ඔව් මචන්. ඒක මෙහෙමයි. පංච කාමයන් තුලින් ප්‍රිය මදුර, අප්‍රිය අමනාප ස්වබාවයක් අපිට දැනෙනවා තමයි. එකට කියන්නේ විපාක වේදනා කියල. එක නවත්තන්නත් බැහැ. ඒ ප්‍රියතාවය තමයි ඇලෙන්න හේතු වෙන්නෙ. අප්‍රියතාව තමයි ගැටෙන්න හේතු වෙන්නේ. මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි යම් පංච කාම අරමුණකින් ප්‍රියතාවක් හෝ අප්‍රියතාවක් දැනුනද ඒ ප්‍රියතාවය හෝ අප්රියතාවය ලැබුනේ අදාළ බාහිර අරමුන තුලින් (රූපයේ, ශබ්දයේ, ගන්දයේ, රසේ, පහසේ හෝ ධම්මයේ) නෙවෙයි ඒ ඒ පුද්ගලයාගේ හෝ සතාගේ කර්ම භවය තුල තැන්පත්ව තිබිල ඊට ගෝචර වෙන අරමුණක් ලැබුනම ඉහලට මතු උන දෙයක් කියන එක. උදාහරණයක් විදිහට උඹට අවුරුදු 7ක් 8ක් කාලේ කවදාවත් කාල නැති කෑමක් කෑව කියල හිතපන්. කාල නොතිබුන නිසා රසය ගැන දන්නේ නැති උනාට ඉස්සෙල්ලම කනකොටම 'ශහ් මේක නං මරුනේ" කියල හැඟීමක් එන්න පුළුවන්නේ. ඒ දැනුනේ පෙර සසරෙදි ඒ ජාතියේ ආහාර හොදයි ශෝක් කියල හදාගෙන තිබුන ප්‍රියතාවයක්. එකට හරියන අරමුණක් මේ ජීවිතේදී ගෝචර වුන ගමන් අර ස්ටෝර් කරලා තියෙන ටික ඇදිල එනවා. ආපු ගමන් සුවයක් දැනෙනවා. දැනුන ගමන් අවිද්‍යාව නිසා ඇටෑච් වෙනවා මේකේ තමයි මේ සුවය තියෙන්නෙ කියන දෘෂ්ටියෙන්. මේ ජාතිය ශෝක්. මරු කියල. දැන් අවුරුදු ගානකට පස්සේ උඹ කොහේදී හරි ඒ කෑම ජාතිය දැක්කොත් හරි නොහිතපු වෙලාවක කන්න ලැබුනොත් හරි අර ඉස්සෙලම කාල හදාගෙන තිබුන සුවය උඹේ කර්ම බවයෙ ඉඳල ඇදිල එනවා. එතකොට උඹට අර ඉස්සර දැනුන හා සමානවම සුවයක් ආයෙත් දැනෙනවා. ඔන්න ඕකයි ටෙක්නික් එක. උඹ කලේ සසර පුරුද්දෙන් ආව ප්‍රියතාවය මේ භවයෙදී තව සැරයක් අප්ඩේට් කර ගත්ත එක. ඔය වැඩේ අනිත් ඉන්ද්‍රියන් වලටත් එහෙමමයි. කෙල්ලෝ දැක්ක ගමන් "පට්ට" කියල එන්නෙත් එහෙම තමයි. ස්ත්‍රී රුප ගැන හදාගෙන තිබුන ප්රියතාවයන්. ජරා ගොඩක් දැක්කොත් හරි ගඳක් ආවොත් හරි හරි අප්‍රසන්න ගතියක් දැනෙන්නේ කලින් ඒවා ගැන ද්වේශ චේතනා ( අප්‍රිය අමනාප) හදල ස්ටෝර් කරලා තියෙන නිසා. එක එක ජාතියේ සත්තුන්ට එක එක ජාති වල ප්‍රිය අප්‍රිය දේවල් තියෙනවා. අපිට ප්‍රිය ජාති ඌරට ප්‍රිය නෑනේ. ඌරට ප්‍රිය ජාති අපිට ප්‍රිය නෑනේ. එතකොට ඔය බාහිර රූප වල, ශබ්ද වල ...etc ඔය ප්‍රිය අප්‍රිය කම තිබුනනං අපිටත් අනිත් සත්තුන්ටත් හැම කෙනෙක්ටම ඒකම විදිහට ප්‍රිය අප්‍රිය කම දැනෙන්න ඕන නේද? ඔන්න ඔතෙන්දි තේරෙන්න ඕන ප්‍රිය අප්‍රිය කියල ජාති තියෙනවා හැබැයි ප්‍රියතාවය හෝ අප්‍රියතාවය ඒ ඒ පංච කාම වස්තු වල තිබිල එන දෙයක් නෙමෙයි සත්වයන්ගේ සංසාරික දෘෂ්ටි සහ මේ භවයේ හදාගත්ත දෘෂ්ටි අනුව කර්ම බවයෙ තැන්පත් වෙලා තිබිල ඊට ගෝචර වෙන අරමුණක් අවම ඇක්ටිව් වෙන දෙයක් කියල.