"අ"යන්න

DreamerFriend

Junior member
  • Jul 12, 2020
    54
    49
    18
    'අ' යන්නට තඩි බඩක් තිබුනා. !

    ඒක හරියට අඩ හඳ වගේ
    ඒ උනාට 'අ' යන්න කවදාවත් , කවදාවත් , කවමදාකවත්
    කොන්ද නැමුවේ නෑ
    මහ පොලවේ කෙලින් හිටගෙන උන්නා.

    'අ'යන්න හැමදාම උන්නේ ඉදිරියෙන්ම

    අයන්න කවමදාකවත් වචනයක , අකුරු පේළියක
    මැද හො අග උන්නේ නෑ
    වෙන එකක් තියා සිංහල හෝඩිය ගත්තත් අයන්න හිටගත්තේ ඉදිරියෙන්ම.

    අ.. ආ ...ඇ... ඈ

    'අ' යන්නට කාටවත් තොප්පි දාන්න බැරි උනා

    මොකද අයන්න අනුන්ගේ තොප්පි ඔළුවේ දාගත්තේ නැති නිසා
    කවදාවත් ඉස්පිල්ලක් දාගත්තු අයන්නෙක් දැකලා තියෙනවාද?
    මහා කට්ට අවුවක උනත් 'අ'යන්න සෙරෙප්පුවක් දාගෙන ඉන්නවා දැකලා තියෙනවාද?
    ඒ කිව්වේ පාපිල්ලක් දාලා ඉන්නවා දැකලා තියෙනවාද?

    ඒ නිසා මම 'අ' යන්න උනා
    මම කියනවා 'ඉ'යන්න උන උඹලාටත් පුළුවන් 'අ' යන්න වෙන්න
    ඔය වක ගැහිලා තියෙන කොන්ද කෙලින් කරගනිවු
    උඹලටත් පුළුවන් අයන්න වෙන්න.

    නිමි...
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    හැමෝම අ යනු උණෝතින්
    ඉ යනු එ යනු ඔ යනු ⁣
    නැතිව යාවි නේද සබඳ..
    එවිට
    උන් නැති තැන..
    නොයෙකුත් විවිධාකාර ශබ්ද
    නැතිව යාවි නේද සබඳ..
    ව්‍යඤ්ජනයෝ
    හැඩ නොගනීවී
    තොප්පිවලින්, පා වැසුමින්..
    බස මල බසක් වේවි
    අ යනු පමණක් ඉතිරි වීමෙන්



    මීට
    හෝඩියේ ඇති තවත් ස්වර අකුරක්
     

    DreamerFriend

    Junior member
  • Jul 12, 2020
    54
    49
    18
    හැමෝම අ යනු උණෝතින්
    ඉ යනු එ යනු ඔ යනු ⁣
    නැතිව යාවි නේද සබඳ..
    එවිට
    උන් නැති තැන..
    නොයෙකුත් විවිධාකාර ශබ්ද
    නැතිව යාවි නේද සබඳ..
    ව්‍යඤ්ජනයෝ
    හැඩ නොගනීවී
    තොප්පිවලින්, පා වැසුමින්..
    බස මල බසක් වේවි
    අ යනු පමණක් ඉතිරි වීමෙන්



    මීට
    හෝඩියේ ඇති තවත් ස්වර අකුරක්

    ඒ මොන අකුර ආවත් ස්වර අකුරු වලිනුත් 1st 'අ' යන්න.
    නමුත් ඔබගේ වදනට මම එකඟ වෙමි සබඳ.


    බොහොම ස්තුතියි
     
    • Like
    Reactions: Lahiru120

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    අ යන්නට එකෙක්වත් කැමති නෑ
    සෙට් එක ඇතුලට වැද්දගන්නේ නෑ .කොන් කරල තියෙන්නේ.
    අ යන්නට තොප්පියක්වත් , සපත්තු දෙකක්වත් දාන්න තරම් වත්කමක් නෑ .
    උපන් ඇදුමෙන් ඉන්නේ..
    අ යනු දෙකකට එක තැන ඉන්න බෑ ,
    තනිකඩ ජිවිත..
    අ යන්න හැමතිස්සෙම ලගම ඉන්න එකාට පස්ස දීගෙන ඉන්නේ.


    බ්අම්ප් :sneaky:
     
    Last edited:
    • Like
    Reactions: DreamerFriend

    DreamerFriend

    Junior member
  • Jul 12, 2020
    54
    49
    18
    අ යන්නට එකෙක්වත් කැමති නෑ
    සෙට් එක ඇතුලට වැද්දගන්නේ නෑ .කොන් කරල තියෙන්නේ.
    අ යන්නට තොප්පියක්වත් , සපත්තු දෙකක්වත් දාන්න තරම් වත්කමක් නෑ .
    උපන් ඇදුමෙන් ඉන්නේ..
    අ යනු දෙකකට එක තැන ඉන්න බෑ ,
    තනිකඩ ජිවිත..


    බ්අම්ප් :sneaky:
    උඹ මාර පොරක් නේ බන්.
    උඹ මටත් වඩා හිතලා නේ...
    උඹ ඔය කියන විශේෂත්වයම නිසාම තමයි "අ" යන්නට තනියම ඉන්න වෙලා තියෙන්නෙ.
    ඒ උනාට "අ"යන්න සැලෙන්නේ නෑ...
     
    • Like
    Reactions: dilann