ප්‍රථම වරට මත්තලින් එළවළු හා පළතුරු රැගත් ගුවන් යානයක් ඕමානයට

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දේශීය එළවළු හා පළතුරු තොගයයක් රැගත් ගුවන් යානයක් ප්‍රථම වරට මත්තල රාජපක්ෂ ගුවන්තොටු පොලේ සිට අද (16) අළුයම 12.30ට ඕමානයේ මස්කට් නුවර බලා පියාසර කළ බව මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලේ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය පවසනවා.

    දේශීය එළවළු හා පළතුරු වර්ග පිටරට යැවීමේ විශේෂ වැඩපිළිවෙල අනුව කිලෝ 3371ක් පමණ මෙරට වගා කල එළවළු හා පළතුරු ප්‍රථමවරට
    මෙලෙස අපනයනය කිරීම සිදුවුණා.

    සලාම් එයා ගුවන් සේවයට අයත් OV 1432 දරණ ගුවන් යානයෙන් එම තොගය අද අළුයම මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලේ සිට ඕමාන් රාජ්‍ය කරා රැගෙන ගිය බව සදහන් .

    එම ගුවන් යානය ඊයේ (15) රාත්‍රි 11.20ට දෝහා කටාර් හා ඕමානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු රැගෙන මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලට පැමිණ තිබෙනවා.

    පසුව ඕමානයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රි ලාංකික මගින් 14 දෙනෙකු හා පළතුරු තොගය රැගෙන නැවත ඕමානයේ මස්කට් නුවර බලා එය යළිත් පිටත්ව තිබෙනවා.

    SalamAir, low cost airline in Oman operated an inbound flight to MRIA today.

    The outbound flight to Muscut carried 3371 kgs of cargo which comprised of Sri Lankan vegetables and fruits.
    FB_IMG_1597562389212.jpg
    FB_IMG_1597562391740.jpg
    FB_IMG_1597562394346.jpg
    FB_IMG_1597562396983.jpg
    FB_IMG_1597562399588.jpg
    FB_IMG_1597562408038.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේකේ යවලා තියෙන්නේ කටු අනෝදා සහ පැශන් ෆෘට් මේ වගේ දකුණු පාලාතේ විශේශයෙන් හැදෙන එලවලු පලතුරු වර්ග් මත්තලින් යවන්න පුලුවන් මත්තලටම හයිවේ එක තියන නිසා ප්‍රවාහනය උනත් ගැටලුවක් නෑ
     
    • Like
    Reactions: mrazeez and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ෆෘට්ස් යවන්නේ නැව් වල නේද සාමාන්‍යයෙන්...ප්ලේන් එකෙ ගෙනිච්චම කොච්ච කොස්ට් වේද බං ?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    First time from Mattala kiyala kiwwe ita kalin oya Palathuru giye Katunayake air port ekenda bro? Nathnam first time from sri lanka da wenna ona?
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මෙතන වැඩකරන ස්ටාෆ් එකේ අය ලොකු වැරැද්දක් කරනවා.පලතුරු තියෙන බොක්ස් ටික බෙල්ට් එකට විසික් කරනවා දැක්කා. පලතුරු එලවලු වල ගුණාත්මක බාවය ඒකෙන් නැතිවෙනවා.ඒක නිසා සැලකිල්ලෙන් යුතුව නිසි අධීක්ශනයකින් යුතුව මේ දේවල් සිද්ද වෙනවා නම් ගොඩාක් හොදයි.