ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. ජනාධිපතිවරණ වේදිකාවේ නැග්ග අපි මහ මැතිවරණ වේදිකාවේ නෑ.. අපේ ඉවසීම අඩුවෙනවා..- ඇල්ලේ ගුණවංශ හිමි
July 18, 2020 at 10:27 pm | lanka C news
වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් කළ කිරීමෙන් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.
මෙම ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතත් එම විශ්වාසය නොබිදින ලෙස තමන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.
ජනාධිපතිවරණයේදී වේදිකාවේදී අදහස් දැක්වූ තමන් දැන් නිහඬව සිටීම ගැන ද ආණ්ඩුව තේරුම් ගත යුතු යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
පසුගිය ජනාධිපතිවරණයේ දී ගිහි පැවිදි බොහෝ උගතුන් අදහස් පළ කළ ද දැන් ඔවුන් මෙම මැතිවරණයේදී නිහඩව සිටින බවත් එහිමියෝ පැවසූහ.
අද ජනතාවට සාධාරණය අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් තමන්ගෙ ද ඉවසීම අඩුවෙනු ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි හිමියන්