ඉතියෝපියානු මහා ජලාශය - Grand Ethiopian Renaissance Dam

අපි දන්නවා ලෝකේ ජනාවාස බිහි උනේ ගංගා දෙපස.. යුප්‍රටිස්, ටයිග්‍රීස් වගේම නයිල් ගග දෙපසින් තමා නූතන ශිෂ්ඨාගාර ගතවීම් පටන් ගත්තෙ...වසර 7000කට කලින් ඇරඹි ඊජිප්තු ශිෂ්ටාචාරය ලෝකේ බිහි උන ලොකුම ශිෂ්ටාචාර අතරින් 1ක්.. "කෙමෙට්" කියන රට තමයි ඊජිප්තුව උනේ... "කෙමෙට්" කියල කිව්වෙ කලු පස කියන එක.. අප්‍රිකාවම කාන්තාර වලින් බහුල නමුත් මේ රටේ පස් කලු උනේ නයිල් නදියේ ජලයෙන් පොළොව සරු උන නිසා...

නයිල් ගගේ ජල මට්ටම ඉහල පහල යෑම් එක්ක ඊජිප්තුවේ මිනිසුන්ගේ බත් පතේ සයිස්1 වෙනස් උන නිසා නයිල් නදිය දේවත්වයෙන් පිදුම් ලැබුවා.ඊජිප්තුව කියන්නෙ කාන්තාර බහුල රටක්, එරට ජල අවශ්‍යතාවයෙන් 97%ක් දෙන්නේ නයිල් නදියෙන්, රටේ මුළු ජනගහනෙන් 98%ක් ජීවත් වෙන්නේ නයිල් ගග දෙපස... දැන් තේරෙනවනේ නයිල් කියන්නෙ මොන තරම් සම්පතක්ද කියලා ඊජිප්තුවට..

ලෝකේ දිගම ගග විදියට නම් දරන නයිල් නදිය : බ්ලූ නයිල් සහ වයිට් නයිල් කියල ගගවල් 2කින් තමයි බිහි වෙන්නෙ....

බ්ලූ නයිල් ඉතියෝපියාවෙ ටානා ජලාශයෙනුත්, වයිට් නයිල් උගන්ඩාවෙ වික්ටෝරියා ජලාශෙනුත් පටන් අරන් සුඩානෙ "කාටුම්" නගරයෙදි එකතු වෙලා නයිල් හදනවා... නයිල් ජලයෙන් 60%ක් දෙන්නේ ඉතියෝපියානු බ්ලූ නයිල් වලින්... මේ මහා නයිල් නදිය කිලෝමීටර් 6650ක දුරක්, රටවල් 11ක් හරහා ගිහින් මද්‍යධරණී මුහුදට වැටෙනවා...

ඇත ඉතිහාසෙ ඉදන් මේ නයිල් ගගේ නිල නොලත් පාලකය, අයිතිකරු උනේ ඊජිප්තුව... බ්‍රිටිශ් අය මේ කලාපය 1900 ගණන් වලදි යටත් කරගත්තම පවා ඊජිප්තුව ඒ අයිතිය තමන්ට තියාගන්න හුගක් මහන්සි ගත්ත. 1929 ඇංග්ලෝ-ඊජිප්තු ගිවිසුම මගින් ඔවුන් නිල අයිතියක් ගත්ත නයිල් ගග ආශ්‍රිතව සියලු ඉදිකිරිම් වල මොනොපොලි එක ඊජිප්තුවට කියලා. මේකට රටවල් සේරම වගේ සයින් කලා ඒ කලාපේ..ඉතින් ඔය විදියට නයිල් අයිති කරගෙන අස්වාන් වේල්ල සහ තවත් ජල ව්‍යාපෘති රැසක් ඔවුන් නයිල් ගග දිගට කරගෙන ආව. හරියට ලංකාවේ මහවැලි ව්‍යාපරේ වගේ..

කාලය ඔහොම ගත වෙද්දි බ්ලූ නයිල් පටන් ගන්න ඉතියෝපියාව පැත්තෙන් අපූරු සිදූවීම් ටිකක් වෙන්න පටන් ගත්තා.. ඉතියෝපියාව කියන්නේ නැගෙනහිර අප්‍රිකානු කලාපයේ වෙනම ඉන්න රටක්.. අනිත් අප්‍රිකානු රටවලට සාපේක්ෂව ඉහලින් ඉදපු රටක්. රටේ ඇතිවුනු ගෝත්‍රික අරගල සහ යුද්ධ තත්වයක් නිසා පල්ලම් බැහැලා ඉදපු රට මැතක ඉදන් වේගවත් සංවර්ධනයක් කරා යමින් ඉන්නේ ලෝකේ වැඩිම සංවර්ධන වේගයක් තියන රටවල් අතර මුල් තැනට එමින්.. අප්‍රිකාවේ ලොකුම එයාපෝට්1 හදල ඉවරයි ඔවුන්.. එරට ලැන්ඩ්ලොක් රටක් උනත් නාවික හමුදාවක් හදන්න පව වැඩ කරගෙන යනව ඔවුන්. අප්‍රිකානු කලාපේ දැවැන්තයෙක් විදියට නැගී සිටිනවා.. ලංකාවේ මධ්‍යම කදුකරය වගේ නැගෙනහිර අප්‍රිකාවේ ඉහල බිම වෙන්නේ මේ ඉතියෝපියාව..

මේ භූමියෙන් විශාල ගංගා ප්‍රමාණයක් පැනනගිනවා.. එකක් තම බ්ලු නයිල් කියන්නේ.. කාලයක් තිස්සේ විදි දුප්පත් කමින් අළු ගසා දාල නැගිටින මේ රට කල්පනා කලා රටට අවශ්‍ය විදුලි ප්‍රශ්නෙට සහ කෘශිකාර්මික ප්‍රශ්න වලට විසදුමක් විදියට බ්ලු නයිල් හරහා ඩැම්1ක් ගහන්න.. ඒ ඩෑම් එකේ නම තමයි " ග්‍රැන්ඩ් රෙනේසන්ස් ඩැම් ". ඩැම්1 හදන්නෙ ඉතියෝපියා - සුඩාන බෝඩරේ ඉතියෝපියානු භූමිය තුලයි.

නමුත් පොඩි ප්‍රශ්නයක් තියනවා, ඒ තම නයිල් ගගට ඊජිප්තු අයිතියක් තියනවනේ යටත් විජිත ගිවිසුම් නිසා.. හැබැයි ඉතියෝපියාව අර 1929 ට්‍රීටි1(ඇංග්ලෝ-ඊජිප්තු ගිවිසුම) සයින් කලේ නෑ... ඉතියෝපියාව ප්ලැන් හදාගෙන ඉදල, 2011 අරාබි වසන්තයේ ඊජිප්තු ආගමනයත් එක්කම ඊජිප්තුව ගිනි ගද්දි, මොවුන් සෙනිකව ඩැම්1 හදන්න ගත්තා.. ඊජිප්තුව දන්නේත් නෑ ඉතියෝපියාවේ වෙන වැඩේ.. . ඩැම්1 ගැන කිව්වොත් ඒක තම අප්‍රිකාවෙ තියන ලොකුම හයිඩ්‍රොපවර් ඩෑම්1 ,ලෝකෙ තියන 6වෙනියට ලොකුම1 ...

සරලව කිව්වොත් ලංකාවෙ වික්ටෝරියා ජලාශේ වගේ 100 ගුණයක් ලොකුයි. අපේක්ෂිත විදුලි බල නිපැයුම මේගාවොට් 6450ක්.. ඒ කරන්ට්1 එරටට වැඩි, එයින් අඩයි එරටට ඕන.ඉතුරු ටික සුඩානෙට විකුණන්නත් ප්ලැන් කරල ඉවරයි..දැන් ඔන්න ඩෑම්1 හදනවා වේගයෙන් වේගයෙන් .මේ ඩැම්1 තමයි ඉතියෝපියාවේ නුතන පුනරුදයේ මුදුන් මල් කඩ... ඩැම්1 කන්ට්‍රැක්ටර් ඉතාලි කොම්පැණියක්.. ෆන්ඩින්ග් එරටම සහ යම් මුදලක් චීනෙන්..

ටික කලෙකින් ඊජිප්තුව දැනගත්ත මේ ඉතියෝපියාව කරන වැඩේ. වහාම ඉදිකීරීම නතර කරන්න කිව්ව... ඉතියෝපියාව කිව්ව අපේ රටෙන් තමයි ගග එන්නේ. අපේ භූමිය තුල ඕනම ඉදිකිරීමක් කරන්න අපට ඉඩ තියනවා කියලා.. ඒ වගේම ඇංලෝ-ඊජිප්තු ගිවිසුම එයාල සයින් නොකල බවත් කිව්වා... ඇත්තටම ඉතියෝපියාව මේ ගිවිසුම සයින් කලේ නෑ අනිත් සේරම රටවල් සයින් කලාට.. මෙහෙම කියල ඉතියෝපියන්ලා දිගටම බැම්ම ගහනවා.. 2020 වැඩේ ඉවර කරන්න හිතාගෙන. ඊජිප්තුව කල වැඩේ ප්‍රොජෙක්ට්1 භාර ප්‍රධාන ඉංජිනේරුවා ඝාතනය කලා,
එරිත්‍රියාවෙ ගරිල්ලන් එව්වා මේ ඩැම්1 විනාශ කරන්න 
, ඒ වගේ පුලුවන් හැමදේම කලා.එකකින් වත් සැලුන් නෑ ඉතියෝපියාව. දිගට මේ වැඩේ කරගෙන ගියා..

ඉතියෝපියානු නොබෙල් ත්‍යාග ලාභි අභී අමෙට් ජනපති කියන්නේ මෙය ඉදිකිරීම අනිවාර්ය බවත් එයින් ඊජිප්තුවට හානියක් නොවන බවයි.. අනික් අතට ඊජිප්තු - කයිරෝ පාලනය කියන්නේ නයිල් ගගේ අඩුවන ජල බිංදුවක් පාසා ලේ වලින් වන්දි ගන්නා බවයි..

අපි බලමු ඇයි ඇත්තටම මේ ඊජිප්තුව අකමැති මුන් ඩැම්1 හදනවට කියලා...

ඩැම්1 හදල ඉවර උනාම මේක පුරවන්න නම් නයිල් ජල ප්‍රවාහය නතර කරන්න එපායැ..
ඩැම්1 වසර 10කින් පුරවනවා නම් ජල ප්‍රවාහයෙන් 15%ක් කපාහරින්න වෙනවා.. එතකොට ඊජිප්තු වගාබිම් 21%කින් පාලු වෙනවා...

ඩැම්1 වසර 7කින් පුරවනවා වගාබිම් 35%කින් පාලු වෙනවා...

අවුරුදු 5න් පිරෙව්වොත් ඊජිප්තු වගාබිම් 50%කින් ඉවරයි.. මේ මදිවට එන්න එන්න නරක් වෙන දේශගුණය, කාලගුණික විපර්යාස, වේගවත් ජනගහන වර්ධනය වගේ දේවල් ඊජිප්තුවේ තත්වය නරක අතට හරවල තියනවා.. ඊජිප්තුවෙ අවසාන ට්‍රයි1 තමා ඩැම්1 පිරවිමේ වේගය ගැන ඔවුන් සමග එකගතාවයකට පැමිණීම. මොකද එහෙම උනොත් තමා ඊජිප්තුවට යන්තම් හරි ගැලවීමක් තියෙන්නේ. කොහොම උනත් ලෝක ඉතිහාසෙ ඊජිප්තුව ඇරෙන්න වෙන රටක් නයිල් ගහ හරස් කල පළමු ඉදිකීරිම මෙයයි..

කොහොමින් කොහොම හරි ඩැම්1 ඉදිකිරීම අවසන් වෙන්න කිට්ටුයි දැන්, පහු ගිය මොන්සූන්1 අල්ලලා ඔවුන් ජලාශය පුරවන්න පටන් අරන් තියනවා...
ඊජිප්තුව කියන්නෙ මේක නතර කලේ නැති නම් ඔවුන්ගේ හමුද පැමිණ ඩැම්1 විනාස කරන බවක්.. ඉතියෝපියාවේ ප්‍රතිචාරය තමා "ඔව් එන්න අපිත් රෙඩි" කියන එක. මේ " නයිල් ගග තමා අප්‍රිකාවේ ජීවයේ උපත වගේම කන්ෆ්ලික්ට් වල උපතත් "

ඊජිප්තුවට රටක් විදියට මේ මොහොතේ තියන ලොකුම ප්‍රශ්නෙ මේ ඩැම්1... සුඩානය වගේ ඊජිප්තු අවට රටවල් කට වහන් ඉන්නව මොකද ඉතියෝපියාව අඩු මිලට කරන්ට් දීම සහ සුඩාන ගංවතුර ප්‍රශ්න වලට මේ ඩැම්1න් විසදුමක් ලැබෙන නිසා..

භූ දේශපාලනික වශයෙන් ගත්තම බටහිර බලාධිකාරය ඊජිප්තුවට ෆේවර් කරන ගතියක් තියනවා.. පසුගිය ජුනි මාසේ ඊජිප්තුව සෙකියුරිටි කවුන්සිල් මීටින්ග්1ක් කැදවන්න යෝජනා කලත් ඉතියෝපියාව එය ප්‍රතික්ශේප කල, ට්‍රම්පච්චි මේ ගැටය ලෙහන්න ඇමරිකන් එන්නකියලා කල යෝජනා ඉතියෝපියාව විසින් ප්‍රතික්ශේප කිරීමේ ඵලයක් විදියට ඇමරිකාව සම්බාධක එසවීම දක්වා දික් ගැහිලා තියනවා... අප්‍රිකානු ලීගය ඵල රහිත උත්සාහයක නිරත වූ අතර සියල්ලම අතරමග නිමා වෙනවා.. ලෝක ජල අර්බුදයේ අප්‍රිකානු මුහුණත මෙයයි.. යුද්ධයකින් කෙලවර නොවී විසදුමකට යා හැකි වේවා යැයි පතමු අපි ....!!!

තොරතුරු: aljazeera, bbc, caspian report, new york times, ethiopia egypt sites, reddit, RT

Last edited: