව්‍යාපෘතියට වැය වෙන එක් එක් අමුද්‍රව්‍ය ගැන අදහසක් ඇති නිසා එකවර විශාල බඩු ප්‍රමාණයක් ගැනීමෙන් අඩුමිලකට ගන්නත් පුළුවන් වෙනවා. තව දෙයක් තමයි ‍ප්රමාණ සමීක්ෂකයකුගෙන් සේවාව ලබාගන්නා විටදී ඔහු ලබා දෙන BOQ එකට සබැඳිව අදාල Material Report ලබා ගන්න අමතක කරන්න එපා. ගොඩක් වෙලාවට BOQ එක විතරයි ගන්න මතක් වෙන්නේ. තව නිවස සාදා ගැනීමට අවශ්‍ය ණය පහසුකම් සපයා ගැනීමටත් ප්‍රමාණ සමීක්ෂකයකු ලබාදෙන වාර්තා (මූලිකවම BOQ) අවශ්‍ය වෙනවා. ඒක නිසා බැංකුවෙන් ඉල්ලන විදියට BOQ එක හදලා ඉල්ලුවා නම් හරි. මේ සියලු කාරණා සලකා බලා ප්‍රමාණ සමික්ෂකයෙක්ගේ සේවාව ලබා ගැනීම ඔබේ ඉදිකිරිම ක්‍රමානුකුලව සහ පහසුවෙන් අරපිරිමැස්මෙන් කර ගැනීමට පිටුවහලක් වෙයි.
    ******************************************************************
    හරි. දැන් අවශ්‍ය සියලුම මුලික දේවල් සපුරගත්තට පස්සේ අතේ සල්ලිත් තියෙනවනම් ඊළගට තියෙන්නේ ඉදිකිරිමට අත ගහන එක. ඔබට මෙතෙන්දි මුලික ක්‍රම දෙකක් අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි සම්පුර්ණ ව්‍යාපෘතියම කොන්ත්‍රාත් (contract) දෙන එක. දෙවෙනි ක්‍රමය තමයි ඔබ විසින් අධීක්ෂණය කරන ගමන් බාසුන්නැහැ කෙනෙක් සමග එකතු වී නිවස හෝ ගොඩනැගිල්ල හදන එක. මේ එක එක ක්‍රමයේ තියෙන වාසි අවාසි අපි ඉදිරි ලිපියකින් කතා කරමු.
    *******************************************************************
    මතු සම්බන්ධයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිවැරදි ක්‍රම, අලුත්ම දැනුම සහ ඔබ නොදන්නා දේවල් දැන ගැනීමට අපගේ පිටුව හා එක්වෙන්න.

    https://www.facebook.com/Constructor.lanka/
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ප්‍රශ්නය පුලුවන්නම් උත්තරයක් දෙන්න
    කියන කතාව ඇත්ත හැබැයි සාමානය මින්හෙක්ට ඔය දෙනාම අල්ලගන්න බරගානක් යනවා නේ .
    1.රලත් සිවිල් ඉන්ජිනේරුවා (ව්‍යුහ) (Chartered Structural engineer ) කෙනෙක් අල්ලගත්තොත් ඇතිව්යිද ?
    2. ඔය හතර දෙනාම අල්ලලා පාලන අදිනවානම් මේ අයගේ ගණන් වෙන වෙනම කොහොම වෙයිද වර්ග අඩියට ?කියක් විතර යයි ද ? වර්ග ආඩි 850 වගේ ගෙයකට
    3. දැන් ඔය කියන මහත්වරුන්ව කොහොමද හොයාගන්නේ වෙබ්සයිට් තියෙනවාද
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ප්‍රශ්නය පුලුවන්නම් උත්තරයක් දෙන්න
    කියන කතාව ඇත්ත හැබැයි සාමානය මින්හෙක්ට ඔය දෙනාම අල්ලගන්න බරගානක් යනවා නේ .
    1.රලත් සිවිල් ඉන්ජිනේරුවා (ව්‍යුහ) (Chartered Structural engineer ) කෙනෙක් අල්ලගත්තොත් ඇතිව්යිද ?
    2. ඔය හතර දෙනාම අල්ලලා පාලන අදිනවානම් මේ අයගේ ගණන් වෙන වෙනම කොහොම වෙයිද වර්ග අඩියට ?කියක් විතර යයි ද ? වර්ග ආඩි 850 වගේ ගෙයකට
    3. දැන් ඔය කියන මහත්වරුන්ව කොහොමද හොයාගන්නේ වෙබ්සයිට් තියෙනවාද
    1. blind walls nattan godak aathin kanu nattan adu wiyadam ekak nam structural engineer kenek wadiya athyawsashya na. kanu aathin nam thiyanne, opening lokunam chartered engineer kenek ta kiyala design karana eka hodai
    2. ganan gana loku awabodayak na. architects la nam eka eka ganan
    3.

    chartered structural engineer list

    https://app.box.com/s/v8gcyiqk2vo0d32ij1uqouffnvkxse6z

    MEP Engineer list

    https://app.box.com/s/5h4fjsjdg6vcmckotosrg8cl60hdeday

    chartered architects list

    http://www.slia.info/direct/directpublicpublicpublic/memdiclist.php

    quantity surveyor list

    https://www.iqssl.lk/cb-profile/1152-qs0844m.html
     
    Last edited:

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    Bump. ගෙයක් හදන කාලෙක කියවන්න ඕනි අයෙ
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    1. blind walls nattan godak aathin kanu nattan adu wiyadam ekak nam structural engineer kenek wadiya athyawsashya na. kanu aathin nam thiyanne, opening lokunam chartered engineer kenek ta kiyala design karana eka hodai
    2. ganan gana loku awabodayak na. architects la nam eka eka ganan
    3.

    chartered structural engineer list

    https://app.box.com/s/v8gcyiqk2vo0d32ij1uqouffnvkxse6z

    MEP Engineer list

    https://app.box.com/s/5h4fjsjdg6vcmckotosrg8cl60hdeday

    chartered architects list

    http://www.slia.info/direct/directpublicpublicpublic/memdiclist.php

    quantity surveyor list

    https://www.iqssl.lk/cb-profile/1152-qs0844m.html

    Charted Architect's fee- 6%-7% from the total project cost
    Charted Engineer's fee - 1% from the total project cost
     
    • Like
    Reactions: darshana4u