මචං බුද්ධාගමේ අනුව කාමය වරදවා හැසිරීම කියන්නේ හරියටම මොකක්ද?
මන් දැක්කා සමහර හාමුදුරුවොලා කියලා තියෙන්නේ ස්වයං වින්දනයත් පාපයක් කියලා.
බුදු දහමේ කොතැනක හරි ස්වයං වින්දනය ගැන කතාකරලා තියෙනවද?

පුළුවන්. තමන්ගෙ ගෑණි හරි මිනිහහරි එක්ක විතරනම් කාමයේ නිවැරදිව.කාමය "වරදවා" හැසිරීම කියලනෙ තියෙන්නෙ ඒ කියන්නෙ කාමයේ නිවැරදිව හැසිරෙන විදිහක් ඇති![]()
![]()
මචං බුද්ධාගමේ අනුව කාමය වරදවා හැසිරීම කියන්නේ හරියටම මොකක්ද?
මන් දැක්කා සමහර හාමුදුරුවොලා කියලා තියෙන්නේ ස්වයං වින්දනයත් පාපයක් කියලා.
බුදු දහමේ කොතැනක හරි ස්වයං වින්දනය ගැන කතාකරලා තියෙනවද?

පාප කියන්නෙ ලෝබ, ද්වේශ, මෝහ සහගත අරමුණු. කාමය කිව්වම sex විතරක් නෙමෙයි තමුන් කැමැත්තක් ආසාවක් හදාගෙන භාවිත කරන සෑම දෙයක්ම ඇතුලත්. ආශ්වාද විඳින්න යොදා ගන්න සෑම බාහිර අරමුණක්ම කාමයට අයිතියි. කාම චේතනාවකින්, එහෙම නැත්තන් ආශ්වාදය විඳීම පිණිස යමක් පරිහරණය කරනකොට එතන අදාල දේ ගැන තණ්හාවක්, උපාදානයක් ඇති වෙනවා. ඒක නැවත නැවත ප්‍රර්ථනා කරනවා. ඒක ගැන අනාගත බලාපොරොත්තු ඇති කර ගන්නවා. එතන ක්‍රියාත්මක වෙන්නෙ අවිද්‍යා සහගත පටිච්ච සමුප්පාද චක්‍රයක්. අවිද්‍යා සහගත පටිච්ච සමුප්පාදයකින් නැවත බවයක් නිර්මාණය කරන්න හේතු සකස් වෙනවා තමුන්ගේ කර්ම භවයේ. රූප බලන්න, ශබ්ද අහන්න, රස බලන්න, සුවඳ බලන්න, පහස ලබන්න ආදී වශයෙන් කාම අරමුණු පස්සේ දුවන සෑම මොහොතකම තමුන්ට නැවත කාම භවයක ඇසක්, කනක්, නාසයක්, දිවක්, ශරීරයක් හට ගන්න හේතු සකස් වෙනව. කාමයන් අරමුණු කරන්න කරන්න තමුන්ගේ කර්ම භවය වැඩිපුර සකස් වෙන්නෙ සතර අපාගත කරවන්න පුළුවන් ස්වාබවයකට. එකයි පාප කියන්නෙ. මැරෙන මොහොතේදී තමුන් ජිවත් වෙලා හිටිය කාලේ වැඩිපුරම හදල තියෙන බවයට අනුව ඊට අදාල ශරීරයක හටගැනීමක් ඇති වෙනවා. ඒ කිව්වේ වැඩිපුර පුරුදු පුහුණු කරලා තියෙන්නෙ බලු වැඩ නං තිරිසන් බවයෙ බලු ජාතියක හටගන්නවා. හේතුවට අනුව ඵලය. තමුන් වැඩි හරියක් බන භාවනා කරන, දාන මාන දෙන අනුන්ට උදව් උපකාර කරන ජාතියේ වැඩ වැඩි වැඩියෙන් කරනවා නං එතකොට කර්ම භවයේ පිහිටන සතර අපාගත කරවන ස්වබාවය අඩු වෙනවා. මොකද ඒවා අලොබ, අද්වේෂ, අමෝහ මුලික සිතුවිලි වලින් ජනිත උන කර්ම නිසා. දිව්‍ය, බ්‍රහ්ම, මනුස්ස ජාතියේ උප්පත්තිය ලබන්න ඒ වගේ කර්ම හේතු වෙන්න පුළුවන්. ලෝබ, ද්වේශ, මෝහ අරමුණු වලට අපුන්යාබි සංකාර කියනවා. අලොබ, අද්වේෂ, අමෝහ අරමුණු වලට පුන්යභිසන්කර කියනවා.
ධර්මයට අනුව කිව්වොත් ඔව්. මොකද එතන අවිද්‍යාව තියෙන නිසා. අවිද්ද්යාවෙන් කරන සෑම දෙයක්ම bad karma. කාටවත් හිරිහැරයක් නැති උනාට තමුන්ට තමුන්ම කෙලවගන්නවා වගේ වැඩක් තමයි.එතකොට ස්වයං වින්දනයත් කාම පාපයක් ද?
පව් සිද්ද වෙනවද?
එක පාරක් හාමුදුරු නමකට අවවාද කලාලු ස්වයන් වින්දනේ කරපු. නවත්තන්න කියලා. තව පොඩි හාමුදුරුවරු දෙන්නෙක් සම ලිංගික සේවනේ කරලා අහුවෙලා ඒකටත් අවවාද කළා කියල සුත්‍ර දේශනාවක තියේ. ගිහියන්ට නම් ඒක පාපයක් කියල තියෙනවා අහලා නෑ.
ධර්මයට අනුව කිව්වොත් ඔව්. මොකද එතන අවිද්‍යාව තියෙන නිසා. අවිද්ද්යාවෙන් කරන සෑම දෙයක්ම bad karma. කාටවත් හිරිහැරයක් නැති උනාට තමුන්ට තමුන්ම කෙලවගන්නවා වගේ වැඩක් තමයි.
ටිකක් පැහැදිලි කරොත් ඕක කරන්නේ මොකක් හරි බාහිර රූපයක් අරමුණු කරගෙනනෙ. එක්කෝ බාහිර රූපයක් හිතෙන් මවාගෙන. බාහිර රූපයක් සැපයි, සාරයි වටිනවා, මේක තමයි මට සැප දෙන්නෙ, මේකට තමයි මම කැමති කියන දෘෂ්ටියම අවිද්‍යා සහගතයි. ඒකට වැටුනට පස්සේ, අදාළ රූපය එක්ක රාගෙන් බැඳෙනවා. එතකොට ආශ්වාදයක් දැනෙනවා. ඒ ආශ්වාදය දැනෙනකොට ඊට අදාළව උඹේ ළඟ තියෙන ඉන්ද්‍රිය ප්‍රතිචාර දක්වනව. ඒ ආශ්වාදය නිසා නැවත නැවත බලනවා. මොකද ඔතන වෙන්නෙ හට ගෙන බිඳී යන ස්වබාවයක්. ලූප් එකක්. උඹ එකට අහු වෙලා ඉවරයි. දැන් ආශ්වාද නැති රූපයක් අවිද්‍යාවෙන් සැපයි කියල හිතාගෙන උඹේ ශරීර ඉන්ද්‍රිය ඒකට ආයතනයක් කරගෙන ක්‍රියාත්මක කරනවා. කරන වාරයක් ගානේ කෙලෙස් නිර්මාණය වෙනවා. ඕක වෙන්නේ මචන් අපි අනන්ත සංසාරයක් පුරුදු වෙලා තියෙන්නෙ ඔය pattern එකට. හෙළුවෙන් ඉන්න ගෑනියෙක් දැක්කොත්, අපි සසරේ පුරුදු වෙලා තිබිල තියෙන්නේ ඕව එක්ක ඇලෙන්න. එතකොට දැන් ඒ වගේ දෙයක් දැක්ක ගමන් අපිට එක පාරම "ෂාහ් මරුනේ" වගේ එකක් එනවා. ඒක නවත්තන්න බැහැ. ඒක ගැටළුවකුත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම දැනුනට පස්සේ එක පට්ට, මරු, මම ආසයි කියල දෘෂ්ටි ගත වෙන එක. ඒ විදිහට ගත්ත ගමන් එකත් එක්ක රාගෙන් බැඳෙන එක නවත්තන්න බැහැ. අර දෘෂ්ටිය එනකොටම යථාර්තය දකින්න හිත පුරුදු කරන්න ඕන. ලේසි නෑ. හැබැයි උවමනාවෙන්, කාලයක් මහන්සි වෙලා කලොත් ගොඩ. එකට ඉස්සෙලා බාහිර ලෝකයේ වස්තු වල ආශ්වාද, සැප, දුක් නැහැ කියන්නේ ඇයි, එහෙම කියන්නෙ කොහොමද කියල අවබෝද කරගෙන ඉන්න ඕන.
මචන් උබේ පැහැදිලි කිරීම් හරි පිළිවෙලයි. ඉතා ගැබුරු ධර්ම කරුණු සලරව කියල තියෙනවා.. උබට බැරිද හොඳ ත්‍රෙඩ් ටිකක් දාන්න ධර්ම ධානය පිණිස. පට්ට වටිනවා.. මට නොතේරන තැනක් උබේ ඔය පැහැදිලි කිරීමෙන් අල්ලගත්තධර්මයට අනුව කිව්වොත් ඔව්. මොකද එතන අවිද්‍යාව තියෙන නිසා. අවිද්ද්යාවෙන් කරන සෑම දෙයක්ම bad karma. කාටවත් හිරිහැරයක් නැති උනාට තමුන්ට තමුන්ම කෙලවගන්නවා වගේ වැඩක් තමයි.
ටිකක් පැහැදිලි කරොත් ඕක කරන්නේ මොකක් හරි බාහිර රූපයක් අරමුණු කරගෙනනෙ. එක්කෝ බාහිර රූපයක් හිතෙන් මවාගෙන. බාහිර රූපයක් සැපයි, සාරයි වටිනවා, මේක තමයි මට සැප දෙන්නෙ, මේකට තමයි මම කැමති කියන දෘෂ්ටියම අවිද්‍යා සහගතයි. ඒකට වැටුනට පස්සේ, අදාළ රූපය එක්ක රාගෙන් බැඳෙනවා. එතකොට ආශ්වාදයක් දැනෙනවා. ඒ ආශ්වාදය දැනෙනකොට ඊට අදාළව උඹේ ළඟ තියෙන ඉන්ද්‍රිය ප්‍රතිචාර දක්වනව. ඒ ආශ්වාදය නිසා නැවත නැවත බලනවා. මොකද ඔතන වෙන්නෙ හට ගෙන බිඳී යන ස්වබාවයක්. ලූප් එකක්. උඹ එකට අහු වෙලා ඉවරයි. දැන් ආශ්වාද නැති රූපයක් අවිද්‍යාවෙන් සැපයි කියල හිතාගෙන උඹේ ශරීර ඉන්ද්‍රිය ඒකට ආයතනයක් කරගෙන ක්‍රියාත්මක කරනවා. කරන වාරයක් ගානේ කෙලෙස් නිර්මාණය වෙනවා. ඕක වෙන්නේ මචන් අපි අනන්ත සංසාරයක් පුරුදු වෙලා තියෙන්නෙ ඔය pattern එකට. හෙළුවෙන් ඉන්න ගෑනියෙක් දැක්කොත්, අපි සසරේ පුරුදු වෙලා තිබිල තියෙන්නේ ඕව එක්ක ඇලෙන්න. එතකොට දැන් ඒ වගේ දෙයක් දැක්ක ගමන් අපිට එක පාරම "ෂාහ් මරුනේ" වගේ එකක් එනවා. ඒක නවත්තන්න බැහැ. ඒක ගැටළුවකුත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම දැනුනට පස්සේ එක පට්ට, මරු, මම ආසයි කියල දෘෂ්ටි ගත වෙන එක. ඒ විදිහට ගත්ත ගමන් එකත් එක්ක රාගෙන් බැඳෙන එක නවත්තන්න බැහැ. අර දෘෂ්ටිය එනකොටම යථාර්තය දකින්න හිත පුරුදු කරන්න ඕන. ලේසි නෑ. හැබැයි උවමනාවෙන්, කාලයක් මහන්සි වෙලා කලොත් ගොඩ. එකට ඉස්සෙලා බාහිර ලෝකයේ වස්තු වල ආශ්වාද, සැප, දුක් නැහැ කියන්නේ ඇයි, එහෙම කියන්නෙ කොහොමද කියල අවබෝද කරගෙන ඉන්න ඕන.

අපිට කියන්නකෝරේරුකානේ හාමුදුරුවොන්ගෙ පොතක ඕක ගැන ගැඹුරින් විස්තර කරලා තියෙනවා
ඔව් සිත තමා මුලබුද්දාගමට අනුව ඔක ක්‍රියාවේන්ම කරන්න ඔන නෑ
ගෙදර ඇවිත් මුලු දවසේම ගෑනු මතක් කරල අ.. ගහන එකත්
කාමය වරදවා හැසිරීමම තමයි. මොකුත් නොහිතා ගහන එකෙක්
ඉන්නවයැ බන්![]()
ප්‍රශ්නේ තියෙන්නෙ බඩු යන එකේ නෙමෙයි. චේතනාවේ. කර්මයක් වෙන්නෙ චේතනාව මත. උදාහරණයක් විදිහට හිතා මතා කුම්බියෙක් පාගල මරණ එකෙයි තමුන් නොදැනුවත්ව මරණ චේතනාවකින් තොරව පෑගිලා මැරෙන එකයි දෙකක්. දෙවෙනි එකේදී ප්‍රනගාත අකුසලයක් වෙන්නෙ නැහැ මොකද මරණ චේතනාවක් නොතිබුන නිසා. මට තේරෙන තරමට සිහිනෙන් වෙන දේවල් සිතා මතා සිදුකරන චේතනා යටතට වැටෙන්නේ නැහැ. ඒවා අයිති වෙන්නෙ යටි සිතට. සිතා මතා දෙයක් සිදු කරන්නෙ උඩු සිතෙන්. ඒ කිව්වේ චේතනා සහගතව කර්මයක් සිදු වෙන්නෙ උඩු සිතින්. නැගිටලා ඉන්නකොට බලහත්කාරෙන් උඩු හිත පාලනය කරගෙන ඉඳල නවත්ත ගත්තට, වැඩේට තියෙන ආසාව, කැමැත්ත යටි සිතේ තියෙනවා. නිදා ගත්තම උඩු සිත අක්‍රියයි. යටි සිත ක්‍රියාත්මකයි. හරියට රබර් බෝලයක් වතුර යට තියාගෙන ඉඳල අත හරිනවා වගේ නින්දේදී උඩු සිතේ පාලනය ගිලිහුන ගමන් යටි හිතේ තිබුන ටික උඩට එනවා. ඔය ස්වප්න මෝචන case එක වෙන්නෙ එහෙමයි. ඒකට උඩු සිතේ සම්බන්දයක් නැති නිසා සිතා මතා සිදු කල දෙයක් ලෙස ගන්න බැහැ. ඔය සීන් එක ගොඩක් වෙලාවට වෙන්නේ යමක් ආයාසයෙන් පාලනය කරගෙන ඉන්න ගියාම. බුදු දහමේ උගන්නන්නේ ආයාසයෙන් පාලනය කරගෙන මිදෙන ක්‍රමයක් නෙමෙයි. යථාර්තය අවබෝදයෙන්, තමන්ට රාග සිතුවිලි, ද්වේශ සිතුවිලි, මෝහ සිතුවිලි නැගෙනකොට ඒ ගැන සතියෙන් ඉඳල ඒවගේ යතා ස්වබාවය විදර්ශනාවෙන් අවබෝද කරගෙන ක්‍රමානුකුලව පහ කරන ක්‍රමයක්. එහෙම කලාම ඒ දේවල් නැවත මතු නොවෙන්නම අත් හැරිලා යනවා. අර හාමුදුරුවෝ ගැන අහල තියෙන එකටත් ඔය උත්තරේ අදාලයි. සිවුර දාගෙන හිටියට හිතේ කැමැත්තක් තියෙනවනන් ඔය ටික ඔය කිව්ව විදිහටම වෙනවා. ගිහි පැවිදි වෙනසක් නෑ. විනය නීති, ශික්ෂා පද දාල තියෙන්නේ යම් මට්ටමකට පාලනයක් ඇති කරලා මුලික හික්මීමක් ඇති කරන්න විතරයි. අතහැරි නොඇලී මිදී යන්න නං යථාර්තය දැකල විදර්ශනා වඩන්නම ඕන.හාමුදුරුනමට ධර්මයේ ස්වයන් වින්දනය අකැපයි.
එතකොට ස්වප්න මෝචනේ වෙන්නේ නැද්ද එයාලට ?
විශේෂයෙන් නවයොවුන් වියේ හාමුදුරුවන්ට
උදේටවත් නගින්නේ නැද්ද
හරි අපි සිතිවිලි පාලනය කරගෙන අතේ නොගහා හිටියොත් නින්දෙන් හරි අපිට යනවනේ
ස්වප්න මෝචනය
ඉතින් ඒක අපිට පාලනය කරන්න බෑනේ.
ඒ කියන්නේ අපි නොදැනුවත් වම අපි පාපයක් කරගෙන