මං හිතන්නෙ කවුරු කරත් පුවක් කියන්නෙ පට්ට ලාබ බිස්නස් එකක්
අපේ ගමෙත් පුවක් එකුතු කරලා විකුනපු ඩයල් එකක් හිටියා, ඌට ගමේ එවුන් කිවුවෙ පුවක් බන්ඩාර කියලා, මම ගෙදර ඉදපු කාලෙ වත්තෙ පුවක් කඩලා ඌට විකුනලා පොකට් මනි හොයා ගත්තෙ. ඒ කාලෙ ඌ පොඩි රෙදි කෑලි වලින් හදපු මඩුවක හිටියෙ, ඒකෙ පැත්තක බිම ලී හිටවලා හදපු මැස්සක නිදා ගත්තෙ
මම කැම්පස් එහෙම ගිහින් ජොබ් එක පටන් ගන්න කාලෙ වෙනකොට ඌ පුවක් විකුනලා හෙන ගෙයක් එහෙම ගහලා මහේන්ඳ්රා කැබ් එකක් එහෙම අරන් තිබුනා. දැන් ඌට land cruiser එකක් තියනවා, තාම ඌගෙ බිස්නස් එක පුවක් එකතු කරලා විකුනන එක. ඌගෙ ගෙදරට ගමේ එවුන් කියන්නෙ පුවක් මාලිගාව කියලා