Covid19 Over- Vaccine is on production ❤

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    සමස්ථ ලෝකයාම අමන්දානන්දයට පත් කරමින් කොවිඩ්19 වෛරසයට එරෙහි එන්නත එළැඹෙන නත්තලින් පසු මහජනතාවට ලබා දිය හැකි බව මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS-UK) නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ජොනතන් වෑන්-ටෑම් ප්‍රකාශ කිරීමත් සමග එන්නත මහා පරිමානයෙන් නිපදවන අන්දම දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප ජාත්‍යන්තර ජනමාධ්‍ය මගින් මීට ස්වල්ප වේලාවකට පෙර ප්‍රසිද්ධ කෙළේය.

    නත්තල අවසන් වනවාත් සමග කොවිඩ්19ට එරෙහි එන්නතක් මහජනතාවට ලබා දිය හැකි බවත්, ඒ සඳහා මේ දිනවල NHS කාර්ය මණ්ඩලයේ දහස් ගණනකට පුහුණුව ලබා දෙන බවත් එමගින් ‘ශක්තිමත් පුළුල් වැඩ සටහනක්' දියත් කෙරෙන බවත්, වෛරසය පරදා ජීවිත බේරා ගන්නා බවත් මහාචාර්ය වරයා පවසා ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමිනි.

    එන්නත නත්තලත් සමග..
    මහාචාර්ය ජොනතන් වෑන්-ටෑම් මන්ත්‍රීවරුන්ට පැවසුවේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සොයාගත් එන්නත තුන්වන අදියර අත්හදා බැලීම සහ එය 'ඇස්ට්‍රාසෙනෙකා' සමාගම (AstraZeneca) විසින් නිෂ්පාදනය කරනු ලැබීම යන්නෙන් අදහස් කරන්නේ මහජනතාවට එන්නත ලබා දීම දෙසැම්බර් මාසය තරම් කාලය ගතවනු ඇති බවයි. (AstraZeneca සමාගම යනු එන්නත් නිපදවීමෙහිලා කටයුුතු කරන බ්‍රිතාන්‍ය-ස්වීඩන් එකාබද්ධ සමාගමකි.)

    මෙම සති අන්තයේ දී මහා බ්‍රිතාන්‍යය සිය සෞඛ්‍ය නීති වෙනස් කෙළේය. එමගින් එන්නතක් මහජනතාවට ලබා දිය හැකි සෞඛ්‍ය නිලධාරීන් පිරිස පුළුල් කෙරිණ. නව රෙගුලාසි අනුව අලුතින් ඖෂධවේදීන්ට, දන්ත වෛද්‍යවරුන්ට, වින්නඹු මාතාවන්ට සහ පරිපූරක වෛද්‍යවරුන්ට ද මහජනයාට එන්නත් විදීමට හැකියාව නීතියෙන් ලැබෙනු ඇත.


    පළමු එන්නත් වටය සමාජයේ වියපත් අයට සහ ඛෙදනීය තත්වයේ සිටින අයට ලබා දෙනු ඇති අතර අවදානමට ලක්විය හැකි අයට එන්නත පසුව ලබා දෙනු ඇත. ඉක්බිතිව එන්නත සියළු දෙනාටම ලබා දෙනු ඇත. ඒ අනුව මුහුණු ආවරණ පැළඳීම සහ දුරස්ථ භාවය රැකගත යුතු වන්නේ 2021 වසරේ ජූලි වනතුරු පමණක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීහු පවසති.

    එන්නත් කුප්පි මිලියන ගණන් නිපදවන වීඩියෝ සේයාරූ..
    මහා බ්‍රිතාන්‍යයේ NHS නියෝජ්‍ය ප්‍රධානියාගේ ප්‍රකාශය ප්‍රසිද්ධ වීමෙන් පැය කිහිපයකට පසුව ඖෂධ නිපදවන තවත් දැවැන්ත බහු ජාතික සමාගමක් වන ෆයිසර් (Pfizer) සමාගමේ බෙල්ජියමේ පුඅර්ස් නගරයේ පිහිටා ඇති නිෂ්පාදනාගාරයක කොවිඩ්-19 එන්නත් කුප්පි දස ලක්ෂ ගණනක් මහා පරිමානයෙන් නිපදවන අන්දම දැක්වෙන වීඩියෝ පටයක් සහ ඡායාරූප ජාත්‍යන්තර ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කෙරිණ.

    ෆයිසර් සමාගමේ මහා බ්‍රිතාන්‍ය ප්‍රධානී බෙන් ඔස්බෝර්න් පවසා සිටියේ පළමු කොවිඩ්-19 එන්නත් කුප්පිය නිෂ්පාදනාගාරයෙන් එළියට එනු දැකීම සතුටක් බවත් ඉන් එන්නත් කුප්පි මිලියන 40 ක් මහා බ්‍රිතාන්‍යයට සැපයෙනු ඇති බවයි. (මෙම ප්‍රකාශයත් NHS නියෝජ්‍ය ප්‍රධානිගේ ප්‍රකාශයත් අතර යම් පරස්පරයක් තිබෙනු පෙනේ) ෆයිසර් එන්නත සෑම පුද්ගලයෙකුටම මාත්‍රා දෙකක් දෙවතාවකදී එන්නත් කිරීමට අවශ්‍ය බව ඔස්බෝර්න් කියයි.

    ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගම කොවිඩ්-19 එන්නත නිපදවීමෙහිලා ජර්මනියේ බයෝ එන්ටෙක් (BioNTech) ආයතනය සමඟ එක්ව කටයුතු කරන අතර ඔව්හු මේ වන විට 44,000 ක් සමඟ සායනික අත්හදා බැලීම් සිදුකර ඇත
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,702
    66,927
    113
    Ikmanata awata high risk.danata 16 vaccine last stage eke tiyenne.6 already approved china and russia wala.corona berunath tawa kal yaddi mona symptom ei da danne.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,366
    5,490
    113
    ituru tikath iwara wena ekak nowunoth hodai.

    Krumi-nashaka enna kalin satha ewanawa wage ledeth hadala beth kiyala thawa atamagalak ewanawada danne ne
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    2132f1923abc6e31eb88d8f7ca57a74a.jpg
     
    • Like
    Reactions: Rahula Kasun

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බලමු නේ..දැන්ම උඩ පැනල වැඩක් නෑ..වෙෙරස් වලට බෙහෙත්නම් නෑ හැබැයි.බෙහෙත් තියෙනවනම් හෙම්බිරිස්සාව ඵහෙම තාම මිනිස්සුන්ට හැදෙන්න හේතුවක් නෑනේ..