'අ' යන්නට තඩි බඩක් තිබුනා. !
ඒක හරියට අඩ හඳ වගේ
ඒ උනාට 'අ' යන්න කවදාවත් , කවදාවත් , කවමදාකවත්
කොන්ද නැමුවේ නෑ
මහ පොලවේ කෙලින් හිටගෙන උන්නා.
'අ'යන්න හැමදාම උන්නේ ඉදිරියෙන්ම
අයන්න කවමදාකවත් වචනයක , අකුරු පේළියක
මැද හො අග උන්නේ නෑ
වෙන එකක් තියා සිංහල හෝඩිය ගත්තත් අයන්න හිටගත්තේ ඉදිරියෙන්ම.
අ.. ආ ...ඇ... ඈ
'අ' යන්නට කාටවත් තොප්පි දාන්න බැරි උනා
මොකද අයන්න අනුන්ගේ තොප්පි ඔළුවේ දාගත්තේ නැති නිසා
කවදාවත් ඉස්පිල්ලක් දාගත්තු අයන්නෙක් දැකලා තියෙනවාද?
මහා කට්ට අවුවක උනත් 'අ'යන්න සෙරෙප්පුවක් දාගෙන ඉන්නවා දැකලා තියෙනවාද?
ඒ කිව්වේ පාපිල්ලක් දාලා ඉන්නවා දැකලා තියෙනවාද?
ඒ නිසා මම 'අ' යන්න උනා
මම කියනවා 'ඉ'යන්න උන උඹලාටත් පුළුවන් 'අ' යන්න වෙන්න
ඔය වක ගැහිලා තියෙන කොන්ද කෙලින් කරගනිවු
උඹලටත් පුළුවන් අයන්න වෙන්න.
නිමි...