අදහසක් තියනවා කාට හරි පටන් ගන්නවනම්. බිස්නස් එකක් වගේම ලොකු සමාජ සේවයක්.
ඔය ඉස්පිරිතාලවල් වල ලෙඩ්ඩු ඉන්නවනේ. දවසකට දහස් ගානක් ඉන්නවා ලඟ තියන්න කෙනෙක් හොයාගන්න බැරුව. ඒ මිනිස්සුන්ගෙ ලඟ ඉන්න විස්වාසෙන් තියන්න කවුරුත් නෑ. ඒක සමහර මිනිස්සු ජාවාරමක් කරගෙන ඉන්නෙ. දවසට දාහයි දෙදාහයි. ලෙඩාගේ හැම දෙයක්ම හොරකම් කරනවා. හරියට ලෙඩා ගැන බලන්නෙත් නෑ. ෆෝන් එක ඔබ ඔබා ඉන්නවා ලෙඩා මැරුනත් දන්නෙ නෑ.
පටන් ගන්න පුහුණු මධ්‍යස්ථානයක්. ඒකට ඒ ලෙවෙල් කරල අවුට් වෙච්ච, කැම්පස් යන්කල් ඉන්න, නිකරුනේ ගෙදරට වෙලා ඉන්න තරුණ ගෑනු පිරිමි ළමයි විතරයි ගන්නේ. (රස්සා නැති කම්මැලි නාකි උට්ටලා ගත්තාම තමයි රටෙත් නැති ප්‍රශ්ණ මතුවෙන්නෙ) හොඳ ප්‍රථමාධාර පුහුණුවක්, ලෙඩාව උස්සන්න පෙරලන්න තාක්ෂණික ක්‍රම, ලෙඩාව බලාගන්න හැටි, හිත සනසන හැටි වගේ හරිහමන් පුහුණුවක් දීලා (රෙඩ් ක්‍රොස් එක/රජයේ ආයතන සම්බන්ධ කරගන්න පුලුවන් ඕනෙ නම්) පුහුණුව හරියට සම්පූර්ණ කරන අයව හොඳ යුනිෆෝම් එකක්/සහතිකයක් එක්ක ෆීල්ඩ් එකට යවන්න පුලුවන්. දවසකට ගානක් අය කරලා ඒකෙන් වැඩි ප්‍රමාණයක් ළමයට දීලා ආයතනයේ වැඩවලටත් කොටසක් තියාගන්න පුලුවන්.
ඒ ළමයින්ට ඉස්කෝලෙන් අවුට් වෙලා නිකන් ඉන්න කාලේ පිං අතේ වැඩකුත් කරලා කීයක් හරි හොයාගන්න පුලුවන්. මේ වැඩේ කාට හරි හරියට ගොඩ දාගන්න පුලුවන් උනොත් එයාට විතරක් නෙවෙයි, ලෙඩාගෙ පවුලටත් ලොකු සහනයක්. රැකියා අවස්ථා ගොඩක් ඇති වෙනවා. තමන්ගෙ කෙනෙක් ලෙඩ වෙලා හිටියත් ඒ පුහුණුව වැදගත්.
එහෙම නැත්නම් මේක naita/vta එකේ කරනවා වගේ පුහුණු පාඨමාලාවක් විදියට අය කරලා හරි කරන්න පුලුවන්. ප්‍රැක්ටිකල් ඉස්පිරිතාලෙ.
කරන්න පුලුවන්ද බැරිද දන්නෑ. අදහසක් විතරයි