ජිම් ගිය හරකෙක් කියලද හිතුවෙ.නෑ මේ #ගවරා (Bos gaurus) ඒ කාලෙ අධිරාජ්‍යවාදීන්ගෙ අධික දඩයම නිසා ලංකාවෙන් වද වී ගියා කියල කියන මෙයා වර්තමානයේ ලංකාවෙ හිටියනම් ශරීර ප්‍රමාණයෙන් අලියට විතරයි දෙවෙනි වෙන්නෙ.මෙයා මේ වෙද්දි ඉන්දියාව ඇතුළු රටවල් කීපයක පමණක් ඉන්නව ලංකාවේ අතීතයේ ජීවත් වුනේ ලංකාවටම ආවේණික මෙයාගෙ උප විශේශයක් වෙන (Bibos sinhaleyus) කියලයි විශ්වාස කරන්නෙ.මිනිස්සු සොබාදහමට අත නොතිබ්බනම් අද වෙද්දිත් මෙයා ලංකාවේ කැලවල්වල නිදහසේ ජීවත් වෙන යෝධයෙක්.අතීතයේ මෙයා බහුලව සිටි ප්‍රදේශයන් තමයි වර්තමානයේ #ගවරවිල #ගවරගිරිය #ගවරවෙල #ගවරම්මන #ගවරඑළිය කියන්නෙ.සම්පූර්ණයෙන්ම ශාක භක්ශක මෙයා මස් කන සතෙක් කියල සමහරු කිව්වට ඒක සම්පූර්ණ බොරුවක් ගවරා මස් කෑවෙ නෑ මිනිස්සු ගවරගෙ මස්නම් කෑවා ඒකනෙ දැන් දකින්නවත් නැත්තෙ
උපුටා ගැනීමකි