මෑත කාලයේ සිදු වූ මාරාන්තික රිය අනතුරු තුනක චූදිතයින්ට, එනම් එම රථ පැදවූ අශික්ෂිත රියැදුරන්ට මිනී මැරීමේ චෝදනාව යටතේ නඩු පවරන බව පොලිසිය නිවේදනය කර ඇත. පසුගිය සති අන්තයේ අරලගංවිලදී බීමත්ව රිය පදවමින් උපකාරක පන්ති නිමවා යළිත් නිවෙස් බලා යමින් සිටි අහිංසක පාසල් සිසුන් 12 දෙනකු යටකර එම ස්ථානයේදීම දරුවකු මරා දැමූ කාලකන්නි රියැදුරා මින් එකෙකි.
නුගේගොඩ ගුවන් පාලම මතදී අපරීක්ෂාකාරීව බස් රථයක් පදවා යුද හමුදාවේ කැබ්රියක් අනතුරට ලක්කර සෙබළුන් කිහිපදෙනකුට බරපතළ තුවාල සිදුකරමින් හා තවත් සෙබළෙකු මරා දැමූ නොහික්මුණු රියැදුරා මෙන්ම දකුණුලක හක්මන ප‍්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන් සමග බහින්බස් වී පිටව ගොස් යළිත් පැමිණ පොලිස් නිලධාරීන් පිරිසක් යටකර පොලිස් නිලධාරියකු මරා දැමූ ටිපර් රථ රියැදුරා ඉතිරි උන් දෙදෙනාය.
මීට පෙර කොළඹ නගරයේදී බොරැුල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොළඹ ජාතික රෝහලේදී රොබරියක් දී පැනගිය හොර දොස්තරවරයා හඹා ගොස් අල්ලාගත් පොලිස් බුද්ධි අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා (පසුව ඔහු සැරයන් තනතුරට උසස් කෙරිණි.* මරා දැමූ ඩිපෙන්ඩර් මගමරුවන්ද, ඉතාමත් මෑතකදී උදේ පාන්දර සේවයට යමින් සිටි බස් කොන්දොස්තර පාපැදිකරුවකු මරා දැමූ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයකු පිළිබඳව ද මේ මොහොතේ අපේ මතකයට එයි.
එපමණක් නොව, දහසකුත් එකක් මග අනතුරු සමග ශ‍්‍රී ලංකාව නොහික්මුණු රියැදුරන්ට ලෝකයේ නම් දරාපු රටක් බවද අප අමතක නොකළ යුතුය. අවස්ථා ගණනාවකදී ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රකට පුද්ගලයින් රැුසක් මාධ්‍යයට අදහස් දක්වමින් අපේ රටේ විනයක් නැති රියැදුරන් ගැන දැඩි කලකිරීමකින් කතා කළා අපට මතක ඇත. මේ අතර ඇතැමුන් මේ හේතුව නිසාම ශ‍්‍රී ලංකාවට යළිත් එන්නට බලාපොරොත්තුවක් නැතැයි කී අවස්ථා ද ඇතැයි අපේ මතකයේ තිබේ.
සැබැවින්ම මෙසේ නගර මධ්‍යයේ පවා අලි එළවන තරමේ නළා හඬ නංවමින් හා කන් පැලෙන තරමේ බෆල් හඬවමින්, පාරේ හතර අත වෙට්ටු දමමින් රිය පදවන රියැදුරන් ලොව වෙන කොහේවත් රටක දක්නට නැති බව අපගේ අදහසයි. පුදුමය එය නොවේ. මොන ආණ්ඩු පැමිණියත් අදටත් මෙවන් රියැදුරන් මේ වැරදි ඒ ආකාරයෙන්ම සිදුකරමින් කොළඹ නගරය තුළ පවා සැරිසැරීමය. හරි නම් මේ වනවිටත් අඩුම තරමේ කොළඹ නගරය තුළවත් නළා නාදකිරීම තහනමට ලක්විය යුතුය. එසේම, බස් රථ තුළ බෆල් වාදනය කිරීම සම්පූර්ණයෙන්ම තහනමට ලක්කළ යුතුය. නොහොත්, විශේෂයෙන්ම ප‍්‍රයිවට් බස් සංස්කෘතිය වහා වෙනසකට ලක් විය යුතුව තිබේ.
ශ‍්‍රී ලංකාවේ වසරකට රිය අනතුරු මරණ තුන්දහසකට ආසන්න ප‍්‍රමාණයක් සිදුවන බව වාර්තා වේ. දිනකට නම් එසේ මියයන ගණන 8 දෙනෙකි. මේ තත්ත්වය පිළිබඳව බලධාරීන් තදින් සිතා බැලිය යුතුය. එසේම, ඒ සඳහා වහා පියවර ද ගත යුතුය.
මන්ද මේ මරණවලින් වැඩි කොටසක් ළමා හා තරුණ පිරිස් නියෝජනය කරන නිසාය. යතුරු පැදි, ත‍්‍රී රෝද රථ, ටිපර් රථ මෙන්ම බස් රථ අනතුරු මගින් විශාල වශයෙන් මරණ වාර්තා වන අතර, මෙයින් සියයට අනූ නවයක්ම අපරීක්ෂාකාරී රිය ධාවනය හා බීමත්කම නිසා සිදුවන ඒවා ලෙස හඳුනාගෙන ඇත.
පසුගිය සතියේ අරලගංවිල, බෝගස්වැවදී පාසල් සිසුන් 12 දෙනෙකු යටකර දමන්නේ එවන් නරුමයකු විසිනි. මාර්ගය අයිනේ කෙළි දෙලෙන් ගමන් කරමින් සිටි දරුවන් යටකරමින් මේ බේබද්දා ගමන් කරන්නේ හරියට දර කොටන් උඩින් රියක් පදවන පරිද්දෙනි. ඉදින් මෙවන් මගමරුවන්ට මරණ දණ්ඩනය ලබා දුන්නත් ඒ මදිය. එනිසා පොලිසිය මගින් මොවුන්ට එරෙහිව මිනීමැරීමේ චෝදනා ඉදිරිපත් කර නඩු දැමීම අනෙක් රියැදුරන්ට ද පාඩමකි.
එසේම, පෙර කී පරිදි වහාම ප‍්‍රවාහනය පිළිබඳ නියාමනයක් නව රජය යටතේ සිදුවිය යුතු බවට අපි අවධාරණය කරන්නෙමු. රථවාහන මංතීරු නීතිය, වාහන නළා හැඬවීම, බෆල් වාදනය, අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවයේ ඵලදායිතාව පිළිබඳ සොයාබැලීම, වේග සීමා, රියදුරු පුහුණුව හා රියදුරු බලපත‍්‍ර දීමේ නිසි ක‍්‍රමවේදය යනාදී සියලූ රථවාහන නීති රීති හා ක‍්‍රමවේද වහා නියාමනය විය යුතු අතර, රජය එය විසි හතර පැයේ අධීක්ෂණයට ද ලක් කළ යුතුය.
divaina