මම දන්න විදියට පර්සනල් ලෝන් එකකින් උපරිම දෙන්නෙ 4Mil, ඒක ගන්නත් GM කෙනෙක්ගෙ හරි කාගෙ හරි උඩ ලෙවල් එකක Approval එක ඕන, මේක මම මාස තුනකට විතර කලින් චෙක් කරද්දිත් මේ විදියටම තිබුනා, රේට් අඩු කිරීමත් එක්ක ඒක වෙනස් වෙලාද දන්නෙ නැහැ හැබැයි,
ඔය සැලරි එකෙන් 60% කියලා තිබ්බත්, ඒක තව පොඩ්ඩක් සංකීර්ණ වෙනවා, ඇත්තටම කියන්නෙ සැලරි එකෙන් 60%ට වඩා වාරිකේ අඩු වෙන්න ඕන කියලා.
සැලරි එකෙන් 60% බැලුවම ඉතිරි වෙන 40%න් උඹගෙ වියදම් ඇරලා වාරික බාගයක්වත් ගෙවාගන්න පුලුවන් කම තියෙන්න ඕන, පොඩි ගනන් වල ලෝන් වලට මේක ලොකුවට බැලුවෙ නැති උනාට ලොකු ගනන් වලදි අනිවාර්යෙන් මේක බලනවා. උන් කියන්නෙ වාරිකයක් ගෙවාගන්න බැරි උනොත් අර ඉතිරි 40% එකතු කරලා හරි ඒක සෙට්ල් කරන්න හැකියාව අපිට තියෙන්න ඕන කියලා
උදාහරනයක් විදියට ලක්ශෙක සැලරියක් තියනවා නම්, 60ක වාරිකයක් තියන ලෝන් එකක් ගන්න නම්, උඹගෙ මාසික වියදම 10K වගේ වෙන්න ඕන, ප්‍රැක්ටිකලි එහෙම වෙන්නෙ නැති නිසා ලොකු ගානක් නම් ලෝන් එක 60ක වාරිකේකට යන්න අමාරු වෙනවා. මේක උන් ඩිසයිඩ් කරන එකක් නිසා සමහර වෙලාවට කතා කරලා පොඩි වෙනසක් කරන්න පුලුවන්, නමුත් ලොකු ගනන් වල ලෝන් වලදි අමාරුයි
ක්‍රෙඩිට් කාඩ් වලට සහ තියන අනෙක් කමිට්මන්ට් වලට ඔය 60% න් අඩු කරනවා, මැරි කරලා නම් තවත් අඩු කරනවද කොහොද,
මම ගොඩක් කාලෙකට කලින් ලෝන් එකක් ගත්තා, ඒ කාලෙ සැලරිය(gross) තිබ්බෙ 120K වගේ, මට ගන්න පුලුවන් ලෝන් එකේ වාරිකේ උපරිම ගාන 57K කියලා තමයි උන් ලෝන් එක දුන්නෙ. ක්‍රෙඩිට් කාඩ්වත් වෙන කිසිම කමිට්මන්ට් එකක් වත් තිබුනෙ නැහැ මට ඒ කාලෙ