මී මුරේ ධම්මවන්ශගේ අමන බණ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඉස්සර රේරුකාණේ හාමුදුරුවන් පත්තර වලට ලියපු ලිපි පෙළක තියෙනවා ' පාදිලි උවදුර ' කියලා.. බෞද්ධයන් අන්‍ය අාගම් වලට හරවන එක ගැන. 1940 -50 වගේ කාලේ.
    මේකම දැන් කරන්නේ NGO වලින් ක්‍රිස්තියානි කාරයො / පැන්ෂන් ගියපු නාකි හම්පඩ මහණ කරවලා උන්ට වාහන,මුදල්, බණ මඩු දීලා .. බුදු බණ කියලා ක්‍රිස්තියානි රිමික්ස් බණ කියවනව. මුන්ට Youtube /FB media unit වෙනම තියෙනවා.. මුන් මහණ උනාට පාලි දැනුමක් නැති නිසා උන්ගේ හිතේ තියෙන විකාර කියනවා ත්‍රිපිටකය පෙන්න පෙන්න. අනේ මෝඩ සින්හළු අමාරුවේ වැටෙනවා.
    භාවනා එපා, සිල් රකින්න ඕනේ නෑ..දානේ දෙන්නේ මොකටද , බුද්ධ පූජා එපා.. නිවන් දකින්නේ බණ අහලයි... ඔන්න ඔය වගේ සීනි බොල ටිකක් එලියට දානවා. නියම ධර්ම මාර්ගයේ යන්න වේලාව නැති කාර්යබහුල සින්හලු ..අම්මට හුඩ..මෙව්වනේ බණ...සුපිරි..කියලා රැවටිලා සංසාරෙම අවුල් කරගන්නවා.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ධර්මාවබෝධයට ඇවැසි ප්‍රඥාව අනුව මිනිසුන් වර්ග 4 කි. උග්ඝටිතඤ්ඤූ, විපචිතඤ්ඤූ, ඤෙය්‍ය, පදපරම යැයි ඔවුහු හදුන්වති.

    උග්ඝටිතඤ්ඤූ යනු ධර්මය සැණකින් අවබෝධ කර ගන්න තරම් ප්‍රඥාව ඇති පුද්ගලයෝ ය. ඇතැම් විට දහම් පද දෙකක් ඇසුනත් ඔවුහු ධර්මය අවබෝධ කර ගනිති. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, දාරුචීරිය, සෝපාක වැනි ආර්‍ය්‍ය පුද්ගලයෝ නිදර්ශනය.

    දීර්ඝ වශයෙන් විස්තරාත්මක්ව දේශනා කරනු ලබන ධර්මය ශ්‍රවණය කරීමෙන් ධර්ම අවබෝධයට පැමිණෙන පුද්ගලයා විපචිතඤ්ඤූ නම් වේ. ධර්ම දේශනා අවසානයේ මාර්ග ඵලයන්ට පත් බොහෝ පුද්ගලයෝ මේ බදුය. අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු පිරිස නිදසුන්ය.

    යමෙක් ධර්මධර භික්ෂූන් හා කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින් නොදත් ධර්මයෝ උගනිත් ද ඇසූ ධර්මය නැවත නැවත් මෙනෙහි කරමින් විදසුන් වඩයි ද එසේ පරියාය වශයෙන් ධර්මය උගෙන ආර්‍යය ඵලය ලගා කරගන්නා වූ පිරිස ඤෙය නමි. මාතික මාතාව හා සැබැදි කතාවෙහි බොහෝ ථෙරවරු මීට නිදසුන්ය.

    මේ භවයෙහි කෙතරම් ධර්මය ශ්‍රවණය කළ ද භාවනා වැඩුව ද මගඵල නොලබන පුද්ගලයා පදපරම නම් වේ. නිර්වාණාධිගමය අපේක්ෂා කරන්නා වූ හෙතෙම මේ භවයේ සීල සමාධි ආදී ගුණ ධර්ම වැඩිය යුතුය. ධර්මය ශ්‍රවණය කළ යුතුය. මේ භවය තුළ නැති වුවත් මතු භවයක ධර්මාවබෝධයට එය හේතු වෙයි. කොසොල් රජු ආදීහු නිදසුන්ය.

    ඇතැම් පුද්ගලයෝ ඇසූ සැණින් ධර්මාවබෝධය ලැබීමටත් ඇතැම්හූ නොලබන්නටත් හේතුව සසර පුරුද්දේ තරමය. ඉතා ඉක්මනින් ධර්මය අවබෝධයට පත් උග්ඝටිතඤ්ඤූ, විපචිතඤ්ඤූ ආදී වූ පුද්ගල ස්වරූප ඇති මහරහතන් වහන්සේලා ධර්මය සසරේ ප්‍රගුණ කළ පුද්ගලයෝය. ඒ බොහෝමයක් තෙරවරු පෙර බුදුවරුන්ගේ සමයන්හි දි ධර්මය අසා නමුදු ආර්‍ය්‍ය ඵලයට නොපැමිණි පුද්ගලයෝය. පුරණ ලද පාර්ථනා ඇත්තේ ගෞතම බුද්ධ සාසනයේ ලබන ලද අගතනතුරු ඇත්තේය.

    ඒ හෙයින් "අර භික්ෂුව රහත් වූයේ ත්‍රිපිටකය පිළිබදව දැනුම් ඇතිව දැයි" ඇසීම යුතු නැතයි සිතමි. ඒ ඒ පුද්ගලයන්ගේ අධිමුක්තීන්ට (මානසික තත්වයන්ට) අනුකූල වන පරිදි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. සෝපාකට "අහං තං තාරයිස්සාමි- රාහුමුඛෙව චන්දිමං" යැයි ගාථාවක් දේශනා කලහ. සෝපාක සෝවාන් විය. පිඩු සිගා වඩින කල්හි හමුවූ දාරුචීරියට "දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති" යැයි ආදී කොටැති ඉතා කෙටියෙන් හිටිවනම සිට ධර්මය දේශනා කළ සේක. දාරුචීරිය එකෙණෙහි රහත් විය. සෝපාකටත් දාරුචීරියටත් එකම ධර්මයක් දෙසූහ. එකම අයුරින් නොදෙසුහ. ඔබගේත් මගේත් ස්වභාවය බලා ගැළපෙන ධර්මය දෙසීමට මෙ කල කවරෙක් සමත් වේද? ඔබේ තත්වය ඔබම දනියි. වෙනෙකෙකු නොදනි. ත්‍රිපිටකය අධ්‍යනය නිවැරදි ධර්මය පසක් කර ගැනීමට උපකාරී වන්නේ එ බැවිනි.

    නමුත් එසේ උගත් ධර්මය දැඩිව ගෙන දෘෂ්ටිගත වීමට නොව සසර ගමන නිමකිරීමට, ආර්‍ය්‍ය ඵලයට පැමිණීමට යොදා ගතයුතුය. ධර්මය පහුරකට උපමා කොට දක්වන්නේ එබැවිනි.(කුල්ලූපමං වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි. නිත්ථරණත්ථාය, නො ගහණත්ථාය.)