කවරුවත් වැඩ කරන්නෙ නෑ… මෙරට ඇති ප‍්‍රශ්ණය එයයි..- ජනපති

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    කවරුවත් වැඩ කරන්නෙ නෑ… මෙරට ඇති ප‍්‍රශ්ණය එයයි..- ජනපති
    කවරුවත් වැඩ කරන්නෙ නෑ… මෙරට ඇති ප‍්‍රශ්ණය එයයි..- ජනපති

    තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට කරුණක් යයි එතුමා සඳහන් කරයි.

    කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් හැම දවසකම එකම මට්ටමක තිබීම නිදසුනකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි. අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළයුතු යයි සඳහන් කළ ජනාධිපතිතුමා ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සුදානම් වන මෙන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි.

    ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව 17 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    “සෑම පවුලකටම සුව පහසු නිවසක්” හිමිකර දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේක්ෂාවක්. නිවසක අවශ්‍යතාව තිබුණත් එය තනිව සපුරාගත නොහැකිවීම බහුතරයකට ඇති ගැටළුවක්. නාගරික, ග්‍රාමීය සහ වතු ජනතාවගේ නිවාස හිඟය විසඳිය යුත්තේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යන අයුරින්., රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

    “ඔබට ගෙයක්, රටට හෙටක්” සංකල්පය තේමා කර ගනිමින් තම අමාත්‍යාංශය දැනටමත් ග්‍රාම සේවා වසම් මට්ටමෙන් අඩු අදායම්ලාභීන්ට නිවාස 14,022ක් ඉදිකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය . මේ ව්‍යාපෘතිය යටතේ වසර 05ක් අවසන නිවාස 70,100ක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

    ඔක්තෝබර් 05 වැනි දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව “සපිරි මහල් නිවාස වැඩසටහන” යටතේ වැරැල්ලවත්ත, මිහිඳුපුර, පරංගියාකුඹුර, දහයියාගම, මත්තේගොඩ, සොයිසාපුර සහ තංගල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් නිවාස ඒකක 1500ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    සියලු ඉදිකිරීම්වලට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයම සහභාගී කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    නිවාස මිලදී ගැනීමට 6.25% වාර්ෂික පොලී අනුපාතයකට තිස් වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සැකසේ. මධ්‍යම පාන්තිකයන්ගේ ආදායමට ගැළපෙන මහල් නිවාස ඉදිකිරීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය ඉඩම් නොමිලේ සපයන බව ජනාධිපතිතුමා කීය.

    උතුරු පළාතේ සුබසාධන කඳවුරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් නිවාස තනා නැවත කඩිනමින් පදිංචි කරවීමට පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    රට පුරා පවුල් පන්ලක්ෂ විසි හය දහසකට අධික සංඛ්‍යාවකට වැසිකිළි නැති බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි කියා සිටියේය.

    පැරණි මහල් නිවාස සංකීර්ණවල මලාපවාහන පද්ධති නඩත්තු කළයුතුව ඇතැයි ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යළි පණ ගැන්විය යුතු බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කීය.

    සංස්ථාවේ ප්‍රාදේශීය ශාඛා ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන නියෝජිතයෙකු ලෙස යොදාගත යුතු යැයි ජනාධිපතිතුමා යෝජනා කළේය.

    ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය යන ආයතනවල වත්මන් තත්ත්වය සහ ඒවා සංවර්ධනයට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ සාකච්ඡාවට ලක් විය.

    ඉදිකිරීම්, කෘෂිකර්ම සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල පෙරළියක් ඉදිරි වසරේ සිට අපේක්ෂා කරන බැවින් මේ සියලු ආයතන දැඩි උද්යෝගයකින් සේවා සම්පාදනය කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    නිවාස, මාර්ග, පාලම් සහ වැව් විශාල සංඛ්‍යාවක් ඉදිකිරීමට හා ප්‍රතිසංස්කරණයට රජය සැලසුම් කර තිබේ. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සියලු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන ඉදිකිරීම්වලට දායක කර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතනවල ප්‍රධානීහු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජකයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

    – ජනාධිපති මාධ්‍යය අංශය
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,839
    3,862
    113
    USA
    ඇත්ත කතාව ඩිග්‍රී අරන් රජයේ රස්සා හොයන්නේ එකනේ, නිකන් ඉන්ඩයි පෙන්ෂන් එක ගන්ඩයි,
    රජයේ ආයතනයකට ගියහම වැඩ කෙරෙන හැටි පේනවනේ එච්චර ඕන නැ රජයේ බැංකු

    පෞද්ගලික ඒවායේ ඉතින් කුණුහරප අහන්ඩ බැරි හින්දාවත් වැඩ කරනවා රජයේ ඒවාට සාපේක්ෂව,
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇත්ත කතාව ඩිග්‍රී අරන් රජයේ රස්සා හොයන්නේ එකනේ, නිකන් ඉන්ඩයි පෙන්ෂන් එක ගන්ඩයි,
    රජයේ ආයතනයකට ගියහම වැඩ කෙරෙන හැටි පේනවනේ එච්චර ඕන නැ රජයේ බැංකු

    පෞද්ගලික ඒවායේ ඉතින් කුණුහරප අහන්ඩ බැරි හින්දාවත් වැඩ කරනවා රජයේ ඒවාට සාපේක්ෂව,

    😂😂කථා අහ අහ ඉමු මේ අවුරුදු 5ත්😂😂..අහ් රූස්ස ගස් පෙරලෙන හැටි නම් බලන්න පුළුවන්..😂😂
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,163
    4,032
    113
    😂😂කථා අහ අහ ඉමු මේ අවුරුදු 5ත්😂😂..අහ් රූස්ස ගස් පෙරලෙන හැටි නම් බලන්න පුළුවන්..😂😂
    උඹලගේ ආණ්ඩුව තිබ්බ නම් ඉතින් මංගල අකිල දෙන්නගේ පෝන් බල බල තමයි ඉන්න වෙන්නේ. :rofl: :rofl: :rofl:
    අපිට නම් මේ කරන සේවය හොඳටම ඇති. යහපාලනෙන් නැත්තට නැති කරපු රටක් තමයි මේ ටික ටික ගොඩ යන්නේ. සන්තෝස වෙයන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara

    “සෑම පවුලකටම සුව පහසු නිවසක්” හිමිකර දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේක්ෂාවක්. නිවසක අවශ්‍යතාව තිබුණත් එය තනිව සපුරාගත නොහැකිවීම බහුතරයකට ඇති ගැටළුවක්. නාගරික, ග්‍රාමීය සහ වතු ජනතාවගේ නිවාස හිඟය විසඳිය යුත්තේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යන අයුරින්., රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

    “ඔබට ගෙයක්, රටට හෙටක්” සංකල්පය තේමා කර ගනිමින් තම අමාත්‍යාංශය දැනටමත් ග්‍රාම සේවා වසම් මට්ටමෙන් අඩු අදායම්ලාභීන්ට නිවාස 14,022ක් ඉදිකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය . මේ ව්‍යාපෘතිය යටතේ වසර 05ක් අවසන නිවාස 70,100ක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

    ඔක්තෝබර් 05 වැනි දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව “සපිරි මහල් නිවාස වැඩසටහන” යටතේ වැරැල්ලවත්ත, මිහිඳුපුර, පරංගියාකුඹුර, දහයියාගම, මත්තේගොඩ, සොයිසාපුර සහ තංගල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් නිවාස ඒකක 1500ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    – ජනාධිපති මාධ්‍යය අංශය
    මේ නිකමට අහන්නේ. රටක ගෙවල් නැති මිනිස්සුන්ට ඒ ගෙවල් නොමිලේ හදල දෙන එක රජයක වගකීමක්ද?
    වෙන රටවල් වලත් මේ දේ කරනවද? වෙන රටවල් කිව්වේ ඉන්දියාව වගේ රටවල් නෙමෙයි, සිංගප්පුරුව වගේ බින්දුවේ ඉඳන් දියුණු වුන රටවල් මෙහෙම කලාද?
    රජයක් මේ වගේ සුභසාධන වැඩ වලට යන වියදම කවර් කරගන්නේ මොන වගේ ආදායම් වලින්ද?
     
    • Like
    Reactions: dilann

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මේ නිකමට අහන්නේ. රටක ගෙවල් නැති මිනිස්සුන්ට ඒ ගෙවල් නොමිලේ හදල දෙන එක රජයක වගකීමක්ද?
    වෙන රටවල් වලත් මේ දේ කරනවද? වෙන රටවල් කිව්වේ ඉන්දියාව වගේ රටවල් නෙමෙයි, සිංගප්පුරුව වගේ බින්දුවේ ඉඳන් දියුණු වුන රටවල් මෙහෙම කලාද?
    රජයක් මේ වගේ සුභසාධන වැඩ වලට යන වියදම කවර් කරගන්නේ මොන වගේ ආදායම් වලින්ද?

    free gewal denawa kiyala tiyenawada ? :confused:
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ නිකමට අහන්නේ. රටක ගෙවල් නැති මිනිස්සුන්ට ඒ ගෙවල් නොමිලේ හදල දෙන එක රජයක වගකීමක්ද?
    වෙන රටවල් වලත් මේ දේ කරනවද? වෙන රටවල් කිව්වේ ඉන්දියාව වගේ රටවල් නෙමෙයි, සිංගප්පුරුව වගේ බින්දුවේ ඉඳන් දියුණු වුන රටවල් මෙහෙම කලාද?
    රජයක් මේ වගේ සුභසාධන වැඩ වලට යන වියදම කවර් කරගන්නේ මොන වගේ ආදායම් වලින්ද?

    හොඳම රට ඔබම උදාහරණයට අරගෙන සහෝ.

    ලී ක්වාන් යූ රටේ අගමැති උන ගමන් කරපු මුල්ම දේ රටේ සියලු දෙනාගේ නිවාස ප්‍රශ්නය විසඳපු එක. "දවසක් මහන්සි වෙලා එන මිනිහට නිදහසේ වැටිලා නිදාගන්න තමන්ගේම නිවසක් තියෙන්න ඕන" ලෙස හිතපු නිසයි එදා ඒ විදිහේ වැඩපිළිවෙලක් සැකසුවේ.

    කවදාවත් රජය මේ රටේ නොමිලේ නිවාස හදලා නැත. නිවාස දශ ලක්ෂයේ මෙගා ප්‍රොජෙක්ට් එකෙත් ගෙවල් මිනිස්සුන්ට නිකන් දුන්නේ නැත.

    මේ කතාවෙත් නොමිලේ දෙන බවක් සටහන් කර නැත.

    සුභසාධන වැඩවල විතරක් නෙවෙයි රජයේ සේවකයන්ගේ පඩිය ගෙවන්නෙත් ඔබ අපි හම්බකරන මුදලෙන්මය.