Netflix වලට සබ් දාගමු🔴

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,712
    39,420
    113
    Homagama
    Netflix වලට සිංහල සබ් දාමු​

    සමහර විට මේක උබලා දන්නවාත් ඇති. නමුත් දන්න නොදන්න ඔක්කොටම දැනගන්න එක්ක කියන්නම්.

    Netflix බලද්දි, අදාල ෆිල්ම් එකට හෝ ටිවි සිරිස් එකට ගැලපෙන සිංහල සබ් තිබුනත්, ඒවා ස්ට්‍රිම් එකට දාගන්න බැරුව ලතවෙන අවස්ථා තියෙනවානේ.මේකට කරන්න ඕනා සුලු දෙයයි.

    1) netflix සපොට් කරන්නේ Netflix timed text (.dfxp) ෆෝමැට් එක. පොදු ප්‍රකට .srt ෆෝමැට් එක netflix වලට හරියන්නේ නැ. ඒ නිසා ඔන්ලයින් හරහා ඔබේ ලග තියන සබ් ෆයිල් එක කනවර්ට් කරගන්න. මේකට තත්ත්පර 10ක් යයි ඕනානම්. මම කරගන්න සයිට් එක යටින් දාන්නම්.

    https://gotranscript.com/subtitle-converter


    2) දැන් කරන්න තියෙන්නේ නෙට්⁣ෆ්ලික් එකෙන් විඩියෝ එක ප්ලේ කරලා

    control +alt+ shift + T
    ඔබන්න. එතනින් ඕපන් වෙන වින්ඩෝ එකෙන් ඔයාගේ සබ තොරන්න.

    දැන් ඉතින් රසවිදින්න.

    මමයි ලිව්වේ.. නමුත් ඉතින් කපලා කොටලා කැමති විදිහකට පල කරගන්න. මට කමක් නැ.



    .