බුරවි ලංකාවට තවත් ළංවෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    mDk3p1D.jpg


    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි“ සුළි කුණාටුව අද (02) පෙ.ව 5.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතී.

    මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන්කර මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් ත්‍රිකුණාමලයට ආසන්නව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 - 90ක් පමණ වන අතර විටින් විට පැ.කි.මී 100දක්වා වැඩි වේ.

    ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇත.

    මෙම පද්ධතිය නැගෙනහිර වෙරළට ඇතුළුවන කාලයේ දී මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර් 1ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතී.

    මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් වෙරළ ආසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසත්, බලපෑම් ඇති ප්‍රදේශවල අනෙකුත් පදිංචිකරුවන් නිවාස තුළට වී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

     
    Last edited:
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔච්චර දරුණුද. තාමනං හුළඟක්වත් නෑ. moratuwa
    ඵහෙම තමා..සමහර රටවලට හොඳට අව්ව වැටිල තියෙනව සුළි සුළඟ ඵන්න පැය ගානකට කලින්..ගහක කොලයක්වත් හෙලවෙන්නෙ නෑ..ඵක පාරටම තමා කාලගුණේ වෙනස් වෙලා දෙන්න පටන් ගන්නෙ..
     
    • Wow
    • Like
    Reactions: NRTG and saja

    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    උතුර උතුරු මැද නැගෙනහිර පලාත්වල උන් නැද්ද එළකිරියේ :baffled: දකුණේ බස්නාහිර මධ්‍යම ඉන්න උන්ට කොහොමත් ඕක දැනෙන එකක් නෑ

    උතුර උතුරු මැද නැගෙනහිර පලාත්වල උන් නැද්ද එළකිරියේ :baffled: දකුණේ බස්නාහිර මධ්‍යම ඉන්න උන්ට කොහොමත් ඕක දැනෙන එකක් නෑ
    පොලොන්නරුවට දවසේම වැස්ස එක දිගටම. සුළං නැත.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    colombo walata wind speed eka kohoma weida? dennam wahinawa ambaneka

    ඒක තීරණය වෙන්නෙ සුළි සුළගේ ප්‍රමාණය අනුව තමා..ලංකාව ලොකු රටක් නෙමෙයිනෙ..බලපෑමක් තියෙනවා..

    p8y56ZO.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බුරාවි නිකන් බුරන බල්ලා සපා නොකයි වගේ උනොත් හොඳයි.
     
    • Like
    Reactions: dxx