මී මුරේ ධම්මවන්ශගේ අමන බණ

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    හාමුදුරුවරු දේශපාලකයොන්ට කඩෙ යන්නෙ නැතිව ශාසනය කන මේවගෙ හාමුදුරුවරු ගැන හොයලා බලන එක කරන්න ඕන
    දායකයන්ගෙත් වැරැද්ද, ධර්මයේ මූලික දැනීමවත් නැතුව බණ අහන්න යනවා. තමන්ගේ පැත්තෙන් කිසිම අද්‍යයනයක් නෑ. ඉතින් මොකෙක් හරි හොරෙක්ට අහුවෙලා ධර්මයත් වරද්දගෙන, හිතාගෙන ඉන්නවා මම ශෝවාන් කියා.
     
    • Like
    Reactions: castellain

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දේශනා කරන ධර්මය හරි හෝ වැරදි කියන්නට පෙර තමන් එම මාර්ගයේ ගොස් අත්දැක තිබිය යුතු බව මගේ පුද්ගලික විශ්වාසයයි.

    අවම වශයෙන් කාලාම සුත්‍රය කියවා තිබේනම් මෙවැනි පෝස්ට් නොවැටෙනු ඇත.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    දේශනා කරන ධර්මය හරි හෝ වැරදි කියන්නට පෙර තමන් එම මාර්ගයේ ගොස් අත්දැක තිබිය යුතු බව මගේ පුද්ගලික විශ්වාසයයි.

    අවම වශයෙන් කාලාම සුත්‍රය කියවා තිබේනම් මෙවැනි පෝස්ට් නොවැටෙනු ඇත.
    ඉතින් දැන් ඔබතුමා අත්දැකලා, ප්‍රත්‍යක්ශයෙන් අවබෝද කොරන් වෙන්ටැ ඉන්නේ? නරකද දාරුකම්මික සූත්‍රය කියෙව්ව නම්?

    මේ මෝඩ චීවරදාරියා කියනවා කය කොටස් 32කට කඩලා භාවනා කරන්න කීම ගොන් බණක් ලු!. ඒක බය නැතුව කියනවාලු!
    විඩියෝ එකේ පෙන්වනවා මහාරාහුලෝවාද සූත්‍රයේ බුදුන්වහන්සේ දේශනා කරනවා එහෙම භාවනා කරන්න.

    දැන් කවුද ගොනා? නිකං බොරුවට කාලාම සූත්‍රය, මාර්ගය, අවබෝද වගේ වචන දාන්නේ නැතුව සංගත, පරිපූර්ණ උත්තරයක් දෙන්න!
     
    • Like
    Reactions: thedigit2s

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඉතින් දැන් ඔබතුමා අත්දැකලා, ප්‍රත්‍යක්ශයෙන් අවබෝද කොරන් වෙන්ටැ ඉන්නේ? නරකද දාරුකම්මික සූත්‍රය කියෙව්ව නම්?

    මේ මෝඩ චීවරදාරියා කියනවා කය කොටස් 32කට කඩලා භාවන කරන්න කීම ගොන් බණක් ලු!. ඒක බය නැතුව කියනවාලු!
    විඩියෝ එකේ පෙන්වනවා මහාරාහුලෝවාද සූත්‍රයේ බුදුන්වහන්සේ දේශනා කරනවා එහෙම භාවනා කරන්න.

    දැන් කවුද ගොනා? නිකං බොරුවට කාලාම සූත්‍රය, මාර්ගය, අවබෝද වගේ වචන දාන්නේ නැතුව සංගත, පරිපූර්ණ උත්තරයක් දෙන්න!

    ඇයි ඔබ මගේ වදන් සමග ගැටුනේ ? එතනම ඔබේ අවබෝධය පැහැදිලි වෙනවා නේද ?

    පොතේ දැනුමෙන් සත්‍යාවබෝධය ලැබිය හැකිද ? මට කවුරුවත් හෝ වැරදි කියන්න අවශ්‍යතාවයක් නෑ. එහෙම කරලත් නෑ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇයි ඔබ මගේ වදන් සමග ගැටුනේ ? එතනම ඔබේ අවබෝධය පැහැදිලි වෙනවා නේද ?

    පොතේ දැනුමෙන් සත්‍යාවබෝධය ලැබිය හැකිද ? මට කවුරුවත් හෝ වැරදි කියන්න අවශ්‍යතාවයක් නෑ. එහෙම කරලත් නෑ.
    පොතේ දැනුම නැතුව ධර්මය හිස් අහසින් තමන්ගේ ඔලුගෙඩියට පහල වෙයි කියලා හිතපු උන්ට වුනේ වහරක, මීවණපලානේ, වලස්මුල්ලේ අභය, රතුපස්කැටියේ විමුක්තිරතන, නිවාතාප,මීමුරේ ධම්මවන්ශ වගේ සද්ධර්ම ප්‍රතිරූපකයන් පස්සේ ගිහිල්ල කල්ප ගානකට ධර්මය වහගන්න.. අන්න ඒක නිසා පොතේ දැනුම, ත්‍රිපිටකයේ දැනුම නැතුව සිවුරු ඔතාගත්ත ඔනෑම පිස්සෙක් කියන හිතලු ධර්මය කියලා ගත්තොත් වෙන්නේ විනාශයක්.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්තා. (මේ ධර්මය නුවණැත්තන් විසින් ප්‍රසංසිතය.)

    මම පිරිවෙන් අධ්‍යාපනය ලබන කාලේ පාලි ඉගෙන ගන්න වැඩිමනක් පාවිච්චි කළේ "පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවන්ගේ පොත් සෙට් එක. සංස්කෘත ඉගෙන ගන්න "බළංගොඩ හාමුදුරුවන්ගේ පොත් සෙට් එක." අභිධර්මයට පාවිච්චි කළේ රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් සෙට් එක. ඒ පොත් අධ්‍යනය කරන කොට තේරෙනවා ඒ නාහිමිවරුන්ගේ ධර්මඥානය. ඉතින් අදටත් රේරුකානේ හමුදුරුවෝ, බළංගොඩ හාමුදුරුවෝ, නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ, වල්පොල රාහුල හාමුදුරුවෝ රචනා කරලා තියෙන පොත් වලින්ම ධර්මය ඉගෙන ගන්නවා. මොකද ඒ හාමුදුරුවරු පිරිස මම දකින්නේ ඇත්තටම නැණවතුන් විදිහට. ඉතින් කාලාම සූත්‍ර‍යේ සදහන් ප‍රිදිම මමත් "යම් ධර්මයක් නුවණැත්තන් විසින් ප්‍රසංශිත නම් එය නිවැරදි දහමක්" ලෙස දකිනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    රේරුකානේ හමුදුරුවෝ රචනා කරලා තියෙන පොත් වලින්ම ධර්මය ඉගෙන ගන්නවා. මොකද ඒ හාමුදුරුවරු පිරිස මම දකින්නේ ඇත්තටම නැණවතුන් විදිහට. ඉතින් කාලාම සූත්‍ර‍යේ සදහන් ප‍රිදිම මමත් "යම් ධර්මයක් නුවණැත්තන් විසින් ප්‍රසංශිත නම් එය නිවැරදි දහමක්" ලෙස දකිනවා.
    මාත් මේ හාමුදුරුවන්ගෙ පොත් තමා කියවන්නෙ..1940~1950 වගේ කාලෙ ලියවිච්ච පොත්.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පොතේ දැනුම නැතුව ධර්මය හිස් අහසින් තමන්ගේ ඔලුගෙඩියට පහල වෙයි කියලා හිතපු උන්ට වුනේ වහරක, මීවණපලානේ, වලස්මුල්ලේ අභය, රතුපස්කැටියේ විමුක්තිරතන, නිවාතාප,මීමුරේ ධම්මවන්ශ වගේ සද්ධර්ම ප්‍රතිරූපකයන් පස්සේ ගිහිල්ල කල්ප ගානකට ධර්මය වහගන්න.. අන්න ඒක නිසා පොතේ දැනුම, ත්‍රිපිටකයේ දැනුම නැතුව සිවුරු ඔතාගත්ත ඔනෑම පිස්සෙක් කියන හිතලු ධර්මය කියලා ගත්තොත් වෙන්නේ විනාශයක්.

    ඔබ ගැන අනුකම්පා කරනවා. වෙන කරන්න දෙයක් නෑ. පුද්ගල වෛර නිසා ඔබ මුලා වෙලා නේද ? සෝපාක සෝතාපන්න උනේ පොතේ දැනුමෙන්ද ? පටාචාරා, කිසාගෝතමී, දාරුචීරිය තව ඕන තරම් නම් සිහිපත් වෙනවා. දැනුම කරපින්නාගත් බොහොම දෙනෙක් දැනුමෙන් සන්නද්ධ උනා මිස ප්‍රඥාවෙන් ඉහලට ගියේ හෝ දහම යථාවබෝධ කරගත්තේ නෑ නේද ? වක්කලී හාමුදුරුවන්ගේ කතාවත් සිහිපත් වෙනවා.

    මා සමග හෝ ඉහත කි පුද්ගල චරිත සමග ඇති ගැටීම නවතා, ඔබේ ගමන ඔබ යන්න. ඉහත සඳහන් අයත්, මමත් අපේ ගමන යාවි.

    ඔබට නිසි දහම් දැනුම පහල වේවා !!!
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්තා. (මේ ධර්මය නුවණැත්තන් විසින් ප්‍රසංසිතය.)

    මම පිරිවෙන් අධ්‍යාපනය ලබන කාලේ පාලි ඉගෙන ගන්න වැඩිමනක් පාවිච්චි කළේ "පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවන්ගේ පොත් සෙට් එක. සංස්කෘත ඉගෙන ගන්න "බළංගොඩ හාමුදුරුවන්ගේ පොත් සෙට් එක." අභිධර්මයට පාවිච්චි කළේ රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් සෙට් එක. ඒ පොත් අධ්‍යනය කරන කොට තේරෙනවා ඒ නාහිමිවරුන්ගේ ධර්මඥානය. ඉතින් අදටත් රේරුකානේ හමුදුරුවෝ, බළංගොඩ හාමුදුරුවෝ, නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ, වල්පොල රාහුල හාමුදුරුවෝ රචනා කරලා තියෙන පොත් වලින්ම ධර්මය ඉගෙන ගන්නවා. මොකද ඒ හාමුදුරුවරු පිරිස මම දකින්නේ ඇත්තටම නැණවතුන් විදිහට. ඉතින් කාලාම සූත්‍ර‍යේ සදහන් ප‍රිදිම මමත් "යම් ධර්මයක් නුවණැත්තන් විසින් ප්‍රසංශිත නම් එය නිවැරදි දහමක්" ලෙස දකිනවා.

    (y)(y)
     
    • Like
    Reactions: shadow134

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔබ ගැන අනුකම්පා කරනවා. වෙන කරන්න දෙයක් නෑ. පුද්ගල වෛර නිසා ඔබ මුලා වෙලා නේද ? සෝපාක සෝතාපන්න උනේ පොතේ දැනුමෙන්ද ? පටාචාරා, කිසාගෝතමී, දාරුචීරිය තව ඕන තරම් නම් සිහිපත් වෙනවා. දැනුම කරපින්නාගත් බොහොම දෙනෙක් දැනුමෙන් සන්නද්ධ උනා මිස ප්‍රඥාවෙන් ඉහලට ගියේ හෝ දහම යථාවබෝධ කරගත්තේ නෑ නේද ? වක්කලී හාමුදුරුවන්ගේ කතාවත් සිහිපත් වෙනවා.

    මා සමග හෝ ඉහත කි පුද්ගල චරිත සමග ඇති ගැටීම නවතා, ඔබේ ගමන ඔබ යන්න. ඉහත සඳහන් අයත්, මමත් අපේ ගමන යාවි.

    ඔබට නිසි දහම් දැනුම පහල වේවා !!!
    අවුරුදු 2560 කටත් එහා දාරුචීරිය මහතෙරුන්ගේ මට්ටමින් තමයි තමන් ගැන තක්සේරුව.. හෙහ් හෙහ්.. වෙන මොකුත් නොකියමි! 😂 😂
     
    • Haha
    Reactions: indika_sam

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    සෝපාක සෝතාපන්න උනේ පොතේ දැනුමෙන්ද ? පටාචාරා, කිසාගෝතමී, දාරුචීරිය තව ඕන තරම් නම් සිහිපත් වෙනවා. දැනුම කරපින්නාගත් බොහොම දෙනෙක් දැනුමෙන් සන්නද්ධ උනා මිස ප්‍රඥාවෙන් ඉහලට ගියේ හෝ දහම යථාවබෝධ කරගත්තේ නෑ නේද ?
    ඔවුනට දහම් දෙසන්නට බුදු හිමියන් ඇතුලු රහතන් වහන්සේලා එකල වැඩසිටියා නොවේද? ඉතින් පොතේ දැනුමක් කුමටද?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔවුනට දහම් දෙසන්නට බුදු හිමියන් ඇතුලු රහතන් වහන්සේලා එකල වැඩසිටියා නොවේද? ඉතින් පොතේ දැනුමක් කුමටද?

    පොතේ දැනුම ලබාගෙන ඒ තුලින් ධර්මාවබෝධය ලැබිය යුතුයි නේද ? උත්සාහයකින් තොරව තැන තැන කියවීම හෝ තමන් උකහා ගත් දැනුම ග්‍රන්තාරුඩ කිරීම තුලින් තමනට සිදුවන අරුත කීම ? අඩුම තරමේ තමන් ලද දැනුම නිවැරදිද සොයා බැලීම වටිනවා නේද ? එසේ නොකර තව කෙනෙකුට කීම තුල තමන් වැරදි දෙයක් කියන්නේනම් අනෙකාද අමාරුවේ දමනවා නේද ?

    ගිරව් මෙන් කියවීම තුල කිසිවෙකුට කිසිම යහපතක් නෑ නේද ?

    බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේම ඔබගේ කියමන තුල බොරු කිරීමට යත්න දරනවා නේද ? තථාගතයෝ දේශනා කර ඇත්තේ ධර්මය පවතින තෙක් මගපල හා නිවන අවබෝධය අපහසු නොවන බව නේද ? ගැටලුව ඇත්තේ කිසිවෙකු ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවීම නොවේද ?

    ඔබ නොදැන සිටියාට හිතුමතේ දහම් පුස්තක බිහිවීමමයි ධර්මය අපෙන් ඈත් වෙන්නට එකම හේතුව වුනේ.......
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    පොතේ දැනුම ලබාගෙන ඒ තුලින් ධර්මාවබෝධය ලැබිය යුතුයි නේද ? උත්සාහයකින් තොරව තැන තැන කියවීම හෝ තමන් උකහා ගත් දැනුම ග්‍රන්තාරුඩ කිරීම තුලින් තමනට සිදුවන අරුත කීම ? අඩුම තරමේ තමන් ලද දැනුම නිවැරදිද සොයා බැලීම වටිනවා නේද ? එසේ නොකර තව කෙනෙකුට කීම තුල තමන් වැරදි දෙයක් කියන්නේනම් අනෙකාද අමාරුවේ දමනවා නේද ?

    ගිරව් මෙන් කියවීම තුල කිසිවෙකුට කිසිම යහපතක් නෑ නේද ?

    බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේම ඔබගේ කියමන තුල බොරු කිරීමට යත්න දරනවා නේද ? තථාගතයෝ දේශනා කර ඇත්තේ ධර්මය පවතින තෙක් මගපල හා නිවන අවබෝධය අපහසු නොවන බව නේද ? ගැටලුව ඇත්තේ කිසිවෙකු ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවීම නොවේද ?

    ඔබ නොදැන සිටියාට හිතුමතේ දහම් පුස්තක බිහිවීමමයි ධර්මය අපෙන් ඈත් වෙන්නට එකම හේතුව වුනේ.......
    ධර්මය පවත්වාගෙන එන්න අපේ හාමුදුරුවරු දිවි හිමියන් කරපු කැප කිරීම ගැන, ඒ ඉතිහාසය ගැන මෙලෝ මලදානයක් දන්නේ නැති, නූගත් ගොබ්බයෝ හින්ද තමයි අපේ සාසනයට තවත් කෙල වෙන්නේ. සමහර කාලවල දවස් ගනන් හාමතේ ඉඳල, සතුරු ආක්‍රමන වලදි ජීවිත පූජාවෙන් කටවචනයෙන්, වනපොත් කරලා, ධර්මය ග්‍රන්තාරූඩ කරනකන් අසීමිත දුක් විඳලා තමයි අද අපිට ධර්මය ලැබිලා තියෙන්නෙ. ඒ භික්ෂූන්වහන්සේලාට ධර්මය තුල විමුක්තිය ලබන්න පරිසරයක්, ඉස්පාසුවක් තිබ්බේ නෑ, කටපාඩම් කරලා, ජීවිතේ බෙරාගෙන ඊලඟ පරම්පරාවට ගෙනාවා.

    එහෙම ගෙනාපු ත්‍රිපිටකයට, ධර්මයට තමයි ඔය වහරක, මීමුරේ වගේ ගොයියෝ චෝදනා කරන්නේ, පරිභව කරන්නේ වැරදියි කියලා.

    අනිත් කරුන නම් ධර්මයෙන් ධරමාවබෝදය ලැබුව හිමිවරු නෑ කියන්න පුලුවන් කාටද? බුදුන්වහන්සේගේ විනය රීතියක් පනවා තියෙනව තමන්ගේ මගපල ප්‍රකාශ කිරීමෙන් ආපත්තියක් සිදුවන බවට. අදත් ඒ උතුම් මගපල ලබපු හිමිවරු ඉන්නවද නැද්ද කියන්න පුලුවන් "මග පල මීටර් එකක්" කවුරු හරි ගාව තියෙනවාද?

    ඒ නිස මේව නිකං හිස් වචන, එහෙමත් නැත්නම් බයිලා විතරයි.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    උත්සාහයකින් තොරව තැන තැන කියවීම හෝ තමන් උකහා ගත් දැනුම ග්‍රන්තාරුඩ කිරීම තුලින් තමනට සිදුවන අරුත කීම
    මෙහි අර්ථයක් නැත්තේ මන්ද ?ඔබත් මමත් අප සැවොමත් අද දන්නා සුලු හෝ ධර්මයක් වේනම් ඒ එකල සිටි හිමිවරුන් ඒවා ග්‍රන්ථාරූඪ කල නිසා නොවේද?
    තථාගතයෝ දේශනා කර ඇත්තේ ධර්මය පවතින තෙක් මගපල හා නිවන අවබෝධය අපහසු නොවන බව නේද ?
    එකඟයි.

    ගැටලුව ඇත්තේ කිසිවෙකු ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවීම නොවේද ?
    නිවන් අරමුණු කර කිසිවකුත් වැඩ කරන්නේ නැත යයි ඔබ ස්ථීර නිගමනයකට ඒම නිවැරදිද?
    ඔබ නොදැන සිටියාට හිතුමතේ දහම් පුස්තක බිහිවීමමයි ධර්මය අපෙන් ඈත් වෙන්නට එකම හේතුව වුනේ.......
    හිතුමතේ බිහිවූ අධර්ම වේනම් එය බැහැරකල යුතුමය. (y) මිත්‍රය්ා
    නමුත් ප්‍රශ්නය නම් දැන් සිටින "සමහර" හිමිවරුන් ප්‍රසිද්දියේම තමන්ට ත්‍රිපිටකයේ සියලු තැන් ගැන විශ්වාසයක් නැති බව පැවසීමත්, එසේ කර එකල සිටි රහතන් වහන්සේලාට අපහාස කිරීමත්‍ ය.