මම 2009 ඉඳන් ඉන්නවා. ඒ කාලෙ පට්ට fun . වැඩිය මුකුත් features නෑ. අනිත් එක හැම එකා ලඟම Computes, phones නැති නිසා හොඳ set එකක් හිටියා. දැන් හැම level එකකම එවුන් මේකේ ඉන්නවා. ඒකයි අවුල
ගින්දර .මගෙ උත්තරෙත් ඕක තමා .මාත් 2009 තමා ඇක්ටිව් උනෙ. ඊට කලින් අහලා තිබ්බා ෆේස්බුක් කියලා එකක්.
අපෙ කාලෙ හොඳා දැන් නරකා සින්දුව නම් නෙමෙ කියන්නෙ.
එත් ඒ කාලෙ උබ කිව්වා වගෙ ගොඩක් ෆීචර්ස් අඩුයි .ලයික් එකක්,කමෙන්ට් එකක් දැම්මොත් බ්‍රවුසර් එක රීලොඩ් කරන්න ඔනි ඒක වැටෙන්න .රියල් ටයිම් අප්ටෙඩේට් උනෙ නැහැ.
වැඩිය කට්ටිය ඇත්තෙත් නැහැ.
අපෙ ඉස්කොලෙ මන් විතරයි මැශින් එකෙන් ෆේස්බුක් ගියෙ. අනික් උන් ෆොන් එකෙන් ඩේටා කාර්ඩ් දාගෙන ඊ බඩි එකෙන් චැට් කරෙ .
ඉස්කොලෙ ගියෙ නැති උනහම ගෙදර වැඩ අහගන්න ෆේස්බුක් යුස් කරා මොකද ෆොන් එකෙන් කොල් ගත්තොත් සල්ලි කැපෙන නිසා.
2010 න් පස්සෙ චොර වෙන්න ගත්තා.
දැන් කොල්ලයි බල්ලයි හැම එකාම මෙකෙ.
තව එන්න එන්න වැඩි වෙනවා.
තව ටික කාලෙකින් මන් යු ටියුබ් එකත් නවත්තනවා.
එකෙත් වැඩි දැන් .ඇල්ගොරිතමික් මෙනිපියුලෙෂන් එක යු ටියුබ් එකෙත් ව්‍යාප්ත වෙලා.උවමනා දෙට වඩා උවමනා නැතිදේ සජෙස්ට් වෙනවා.
මන් මුල් කාලෙ යු ටියුබ් පාවිච්චි කරෙ ඉංග්‍රිසි සින්දු වීඩියොස් ඩවුන්ලොඩ් කරන්නයි ,ෆොටොෂොප් ඉගෙන ගන්නයි .
මට තව හිතෙන දෙයක් තමා දැන් ගොඩක් අළුත් සොෆ්ට්වෙයාර්ස් ,ඔපරෙටින් සිස්ටම්ස් ,සොෂල් මිඩියාස් ප්ලැට්ෆොර්ම්ස් හදන්නෙ නොදන්න එකෙක්ට උනත් අල්ලගන්න ලේසි වෙන්න.
ඒ කාලෙ එකපාරටම දැනගන්න බැහැ.
තමන් හොයාගෙන යන්න ඔනි,කාගෙන් හරි අහගන්න ඔනි ,කනාවට සෙට් වෙන එව්වත් තියෙනවා.
එකෙ පොඩි ලල් එක්ක තිබ්බා.
දැන් ඔනි මෝඩයෙක්ට අල්ල ගන්න පුළුවන් .
මොට්ට වෙනවා එකෙන් .