හොද තීරණ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    t5Wqldq.png

    ආනයනයට වැය කෙරෙන කෝටි 2,600ක් ඉතිරි කරගැනීම අරමුණයි
    යූරියා පොහොර ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් කෝටි 2600ක මුදල රට තුළම ඉතිරි කර ගැනීම සඳහා යූරියා පොහොර දේශීයව නිෂ්පාදනය කිරීමට ආණ්ඩුව සැරසෙයි.
    ශ්‍රී ලංකාවේ වාර්ෂික යූරියා පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 340,000ක් පමණ වන අතර දැනට සමස්ත ප්‍රමාණයම ආනයනය කරනු ලබයි. ඒ සඳහා 2019 වර්ෂයේදී පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි 2,600කි.

    යූරියා පොහොර දේශීයව නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට අදාළ ව්‍යාපෘති යෝජනාවක් පරන්තන් කෙමිකල්ස් සමාගම ආණ්ඩුව වෙත යොමු කර තිබේ.
    පූර්ණ රජය සතු සමාගමක් වන පරන්තන් කෙමිකල්ස් ආයතනයට සුදුසු සමාගමක් යොදවා එම ශක්‍යතා අධ්‍යනය කිරීමට රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත. ඒ අනුව වසරක කාලයක් ඇතුළත මෙම ශක්‍යතා අධ්‍යනය අවසන් කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

    ජාතික ක‍්‍රීඩා සභාවෙන් 2021 ට අලූත් අයවැය සැලැස්මක්

    mahela222
    එළැඹෙන 2021 වසරේදී දේශීය ක‍්‍රීඩාව ඔසවා තැබීමට වෙනුවෙන් නව අයවැය සැලැස්මක් සකස් කිරීමට මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ක‍්‍රීඩා සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව එම අයවැය හා නව සැලැස්ම ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයටද මේ වන විටත් භාර දී තිබේ.

    ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාව දේශීයව සහ ජාත්‍යන්තරව ඉහළට ගෙන ඒම වෙනුවෙන් නව සැලැස්මවල් කිහිපයක්ම ක‍්‍රීඩා සභාව විසින් සකස් කර ඇති අතර එහිදී පාසල් ක‍්‍රීඩාව සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් ක‍්‍රීඩා පාසල් සංඛ්‍යාව වැඩි කිරීමටද සැලසුම් කර තිබේ. ඒ අනුව නමට තිබෙන ක‍්‍රීඩා පාසල් ප‍්‍රායෝගිකවම ක‍්‍රීඩා පාසල් කිරීම එහි නව අරමුණ වී තිබේ.

    මෙතෙක් කල් සමස්ත ශ‍්‍රී ලංකාවම ආවරණය වන පරිදි පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා ගබඩා කරමින් නියම සුදුස්සන් තෝරා ගැනීමේ ක‍්‍රමවේදයක් නොතිබුණි. ජාතික ක‍්‍රීඩා සභාව විසින් පළමුවම ඒ පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ දත්ත ගබඩා කිරීමේ ක‍්‍රමවේදයන් සකස් කරන බව මීට පෙර ‘දිවයින’ කළ විමසීමකදී මහේල ජයවර්ධන පවසා සිටියේය.

    ‘‘අපි ජාතික ක‍්‍රීඩා සභාව විදිහට ගොඩක් දේවල් සැලසුම් කරලා තියෙනවා. ඒ අතරින් මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඕනෑම පාසලක දක්ෂතා දක්වන ළමයකු සොයා ගන්න පුළුවන් විදිහට ඔවුන්ගේ දත්ත එකතු කිරීමට හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමයි. ඒ වෙනුවෙන් සොෆ්ට්වෙයා අපි දැන් හදාගෙන යනවා. ජනවාරි මාසය වන විට අපි බලාපොරොත්තු වෙනවා පාසල් දහසකවත් ළමයින්ගේ ක‍්‍රීඩා දක්ෂතාවට අදාළ දත්ත ‘ඬේටා බේස්’ එකට ඇතුළත් කරන්න.’’

    ඈත පිටිසර ළමයකු කොතරම් දක්ෂතා දැක්වුවද ඔවුන්ගේ එම හැකියාවන් බොහෝ විට ජාතික තලයට හසු නොවනු ඇත. එයට ප‍්‍රධානතම හේතුව අදාළ දක්ෂතා ගබඩා කරමින් ඔවුන් ගැන සෙවීමට හැකි ක‍්‍රමවේදයක් මෙරට තුළ පිහිටුවා නොතිබීමයි. ඉදිරියේදී ඕනෑම පාසලක ළමයකු එම පාසල් ක‍්‍රීඩා උළෙලකදී දක්ෂතාවක් දැක්වුවහොත් එයද පරිගණකගත කරමින් නියම සුදුස්සා සොයා ගැනීම මෙම දත්ත ගබඩා කිරීමෙන් හැකිවේ.

    ‘‘අපේ රටේ පාසල් 7000 ක විතර ළමයින් ක‍්‍රීඩා තරගවලට සහභාගි වෙනවා. නමුත් ඔවුන්ගේ දක්ෂතා නිසි ක‍්‍රමවේදයකට සොයා ගැනීමට තමයි මේ දේවල් කරන්නේ. එහෙම කරන්නෙ නැතිව දක්ෂයන්ව මග හැරෙන්න පුළුවන්. මේ ක‍්‍රමය ගෙනාවට පස්සෙ දක්ෂයන්ව මග හැරෙන්නෙ නැහැ. අපි දන්නෙ නැහැ හොඳ දක්ෂතා තියෙන ළමයින් කොහෙද ඉන්නෙ කියලා.’’

    ‘‘මගේ රට ගොඩන`ගා ගැනීමට සඳහා සේවය කිරීම සතුටු වන අතර එය කිසි විටෙකත් විනාශ කිරීමට හැකි නොවේ.’’ යැයි හිටපු ක‍්‍රිකට් නායක සහ ක‍්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් මගින් මුදාහැර තිබේ. ‘ක‍්‍රීඩා සඳහා ව්‍යුහයක් හා සැලැස්මක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ක‍්‍රීඩා කවුන්සිලයේ සියලූ සාමාජිකයන්ට ස්තුතිවන්ත වෙමි.’’ යනුවෙන්ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    පිරිසිදු නොකළ පාම් ඔයිල් ආනයනය අත්හිටුවීමට කැබිනට් තීරණයක්

    පිරිසිදු නොකරන ලද පාම් ඔයිල් ආනයනය අත්හිටුවීමට සහ පොල්තෙල්වලට පාම් ඔයිල් කලවම් කර පොල් තෙල් ලෙසින් ව්‍යාජ අන්දමට අලෙවි කිරීම අහෝසි කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    පොල් තෙල් පරිභෝජනය කරන පාරිභෝගික ජනතාව ගුණාත්මකභාවයෙන් යුතු හො`ද පොල් තෙල් භාවිත කිරීම ප‍්‍රවර්ධනය කිරීම ස`දහා මෙම පියවර ගත් බව සම කැබිනට් ප‍්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.

    මේ ස`දහා අදාළ වන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස කැබිනට් මණ්ඩලය දැනුම් දුන් බව ද ඇමැතිවරයා ස`දහන් කළේය.

    එසේම මේ වන විට ඉහළ මට්ටමක පවතින පොල් මිල නිසා අසීරුතාවට පත්ව සිටින පොල්තෙල් නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තකරුවන්ට සහනයක් ලබාදීම ස`දහා මාස තුනක කාලයක් ස`දහා කැබලි කරන ලද පොල් ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවූ බව ඇමැතිවරයා පැවසීය.

    කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති බීසීසී ආයතනය හරහා මසකට මෙටි‍්‍රක් ටොන් 13000 බැගින් එසේ කැබලි කරන ලද වියළි පොල් ආනයනය කිරීමට තීරණය කෙරුණු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,372
    113
    Mother Earth
    කරනවානම් පට්ට (2)
    මුන් මේ බොරුවක්ද කොහෙද කරන්නෙ. ෆයිනස් ටිකට කෙළලා දාල පස්සෙ නිකන් ඉඳයි. ගෝඨගෙ සද්දෙයි පඩ ගඳයි විතරයි. මම ළඟදි පුංචි සිරිපාදෙ ගියා. කන්ද උඩ ඉඳන් බැලුවම ඇල්ල පාරෙ කොච්චර ලී කොටන් පටව ගත්තු ලොරි යනවද කියල පේනවා. කොච්චර වන සංහාරයක් වෙනවද කියල බලන් ඉද්දි හරිම හිතට දුකක් දැණුනා.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කරනවානම් පට්ට (2)
    මුන් මේ බොරුවක්ද කොහෙද කරන්නෙ. ෆයිනස් ටිකට කෙළලා දාල පස්සෙ නිකන් ඉඳයි. ගෝඨගෙ සද්දෙයි පඩ ගඳයි විතරයි.
    dan da terune... parakku wedi... eith shamara bayyo nam dan park hadana ewa market karanaawa okun elaga changedith Rajapaksa tama 😂
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,372
    113
    Mother Earth
    dan da terune... parakku wedi... eith shamara bayyo nam dan park hadana ewa market karanaawa okun elaga changedith Rajapaksa tama 😂
    මට මොකා වුණත් එකයි. වැරැද්ද වැරැද්ද විදිහට පේන්න නුවණ තියෙනවා. ඒ වෙලාවෙ ජනාධිපතිවරණයට හිටපු උන්ගෙන් හොඳම එකා තමයි ගෝඨා. සජිත් පොන්නයට නම් කොහොමත් දෙන්නෙ නෑ. බලමු තව ඉස්සරහට මූ මොනා කරයිද කියල. :confused2:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මට මොකා වුණත් එකයි. වැරැද්ද වැරැද්ද විදිහට පේන්න නුවණ තියෙනවා. ඒ වෙලාවෙ ජනාධිපතිවරණයට හිටපු උන්ගෙන් හොඳම එකා තමයි ගෝඨා. සජිත් පොන්නයට නම් කොහොමත් දෙන්නෙ නෑ. බලමු තව ඉස්සරහට මූ මොනා කරයිද කියල. :confused2:
    rate nayakayata change denkot ea minima vitark neme uge wate inna ayath balanna one... mata nam mun dennama eka wage.wenasa wate inna eun vitarai..ekenam mu hodatama fail.
     
    • Like
    Reactions: Candid-B

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කොළඹ සේරම මාර ගස් ටික කපනවා නේද
    මාත් දැක්කා සමහරක් පාරවල් අයිනේ තියෙන ගස් කපනවා (අද ඊයේ නෙවේ කාලෙකට කලින් RDA එකෙ යාලුවෙක් මට කිව්වා ලොකු මුල් දුවන ගස් පාරවල් අයිනට හරි යන්නේ නැහැ පාර සවුත්තු වෙනවා කියලා දැන් නම් ගස් කපන්නේ කවුද මොකටද කියලා නම් දන්නේ නැහැ)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    යූරියා කියන්නේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිම පෝර වර්ගයක්.1 වෙනි ලෝක යුද්දෙට කලින් නයිට්‍රජන් අඩංගු පෝර වර්ග අරන් ආවේ බ්‍රිතාන්‍යයට අයිති ප්‍රදේශ වලින් නයිට්‍රජන් කියන්නේ පුපුරන ද්‍රව්‍ය හදන ප්‍රධානම සංඝටකය වගේම පෝරවලිනුත් අත්‍යවශ්‍යයම පෝර වර්ගයක්.යුද්දේ පටන් ගත්තම බ්‍රිතාන්‍ය ජර්මනියට නයිට්‍රජන් ලැබෙන එක නවත්තන නිසා පෝරයි,බෝම්බයි හදන්න බැරි වෙනවා.හැබැයි වායු ගෝලයේ 72% නයිට්‍රජන් තියෙන නිසා ඒකෙන් නයිට්‍රජන් අරගන්න ක්‍රමයක් හොයා ගන්න කියලා ජර්මන් පාලකයෝ ඒ කාලේ හිටපු සුපිරිම රසායන විද්‍යාඟ්‍යයෙක්ට වෙච්ච හේබර්ට අණ කරනවා.එයා වායු ගෝලීය තිර කිරීමේ හේබර් ක්‍රමය හොයා ගන්නවා.ඒකෙන් යුද්දේ වාසිය තමන්ගේ පැත්තට ගන්නවා ජර්මනිය.කොහොම හරි අදටත් භාවිතා වෙන්න්නනේ මේ හේබර් ක්‍ර්මය.මුලු ලෝකෙන්ම කර්මාන්ත සදහා මූලික අමුද්‍යවක් විදිහට නයිට්‍රජන් අඩංගු සංඝටකයක් අනිවාර්යයෙන්ම භාවිතා කරනවා.90% ක් නයිට්‍රජන් අඩංගු සංඝටක වලින් තමයි කර්මාන්ත පටන් ගන්නේ කියලයි අපි කියන්නේ ඉගෙන ගන්නකොට.ලංකාවේ කෘෂි කරමාන්තය බංකලොත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි වැඩි ගානට පෝර රටින් ගෙනත් ගොවියන්ට නිකන් දෙන එක.අඩු මුදලට අපිම හදාගන්නවා නන් ටිකක් හරි ශේප්...බංගලියොත් තමන්ගේ රටේම නයිට්‍රජන් හදනවා.නයිට්‍රජන් හැදුවම පෝර,පුපුරන ද්‍රව්‍ය,නයිලෝන් වගේ පොලිමර්,ඇසිඩ් වර්ග වගේ තව ගොඩක් ජාති හදාගන්නත් පුලු
     
    • Like
    Reactions: bravehearts

    ඔන්න කරනවා නම් වැඩ ස්තුත්යි ඔහොම හිතන එක ගැන
     
    • Like
    Reactions: Kodiya97