Iwaray kiwwata iwarama na

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ක්ලේමෝ බෝම්බයක් සමඟ හිටපු LTTE කත බස් රථයේදී අත් අඩංගුවට

    තම දරුවාද සමග ක්ලේමෝ බෝම්බයක් ප්‍රවාහනය කරමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක හා ඇයගේ සැමියා පරන්තන්හිදී ඊයේ (02 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

    යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක යමින් සිටියදී ඔවුන් අල්ලාගෙන තිබේ. එම යුවළ මෙම බෝම්බය බුමුතුරුණු සහිත බෑගයක සඟවා තිබී ඇත. බුද්ධි අංශ දුන් ඔත්තුවකට අනුව පොලිස් – හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම වැටලීම කර ඇත.

    මෙම කොටි ජාලය ස්විට්සර්ලන්තයේ සිට ක්‍රියාත්මක බව හෙළිවී ඇත. මෙම කොටි ජාලය උතුර හා නැගෙනහිර ඉලක්ක දෙකකට ක්ල්මෝ ප්‍රහාර එල්ල කිරීමට බෝම්බ රැගෙන යාමට සූදානම්කර ඇතැයි හෙළිවී ඇත.

    සිව්වැනි ඊළාම් යුද්ධය අවසන් වූ පසු මෙරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට විදෙස්ගත එල්.ටී.ටී.ඊ. ජාලය උත්සාහ කළ පහළොස් වැනි අවස්ථාව මෙය බව බුද්ධි අංශ සඳහන් කරයි.

    2014 අප්‍රේල් 14 වැනිදා නෙඩුන්කර්නි කැලෑවේදී හමුදා ප්‍රහාරයකින් මියගිය එල්.ටී.ටී.ඊ.යේ ගෝපි යන අයගේ සොහොයුරු ස්විට්සර්ලන්තයේ සිට මෙම ප්‍රහාරය සැලසුම්කර ඇතැයි හෙළිකරගෙන ඇත.

    අත්අඩංගුවට ගත් යුවළ පදිංචිව සිට ඇත්තේද අයියකච්චි, පැනික්කච්චිහි පිහිටි ගෝපි හෙවත් කජිපන් පොන්නයියා සෙල්වනායගම්ගේ මවගේ නිවස ඉදිරිපිට නිවසකය.

    එම අඹුසැමි යුවළගෙන් ලද තොරතුරු මත ඉඩමේ වළ දමා තිබූ අත්බෝම්බයක් හමුවී තිබේ. තවත් වළ දැමූ පුපුරන ද්‍රව්‍ය සොයා ඊයේ (02 වැනිදා) පොලිසිය හා හමුදාව එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.

    එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකාවක වන අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබූ ක්ලේමෝ බෝම්බය කිලෝ එකකුත් ග්‍රෑම් 800ක් බර වන අතර මෙය නැගෙනහිරට යැවීමට නියමිතව තිබී ඇත. මෙම බෝම්බය තමාට ලැබුණේ යතුරුපැදිකරුවකුගෙන් බවට ඇය හෙළිකර තිබේ.

    මෙම කාර්ය සඳහා විදෙස් කොටි ජාලය ඇයගේ ගිණුමට මුදල් දමා ඇත. ඇය තම හත් හැවිරිදි දරුවා මෙම කටයුත්තට රැගෙන ගොස් ඇත්තේ සැකයක් ඇති නොවීමේ උපක්‍රමයක් ලෙසය.

    මෙම යුවළ යාපනයටත් බෝම්බයක් රැගෙන ගොස් ඇතැයි හෙළිවී තිබේ. මෙම කණ්ඩායමේ ඉලක්කය කුමක් දැයි සෙවීමට යුද හමුදා බුද්ධි අංශය පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මෙහෙයුමක් අරඹා ඇත.

    තිස්ස රවීන්ද්‍ර පෙරේරා (අරුණ පුවත්පත )
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,110
    7,132
    113
    Back Bay-Beacon Hill, Boston
    ස' ට අවුල් වගේ නං කොටි නැගිටිනව වගේ සීන් එකක්ද යන්නේ? එහෙනම් වඳ පෙති, වඳ බ්‍රා, ත් මග එනවා ඇති නේහ්??
     
    • Like
    Reactions: TechnWeb

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ස' ට අවුල් වගේ නං කොටි නැගිටිනව වගේ සීන් එකක්ද යන්නේ? එහෙනම් වඳ පෙති, වඳ බ්‍රා, ත් මග එනවා ඇති නේහ්??
    හම්බයො ටික බෝම්බ ගැහුවමත් උඹලට මුලින් හිතුනෙ ගෝට චන්දෙ ගන්න ගහපු ප්ලෑන් එකක් කියල නේද?
     

    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    හම්බයො ටික බෝම්බ ගැහුවමත් උඹලට මුලින් හිතුනෙ ගෝට චන්දෙ ගන්න ගහපු ප්ලෑන් එකක් කියල නේද?
    Itin eka nemeda bn, une :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    හම්බයො ටික බෝම්බ ගැහුවමත් උඹලට මුලින් හිතුනෙ ගෝට චන්දෙ ගන්න ගහපු ප්ලෑන් එකක් කියල නේද?


    Ehema neweida une ethakota
     
    • Like
    Reactions: FakeEka