සූරියකන්ද සමූහ මිනීවල..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    88/89 භීෂණ සාමය උනත්, 2009 උනත්, 2012 උනත් හමුදාව කරන්නේ රජයේ අණ පිළිපැදීම. සුරියකන්ද, රතුපස්වල, සෙන්චෝලෙයි... ඔක්කොම එකයි.
    හමුදාව නොදෑම්මා නම් ජෙප්පෝ කොච්චර මිනිස්සු මරනවද? හමුදාවෙන් තමා මෑඩ පෑවෑත්තුවේ. නෑත්නම් ඉවරයක් වෙන්නේ නෑ.. මෙහේ සමූපකාරේ සභාපතිව මෑරුවේ ඒ මනුස්සයා හදපු බුදු පිලිමේ ලගට ගෙනල්ලා වෑදගෙන ඉන්නකොට කොටලා.. ඒ වගේම ඉස්කෝලේ යන කොල්ලො කොච්චර මෑරුවද ආණ්ඩුවෙන්. උන්ව මරන්න වටින්නේ නෑ. ඉස්කෝල ඈතුලේ පෙලපාලි ගිය ළමයි, ඒවා ලීඩ් කරපු උන්ව තමා මෑරුවේ ප්‍රින්සිපල්ගෙන් ලිස්ට් අරන්. ඒත් හුගක් ප්‍රින්සිපල්ලා ළමයිව පාවලා දුන්නේ නෑ. ඒ කොහොම වුනත් ඒ කාලේ බිල්ල විදිහට ජෙප්පෝ අල්ලලා දෙන්න ගිය එවුන් අද ජෙප්පෝ එක්ක එකට වෑඩ. ඔන්න ඕක තමා අවසාන කතාව. මරන්න නොවටින 60000 ක් විතර මලා. ඒකත් තිරිසන් විදිහට.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හමුදාව නොදෑම්මා නම් ජෙප්පෝ කොච්චර මිනිස්සු මරනවද? හමුදාවෙන් තමා මෑඩ පෑවෑත්තුවේ. නෑත්නම් ඉවරයක් වෙන්නේ නෑ.. මෙහේ සමූපකාරේ සභාපතිව මෑරුවේ ඒ මනුස්සයා හදපු බුදු පිලිමේ ලගට ගෙනල්ලා වෑදගෙන ඉන්නකොට කොටලා.. ඒ වගේම ඉස්කෝලේ යන කොල්ලො කොච්චර මෑරුවද ආණ්ඩුවෙන්. උන්ව මරන්න වටින්නේ නෑ. ඉස්කෝල ඈතුලේ පෙලපාලි ගිය ළමයි, ඒවා ලීඩ් කරපු උන්ව තමා මෑරුවේ ප්‍රින්සිපල්ගෙන් ලිස්ට් අරන්. ඒත් හුගක් ප්‍රින්සිපල්ලා ළමයිව පාවලා දුන්නේ නෑ. ඒ කොහොම වුනත් ඒ කාලේ බිල්ල විදිහට ජෙප්පෝ අල්ලලා දෙන්න ගිය එවුන් අද ජෙප්පෝ එක්ක එකට වෑඩ. ඔන්න ඕක තමා අවසාන කතාව. මරන්න නොවටින 60000 ක් විතර මලා. ඒකත් තිරිසන් විදිහට.
    හරි මචං
     
    • Like
    Reactions: malakadss

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගෝටාභයයි, සරත් ෆෝන්සේකායි කෑරෑල්ල මඩින්න සෑහෙන්න ක්‍රියා කලා කියලා අහලා තියෙනවා.. රස්සාව හරියට කරන්න ඈති. ඒ වගේම දත් දොස්තර කෙනෙක් ඉදලා තියෙනවා කහ බලල්ලු හරි කොල බලල්ලු හරි කියලා සන්විදානයක් හදන් කොල්ලො මරපු. ඒ කාලේ ත්‍රීමාව මෑරුවේ පුන්චි නිලමේ කියලා කෙනෙක් කියලා අහලා තියෙනවා.. තව බටලන්දේ හිටපු අගමෑති සෙල්ලම් දෑම්මා කියලා, විජේදාස ලියනාරච්චි වගේ මිනිස්සු මෑරුවා කියලා අහලා තියෙනවා... වටිනාකම කියන්න බෑරි කාටවත් කරදරයක් නොකරපු විජය, ප්‍රේමකීර්ති, සාගරිකා ගෝමස්, රිචඩ් වගේ අයව මරලා දෑම්මා.. ඒ කාලේ මහ මූසල කාලයක්
    PRAA රාජිත, ගෝනවල සුනිල් ලව්වා බටලන්දේ කොල්ලෝ මරපු රනිල්, කොල්ලෝ ටයර් උඩ යවපු හිටපු පියාණෝ සහ පුතාණෝ තාම මානව හිමිකම් වෙනුවෙන් කෑ ගහනවා නේද?
    ජෙප්පොයි යු ඈන් පී එකයි තරගෙට මිනී මෑරුවා.. ඊට පස්සේ චන්ද්‍රිකා මිනී විකුණලා ගොඩ ගියා... අසරණ දෙමාපියන්ට දරුවෝ නෑති වුනා.. දරුවෝ කිව්වේ ජේ වී පී සහ හමුදාවේ දෙගොල්ලම. මේ හෑමෝම තමන්ගේ රටට ආදරේ එවුන්.. උන්ව පාලකයන්ගේ වුවමනා වලට මලා. අන්තිමට ජෙප්පොයි යු ඈන් පී එකයි එකට වෑඩ කලා.. ආයෙත් කියනවා අසරණ දෙමාපියන්ට දරුවො නෑති වුන එක විතරයි වුනේ
    තාම මුන්ට කඩේ යන බූරුවෝ ඉන්නවා. යූ.එන්.පී සහ ජ.වි.පෙ තරම් විනාශයක් කිසිම පක්ෂේකින් රටට කරලා නැහැ.
    (මේ කියන්නේ තියෙන ආණ්ඩුව හොඳයි කියන එක නෙවෙයි)
    ඇඹිලිපිටිය විදුහලේ සිසුන් 32ක් අතුරුදහන් කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වූයේ ලොකුගලප්පත්තිය. ඔහුට වසර දහයක සිර දඞුවමක් ලැබුනු අතර වර්තමානයේ ඔහු නිදහස ලබා රත්නපුර ප්‍රදේශයේ දෙවාලයක කපුවෙකු ලෙස වැඩ කරයි.
    This says all
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    හරි මචං
    අපිට ඒක දෑනුනා වගේ දෙමළ අයට යුද්ධේ දෑනෙන්න ඈති.. විජේවීර වගේම ප්‍රභාත් කලේ තමන්ගේ ජාතියට විශාල හානියක්. කවදාවත් ආයේ ලන්කාවේ නම් අවි ගෑටුම් ඈති නොවෙයි කියලා හිතන් හිටියේ.. අවුරුදු දහයකට පස්සේ පාහර හම්බයෝ අහින්සක මිනිස්සු මෑරුවා.. ආයේ ඒ වගේ දෙයක් ලන්කාවට දරා ගන්න බෑරි වෙයි
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම දන්නවා ඔතන එක අහිංසකයෙක් මැරුණා. ඒ මිනිහා අනිත් එවුන්ව උස්සගෙන යන එක දැකපු හින්ද ඌවත් මරල දැම්ම. තව එකෙක්ව ඉහලම බලපෑම් හින්දා නිදහස් කරන්න උනා. නිදහස් කරපු එකා තමයි අන්තිමට ඔක්කොම උසාවියේ කිව්වේ
    බුද්ධික කුලතුංගව දන්නවද?

    මේ කුලතුංග තමා පාසලේ ජ.වී.පෙ. මෙහෙයවීම් කළේ. ඉස්කෝලේ කැඩෙට් ටීම් එක හදපු ගුරුවරයා. මිනිහ හමුදාවට දෙපාරක් අහුවුණා. අන්තිමට කර්නල් රූපසිංහ කියල කෙනෙක්ගේ මාර්ගෙන් නිදහස් වුනේ මේ දෙන්නම ක්‍රිස්තියානිකාරයෝ නිසා. ඊට පස්සේ ජවිපෙ කුලතුංග පල්ලියේ පිහිටෙන් රට ගියා. ඉස්කෝලේ කොල්ලො ටික මැරිල ගියා.
    මෙන්න මේ ටිකත් මේ article එකට එන්න ඕන.
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සූරියකන්ද සමූහ මිනීවල..

    මෑතකදී මම ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් ලියන ලද අමාවක සඳ යට කෘතිය කියවූයෙමි. එම පොත කියවීමත් සමගම ඇඹිලිපිටිය සිදුවීම් ගැන මා විසින් දීර්ඝ කාලයක් පුරා හැදෑරූ දේවල් මගේ මතකයට ආවේය.

    ඝාතනය කරන ලද සිසුන් ගේ කියා සැක කරන ලද සූරියකන්දේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පොහොර ගෝනි වල බහා කොලඹ ෆ්‍රැන්සිස් මාවතේ මෘතශරීරාගාරයට 1994 දී ගෙන එන විට මම කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා යටතේ අධිකරන වෛද්‍ය විද්‍යා පාඨමාලාව හදාරමින් සිටියෙමි. මෙම ඇටකටු කිසිම අධිකරන වෛද්‍ය ක්‍රියාදාමයකින් තොරව හාරන ලද බැවින් සාක්‍ෂි විනාශවී තිබෙන බව ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා අපට කීවේය. එය තවත් දේශපාලන සංදර්ශනයක් විය.

    ඇඹිලිපිටිය ඛේදවාචකය ඇරඹෙන්නේ 1988 භීෂණ සමයේදීය. මේ කාලයේදී ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් පාසල් සිසුන්ද මහ පාරේ අරගල වලට යොදාගෙන තිබුණි. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිට පාසල පාලනය කල නොහැකි මට්ටමට පාසල තුල විරෝධතා ඇති විය. එසේම විදුහල්පතිගේ පුත් චමින්ද ලොකුගලප්පත්ති පාසලේ සිසුවියකට ලියන ලද පෙම් හසුන්පතක් අතිනත ගොස් හාස්‍යට ලක්වීමද දයානන්ද ලොකුගලප්පත්තිගේ කෝපය වඩවන්නක් විය. මෙවැනි තත්වයකදී ඉවසීමෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කරනවා වෙනුවට දයානන්ද ලොකුගලප්පත්ති හමුදා ක්‍රමයට පාසල පාලනය කිරීම ඇරඹීය. ඔහු පාසලේ සිටියේ රිවෝල්වරයක් සහ ග්‍රෙනේඩ් බෝම්බයකින් සන්නද්ධවය.

    ලොකුගලප්පත්තිට ළමයින් පාලනය කිරීම ගැන දැණුමක් තිබුනේ නැත. එසේම කාලයකට ඉහතදී පාසල් සිසුවෙකුව ලිංගික අපයෝජනයට ලක් කිරීම ගැන ඔහු චෝදනා ලබා සිටියේය. දේශපාලන පත්වීමක් ලෙස ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් වූ ඔහු ක්‍රියා කලේ යක්‍ෂාවේශයෙනි. ත්‍රස්ථ ක්‍රියා කල බවට චෝදනා කොට ඔහු තමාගේ සිත් නොගත් සිසුන් ගේ නම් හමුදාවට දුන්නේය.

    ඝාතනයට ලක්වූ සිසුන් ගෙන් බහුතරය අහිංසකයෝ වූහ. නමුත් ඒ අතර ජවිපෙ පන්ති වලට සහභාගී වී ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ගිනි තැබීම , සෙවනගල සීනි කම්හලේ බුල්ඩෝසර් වලට ගිනි තැබීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියා කල කිහිප දෙනෙකුද වූහ. මෙම පාසල් ළමුන් මෙහෙයවන ලද්දේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසිනි. අවසානයේදී මොවුන් අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වූ අතර මෙම සිසුන්ව මෙහෙයවූ කේඩරයන් බ්‍රිතාන්‍ය , ඉතාලිය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට පැන ගියහ.

    ඇඹිලිපිටිය විදුහලේ සිසුන් 32ක් අතුරුදහන් කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වූයේ ලොකුගලප්පත්තිය. ඔහුට වසර දහයක සිර දඞුවමක් ලැබුනු අතර වර්තමානයේ ඔහු නිදහස ලබා රත්නපුර ප්‍රදේශයේ දෙවාලයක කපුවෙකු ලෙස වැඩ කරයි. නඩුවේ දෙවන විත්තිකරු වූ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ පුත් චමින්ද ලොකුගලප්පත්ති නිදහස් විය.

    2005 වසරේදී යුද හමුදා රෝහලේදී මාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හමුදා නිලධාරියෙක් ආවේය. ඔහුගේ වාසගම ලොකුගලප්පත්තිය. ඔහු තමා හිටපු විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ ඥාතියෙකු බව පිලිගත්තේය . එහෙත් ඔහු ලොකුගලප්පත්තිගේ පුතෙකු කියා මම සැක කරමි. එදා මගෙන් ප්‍රතිකාර ගැනීමට ආවේ චමින්ද ලොකුගලප්පත්තිද කියා මට සැකයක් තිබේ.

    ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධියට චෝදනා ලැබූ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සමග මම කතා කලෙමි. ඔවුන් ද යම් ආකාරයකට මේ භීෂණය වෙත තල්ලු කරන ලද වින්දිතයෝ වෙති. මේ වකවානුවේදී ඇඹිලිපිටියේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ගෙන යන ලද භීෂණය උග්‍රව තිබුණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් තුංකම ප්‍රදේශයේදී හමුදා රථයකට බිම් බෝම්බයක් අටවා හමුදා සෙබළුන් 8 දෙනෙකු මරා දමන ලදි. එසේම දිනපතා බස් රථ මෙන්ම රජයේ ගොඩනැගිලි ගිනි තැබීම සිදු කරන ලදි මේ තත්වය නිසා හමුදාව සිටියේ වියරුවෙනි. ඉහල දේශපාලන තන්ත්‍රය මෙන්ම ඉහල හමුදා නායකත්වය ජවිපෙ භීෂණයට භීෂණයෙන් ප්‍රතිචාර දක්වන ලෙසට කණිෂ්ඨ හමුදා නිලධාරීන්ට මෙන්ම සෙබළුන්ට නියෝග කලහ. ඩර්ටි වර්ක් හෙවත් සියළු කැත වැඩ කර ගත්තේ මේ නිලධාරීන් සහ සෙබළුන් හරහාය. නමුත් නඩුවේදී මේ ඉහල දේශපාලන තන්ත්‍රය මෙන්ම ඉහල හමුදා නායකත්වය තම තමන් ගේ ඇඟවල් බේරා ගත්හ. වතුර ගලා ගියේ පහත් තැනිනි.

    ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධිය සහ සූරියකන්ද සමූහ මිනී වල චන්ද්‍රිකාට බලයට ඒමට උපකාරී විය. නමුත් බලයට පැමිණි චන්ද්‍රිකා වින්දිතයන්ට සාධාරණයක් ඉටු කලේ නැත. සියල්ල වචන සහ පොරොන්දු වලට පමණක් සීමා වූයේය.

    අද පවා අතුරුදහන්වූ සිසුන් ගේ දෙමාපිය ඥාතීහු වියෝ දුක සාංකාව විඳිමින් මැරි මැරී උපදිති. ඝාතන වලට චෝදනා ලැබ සිරගතවූ හමුදා නිලධාරීන් ක්‍ෂිතිමය අතීතය අමතක කොට යලි ජීවිතයට මුහුණ දීමට උත්සහ දරති. මේ ඛේදවාචකයේ මූලාරම්භයන්ට තම දායකත්වය ලබා දුන් දේශපාලනයේ හය හතර නොතේරෙන පාසල් දරුවන් ෆෝම් කොට බිලි බෝයිස්ලා ලෙස හමුදා තුවක්කු කටට විසි කල දෙබිඩ්ඩෝ ඊනියා විප්ලවයෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය පවතින පළවන ලෝකයේ ධනවාදී රටවල දේශපාලන රැකවරණ ලබා ගත්හ. ඔවුන් එකී බටහිර රට වල ජීවත් වෙමින් තමන් ගේ දරුවන් එම රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවති. මෙම දෙබිඩ්ඩෝ එම රටවල සිට ජීවිතය විඳිමින් නොස්ටැල්ජියාව හෝ වරදකාරී බව නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වල සිටින තමන් ගේ බිලි බෝයිස්ලා හරහා අරගල කරමින් ජනතාවට උතුරු කොරියාවක් , කියුබාවක් නිර්මාණය කිරීමට කැස කවති. භීෂණය තවමත් අප අත් හැර ගොස් නැත. එබැවින් අනාගතයේ තවත් ඇඹිලිපිටියක් නිර්මාණය වීමේ ඉඩකඩ බොහෝ සෙයින් තිබේ.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා විසින් සම්පාදිත සටහනකි.
    පලා ගියවුන්
    පිටුපස සිටින එවුන් එලි කරන්න
     
    • Like
    Reactions: Solo Rider

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අබිලිපිටිය මිනීමැරුම් මෙහෙයවපු කර්නල් වරය පහුගිය චන්දෙ වෙලාවෙ අනුර කුමාරට වැඩ කලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බන්දු වික්‍රම (හිටපු වරාය සභාපති ) තමයි ප්‍රින්සිපල්ගෙ පුතාගෙ පන්තියෙ හිටපු ජීවිතේ බේරුන එකම ලමය කියන්නෙ. මම උගෙන් ඔය විස්තර අහල තියෙනව. කිසිදෙයක් කිව්වෙ නෑ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ජෙප්පෝ පැහැදිලිවම වග කියන්න අද මේ රට පත්වෙලා තියෙන තැනට...

    ඒකාලේ හොදම මොල ටික මරලා දැම්මා, රට යැව්වා.. දැන් රට පාලනය කරන්න මිනිහෙක් නෑ අවුරුදු 40-55 හරිහමන්.. මැටි මෝල්ලු රජ වෙලා

    දැන් උනත් තුන් වෙනි බලවේගේ වෙලා ඉන්නවා.. මිනිස්සුන්ට ප්‍රදාන පක්ශ එපා උනත් දෙන්න එකෙක් නෑ..

    සිරාවට . උඹට මීටර්ද දන්නේ නෑ ඒ කාලේ තරුණ වයසේ හිටපු සමහර ගෑණු අය කසාද බැඳලා නෑ මොකද කොල්ලෝ බල්ලෝ බළල්ලු ගාණට මැරිච්ච නිසා. අනික් එක ඒ අය හිටියා නම් අද නාකි හම්පඩයෝ පාර්ලිමේන්තුවේ නෑ අවුරුදු 45-50 පරිණත වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් ඉන්නවා.ගොඩක් මැරුනේ සිංහල මිනිස්සු.​

     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    300k marala bale ta awe

    issara tv eke hama welema sooriya kanda mini wala gana ad danawa chande kittu wena kaleta ehema news wala pennawa ,habai mehema hora pawulak nam dakke ne
    ------ Post added on Dec 14, 2021 at 12:44 PM
     
    • Like
    Reactions: Solo Rider

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ලංකාවේ මෑතබායයේ පත්කරපු ප්‍රසිද්ද කොමිසමක් නේ සුරිය කන්නද ගාතන කොමිසම. එකේ වාර්තාවේ ප්‍රතිපල අනුව මොකද උනේ ? අර හමුදා මේජර් හිරේ හියේ ඒකෙ ප්‍රතිපල නිසාද?, ස්කොලේ ප්‍රින්සිපල්ට දඩුවම් ලැබුනේ නෑ නේද ?,
     
    • Like
    Reactions: Solo Rider