ගවරා (Bos gaurus)

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    119475712_4437079439666713_7189451153282039004_n.jpg

    119517000_4437079556333368_535589730446342274_n.jpg

    119507825_4437079599666697_6393219785203424919_n.jpg

    ජිම් ගිය හරකෙක් කියලද හිතුවෙ.නෑ මේ #ගවරා (Bos gaurus) ඒ කාලෙ අධිරාජ්‍යවාදීන්ගෙ අධික දඩයම නිසා ලංකාවෙන් වද වී ගියා කියල කියන මෙයා වර්තමානයේ ලංකාවෙ හිටියනම් ශරීර ප්‍රමාණයෙන් අලියට විතරයි දෙවෙනි වෙන්නෙ.මෙයා මේ වෙද්දි ඉන්දියාව ඇතුළු රටවල් කීපයක පමණක් ඉන්නව ලංකාවේ අතීතයේ ජීවත් වුනේ ලංකාවටම ආවේණික මෙයාගෙ උප විශේශයක් වෙන (Bibos sinhaleyus) කියලයි විශ්වාස කරන්නෙ.මිනිස්සු සොබාදහමට අත නොතිබ්බනම් අද වෙද්දිත් මෙයා ලංකාවේ කැලවල්වල නිදහසේ ජීවත් වෙන යෝධයෙක්.අතීතයේ මෙයා බහුලව සිටි ප්‍රදේශයන් තමයි වර්තමානයේ #ගවරවිල #ගවරගිරිය #ගවරවෙල #ගවරම්මන #ගවරඑළිය කියන්නෙ.සම්පූර්ණයෙන්ම ශාක භක්ශක මෙයා මස් කන සතෙක් කියල සමහරු කිව්වට ඒක සම්පූර්ණ බොරුවක් ගවරා මස් කෑවෙ නෑ මිනිස්සු ගවරගෙ මස්නම් කෑවා ඒකනෙ දැන් දකින්නවත් නැත්තෙ
    😢

    උපුටා ගැනීමකි
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අම්මෝ මුන් හෙන size බන්. මම ඉන්දියාවේ ට්‍රවෙල් 1ක් දාද්දි zoo එකක දැක්කා, මුන් ව්‍යග්‍රරයෝ වාගේ double size
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada
    ගවර, බයිසන් කියන්නෙ එකම සතාද?

    ගවරට ඉන්දියන් බයිසන් කියලත් කියනවා. සාමාන්‍යයෙන් බයිසන් කියන්නේ ඇමෙරිකාව, කැනඩාව, යුරෝපය වගේ සීත රටවල්වල ඉන්න එකෙක්.උන් ඉස්සර මිලියන ගානින් හිටිය ස්ටෙප්ස් තණ බිම්වල. දැන් ටික දෙනයි ඉන්නේ

    1600273749012.jpeg
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,907
    3,707
    113
    අපේ ගමෙත් ඉස්සර හිටිය ගවරා කියල කෙනෙක්. එයාට ගවරා කිව්වේ එයා විතරයි ඒ කාලේ රජයේ කන්තෝරුවක රස්සාවක් කරලා තියෙන්නේ ඒ පැත්තටම. ගවර්න්මන්ට් එකේ හින්දා මිනිස්සු ගවරා කියන්න පටන් අරන් තිබ්බේ. දැන් නම් මැරිලද කොහෙද. ඒ උනාට අදටත් ගවරා ගේ ගෙදර කියල තමයි එහෙට කියන්නේ.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අපේ ගමෙත් ඉස්සර හිටිය ගවරා කියල කෙනෙක්. එයාට ගවරා කිව්වේ එයා විතරයි ඒ කාලේ රජයේ කන්තෝරුවක රස්සාවක් කරලා තියෙන්නේ ඒ පැත්තටම. ගවර්න්මන්ට් එකේ හින්දා මිනිස්සු ගවරා කියන්න පටන් අරන් තිබ්බේ. දැන් නම් මැරිලද කොහෙද. ඒ උනාට අදටත් ගවරා ගේ ගෙදර කියල තමයි එහෙට කියන්නේ.
    paw yako uuu...
     
    • Like
    Reactions: Lahiru120