ෆින්ලන්තයේ ලොව සතුටින් ඉන්න ජනතාව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය. ලංකාවට හිමිවෙන්නේ 130වෙනි තැන. ෆින්තලන්තයේ මේ තත්වයට බලපාන හේතු කීපයක්ම තියෙනවා.....
    01. නිතර එලිමහනේ ඉන්න ජනතාවක්
    ෆින්තලන්තයේ ජනතාව වැඩියෙන්ම ඉන්නේ එලිමහනේ. රටේ පිරිසිදු වාතයක් සහිත පරිසරයක් තියෙනවා.රටේ වනාන්තර ප්‍රතිශතය 73%ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනූව ෆින්ලන්තය පිරිසිදුම වාතය තියෙන රටවලින් එකක්. නිතර ස්වාභාවික පරිසරය එක්ක ගණදෙනු කරන නිසා වැසියන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලයි වගේම මානසික ආතතියත් අඩුයි. ඒවගේම ස්වාභාවික පරිසරය ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක්.
    02. බීමට ජලය සම්පූර්ණයෙන්ම නොමිලේ
    ෆින්ලන්තය ලෝකයේ ප්‍රසිද්ධ විල් දහසේ රට කියලා. රටේ තියෙන විල් ගණන 187000කට වඩා වැඩියි. ජලාශවල ජලය කෙලින්ම බීමට ගන්න පුළුවන්. මේ හින්දම ඕනම වෙලැදසැලකින් නොමිලේම බෝතල්කරපු වතුර ගන්න පුළුවන්.
    03. හැම දරුවකුටම වයස 17 වෙනතුරු දීමනාවක්
    හැම දරුවකුටම මේ දීමනාව ලැබෙනවා. පළවෙනි දරුවට යුරෝ 100කුත් අනිත් දරුවන්ට වැඩි ගාණකුත් රජය ලබාදෙනවා. තව පාසල් උපකරණ, සෙල්ලම් බඩු, සනීපාරක්ෂක දාව්‍යය රජය නොමිලේ නිවසටම ගෙනත් දෙනවා. මේ නිසා දරුවෝ නිවසේ ආර්ථිකයට බරක් නෙවෙයි.
    04. පොලිසිය පිළිබඳව ඉහළ විස්වාසය
    පොලිසිය සම්පූර්ණයෙන්ම ස්වාධීන ඒකකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. වංචා,දූෂණ අවමයි. සමීක්ෂණයටකට අනූව ජනතාවගෙන් 90%ක් පොලිසිය විස්වාස කරනවා. මේ හින්දම අපරාධ අවම මට්ටමේ තියෙනවා
    .

    05. ක්‍රීඩාව ජීවිතේම කොටසක්
    රටේ හැමකෙනෙක්මවගේ කිසියම් හෝ ක්‍රීඩාවක් කරනවා. අන්තර්ජාතික ක්‍රීඩා වගේම දේශීය ක්‍රීඩාත් තියෙනවා. බිරිඳ කරේ තබාගෙන දිවීම රටේ ජනප්‍රිය ක්‍රීඩා අංගයක්.
    06. අන්තර්ජාලය භාවිතය අයිතියක්
    මෙය අයිතියක් කරේ 2010 දී.ඒ ඒ අයිතිය ලබාදුන්නු පළමු රට විදිහට.තම ප්‍රදේශයට හොද ආවරණයක් නැත්නම් පැමිණිලි කරන්න පුළුවන් වගේම අන්තර්ජාල වේගය අඩුවුනොත් වන්දි ඉල්ලන්නත් පුළුවන්.
    07. අම්මලාටත් වඩා තාත්තලා දරුවෝ ගැන බලන රටක්
    දරුවෙක් ඉපදුණාම තාත්තට පඩි සහිත සති 9ක නිවාඩුවක් ලැබෙනවා.තව දරුවොත් එක්ක කාලය ගතකරන්න දිරිමත්කරන වැඩසටහනුත් ක්‍රියාමකයි.දරුවා එලිමහන් ක්‍රියාකාරකම්වලට හුරුකිරීම,පොදු ස්ථානවලදී හදුන්වා දීම සංස්කෘතියේම කොටසක්.
    08. වැඩියෙන්ම පොත් කියවන රටක්
    ෆින්ලන්ත වැසියන්ගෙන් 70%කටත් වඩා තම ප්‍රදේශයේ පුස්තකාලයේ සක්‍රීය සාමාජිකයින්.පොත් මුදාණ ගාස්තු ඉතා අඩුයි වගේම පුස්තකාල පහසුකම් රජයෙන් සපයනවා.
    09. ලොව හොදම අධ්‍යාපනය සහිත රට
    අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ වගේම ලොව හොදම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙත් ෆින්ලන්තයේ.පොත්පත්,පාසල් උපකරණ,ක්‍රීඩා භාණ්ඩ නොමිලේ සපයනවා වගේම අසහනකාරී විභාගත් නෑ.තව ටියුෂන් නෑ වගේම ෆින්ලන්ත දරුවෝ ලොව අඩුම මානසික පීඩයක් සහිත දරුවෝ.
    10. සිසු (SISU)
    මේක ෆින්ලන්තයටම අවේනික ක්‍රමයක්. මේකෙන් ඕනම තත්වයක්ට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරනවා. ඒ හින්දා ඕනෑම අවධාවමක් ගන්න, කැප වී වැඩකරන පුරවැසියෙක් බිහිවෙනවා.
    - උපුටාගැනීමකි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ෆින්ලන්තෙ ගැන නිවුස්1ක් අහන්නෙත් ඔහොම ඉන්ඩෙක්ස්1ක කියවෙනකොට තමයි.. සුපිරි මචං... නෝර්වෙත් හොදයි.. එහේ නම් දන්න අය ඉන්නවා.. සැපට ජීවත් වෙනවා..TFS
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉගෙනගන්න නිකන් දීමනා ඕන නෑ.. අපේ ළමයෙක්ට ගෙවල් ලග ඉස්කෝලයක් දෙන්නත් හැම රෙද්දක්ම හොයනව කාලකන්නි.ඵකක් හරි අඩු උනොත් ලකුණු කපනවා...අැත්තටම ලංකාව වගේ ජරා සිස්ටම් ඵකක්, දේශපාලනයක් තියෙන රටක ඉපදෙන්නෙ පව් කාරයෝ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    ඉගෙනගන්න නිකන් දීමනා ඕන නෑ.. අපේ ළමයෙක්ට ගෙවල් ලග ඉස්කෝලයක් දෙන්නත් හැම රෙද්දක්ම හොයනව කාලකන්නි.ඵකක් හරි අඩු උනොත් ලකුණු කපනවා...අැත්තටම ලංකාව වගේ ජරා සිස්ටම් ඵකක්, දේශපාලනයක් තියෙන රටක ඉපදෙන්නෙ පව් කාරයෝ..

    Nop it is the ideal place for nirvana.because suffering and happiness is in balance.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ෆින්ලන්තෙ ගැන නිවුස්1ක් අහන්නෙත් ඔහොම ඉන්ඩෙක්ස්1ක කියවෙනකොට තමයි.. සුපිරි මචං... නෝර්වෙත් හොදයි.. එහේ නම් දන්න අය ඉන්නවා.. සැපට ජීවත් වෙනවා..TFS
    Norway set unoth yanawa bung. adenawa bung thiyana dewal dakkama.

    Language harenna anith okkoma hodaiyi
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ෆින්ලන්තෙ ගැන නිවුස්1ක් අහන්නෙත් ඔහොම ඉන්ඩෙක්ස්1ක කියවෙනකොට තමයි.. සුපිරි මචං... නෝර්වෙත් හොදයි.. එහේ නම් දන්න අය ඉන්නවා.. සැපට ජීවත් වෙනවා..TFS
    mcn ethkota oya ratawal wala corona nadda bn