කාමය වරදවා හැසිරීම කියන්නේ මොකක්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,089
    22,512
    113
    කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

    (1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.

    -බෞද්ධයාගේ අත්පොත
    රේරුකානේ චන්දවිමල හිමි

    ස්වයංවින්දනයත් බුදුදහමට අනුව පාපයක්. කාමයේ ඇලීමක්නෙ. තමන්ගෙ බිරිද හෝ සැමියා සමග එක්වීමත් පාපයක්. නමුත් පන්සිල් කැඩෙන් නෑ මේකෙන්.

    • Like
    Reactions: Bandolero1

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මචන් උබේ පැහැදිලි කිරීම් හරි පිළිවෙලයි. ඉතා ගැබුරු ධර්ම කරුණු සලරව කියල තියෙනවා.. උබට බැරිද හොඳ ත්‍රෙඩ් ටිකක් දාන්න ධර්ම ධානය පිණිස. පට්ට වටිනවා.. මට නොතේරන තැනක් උබේ ඔය පැහැදිලි කිරීමෙන් අල්ලගත්ත
    සන්තෝසයි මචන්. Threads ටිකක් දාන්න කැමැත්තකුත් තියෙනවා. හැබැයි නොදා ඉන්නත් හේතුවක් තියෙනවා ඇත්තටම. මොකද ගොඩක් දහම් කරුණු ගැන තියෙන threads ඉවර වෙන්නෙ අන්තිමට මත ගැටුම් ඇති වෙලා. ස්වාමින් වහන්සේලාට අපහස උපහාස කරලා. ඒක නිසා නොදා ඉන්නෙ. මේ වගේ කට්ටියට මතු වෙන ප්‍රයෝගික ප්‍රශ්න වලදී ධර්මයෙන් කරුණු පැහැදිලි කරන්න ලේසියි. උත්සහ කරලා බලන්නන්. තෙරුවන් සරණයි.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ස්වයංවින්දනයත් බුදුදහමට අනුව පාපයක්. කාමයේ ඇලීමක්නෙ. තමන්ගෙ බිරිද හෝ සැමියා සමග එක්වීමත් පාපයක්. නමුත් පන්සිල් කැඩෙන් නෑ මේකෙන්.
    ඉතින් මචන් පාපයක් වෙනවනම් ඒක නරක වැඩක්නේ
    එතකොට බිරිද එක්ක සිටීම කියන්නෙත් බුදු දහමට අනුව නරක වැඩක් නේ :confused:

    සන්තෝසයි මචන්. Threads ටිකක් දාන්න කැමැත්තකුත් තියෙනවා. හැබැයි නොදා ඉන්නත් හේතුවක් තියෙනවා ඇත්තටම. මොකද ගොඩක් දහම් කරුණු ගැන තියෙන threads ඉවර වෙන්නෙ අන්තිමට මත ගැටුම් ඇති වෙලා. ස්වාමින් වහන්සේලාට අපහස උපහාස කරලා. ඒක නිසා නොදා ඉන්නෙ. මේ වගේ කට්ටියට මතු වෙන ප්‍රයෝගික ප්‍රශ්න වලදී ධර්මයෙන් කරුණු පැහැදිලි කරන්න ලේසියි. උත්සහ කරලා බලන්නන්. තෙරුවන් සරණයි.

    දාන්න මචන්
    නොයෙක් මත ඉදීරිපත් වෙන්න වෙන්නම අපිට ධර්මය තේරුම් ගන්න ලේසි වෙනවා
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඉතින් මචන් පාපයක් වෙනවනම් ඒක නරක වැඩක්නේ
    එතකොට බිරිද එක්ක සිටීම කියන්නෙත් බුදු දහමට අනුව නරක වැඩක් නේ :confused:
    අවිද්‍යාවෙන් (ලෝකය නිච්චයි, සුඛයි, සාරයි, වටිනවා, මගේ ගැනි, මගෙ ළමයි තමයි මගේ හැමදේම, එගොල්ලොන්ගෙන් තොර ජිවිතයක් මට වැඩක් නෑ කියන දෘෂ්ටිය) එල්ලිලා හිටියොත් සසරට හේතුවෙන කාරණයක් තමයි මචන්. හැබැයි අවිද්‍යාව අවබෝද කරගත්තු සක්කාය දිට්ටිය දුරු කරපු (බාහිර ලෝකයේ ආශ්වාද සොයන වැඩ පිළිවෙල නිස්පලයි අසාරයි කියන අවබෝදයට පත් උණු) ආර්ය පුද්ගලයෙක්ට තමුන්ගේ යුතුකම් ඉටුකරගෙන ගිහි ජිවිතය ගත කරන්න පුළුවන්. මොකද හේතුව සෝවාන් උනත් සකුර්දාගාමී තත්වයට එනකන් කාම රාග අයින් වෙන්නෙ නැති නිසා. හැබැයි සෝවාන් වීමේදී ලැබුන අවබෝදය නිසා, ධර්මය නොදන්න පෘතග්ජනයෙකුට වඩා සෝවාන් වෙච්ච හෝ සෝවාන් මාර්ග අනුගමිකයෙක්ගේ කෙලෙස් (රාග, ද්වේශ, මෝහ සිතුවිලි) නිර්මාණය වෙන්නෙ ගොඩක් අඩුවෙන්. ඒ කිව්වේ එදිනෙදා පවුල් ජිවිතේ කරන කියන දේවල් එක්ක බැඳෙන ගැටෙන මට්ටම අඩුයි. ඕනවට වැඩිය කිසිම දෙක බැඳෙන්නේ හෝ ගැටෙන්නේ නැහැ. ඕනවට වැඩිය කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. යම් දෙයක් කරන්න අවශ්‍ය නං ඒ දේ කළා. එච්චරයි. වයිෆ් එක්ක සෙක්ස් කරන එක උනත් එහෙමයි. වයිෆ් බලාපොරොත්තු වෙනවා නං ඒ දේ, ඒ නිසා කරනවා. කලත් අවබෝදය තියෙනවා මේ දේ තියෙන්නේ ශාරීරික සුවයක් විතරයි ඊට අමතරව වෙන ආශ්වාදයක් නැහැ කියල. ආශ්වාදයක් ආවොත් එන්නේ හිතේ ඒ පිළිබඳව තියෙන රාගෙන් කියලත් අවබෝදයෙන් දන්නවා. ඒ ශාරීරික සුවය බැඳෙන්න සුදුසු දෙයක් වටින දෙයක් නෙමෙයි කියලත් දන්නවා. කරන කියන හැම දේකදිම ඔය විදර්ශනාව හැම වෙලේම ක්‍රියාත්මක වෙමින් තියෙනවා. එහෙම හිත පුරුදු කරන්න කරන්න සකුර්දගාමී වෙන්න ඕන කරන සති පට්ටානය එතන වැඩෙනවා.
     
    හරි අපි ආශ්වාදයක් නෑ කියලා හිතලා අනික් කෙනා වෙනුවෙන් සෙක්ස් කරනවා
    එතකොට මචන් අපි අනිත් කෙනාව පිනවන අදහසින් විතරක් සෙක්ස් කරන එක අපි අනිත් කෙනාට රාගයේ ඇලෙන්න කරන උදව්වක් නෙමේද?
    තමන් ගැලවිලා අනික් කෙනාව තාම රාගයේ ගිල්වන්න උත්සාහ කිරීමක් නේද?
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    පාප කියන්නෙ ලෝබ, ද්වේශ, මෝහ සහගත අරමුණු. කාමය කිව්වම sex විතරක් නෙමෙයි තමුන් කැමැත්තක් ආසාවක් හදාගෙන භාවිත කරන සෑම දෙයක්ම ඇතුලත්. ආශ්වාද විඳින්න යොදා ගන්න සෑම බාහිර අරමුණක්ම කාමයට අයිතියි. කාම චේතනාවකින්, එහෙම නැත්තන් ආශ්වාදය විඳීම පිණිස යමක් පරිහරණය කරනකොට එතන අදාල දේ ගැන තණ්හාවක්, උපාදානයක් ඇති වෙනවා. ඒක නැවත නැවත ප්‍රර්ථනා කරනවා. ඒක ගැන අනාගත බලාපොරොත්තු ඇති කර ගන්නවා. එතන ක්‍රියාත්මක වෙන්නෙ අවිද්‍යා සහගත පටිච්ච සමුප්පාද චක්‍රයක්. අවිද්‍යා සහගත පටිච්ච සමුප්පාදයකින් නැවත බවයක් නිර්මාණය කරන්න හේතු සකස් වෙනවා තමුන්ගේ කර්ම භවයේ. රූප බලන්න, ශබ්ද අහන්න, රස බලන්න, සුවඳ බලන්න, පහස ලබන්න ආදී වශයෙන් කාම අරමුණු පස්සේ දුවන සෑම මොහොතකම තමුන්ට නැවත කාම භවයක ඇසක්, කනක්, නාසයක්, දිවක්, ශරීරයක් හට ගන්න හේතු සකස් වෙනව. කාමයන් අරමුණු කරන්න කරන්න තමුන්ගේ කර්ම භවය වැඩිපුර සකස් වෙන්නෙ සතර අපාගත කරවන්න පුළුවන් ස්වාබවයකට. එකයි පාප කියන්නෙ. මැරෙන මොහොතේදී තමුන් ජිවත් වෙලා හිටිය කාලේ වැඩිපුරම හදල තියෙන බවයට අනුව ඊට අදාල ශරීරයක හටගැනීමක් ඇති වෙනවා. ඒ කිව්වේ වැඩිපුර පුරුදු පුහුණු කරලා තියෙන්නෙ බලු වැඩ නං තිරිසන් බවයෙ බලු ජාතියක හටගන්නවා. හේතුවට අනුව ඵලය. තමුන් වැඩි හරියක් බන භාවනා කරන, දාන මාන දෙන අනුන්ට උදව් උපකාර කරන ජාතියේ වැඩ වැඩි වැඩියෙන් කරනවා නං එතකොට කර්ම භවයේ පිහිටන සතර අපාගත කරවන ස්වබාවය අඩු වෙනවා. මොකද ඒවා අලොබ, අද්වේෂ, අමෝහ මුලික සිතුවිලි වලින් ජනිත උන කර්ම නිසා. දිව්‍ය, බ්‍රහ්ම, මනුස්ස ජාතියේ උප්පත්තිය ලබන්න ඒ වගේ කර්ම හේතු වෙන්න පුළුවන්. ලෝබ, ද්වේශ, මෝහ අරමුණු වලට අපුන්යාබි සංකාර කියනවා. අලොබ, අද්වේෂ, අමෝහ අරමුණු වලට පුන්යභිසන්කර කියනවා.
    Owa adala wenne hamuduruwonta neweida. Anika ohoma hithuwoth gihiyekta jiwithe kisima laukika sapak labanna bahane bn.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හරි අපි ආශ්වාදයක් නෑ කියලා හිතලා අනික් කෙනා වෙනුවෙන් සෙක්ස් කරනවා
    එතකොට මචන් අපි අනිත් කෙනාව පිනවන අදහසින් විතරක් සෙක්ස් කරන එක අපි අනිත් කෙනාට රාගයේ ඇලෙන්න කරන උදව්වක් නෙමේද?
    තමන් ගැලවිලා අනික් කෙනාව තාම රාගයේ ගිල්වන්න උත්සාහ කිරීමක් නේද?
    අනිත් කෙනාට ධර්මවබෝදය නැත්නං මචන්, කොච්චර මොන විදිහට තේරුම් කලත් තමුන්ගෙ අවශ්‍යතාවයෙන් මිදෙන්න බැහැ. සමහරවිට ධර්ම කරුණු තේරෙනවා වෙන්න පුළුවන් එත් අවිද්‍යාවේ බලය වැඩි නිසා අර තේරුණ ධර්ම කරුණු ටික ප්‍රබල නැහැ අවිද්‍යාව යටපත් කරගෙන ආශ්වාද කැමැත්තෙන් මුදවන්න. එතකොට අනෙක් කෙනාට අවශ්‍ය නං ඒ අවශ්‍යතාව ඉටු කරණ එක යුතුකමක්. නිත්‍යානුකුලව ගත්තොත් ඒක අනෙක් පාර්ශවයේ අයිතියක්. ඒක එක අතකට කාම සැපයෙ ඇලෙන්න අනුබල දීමක් විදිහට දකින්නත් පුළුවන්. නමුත් නොකර බැරිනං කරන්න වෙනව. එතැනදී කෙලෙස් හැදෙනවා. හැබැයි අවිද්‍යාවේ ඉන්න කෙනාගෙ තරම් ප්‍රබල වෙන්නෙ නැහැ අවිද්‍යාව ගැන අවබෝදයෙන් ඉන්න කෙනාට. ඕක නොකර ඉන්නත් පුළුවන්. හැබැයි කසාද බැඳලා නං ඉන්නේ එක්කෙනෙකුට ධර්මවබෝදය නැත්තං එතකොට මතුවෙන වෙනම ලෞකික ප්‍රශ්න ටිකක් තියෙනවනේ. එතකොට ඔපෂන් දෙකයි තියෙන්නෙ. එක්කෝ ඉන්න ඕනේ. එක්කෝ යන්න ඕනේ. එතැනදී මොන පාත් එකේද යන්නෙ කියන එක ඒ ඒ පුද්ගලයා අනුව තම තමුන්ගේ ආකල්ප අනුව වෙනස් වෙනවා. සමහරු කසාදෙ එපා කියල තමුන්ගේ පාත් එකේ යනවා. සමහරු එකේම ඉන්න ගමන් පාත් එක follow කරන්න උත්සහ කරනවා.
     
    • Like
    Reactions: Chuti Kolla

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    KAAMAYA kiyala kiwwe awidyawa nisa athiwena looba dwesha moha sahagatha sithuwili.. kamaye waradawa hasirenawa kiyanne ee sithuwili anuwa sidu karana kriya.. sex witharak nemei.. rasa kamakata mihiri sangeethayakata aleema.. amihiri sangeethayak ho aprasanna pudgalayek nisa athiwena gateema kiyana ekath kama sithuwili.. ee sithuwili anuwa kriya kireema thamai kamaye waradawa hasireema kiyanne.. thamage gaani ekka unath ragayen bandila sex kaloth eka kaamaye waradawa hasireemak.. niwanata badhawak..
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ඕනෑව වැඩිය ඕනෙම දෙයක් ඕනෙම නැත

    ඕනෙවට වඩා ඇස පිනවන කැමැත්ත
    ඕනෙවට වඩා සින්දු අහන කැමැත්ත
    ඕනෙවට වඩා රස කෑම හොයන කැමැත්ත
    ඕනෙවට වඩා සුවඳ විදින්න තියෙන කැමැත්ත
    ඕනෙවට වඩා ඩිස්ටි diding කැමැත්ත
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Owa adala wenne hamuduruwonta neweida. Anika ohoma hithuwoth gihiyekta jiwithe kisima laukika sapak labanna bahane bn.
    ගිහි පැවිදි බේදයක් නෑ මචන් හැමෝටම අදාලයි. කර්ම හැදෙන්නේ චේතනාව අනුවනේ. එකට වත අදාළ නැහැ. වැඩේ ඉතින් මේක අවබෝද උන කෙනා ඒ මාර්ගේ යනවා. නැති කෙනා ලෞකික සැප හොයා හොයා ඉන්නවා. ඇත්තටම ලෝකේ තියෙන දේවල් වල සැපක් නැති එකයි ප්‍රශ්නේ. සැපත් නෑ දුකත් නෑ. හැබැයි ඔය දේවල් වල සැප දුක තියෙනවා කියල අපි හිතාගෙන ඉන්නවා. එකයි අවිද්‍යාව. එහෙම හිතාගෙන ඒවා පස්සේ දුවනවා. තෘප්තිමත් නෑ. දිවිල්ල ඉවර වෙන්නෙත් නෑ. ධර්මවබෝදය උනාම තේරෙනවා ඇත්තටම ලෞකික සැප දුක ටික හදල දීල තියෙන්නෙ බාහිර දෙයක් නෙමෙයි අපේම හිත කියල. මේක තේරුනොත් උඹට හිතෙයි කොහොම නෑමක්ද අනන්ත සංසාරයක් පුරාවට නාල තියෙන්නේ කියල. ඒ තරම් රැවටිල්ලක්. අපේම හිතට. බාහිර ලෝකේ සැපතක් නැහැ කියල අවබෝද උන ආර්ය උත්තමයෙක් තමයි ලෝකේ සතුටින්ම ඉන්න කෙනා. එයා ළඟ ආශ්වාද හොයන අතෘප්තිය අසහනය, පෙලීම නැහැ. එයගෙ හිත තෘප්තිමත්. මොකද එයාට ලෝකෙන් ගන්න දෙයක් නැති නිසා බැඳීම් නෑ. ගැටීම නෑ. බැඳීම් ගැටීම තියෙනකොට එන දාහය, මහන්සිය නැහැ. මම දාල තියෙන කරුණු ඔක්කොම පොඩ්ඩක් කියවල බලපන් මචන්. උඹට ටිකක් මීටර් වෙයි සීන් එක.
     
    • Like
    Reactions: Udee KJ and RLT4U

    Thanks mcn. Mata hitenne mcn uba me karuna gana thread ekak dammanam watinawa. (y)

    Edit: mcn kauru kiwwath bn kamayange sapak naha kiyala eketh yamkisi athal eka thiyena nisane api ekata kamati. Ehema neweida?
     
    Last edited:
    • Like
    Reactions: mr90486

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ගිහි පැවිදි බේදයක් නෑ මචන් හැමෝටම අදාලයි. කර්ම හැදෙන්නේ චේතනාව අනුවනේ. එකට වත අදාළ නැහැ. වැඩේ ඉතින් මේක අවබෝද උන කෙනා ඒ මාර්ගේ යනවා. නැති කෙනා ලෞකික සැප හොයා හොයා ඉන්නවා. ඇත්තටම ලෝකේ තියෙන දේවල් වල සැපක් නැති එකයි ප්‍රශ්නේ. සැපත් නෑ දුකත් නෑ. හැබැයි ඔය දේවල් වල සැප දුක තියෙනවා කියල අපි හිතාගෙන ඉන්නවා. එකයි අවිද්‍යාව. එහෙම හිතාගෙන ඒවා පස්සේ දුවනවා. තෘප්තිමත් නෑ. දිවිල්ල ඉවර වෙන්නෙත් නෑ. ධර්මවබෝදය උනාම තේරෙනවා ඇත්තටම ලෞකික සැප දුක ටික හදල දීල තියෙන්නෙ බාහිර දෙයක් නෙමෙයි අපේම හිත කියල. මේක තේරුනොත් උඹට හිතෙයි කොහොම නෑමක්ද අනන්ත සංසාරයක් පුරාවට නාල තියෙන්නේ කියල. ඒ තරම් රැවටිල්ලක්. අපේම හිතට. බාහිර ලෝකේ සැපතක් නැහැ කියල අවබෝද උන ආර්ය උත්තමයෙක් තමයි ලෝකේ සතුටින්ම ඉන්න කෙනා. එයා ළඟ ආශ්වාද හොයන අතෘප්තිය අසහනය, පෙලීම නැහැ. එයගෙ හිත තෘප්තිමත්. මොකද එයාට ලෝකෙන් ගන්න දෙයක් නැති නිසා බැඳීම් නෑ. ගැටීම නෑ. බැඳීම් ගැටීම තියෙනකොට එන දාහය, මහන්සිය නැහැ. මම දාල තියෙන කරුණු ඔක්කොම පොඩ්ඩක් කියවල බලපන් මචන්. උඹට ටිකක් මීටර් වෙයි සීන් එක.

    උබ කියන එක සහතික ඇත්ත
    ඒත් මචන් අපිට ඕක ප්‍රයෝගිකව කරන්න බෑනේ.
    මේ ගිහි ජිවිත ගෙනියන අපි ඉගෙනගන්නවා ඩිග්රි ගහනව රස්සාවක් කරනවා ගෑනියෙක් ගන්නවා දරුවෝ හදනවා.
    අපි උබ කියපු මේ දේවල් දැන දැනම සාමාන්‍ය ජිවන චක්‍රය ගෙනියනවා.
    උබ උනත් එහෙම වෙන්නැති.

    කොහොමද මචං අපි වෙනස් වෙන්නේ? මේක නිකන් අපි දැන දැනම මඩේ එරෙනවා වගේ සින් එකක්නේ
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    oke hari artha dakweemak thiyanawa..mata mataka naha hariyatama මව විසින් රකින පියා විසින් රකින කියල පටන් ගන්නේ මේකෙ ගොඩක් උන් ලියලා තියෙන්නේ පච
    Ow machan. Rerukane hamuduruwange bauddayahe athpotha pothe tiyenawa. Kama mithyacharaya wena kanthawan 10 k gana budu hamuduruwo kiyala tiyenawa. Mata 10 ma mathaka na hatiyata. E unata e 10 gaththama badapu ganith ekka sex karana eka witarai paw naththe. Badinna kalin sex karana ekath ganenne kamaye waradawa hasireema widihata.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Ow machan. Rerukane hamuduruwange bauddayahe athpotha pothe tiyenawa. Kama mithyacharaya wena kanthawan 10 k gana budu hamuduruwo kiyala tiyenawa. Mata 10 ma mathaka na hatiyata. E unata e 10 gaththama badapu ganith ekka sex karana eka witarai paw naththe. Badinna kalin sex karana ekath ganenne kamaye waradawa hasireema widihata.

    බදින්න කලින් තමන්ගේ පාට්නර් එක්ක සෙක්ස් කිරීම පවක් කියන එක ඔයාලා අනුමත කරනවද?
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    බදින්න කලින් තමන්ගේ පාට්නර් එක්ක සෙක්ස් කිරීම පවක් කියන එක ඔයාලා අනුමත කරනවද?
    ow..mage anumatha kirimen wadak na..budu hamuduruwo deshana karapu artha dakweemata eka adala wenawanam eka pawak..
    kohomath badinna kalin adala kena rakinne demapiyo ne..e nisa eka pawak.