සූරියකන්ද සමූහ මිනීවල..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සූරියකන්ද සමූහ මිනීවල..

    මෑතකදී මම ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් ලියන ලද අමාවක සඳ යට කෘතිය කියවූයෙමි. එම පොත කියවීමත් සමගම ඇඹිලිපිටිය සිදුවීම් ගැන මා විසින් දීර්ඝ කාලයක් පුරා හැදෑරූ දේවල් මගේ මතකයට ආවේය.

    ඝාතනය කරන ලද සිසුන් ගේ කියා සැක කරන ලද සූරියකන්දේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පොහොර ගෝනි වල බහා කොලඹ ෆ්‍රැන්සිස් මාවතේ මෘතශරීරාගාරයට 1994 දී ගෙන එන විට මම කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා යටතේ අධිකරන වෛද්‍ය විද්‍යා පාඨමාලාව හදාරමින් සිටියෙමි. මෙම ඇටකටු කිසිම අධිකරන වෛද්‍ය ක්‍රියාදාමයකින් තොරව හාරන ලද බැවින් සාක්‍ෂි විනාශවී තිබෙන බව ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා අපට කීවේය. එය තවත් දේශපාලන සංදර්ශනයක් විය.

    ඇඹිලිපිටිය ඛේදවාචකය ඇරඹෙන්නේ 1988 භීෂණ සමයේදීය. මේ කාලයේදී ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් පාසල් සිසුන්ද මහ පාරේ අරගල වලට යොදාගෙන තිබුණි. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිට පාසල පාලනය කල නොහැකි මට්ටමට පාසල තුල විරෝධතා ඇති විය. එසේම විදුහල්පතිගේ පුත් චමින්ද ලොකුගලප්පත්ති පාසලේ සිසුවියකට ලියන ලද පෙම් හසුන්පතක් අතිනත ගොස් හාස්‍යට ලක්වීමද දයානන්ද ලොකුගලප්පත්තිගේ කෝපය වඩවන්නක් විය. මෙවැනි තත්වයකදී ඉවසීමෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කරනවා වෙනුවට දයානන්ද ලොකුගලප්පත්ති හමුදා ක්‍රමයට පාසල පාලනය කිරීම ඇරඹීය. ඔහු පාසලේ සිටියේ රිවෝල්වරයක් සහ ග්‍රෙනේඩ් බෝම්බයකින් සන්නද්ධවය.

    ලොකුගලප්පත්තිට ළමයින් පාලනය කිරීම ගැන දැණුමක් තිබුනේ නැත. එසේම කාලයකට ඉහතදී පාසල් සිසුවෙකුව ලිංගික අපයෝජනයට ලක් කිරීම ගැන ඔහු චෝදනා ලබා සිටියේය. දේශපාලන පත්වීමක් ලෙස ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් වූ ඔහු ක්‍රියා කලේ යක්‍ෂාවේශයෙනි. ත්‍රස්ථ ක්‍රියා කල බවට චෝදනා කොට ඔහු තමාගේ සිත් නොගත් සිසුන් ගේ නම් හමුදාවට දුන්නේය.

    ඝාතනයට ලක්වූ සිසුන් ගෙන් බහුතරය අහිංසකයෝ වූහ. නමුත් ඒ අතර ජවිපෙ පන්ති වලට සහභාගී වී ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ගිනි තැබීම , සෙවනගල සීනි කම්හලේ බුල්ඩෝසර් වලට ගිනි තැබීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියා කල කිහිප දෙනෙකුද වූහ. මෙම පාසල් ළමුන් මෙහෙයවන ලද්දේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසිනි. අවසානයේදී මොවුන් අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වූ අතර මෙම සිසුන්ව මෙහෙයවූ කේඩරයන් බ්‍රිතාන්‍ය , ඉතාලිය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට පැන ගියහ.

    ඇඹිලිපිටිය විදුහලේ සිසුන් 32ක් අතුරුදහන් කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වූයේ ලොකුගලප්පත්තිය. ඔහුට වසර දහයක සිර දඞුවමක් ලැබුනු අතර වර්තමානයේ ඔහු නිදහස ලබා රත්නපුර ප්‍රදේශයේ දෙවාලයක කපුවෙකු ලෙස වැඩ කරයි. නඩුවේ දෙවන විත්තිකරු වූ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ පුත් චමින්ද ලොකුගලප්පත්ති නිදහස් විය.

    2005 වසරේදී යුද හමුදා රෝහලේදී මාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හමුදා නිලධාරියෙක් ආවේය. ඔහුගේ වාසගම ලොකුගලප්පත්තිය. ඔහු තමා හිටපු විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ ඥාතියෙකු බව පිලිගත්තේය . එහෙත් ඔහු ලොකුගලප්පත්තිගේ පුතෙකු කියා මම සැක කරමි. එදා මගෙන් ප්‍රතිකාර ගැනීමට ආවේ චමින්ද ලොකුගලප්පත්තිද කියා මට සැකයක් තිබේ.

    ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධියට චෝදනා ලැබූ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සමග මම කතා කලෙමි. ඔවුන් ද යම් ආකාරයකට මේ භීෂණය වෙත තල්ලු කරන ලද වින්දිතයෝ වෙති. මේ වකවානුවේදී ඇඹිලිපිටියේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ගෙන යන ලද භීෂණය උග්‍රව තිබුණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් තුංකම ප්‍රදේශයේදී හමුදා රථයකට බිම් බෝම්බයක් අටවා හමුදා සෙබළුන් 8 දෙනෙකු මරා දමන ලදි. එසේම දිනපතා බස් රථ මෙන්ම රජයේ ගොඩනැගිලි ගිනි තැබීම සිදු කරන ලදි මේ තත්වය නිසා හමුදාව සිටියේ වියරුවෙනි. ඉහල දේශපාලන තන්ත්‍රය මෙන්ම ඉහල හමුදා නායකත්වය ජවිපෙ භීෂණයට භීෂණයෙන් ප්‍රතිචාර දක්වන ලෙසට කණිෂ්ඨ හමුදා නිලධාරීන්ට මෙන්ම සෙබළුන්ට නියෝග කලහ. ඩර්ටි වර්ක් හෙවත් සියළු කැත වැඩ කර ගත්තේ මේ නිලධාරීන් සහ සෙබළුන් හරහාය. නමුත් නඩුවේදී මේ ඉහල දේශපාලන තන්ත්‍රය මෙන්ම ඉහල හමුදා නායකත්වය තම තමන් ගේ ඇඟවල් බේරා ගත්හ. වතුර ගලා ගියේ පහත් තැනිනි.

    ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධිය සහ සූරියකන්ද සමූහ මිනී වල චන්ද්‍රිකාට බලයට ඒමට උපකාරී විය. නමුත් බලයට පැමිණි චන්ද්‍රිකා වින්දිතයන්ට සාධාරණයක් ඉටු කලේ නැත. සියල්ල වචන සහ පොරොන්දු වලට පමණක් සීමා වූයේය.

    අද පවා අතුරුදහන්වූ සිසුන් ගේ දෙමාපිය ඥාතීහු වියෝ දුක සාංකාව විඳිමින් මැරි මැරී උපදිති. ඝාතන වලට චෝදනා ලැබ සිරගතවූ හමුදා නිලධාරීන් ක්‍ෂිතිමය අතීතය අමතක කොට යලි ජීවිතයට මුහුණ දීමට උත්සහ දරති. මේ ඛේදවාචකයේ මූලාරම්භයන්ට තම දායකත්වය ලබා දුන් දේශපාලනයේ හය හතර නොතේරෙන පාසල් දරුවන් ෆෝම් කොට බිලි බෝයිස්ලා ලෙස හමුදා තුවක්කු කටට විසි කල දෙබිඩ්ඩෝ ඊනියා විප්ලවයෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය පවතින පළවන ලෝකයේ ධනවාදී රටවල දේශපාලන රැකවරණ ලබා ගත්හ. ඔවුන් එකී බටහිර රට වල ජීවත් වෙමින් තමන් ගේ දරුවන් එම රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවති. මෙම දෙබිඩ්ඩෝ එම රටවල සිට ජීවිතය විඳිමින් නොස්ටැල්ජියාව හෝ වරදකාරී බව නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වල සිටින තමන් ගේ බිලි බෝයිස්ලා හරහා අරගල කරමින් ජනතාවට උතුරු කොරියාවක් , කියුබාවක් නිර්මාණය කිරීමට කැස කවති. භීෂණය තවමත් අප අත් හැර ගොස් නැත. එබැවින් අනාගතයේ තවත් ඇඹිලිපිටියක් නිර්මාණය වීමේ ඉඩකඩ බොහෝ සෙයින් තිබේ.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා විසින් සම්පාදිත සටහනකි.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මේ පොත ලිව්වේ මගේ යාලුවෙක්. ඔය කව්රුවත් ඔකේ ඇත්ත කතාව දන්නේ නෑ. මේ පොතේ සියල්ල තියනවා. උස්සගෙන ගියපු කොල්ලෝ ගෙදරට එවපු ලියුම් කෑලි පවා තියනවා. මට මතකයි ගලප්පත්ති සර් බ්‍රවුන් පේපර් කවරෙක ඔතපු පිස්තොලේ අතේ තියාගෙන ඉස්කෝලේ ඇවිදපු හැටි

    LGadHJ2qpQQITv2LPXOyR6H10jFNwFgQAxxi9dLR3WwvtzR5LKijOY5lxM1p5z3y2jSFKMRKNujQO202yX3ao1vSqJwE58v4KDp7QUAf-tga_nuI3S6Rpc-fdI7XT06yFQ
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මම දන්නවා ඔතන එක අහිංසකයෙක් මැරුණා. ඒ මිනිහා අනිත් එවුන්ව උස්සගෙන යන එක දැකපු හින්ද ඌවත් මරල දැම්ම. තව එකෙක්ව ඉහලම බලපෑම් හින්දා නිදහස් කරන්න උනා. නිදහස් කරපු එකා තමයි අන්තිමට ඔක්කොම උසාවියේ කිව්වේ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ පොත ලිව්වේ මගේ යාලුවෙක්. ඔය කව්රුවත් ඔකේ ඇත්ත කතාව දන්නේ නෑ. මේ පොතේ සියල්ල තියනවා. උස්සගෙන ගියපු කොල්ලෝ ගෙදරට එවපු ලියුම් කෑලි පවා තියනවා. මට මතකයි ගලප්පත්ති සර් බ්‍රවුන් පේපර් කවරෙක ඔතපු පිස්තොලේ අතේ තියාගෙන ඉස්කෝලේ ඇවිදපු හැටි

    LGadHJ2qpQQITv2LPXOyR6H10jFNwFgQAxxi9dLR3WwvtzR5LKijOY5lxM1p5z3y2jSFKMRKNujQO202yX3ao1vSqJwE58v4KDp7QUAf-tga_nuI3S6Rpc-fdI7XT06yFQ
    අඩෝ සිරාවටම.... Respect බ්‍රෝ...

    Cbs Thank You GIF by Wolf Entertainment
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    මම දන්නවා ඔතන එක අහිංසකයෙක් මැරුණා. ඒ මිනිහා අනිත් එවුන්ව උස්සගෙන යන එක දැකපු හින්ද ඌවත් මරල දැම්ම. තව එකෙක්ව ඉහලම බලපෑම් හින්දා නිදහස් කරන්න උනා. නිදහස් කරපු එකා තමයි අන්තිමට ඔක්කොම උසාවියේ කිව්වේ
    seen eka kiyapanko mchn ithn
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ජෙප්පොයි යු ඈන් පී එකයි තරගෙට මිනී මෑරුවා.. ඊට පස්සේ චන්ද්‍රිකා මිනී විකුණලා ගොඩ ගියා... අසරණ දෙමාපියන්ට දරුවෝ නෑති වුනා.. දරුවෝ කිව්වේ ජේ වී පී සහ හමුදාවේ දෙගොල්ලම. මේ හෑමෝම තමන්ගේ රටට ආදරේ එවුන්.. උන්ව පාලකයන්ගේ වුවමනා වලට මලා. අන්තිමට ජෙප්පොයි යු ඈන් පී එකයි එකට වෑඩ කලා.. ආයෙත් කියනවා අසරණ දෙමාපියන්ට දරුවො නෑති වුන එක විතරයි වුනේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ජෙප්පොයි යු ඈන් පී එකයි තරගෙට මිනී මෑරුවා.. ඊට පස්සේ චන්ද්‍රිකා මිනී විකුණලා ගොඩ ගියා... අසරණ දෙමාපියන්ට දරුවෝ නෑති වුනා.. දරුවෝ කිව්වේ ජේ වී පී සහ හමුදාවේ දෙගොල්ලම. මේ හෑමෝම තමන්ගේ රටට ආදරේ එවුන්.. උන්ව පාලකයන්ගේ වුවමනා වලට මලා. අන්තිමට ජෙප්පොයි යු ඈන් පී එකයි එකට වෑඩ කලා.. ආයෙත් කියනවා අසරණ දෙමාපියන්ට දරුවො නෑති වුන එක විතරයි වුනේ

    ජෙප්පෝ පැහැදිලිවම වග කියන්න අද මේ රට පත්වෙලා තියෙන තැනට...

    ඒකාලේ හොදම මොල ටික මරලා දැම්මා, රට යැව්වා.. දැන් රට පාලනය කරන්න මිනිහෙක් නෑ අවුරුදු 40-55 හරිහමන්.. මැටි මෝල්ලු රජ වෙලා

    දැන් උනත් තුන් වෙනි බලවේගේ වෙලා ඉන්නවා.. මිනිස්සුන්ට ප්‍රදාන පක්ශ එපා උනත් දෙන්න එකෙක් නෑ..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    මම ඔය සීන් එක ගොඩ ගන්න කොට පොඩියි. අකුරු කියවන්නත් බැහැ. අපේ ආච්චි අම්මා මට ඇහෙන්න පත්තරේ කියවනවා අපේ මිදුලේ අබගහ යට ලොකු බංකුවේ වාඩිවෙලා. එහෙම කියවන කොට හිතේ මැවෙනවා. මිනිස්සු ලොකු වලක් කපලා අමුවෙන් යට කරනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පොයි යු ඈන් පී එකයි තරගෙට මිනී මෑරුවා.. ඊට පස්සේ චන්ද්‍රිකා මිනී විකුණලා ගොඩ ගියා... අසරණ දෙමාපියන්ට දරුවෝ නෑති වුනා.. දරුවෝ කිව්වේ ජේ වී පී සහ හමුදාවේ දෙගොල්ලම. මේ හෑමෝම තමන්ගේ රටට ආදරේ එවුන්.. උන්ව පාලකයන්ගේ වුවමනා වලට මලා. අන්තිමට ජෙප්පොයි යු ඈන් පී එකයි එකට වෑඩ කලා.. ආයෙත් කියනවා අසරණ දෙමාපියන්ට දරුවො නෑති වුන එක විතරයි වුනේ
    මිනී විකුණල බලය ගන්න පටන්ගත්තෙ සිරිමා. තමන්ගෙ මිනිහව විකුණුව. ඊට පස්සෙ ආපු හැම එකාම මිනී විකුණුව
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ehenam honda game denna ati
    88/89 භීෂණ සාමය උනත්, 2009 උනත්, 2012 උනත් හමුදාව කරන්නේ රජයේ අණ පිළිපැදීම. සුරියකන්ද, රතුපස්වල, සෙන්චෝලෙයි... ඔක්කොම එකයි.
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකනෙ සිවිල් වැඩවලට හමුදාව දාන්නෙ නැත්තෙ දියුණු රටවල
    88/89 භීෂණ සාමය උනත්, 2009 උනත්, 2012 උනත් හමුදාව කරන්නේ රජයේ අණ පිළිපැදීම. සුරියකන්ද, රතුපස්වල, සෙන්චෝලෙයි... ඔක්කොම එකයි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ගෝට ඒකාලෙ හමුදාවෙ නේද හිටියෙ. සිංහල කොල්ලො මරන්න ඇති නේද?
    ගොනෝ තොට ජිවත්වුනා ඇති වගේද ??

    එරෝෂන්, තෝ කේලම් එහෙම කියනවා නෙමේ ....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මාතලේ හිටියේ..
    ගෝටාභයයි, සරත් ෆෝන්සේකායි කෑරෑල්ල මඩින්න සෑහෙන්න ක්‍රියා කලා කියලා අහලා තියෙනවා.. රස්සාව හරියට කරන්න ඈති. ඒ වගේම දත් දොස්තර කෙනෙක් ඉදලා තියෙනවා කහ බලල්ලු හරි කොල බලල්ලු හරි කියලා සන්විදානයක් හදන් කොල්ලො මරපු. ඒ කාලේ ත්‍රීමාව මෑරුවේ පුන්චි නිලමේ කියලා කෙනෙක් කියලා අහලා තියෙනවා.. තව බටලන්දේ හිටපු අගමෑති සෙල්ලම් දෑම්මා කියලා, විජේදාස ලියනාරච්චි වගේ මිනිස්සු මෑරුවා කියලා අහලා තියෙනවා... වටිනාකම කියන්න බෑරි කාටවත් කරදරයක් නොකරපු විජය, ප්‍රේමකීර්ති, සාගරිකා ගෝමස්, රිචඩ් වගේ අයව මරලා දෑම්මා.. ඒ කාලේ මහ මූසල කාලයක්