SRI Pada Adawiye wechcha amuthu katha

Cupid55

Active member
  • Jun 27, 2018
    196
    1
    63
    28
    colombo
    ඔය කබරගල උඩලු බුදුහාමුදුරුවො සිරීපාදේ පිහිටවන්න මුලින්ම අදහස් කරගෙන හිටියා කියන්නේ.. ඒත් සිරීපාදෙ පිහිටුවන්න එනකොට එතන තිබුණු වතුර වලකට සර්පයෙක් වැටිල මැරිල තිබුනලු.. ඊට පස්සෙලු සමනල කන්ද මුදුනෙ සිරීපාදෙ පිහිටෙවුව කියන්නෙ....
    මම අහලා නම තියෙන්නේ අලගල්ලේ පිහිටවන්න හිටියා කියලායි!
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මම අහලා නම තියෙන්නේ අලගල්ලේ පිහිටවන්න හිටියා කියලායි!
    මම අහලා තියෙන්නේ කුණු දිය පර්වතය කියලයි.
    මේ තියෙන්නේ ඒ ගැන ලියවුන ලිපියක කොටසක්

    මෙම පර්වතයට එම නම හැදුනු ආකාර 2ක් පිළිබඳව ජන වහරේ පවතියි. ඉන් ප්‍රසිද්ධම වනුයේ සමන් දෙවියන් බුදුරජාණන්ගේ සිරි පතුල පිහිටුවීමට මුලින්ම ආරාධනා කළේ මෙම කන්දේය. එම නිසා රජු කඳු මුදුනට ළඟාවත්ම මැරී කුණු වී කුණු ලේ ගලන ගැරැඬියකුගේ මළකුණක් දැක ගැනීමට ලැබුණි. එම නිසාම රජු සිරිපතුල පිහිටුවීමට මෙම කඳු මුදුන සුදුසු නැති බව තීරණය කරන ලදී. එනම් කුණුදිය ගලන ගැරැඬි මළකුණක් නිසා සිරීපාද ස්පර්ශය ලැබීමට භාග්‍යය නොලැබූ කන්දක් වීමය.
     
    • Like
    Reactions: adowhybn and NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම අහලා නම තියෙන්නේ අලගල්ලේ පිහිටවන්න හිටියා කියලායි!

    sirwata :eek:

    මම අහලා තියෙන්නේ කුණු දිය පර්වතය කියලයි.
    මේ තියෙන්නේ ඒ ගැන ලියවුන ලිපියක කොටසක්

    මෙම පර්වතයට එම නම හැදුනු ආකාර 2ක් පිළිබඳව ජන වහරේ පවතියි. ඉන් ප්‍රසිද්ධම වනුයේ සමන් දෙවියන් බුදුරජාණන්ගේ සිරි පතුල පිහිටුවීමට මුලින්ම ආරාධනා කළේ මෙම කන්දේය. එම නිසා රජු කඳු මුදුනට ළඟාවත්ම මැරී කුණු වී කුණු ලේ ගලන ගැරැඬියකුගේ මළකුණක් දැක ගැනීමට ලැබුණි. එම නිසාම රජු සිරිපතුල පිහිටුවීමට මෙම කඳු මුදුන සුදුසු නැති බව තීරණය කරන ලදී. එනම් කුණුදිය ගලන ගැරැඬි මළකුණක් නිසා සිරීපාද ස්පර්ශය ලැබීමට භාග්‍යය නොලැබූ කන්දක් වීමය.

    mcn article mnhri tynwanm share kapanko tharaha nathuwa
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    sirwata :eek:



    mcn article mnhri tynwanm share kapanko tharaha nathuwa
    මේක ලංකාදීපේ තිබුන ලිපියක්

    සිරිපා හිමේ කුණුදිය පව්ව නැග්ගෙමු

    “වඳින්න යන මේ නඬේට-සුමන සමන් දෙවි පිහිටයි
    වැඳල බහින මේ නඬේට-සුමන සමන් දෙවි පිහිටයි”

    කනට මිහිරි සේම ගතටත් සිතටත් ප්‍රබෝධය ලබාදෙන මෙම කවි පද පේලි අපට එරත්න පාරෙන් ගමන පටන් ගනිද්දිම ඇසුණි. අද ගමනාන්තය ඔබ කවුරුත් හොඳින් දන්නා ඉසව්වකටයි. ඒ “සිරිපා රක්ෂිතයට” යි. උතුම් වූ සිරිපතුල පිහිටවූ සමනල කන්ද පිහිටි අඩවියයි. නමුත් අද අප තරණය කරන්නේ සමනල කන්ද නොවේ. සමනල ගිර නගින බොහෝ අය දන්නා සේම දැක තිබෙන හරි අපූරු කන්දක් තරණය කිරීමටයි. ලංකාවේ ඉතාමත්ම සුළු පිරිසක් පමණක් ගොස් තිබෙන අතිශය දුෂ්කර හා භයානක කඳු තරණයකටය. ඒ “කුණු දිය පව්ව” මුදුනට නැගීමටයි. තවදුරටත් කිවහොත් සිරිපා කඳු පාමුල පිහිටි පලාබද්දල, එරත්න, මලවන, ඉඳුරුව, මාපලාන වැනි ගම්වල ජනතාව පවා ගොස් නැති දුෂ්කරතම කඳු තරණයට අද අපි සූදානම් වෙමු.

    වචනයේ අර්ථයෙන්ම “කුණු දිය පර්වතය” යන නාමය ඇසූ විට ඔබට හැඟෙන්නේ මේ කන්ද අපිරිසුදු හෝ කුණු ගොඩවල් පිරි කන්දක් බවට නිසැකය. නමුත් මෙම කන්ද තවමත් නොඉඳුල් කන්දකි. සිරිපා රක්ෂිතය තුළ තිබෙන සිරිපාකන්ද, බැන සමනල, පැඳුරුතලාගල, මහ පැඳුරුතලාව, බල්ලාබැඳි ගල, සප්තකන්‍යා, බල්ලගල සේම කුණු දිය පර්වතයද මහ වන මැද නැගී සිටින දැවැන්ත කඳු ශිඛරය. ලංකාවේ කඳු මුදුනක ඉහළ චතුරස්‍රයක් වැනි හැඩයෙන් යුත් කඳු අතර අප දන්නේ සීගිරිය හා බතලේගල පමණි. නමුත් කුණු දිය පව්වද එවැනි හැඩයකින් යුතු කන්දකි.

    උසින් මීටර 1900කට වැඩි මෙම කන්ද නැගීමට කිසිදු අඩි මාර්ගයක් නොමැත. සාමාන්‍යයෙන් මෙම කන්ද නගින්නේ එරත්න මාර්ගයෙනි. එනම් එරත්න මාර්ගයේ සීත ගඟුල දිගේ පහළට ගොස් නැවත මූකලාන දිගේ ඉහළට යමින් කන්දට ළඟාවිය හැක. ඒ සඳහා මීට පෙර එහි ගිය පළපුරුදු කෙනෙකු අවශ්‍යමය. කෙසේ වෙතත් එම මාර්ගයෙන් කන්දට යාමට පමණක් එක් දිනක් වැයවනු ඇත. එම මාර්ගය ගැන දන්නේ මේ ඉසව්වල සිටින අතළොස්සක් පමණි. මන්ද වන සතුන්, කටු අකුල් ගහණ සංකීර්ණ ඝන වනරොදක් මේ අවට පැතිර ඇති හෙයිනි.

    මෙම පර්වතයට එම නම හැදුනු ආකාර 2ක් පිළිබඳව ජන වහරේ පවතියි. ඉන් ප්‍රසිද්ධම වනුයේ සමන් දෙවියන් බුදුරජාණන්ගේ සිරි පතුල පිහිටුවීමට මුලින්ම ආරාධනා කළේ මෙම කන්දේය. එම නිසා රජු කඳු මුදුනට ළඟාවත්ම මැරී කුණු වී කුණු ලේ ගලන ගැරැඬියකුගේ මළකුණක් දැක ගැනීමට ලැබුණි. එම නිසාම රජු සිරිපතුල පිහිටුවීමට මෙම කඳු මුදුන සුදුසු නැති බව තීරණය කරන ලදී. එනම් කුණුදිය ගලන ගැරැඬි මළකුණක් නිසා සිරීපාද ස්පර්ශය ලැබීමට භාග්‍යය නොලැබූ කන්දක් වීමය. අනෙක් කරුණ නම් අදටත් දක්නට ලැබෙන ප්‍රායෝගික දසුනකි. එනම් මෙම කන්ද වලාකුළු වනාන්තරයක් වීමයි. එනම් නිතරම මීදුමෙන් වැසී තිබෙන එලෙසම සුළං ප්‍රවාහවලට මුහුණදී මීදුම උපදවන කඳු මුදුනක් වීමයි. එම නිසාම මෙම කන්දේ නිතරම ජලය ගලා ඒමක් සිදුවේ. එම හේතුව නිසාවෙනුත් කුණු දිය පව්ව යන නම ලැබී ඇති බව තවත් අරුතකි.

    කුණුදිය පර්වතයට අසන්නම ස්ථානය එරත්න ග්‍රාමයයි. වර්ණගල වතුයායේ කෙළවරක පිහිටි මෙම කන්ද නැඟීමට අප සැලසුම් කළේ ඉකුත් වසරේදීය. එම නිසාම වැසි රහිත කාලගුණයක් එනතුරුම මඟපෙන්වන්නෙකු සොයාගනු පිණිසත් කාලය වැයවුණි. පසුව අප පසුගිය මසකදී කන්ද තරණය කිරීමට ඉටා ගත්තේ මඟපෙන්වන කෙනෙකු සමඟිනි. නමුත් අප නියමිත දිනයේ එහි ගියද මඟපෙන්වන්නාට නොවැළැක්විය හැකි හේතුවක් මත අප සමඟ යාමට නොලැබුණි. කෙසේ වුවද අප අද තනිවම හෝ මෙම ගමන සිදුකළ යුතු බවට තීරණය කළෙමු. පෙර කතිකා කරගත් පරිදි හදිසියේ හෝ අපට රැයක් ගත කිරීමට අවශ්‍ය වුවහොත් යැයි සිතා කූඩාරම්, රාත්‍රි ආහාරයක් පිළියෙළ කර ගැනීමට බඳුනක් හා කෙටි ආහාර රැගෙන ආවෙමු. උදෑසන 6 වනවිට අප එරත්නට පැමිණියෙමු. විගසින් ගමන ආරම්භ කළ අප ගිං ගඟුල, ජම්බෝල ගහයට අම්බලම පසුකරමින් ඩයිමන්ගල හරහා වර්ණගල අම්බලමට ළඟා වූයේ විනාඩි 40කට පමණ ගමනකින් පසුවය. මීට පෙර අප වර්ණගල අම්බලම අසල කුඩා ජල විදුලි බලාගාරය අසලම කැලෑ පාරෙන් යතුරුපැදි මඟින්ම පැමිණියෙමු.

    වර්ණගල ඇල්ල


    කෙසේ හෝ අප අද කුණු දිය පව්ව නගින්නේ ඉතාමත් කාරුණික පුද්ගලයකුගේ හෙළිදරව් කිරීමක් මගින් අප සිතූ පහසු මගකිනි. එනම් වර්ණගල අම්බලමේ සිට දකුණට කඳු නගිමින් යාමටයි. නමුත් අප මේ තෝරාගත්තේ 100%ක් මරණය නියමිත අතිශය දුෂ්කර මාර්ගයකිනි. ඒ විශාල දිය පහරක් දිගේ කිලෝ මීටරයක වැඩි දුරක් ඉහළට නැගීමටයි. අප මේ මග තෝරාගත්තේ ඒ වනවිට ජල ප්‍රමාණය ඉතා අවම මට්ටමක තිබූ හෙයිනි. වැසි කාලයට මේ ඇල්ල දිගේ මීටර 50ක්වත් ගමන් කළ නොහැකිය.

    සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය මැද වර්ණගල දිය ඇල්ලේ දකුණු පස පිහිටි වනගත ඇල්ල අසලින් ගමන ඇරැඹුවේ එම ජල කඳ එන දිශාවට ගමන් කිරීමටයි. ප්‍රථමයෙන් අසල කැලයට පිවිස ගසක් දිගේ නැග එම ඇල්ලේ ඉහළට පැමිණියෙමු. මීට මාස කිහිපයකට පෙර අවාරේ අප පැමිණි දිනකදී මෙම ඇල්ලේ ජල කඳ අඩි 20ක් පමණ පළලින් යුතුව කඩා වැටුණද අද ඇත්තේ අඩි 8ක පමණ පළල සිහින් ජල වැටීමක් පමණි. එම අවම ජල ප්‍රමාණයක් පැවැතීම අපගේ ගමනට ඉමහත් අස්වැසිල්ලක් විය. අප ලද රහසිගත තොරතුරට අනුව ඇල්ල දිගේ ජල මූලාශ්‍රය වන තෙක්ම යා යුතුයි. එහිදී කඳු නගිමින් ජල පහර බෙදෙන ස්ථානවලදී නිවැරැදි මඟ සොයාගෙන යා යුතුය. කෙසේ හෝ ගමන ආරම්භයේ පටන් දුෂ්කර විය. වර්ෂාව නැති නිසා අපගේ මිත්‍ර කූඩැල්ලන් නොමැතිවීම තවත් සහනයක් විය. මීටර 200ක් පමණ ක්‍රමයෙන් ගල්කුට්ටි මතින් ඉහළට නගිමින් අප ඉදිරියට ගිය පසු මීටර 15ක් පමණ උස අලංකාර දිය ඇල්ලක් දක්නට ලැබුණි. එනම් මෙම මාර්ගයේදී අප මීටර 10කට වඩා උස අලංකාර දිය ඇලි 6ක් පමණ දුටු අතර ඒවා සාමාන්‍ය චාරිකාවකදීවත් දකින්නට නොලැබෙන අලංකාර කොමලියන් වූ බැවින් අප වන මැද සැඟවුණු දිය ඇලි නැරැඹීමට තරම් වාසනාවන්තයින් වූවෙමු.

    ද්‍රුෂ්කර ගමන

    විටෙක අඩි 10ක් පමණ උසැති ගල් කුට්ටි දිගේ බඩගාමින් හා සතර ගාතින් ඇවිද යමින් ඉහළටම ගමන් කළෙමු. පැය එකහමාරකට පමණ පසු අප අසල පිහිටි කන්දේ මුදුනට පැමිණියෙමු. එහිදී ඈතින් පහළ පිහිටි වර්ණගල විහාර භූමිය දක්නට ලැබුණි. තවද අප ඉදිරියේ පිහිටි පිදුරුතලාගල කන්දත් අපට වඩා ඉහළ මට්ටමක තිබූ බව අපට පෙනුණි. උදෑසන සිටම අලංකාර ලෙස කුණුදිය පර්වතය දුටුවද දැන් නම් අපට කිසිවක් පෙනුණේ නැත. මෙලෙස අප දිය පහර දිගේ බොහෝ දුරක් ඉහළට ඇදුනෙමු. එක් ස්ථානයකදී ඉදිරි මීටර 100 කෙසේවත් අපට ගල් කුට්ටි මතින් යමින් ඉහළට යාම කළ නොහැක්කක් විය. මන්ද සුවිසල් ගල් කුට්ටි තිබීමත් ඒවා සිරස් ලෙස පිහිටීමත් ඉදිරියේ පිහිටි දිය පහර ඉහළක සිට විශාල ගල් කුට්ටි දෙකක් අතරින් ගල්වලට පිටුපසින් කඩා වැටීමත් නිසා ඉන් ඉහළට නැගීම අප සිදුකළේ අසල පිහිටි වන පියසට ඇතුළු වීමෙනි. වන රොදද ඍජුවම නැග්මකි. ලිස්සන කැඩෙන පස් තට්ටු මතින් යමින් කටු කිතුල් අතු පරිස්සමට අල්ලමින් ගස් බඩගාගෙන අප ඉහළට නැග්ගෙමු. නැගීමට නොහැකි වූ ජල පහර පිහිටි ප්‍රදේශයේ වූ දියඇල්ල ජල ගුහාවක් වැනිය. ජල කඳ වැසි දිනෙක කොතරම් අපූරු විය හැකිදැයි අපට සිතුණද එහෙත් කිසිම විටෙක එය නැරැඹීමට නොහැකි බවද සිහිවුණි.


    නැවතත් අඩි 10ක් පමණ පළලින් කුඩා අතු ජල පහරක් දක්නට ලැබුණද අප යා යුතු මග තීරණය කිරීමට අපහසු නොවුණේ එම මග විශාල ගල් කුට්ටි පිහිටි වපසරියක් වීමයි. අපට අතරමග කැලයේ පිහිටි ගුහා දෙකක් හමුවූ අතර එහි දස දෙනෙකුට වුව සිටිය හැකි විය. ජල පහර පිහිටි මගේද එවැනි ගුහාවක් හමුවූ නමුත් එහිදී අධික ජල පහරකදී ගුහාව තුළටද ජලය පැමිණෙන සුළු විය. මේ වන විට අප ඉදිරියෙන් පිහිටි පිදුරුතලාගල කඳුවැටියේ උසට සමාන උසකින් අප සිටිනු බව පෙනුණි. මද දුරක් ගිය පසු ජල කඳ වමට බරව ඇදුණි. සමහර විට මීටර 100ක් පමණ දිගට විශාල ගල් තැන්නෙන් ජලය ගලාගෙන ආවේය. තවත් අවස්ථා ගණනාවක්ම ජල කඳ අපට නොපෙනුණේ ගල් කුට්ටි යටින් භූගතව ජල කඳ ගලා ගිය හෙයිනි.


    මිනිස් පුළුටක්වත් නොමැති ඝන කැලයක මා හා නිරෝෂ සමඟ සිටියේ අපමෙන්ම මෙම කන්ද නැඟීමට සිටි බලවන ගමේ යසරත්න මාමාය. ඔහුගේ වයස අවුරුදු 50 ඉක්මව තිබුණද බොහෝ විට ඉදිරි මඟ සාදාගෙන ගියේ ඔහු විසිනි. සිරිපාකන්ද හා කැලය ගැන කුඩා කල සිටම දැනුමක් තිබූ ඔහුට වනාන්තරයක ගමන් කිරීම ඉවෙන් මෙන් බොහෝ අවස්ථාවල දැනුණු බව අප දුටුවේ ඔහු නිවැරැදි මාර්ගය නිශ්චය කර ගන්නා විලාසයෙනි.


    කෙසේ හෝ අප යම් අවසානයක් කරා පැමිණ ඇති බව වැටහුණේ ජල පහර ක්‍රමයෙන් කුඩා වීමෙනි. මේ වන විට ජල කඳේ පළල අඩි 5ක් පමණ විය. පාසි බැඳුණු තුරු වියන් යට පිහිටි කුඩා ගල් කුට්ටි අතරින් ගලන ජල පහර ඇතැම් විට ශබ්දය ඇසුනද සොයා ගත නොහැකි විය. පසුව අප ළඟා වූයේ මීටර 100 කට වැඩි උසකින් යුත් දැවැන්ත ගල් බිත්තියක් අසළටයි. මාර්ගය එතැනින් අවසානය. සිහින් ජල පහරක් ගල් බිත්තිය දිගේ විවිධ ස්ථානවලින් පහළට රූටන අතර ඒවා ක්‍රමයෙන් අප ආ ජල කඳට එකතු වේ.
    එනම් අප සිටින්නේ කුණුදිය පව්වේ අංශක 90ක නැග්මක් නැගිය යුතු ස්ථානය අසළයි. වම් පස කටු ඉඹුල්, හාතාවාරිය, කටු උණ පඳුරු, බට පඳුරු අතරින් ඉතා දුෂ්කර ලෙස මාර්ගය සාදාගෙන ක්‍රමයෙන් ඉදිරියට ඇදුණේ කන්ද මුදුනට නැගගත හැකි සුදුසු ඉසව්වක් විපරම් කරමිනි. මේ කිසිඳු ආරක්ෂිත ක්‍රමයක් නොතිබුණු හෙයින් අප හැකි ස්ථානවලින් ගස් දිගේ නගිමින් විටෙක හරහට ගල් පතුරු උඩින් පරිස්සමට ඇවිද යමින් ඉහළට ඇදුනෙමු.


    මෙම අවසන් මීටර 200 නැගීමට අපට පැයකට අධික කාලයක් වැයවුණි. එක්තරා ස්ථානයකදී අප කටු කිතුල් ගසකින් පවා ඉහළට නැග්ගේ ගතේ දැවටුණු කටු ඉවත් කර ගනිමිනි. සිරිපා රක්ෂිතයට පමණක් ආවේණික දෝතළු ගස් කන්දෙන් ඉදිරියට නෙරා ගිය අතර එහි වූ අලංකාර මල් රාශියක් පිපී තිබුණේ ඒවා දැක ගැනීමට අපට වාසනාව හිමි කරමිනි. විටෙක අඩි සියයක දුරක් නැගීමට අපට විනාඩි 15ක් පමණ ගතවූයේ පස් කැඩී අල්ලා ගැනීමට හා නැගීමට ආධාරක සොයා ගැනීමට කාලය වැය වෙමිණි. අවසන් අදියර අඩි 15කට උස විශාල ගසක් දිගේ නැග ගල් කුට්ටියකට පැන කටු අකුල් අතරින් අප ගොඩවූයේ දවසේ ජයග්‍රහණය සැමරීමටය. එනම් පැය 7කට අධික අතිශය දුෂ්කර ගමනකින් පසු කුණුදිය පව්ව මුදුනට පැමිණීමේ සතුට සැමරීමටයි. මේ වන විට පිදුරුතලාගල කන්ද අපගේ මට්ටමට වඩා බෙහෙවින් පහළින් පිහිටියේය.

    කුණුදිය පව්ව මුදුන තනිකරම අඩි 10ක් පමණ උසැති අඟල් 5ක විෂ්කම්භයකින් යුතු ගස්වලින් වැසී තිබුණි. ඉහළ මුළු තැන්න වසාගෙනම එම ශාක තිබුණි. අධික මීදුම නිසා අවට පරිසරයත් ගස් අතරිනුත් අප දුටුවේ සුදු වර්ණය පමණි. ගස් අතරින් ඉහළට නැග හෙළ මායිමට පැමිණ විපරම් කෙරුවේ සිරිපා මලුව දැක ගැනීමටයි. නමුත් අධික මීදුම නිසා අපට එය නැරැඹීමට නොහැකි විය. පහළින් වර්ණගල අම්බලම හා එරත්න මාර්ගය එක් ස්ථානයකදී දැකගත හැකි වුවත් සමස්ත අනෙකුත් වපසරියම කොළ පැහැති ඝන වනයත් සුදු මීදුමත් පමණි.

    යසරත්න මාමා කියූ පරිදි භීෂණ සමයේ එක්තරා දේශපාලන පක්ෂයක රහසිගත පුහුණු කඳවුරක් මෙහි තිබී ඇත. එහි නටබුන් මේ කන්ද අවට තිබිය යුතු බව ඔහු පැවැසීය. තවද පැයකට වැඩි කාලයක් කඳු මුදුනේ අක්කර ගණනක් තුළ එහෙ මෙහෙ යමින් සිරි නැරැඹූ අප නැවත කන්ද බසින විට තරමක් වේගයෙන් විවේක නොගෙනම බසින ලදී. එම නිසාම සවස 6.40 වන විට නැවතත් වර්ණගල දියඇල්ල අසලට පැමිණ එක් දිනකදී කුණුදිය පව්ව තරණය කොට පැමිණි අයවීමේ භාග්‍යය අපට හිමි වුණි. ජීවිතයේ එක් වරක් විඳිය යුතු අතිශය අවදානම් ගමනක් වන මෙය සැබැවින්ම කිලෝ මීටර දහයකට පමණ එහා ඝන මූකලානක අප තිදෙනා තනිව ගෙවූ සොඳුරුම මතක සැමරුමක් විය.

    Travel in Sri Lanka Sobasiri හා සම්බන්ධවී ක්‍රියාදාම සංචාර ගැන විස්තර දැන ගැනීමටත් සැමවිටම පරිසරය ආරක්ෂා කරමින් ඔබගේ චාරිකා යන ලෙසටත් මතක් කරමු. නැවතත් කුරුවිට එරත්න පාරෙන්ම ගිං ගඟුල අසලට පැමිණෙන විට රාත්‍රී 8 පමණ වී තිබුණේ දෙපාවල වේදනාව නිසාවෙනි.

    සංචාරක සටහන හා ඡායාරූප
    ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මේකත් FB තිබුන එකක්

    සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව්

    සමනල රක්ශිතය යනු ලංකාවේ තිබෙන ජෛව විවිධත්වය සහ සොබා නිර්මාණ බහුලම ඉසව්ව වන අතර සමනල කන්ද යනු ශ්‍රී ලංකාවේ විශාල ජනතාවක් තරණය කර ඇති ලංකාවේ උසින් පස්වන ස්ථානයේ වැජඹෙන මීටර 2243 ක් පමණ උසැති කන්දකි. බුදුන් වහන්සේගේ සිරිපතුල පිහිට වූ එම උත්තම පූජනීය ස්ථානය පිහිටා ඇත්තේ සමනල ගිරි මුදුනේ උඩ මලූවේය. සිරිපා තරණය කළ හැකි සම්මත මාර්ග තුනක්ද අප‍්‍රසිද්ධ මාර්ග 5 ක්ද පවතියි. ඒ හැර දෙපසක පිහිටි ගම් දෙකක් යාකරන සමනල දුර්ගය ආදී මාර්ග කිහිපයක්ද පවතියි. මේ සියල්ල සමස්ත රක්ෂිතයේ වනගත පරිසරයෙන් උපරිම වශයෙන් සියයට විස්සක තිහක පමණ කොටසක් වන අතර ඉතිරි සියයට හැත්තෑව අසුව යනු තවමත් අල්ප වශයෙන් මිනිස් පහස ලැබූ ගුප්ත සහ අබිරහස් ගොන්නක් පිරි ඉසව් වේ.
    සංචාර දිවියේ අප ප‍්‍රියතම අඩවිය වන සිරිපා අඩවිය යනු සත්‍ය වශයෙන්ම සංචාරය කිරීමට උචිත ඉසව්වක් නොවන බව අපටද පසක් වූ කරුණකි. මන්ද අප විඳි ඇතැම් ප‍්‍රායෝගික අත්දැකීම් සමග සිරිපා රක්ෂිතය ආශ‍්‍රිත ගැමියන් හා ඔවුන්ගේ අතීත සිදුවීම් පිළිබඳ අප අත්දුටු යම් අබිරහසක් මෙම රක්ෂිතෙය් පැවතීමය.
    සමනල රක්ෂිතය තුළ පවතින කඳු නම් සමනල කන්ද, කුණු දිය පර්වතය, පිදුරුතලා ගල (හීන් පිදුරුතලාව) බෑන සමනළ, කෝඳුරු ගල, සප්ත කන්‍යා කඳුවැටිය, ගවරවිල කන්ද, බල්ලා බැඳිගල සහ මහ පිදුරුතලාවයි. ඊට අමතරව නම්ලත් දියඇලි රාශියක් සිරිපා රක්ෂිත මායිමෙන් කඩා වැටෙන අතර නම් රහිත තවත් දියඇලි සහ දියඇලි දාම රාශියක් සිරිපා රක්ෂිතය තුළ ඇති බව අප ප‍්‍රායෝගිකව දැක ඇත්තෙමු.

    ලංකාවේ සෙසු වනාන්තර වලට සාපේක්ෂව සමනල රක්ෂිතයේ සංචාරයට සහ ගවේෂණයට යන පිරිස ඉතා අල්පය. මන්ද අවාරේ බොහෝ විට ප‍්‍රචණ්ඩ වර්ෂාව තිබීමත් සමස්තයක් ලෙස වළාකුලූ වනාන්තර පද්ධතියකට රක්ෂිතය උරුමකම් කියන නිසාවෙන් නිතරම වැස්ස සහ තද අකුණු ගැසීම් ඇතිවීමය. තවද අලියා සහ කොටියා (දිවියා) යන සතුන් බහුලව මෙහි වාසය කිරීම සහ පිටත මාර්ග හෝ අවාරේ යාමේදි උන්ගෙන් සිදු වූ අනතුරු බහුල වීමත්ය.


    මීට තවත් නිදසුන් ලෙස ගතහොත් අධික කූඩැල්ලන් සංඛ්‍යාවක් සිටීම විස සහිත සර්ප ග‍්‍රහණය, විෂ කටු ඇතුළු සහ ලිස්සන සුළු අනතුරුදායක පාංශු බිම් කඩක් වීම සහ දැවැන්ත තුරුමුදුන් අතර නිතරම අඳුරු වන ලහැබක්ව තිබීම නිසා මංමුලා වීමද සැලකිය හැකිය.
    දුර අතීතයේ සිට සමනල රක්ෂිතයට ඇතුළු වීම නැතහොත් සමන්දෙවි අඩවියට ඇතුළුවීම යනු වන්දනාවක් බඳු ශුද්ධ වූ කර්තව්‍යයකි. සිරි පතුල පිහිටුවීමේ ගාම්භීරත්වය නිසාම සමන් දෙවිඳු තවමත් විවිධ වේෂයෙන් මෙම කැලයට අධිපතිව සිටින නිසාෙවන් අතීතයේ සිට රක්ෂිතයට ඇතුළු වන්නන් කිසිම අවස්ථාවක ‘කට වරද්දා’’ ගත්තේ නැත. එහි වර්තමාන සාක්ෂිය අදටත් සිරිපා කරුණාවේ යෙදෙන විට අපට දැකිය හැකිය. සමන්දෙවි අඩවියේ කිසිවෙකුටත් තක්කෙටම ඔට්ටු විය නොහැක. සිරිපා කරුණාවේ යෑම වුවත් වත්පිළිවෙත් රාශියක් මැද කළ යුතු කරුණාවකි. වසරේ හරි අඩක් පමණක් මෙම සිරිපතුල කරුණාවට ඉඩ ඇත්තේ ඉතිරි මාස හය (අවාරේ සමය) සත්‍ය වශයෙන්ම ප‍්‍රචණ්ඩ වැසි සමග පරිසරය දරුණු වන හෙයිනි. එය අවාරේ හතර වතාවක් පමණ මාර්ග 4 කින් ගිය අප ප‍්‍රායෝගිකව දන්නා අත්දැකීමකි.
    අවාරේ සිරිපා කරුණාව අවට ගම් වැසියන් පවා කිසිවිටෙකත් අනුමත නොකරන්නේ ජීවිත අත්දැකීමෙන්ම එහි පවතින අනතුරුදායක බව ඔවුන් දන්නා හෙයිනි. එලෙස පුරසාරම් දොඩමින් සිරිපාගම ප‍්‍රදේශයෙන් අවාරේ සමනල ගිර තරණයට තනි පංගලමේ යන දෙතුන් දෙනෙකු ලෙස ගිය බොහෝ පිරිසක් උන්මත්තක භාවයට සහ කොටි ප‍්‍රහාරවලට ලක්ව මියගොස් ඇත. සිරිපා ගම ආශ‍්‍රිත බලවන ගමේ වෙසෙන යසරත්න මාමා අප සමග බෙදාගත් ඔහු දැක අසා තිබූ ජීවිත අත්දැකීම් මෙසේය.
    ලංකාවට ආවේණික කොටියා හෙවත් දිවියා සමනල රක්ෂිතය හා හෝර්ටන් තැන්න තුළ බහුලව වාසය කරයි. තවද සාමාන්‍ය අලින් පවා මෙම රක්ෂිතයේ වාසය කරන අතර අතීතයේ හෝර්ටන් තැන්න යනු වන අලි නිජබිමකි. සමනල හා හෝර්ටන් රක්ෂිත එක යායට ඇති රක්ෂිත දෙකක් වන අතර එවා එකිනෙක බද්ද වී ඇති හෙයින් මෙලෙස අලි සහ කොටි රක්ෂිත දෙකේම එහෙ මෙහෙ යමින් වාසය කරයි.
    📷අතීතයත් සමග සසදා බැලූකල අතීතය උඩවලව ඇඹිලිපිටිය ආශ‍්‍රිත වන අලි හපුතලය, බෙලිහුල් ඔය හරහා සමනල රක්ෂිත වලට සංක‍්‍රමණය වී ඇත. සමන් දෙවි අඩවියේ ආශ්චර්ය වනුයේ සිරිපා වාරේදි අලි සහ කොටි හෝ වෙනත් කිසිදු සතෙකුගෙන් කිසිම අවස්ථාවක කිසිදු හානියක් නොවීම සහ කිසිවෙකුටත් උන්ව දැක ගත නොහැකි වීමය. නමුත් අවාරේ යන විට දුර්ලභ අවස්ථාවක් ලෙස අලි හා කොටි දැක ගැනීමට ඉඩ ඇත. තවද වාරේ අප යනෙන ප‍්‍රධාන හා සෙසු මාර්ගවල අවාරේදි අලි සහ කොටි ගැවසීම ඉතා සුලභ වන අතර ඒ නිසාම සමන් දෙවි අඩවියේ කට වරද්ද ගත් පුද්ගලයන්ට අවාරේදි එහිම දඩුවම් ලැබී ඇති අවස්ථා එමටය.

    මීට වසර කිහිපයකට පෙර ප‍්‍රදේශයේ තරුණයෙකු සමන්දෙවි අඩවියට අවාරේ පිවිසියේ අහවල් වෙලාවට අහවල් හෝරා ගණනක් තුළ සමනලගිර නගින බවට පුරසාරම් දොඩමින් සහ සමන් දෙවි අඩවියේ හාස්කම් අවතක්සේරු කරමිනි. කෙසේ හෝ තනිවම පලාබද්දල පාරෙන් අවාරේ ගිය ඔහු නැවත පැමිණියේ නැත. ඊට දින කිහිපයකට පසු ගම්වැසියන් ගොස් බලන කල කොටියෙකුගේ ප‍්‍රහාරයට ලක්ව ඔහු මියගිය බවට ගෙත්තම්පාන කිට්ටුව තිබූ ශරීර කොටස් වලින් හඳුනාගෙන තිබුණි.
    තවද මෙලෙසම තවත් කිහිපදෙනෙක් අවාරේ ඔට්ටු තබමින් ගොස් නැවත එන විට ඔවුන් උන්මත්තක භාවයට පත්ව තිබුණි. පඩි සහිත මාර්ගයේම ඔවුන්ට මග වැරදි මංමුලාවී වෙනත් ඉසව්වකින් එළියට පැමිණ තිබුණත් ඔවුන් සිහිමද ගතියකින් යුක්තවය. තවද ගිය වසරේ පවා සිරිපා අවාරේදී පලාබද්දල රජ මාවතට අලින් පැමිණ තිබුණහ. ඒ බව පසුව දැන ගැනීමට ලැබී ඇත්තේ කැඩීගිය පඩි සහ අලි වසුරු මගින්ය. එලෙසම වරක් කුරුවිට එරත්ත මාර්ගයෙන් හුදෙක් විනෝදය හා මත් සතුට උදෙසා අවාරේ සිරිපා ගිය නඩයක් දින කිහිපයක් වනයේ අතුරුදන්ව සිටියහ.
    මද වර්ෂා සමයේ ඔවුන් පිටත්ව හැරමිටි පාන දක්වා ගොස් නැවත එන විට ඔවුන්ට දින 2 ක් පමණ යනතුරු සීත ගඟුල හරහා යාමට නොහැකිව තිබුණි. හෙණ ගසමින් අකුණු සමග ප‍්‍රචණ්ඩ වර්ෂාවක් එදවස ඇඳහැලී එරත්ත සීත ගඟුල ගංගාව ඉතිරි දෙපස මාර්ග පවා යට කරමින් ගලමින් තිබූ නිසාවෙනි.
    කුරුවිට එරත්ත මාර්ගයේ යන විට සීත ගඟුල බැස එතෙර වී යා යුතු අතර එම මාර්ගයට බොහෝ විට ෙසසු ප‍්‍රධාන මාර්ග වලට වඩා දුෂ්කර හා සෞන්දර්යයෙන් අනූන මගකි අවාරේ යාමේදි ගල් පෙරළීම්, නාය යෑම්, ජල ගැලීම් වැනි ස්වභාවික අනතුරු වැඩිම මාර්ගයද එයම වේ. එරත්ත මග වැටී ඇත්තේ කුණු දිය පව්ව හා පැදුරුතලා ගල කඳු අතරිනි. සීත ගඟුල සහ කුණු ගඟ පෝෂණය කරන මුල් දියවර ජනනය වන්නේද මෙම මාර්ගය ආශ‍්‍රිත වන පියසිනි. තවද වාරේ සහ අවාරේ බහුලව අලි වසුරු දැකිය හැක්කේද මෙම මාර්ගයේ වන අතර අපට එක්වරක් අවාරේ මෙහි ගමන් කිරීමේදී අලි කුංචනාදය පවා ඇසුණි. තවද එරත්න යනු දැරණියගල උඩමාලිබොඩ මාර්ගයද එකතුවන මගකි ඝන කැලයක් සහ සෙසු මාර්ග වලට සාපේක්ෂ පඩි රහිත මාර්ගයක් වනුයේ මෙයයි.
    තවද අතීතයේ සහ වර්තමානයේ භාවනානුයෝගිව වාසය කරන භික්ෂූන් සමනල රක්ෂිතයේ වාසය කරන බව නොරහසකි. එලෙස භික්ෂූන් වාසය කරන්නේ මෙහි තිබෙන ගල්ගුහා වලය. නමුත් ඉතාමත් කිහිප දෙනෙක් හැරුණු විට එම භික්ෂූන් වාසය කරන ඉසව් ගැන නොදනිති. මේ පිළිබඳ යම් වැදගත් තොරතුරු රාශියක් ගිය වසරේ කුණු දිය පර්වතය තරණය කරන විට අපි දැනගත්තෙමු.
    කුණු දිය පව්ව ආශ‍්‍රිත වන පියසේ පිහිටි ගල් ගුහාවල ඔවුන් වාසය කරන බවත් පිදුරුතලාගල කන්දේ වනපෙදෙස් වලද එලෙස භික්ෂූන් වාසය කරන බවයි. මේ හැරුණු විට සිරිපා රක්ෂිතය තුළ ඇති එකම භික්ෂු ආරාමය ලෙස හැඳින්විය හැක්කේ වර්නගලිය, වර්ණගල අම්බලම ආශ‍්‍රිත ඉසව්වේ විහාරස්ථානයක බව සැවොම දන්නා අතර එරත්න මග වැටී ඇත්තේ ඒ ඔස්සේය. එහි වාසය කරන පුද්ගලයකු හා හිමිවරු මේ ආදී සිරියාවේ ගුප්ත බව පිළිබඳ අත්දැකීම් රාශියක් ඇත්තවුන් වන්නේය.
    භාවනානුයෝගී භික්ෂූන් අතර වඩාත් ප‍්‍රචලිත නාමය සහ තම ජීවිත කාලය තුළ රක්ෂිතයේ වාසය කරමින් භාවනානුයෝගීව වාසය කළ චන්ද්‍රලෝක හිමියන් වැදගත් සාධකයකි. අදටත් එ් හිමියන් පමණක් දැන සිටි සමනල අඩවියේ රහස් අත්දැකීම් සමුදයකි තවද හිමියන්ගේ අනුගාමී වූ හිමියන්ගේ මුඛ්‍ය සිසුවෙකු වූ ප්‍රේමාලෝක හිමියන්ගේන් අප දැනගත් තොරතුරු රාශියකි.
    එම තොරතුරු ඇතැම් විට අදහාගත නොහැකි වුවත් ඒ සමාන වෙනත් තොරතුරු මින් පෙර සමනල රක්ෂිතය ආශ්‍රිත ඉසව්වලින් අප දැන හුන් නිසාවෙන් ප‍්‍රතික්ෂේප කළ නොහැකි විය. මන්ද සියලූ ලෞකික සැප සම්පත් අතහැර තම ධ්‍යානය පිණිස රුදුරු වන සතුන් බහුල ඉසව්වක තනිවම වාසය කරන ප්‍රේමාලෝක හිමියන් ජීවිතයේ අර්ථය බෙහෙවින් වටහා ගත් කෙනෙකු බව අපට පමණක් නොව බොහෝ සැදැහැවතුන්ට පසක් වූයේ මිනිස් වාසයකින් කිලෝමීටර් ගණනක් ඈත ඝන වනයක රුදුරු වනසතුන් සමග තනිවම භාවනා කිරීම නිසාවෙනි.
    වයසින් මුහුකුරා යන්නටත් පෙරම වනගත වූ ප්‍රේමාලෝක හිමියන් භාවනාවට ඇලූම් කළේ නිර්වාණය ළඟාකර ගැනීමේ උතුම් අරමුණිනි. තවද කුඩා කල සිට සමනල රක්ෂිතයට හා සමන් දෙවි අඩවියේ හාස්කම් ගැන විශ්වාසයකින් හා උනන්දුවකින් සිටි හිමියන් තුළ අතීත කථාවල පැමිණි දිවා ගුහාව සියැසින් දැක බලා ගැනීමේ උනන්දුවක්ද තිබුණි. පලාබද්දල මගේ ධර්මරාජගලට ඔබ්බෙන් මහ වනයේ තිබෙන ගල් ගුහාවක කලක් වාසය කළ උන්වහන්සේ සතියකට වරක් නියමිත ගම්වැසියන්ගෙන් අවශ්‍ය ආහාර කළමනා රැගෙන යැයි. දිනකට එක් වේලක් අනුභව කරන උන්වහන්සේ වාසය කළ ගල් ගුහාව කාලෙයන් කාලයට වෙනස් කරන්නේ විවිධ හේතු මතය. ‘‘යක්ෂණී හිටපු ගල්ලෙන’’ යනු සිරිපාගම ආශ‍්‍රිත ජනයා හොඳින් අසා ඇති ගුප්ත ස්ථානයකි.
    ප්‍රේමාලෝක හිමියන් මෙම යක්ෂණී හිටපු ගල්ලෙන තම වාසය කරගෙන කල්ගෙවුවේ තම භාවනානුයෝගී බවට අවශ්‍ය හොඳම ස්ථානයක් බවට එම ගල්ගුහාව එතුමන්ට දැනුණු හෙයිණි. නමුත් කිසියම් බලවේගයක් විසින් උන්වහන්සේට නිතරම එම ගල්ලෙනෙන් එලවා දැමීමට උත්සහ කර තිබේ. විටෙක විවිධ ශබ්ද වලින්ද අමුතු හඬවල් හා බියකිරීම් වලට උන්වහන්සේ ලක්කළද ප්‍රේමාලෝක නම් බුද්ධ පුත‍්‍රයන් ඒ අදෘශ්‍යාමාන දුෂ්ට බලවේග වලට සැලුනේ නැත. එම බියකිරීම් හා උන්වහන්සේව එම ගල්ලෙනෙන් එලවා දැමීමට සිහිනෙන් පවා පණිවුඩ එවූ බව උන්වහන්සේ පැවසූහ. මන්ද එම ගල්ලෙන යක්ෂණී හිටපු ගල්ලෙන යන නාමයෙන් හැඳින්වීමට කතා පුවතක් සහිත වූ හෙයිණි.
    තවද ප්‍රේමාලෝක හිමියන් යනු තම පාදයේ ලේඋරා බොන්නට එල්ලෙන කූඩැල්ලෙකු වත් මරණයට පත් නොකරන හිමි නමකි. උන්වහන්සේගේ ධ්‍යානය කෙතරම් ශක්තිමත්ද කිවහොත් එම ගල්ලෙන උන්වහන්සේ නිදාගන්නා ස්ථානයේ හිසට ඉහළින් පිහිටි ස්ථානයක පල බරියා සර්පයෙකු වාසය කර ඇති අතර උන්වහන්සේ එහි වාසය කළ කාලය පුරාවටම එම සර්පයාගෙන් කිසිදු අනතුරක් සිදු වී නොමැත. සර්පයා හිමියන්ගේ හිස සමීපයේ මුලූ කාලය පුරාම වාසය කළද හිමියන්ට කිසිදු උපද්‍රවයක් නොවුයේ එතුමන්ගේ බවුන් වැඩීමේ බලමහිමය නිසාවෙනි.

    දිග වැඩි නිසා ඉතිරි කොටස පහලින්
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටුවීමේ ගමනේදී ගිමන් හැරි දිවා ගුහාව පිළිබඳ අතීතයේ සිට බොහෝ කථා ගොඩනැගුණි. මහගිරිදඹ ආශ‍්‍රයෙන් බටකොට ලෙන ආදී යම් ස්ථාන වලින් ගුහා හමුවුවද එ්වා දිවා ගුහාව නොවුයේ දිවා ගුහාවට අනන්‍ය වූ මූලික ලක්ෂණ එහි නොතිබුණු නිසාවෙනි. මන්ද දිවා ගුහාව යනු පලතුරු උයනක් මැද පිහිටි විශාල ගුහාවකි. ගුහාව තුළ දිය දහරක් සහ හිරු එළිය හොඳින් ලැබීමට තිබිය යුතු හෙයිණි මේ දිවා ගුහාව සොයා ප්‍රේමාලෝක හිමියන් බොහෝ අඳුරු ගුප්ත කැලෑ වල සැරිසැරුවද උන්වහන්සේට හමුනොවුණි. නමුත් එක දිනක් උන්වහන්සේ කැලයේ සක්මන් කරන විට පහතට පිහිටි විශාල හෙළක පලතුරු පිරුණු ගස් සහිත ප‍්‍රදේශයක් දැක තිබේ.
    උනවහන්සේ එම හෙළට බැස ගත් පසු විශාල දිය දහරාවක් අසලින් අලංකාර ගුහාවක් දැක තිබේ. නමුත් උන්වහන්සේගේ සිහිකල්පනාව මඳ ගතියක් පැමිණි හෙයින් උන්වහන්සේට එහි සිිටින කිසිවෙකු ‘‘පැමිණෙන්න’’ කියා අඬගසා තිබේ. අමුත්තා පිළිබඳ හරි වැටහීමක් හිමියන්ට නොවුණු අතර සිහිකල්පනාව නැවත පැමිණෙන විට එතුමන් සිරිපා යන රජ මාවතේ සිට ඇත. මෙවැනි අදෘශ්‍යමාන බලවේග රාශියක් සිරිපා රක්ෂිතයේ ඇති අතර සුදු හැඳගත් වැඩිහිටියෙකුව බොහෝ පිරිසකට හමු වී ඇති අතර වාරේ සහ අවාරේ එලෙස හමුවී ඇත්තේ කැලයේ මංමුලාවන විට නිවරදි මග සොයා ගැනීමට හෝ යම් වදනක් පවසා උදව් කිරීමට වැනි දෙයකදීය.
    එම නිසාම එම අදෘශ්‍යමාන පුද්ගලයා සමන් දෙවිඳු යැයි බොහෝ දෙනා තුළ මතයක් පවතියි. මන්ද අප දැනගත් ඇතැම් මංමුලා වීම් සහ අනතුරු සිද්ධීන්වල මෙකී සුදු හැඳගත් වයසක පුද්ගලයෙකු එක්වරම ඔවුන් සිටි ස්ථානයට පැමිණ නැවතත් ඔවුනට නොපෙනෙන ලෙස අතුරුදහන්ව ඇත.
    කෙසේ හෝ ප්‍රේමාලෝක හිමි දුටු සත්‍යය නැවත වරක් ගවේෂණය කිරීමට උන්වහන්සේට අවස්ථාව නොලැබුණු අතර එකී දිවා ගුහාව හා සම්බන්ධ සිද්ධිය සිරිපා කන්දට නැගෙනහිරට වන්න ආශ‍්‍රිතව බත්තුළු ඔය හා රජමාවත අතර කැලය බවට උපකල්පනය කෙරුණි. සිරිපා රක්ෂිතයේ වන සතුන් ගිරි දුර්ග අතර තවමත් අප හෝ ෙවනත් අයෙකු පා නොතැබූ ස්ථාන රාශියකි.