මොකක්ද මේ කොටස්වෙළදපොලට එක පාරට උනේ.....නියම පැහැදිලි කිරීමක්

dilann

Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    COPIED

    𝐖𝐡𝐚𝐭 𝐡𝐚𝐩𝐩𝐞𝐧𝐞𝐝 𝐭𝐨 𝐭𝐡𝐢𝐬 𝐬𝐭𝐨𝐜𝐤 𝐦𝐚𝐫𝐤𝐞𝐭 𝐚𝐥𝐥 𝐨𝐟 𝐚 𝐬𝐮𝐝𝐝𝐞𝐧?
    මොකක්ද මේ කොටස්වෙළදපොලට එක පාරට උනේ
    🤔
    🤔

    මේක මහ අමුතු වෙලාවක්. හැමදේකම දෙපැත්තක් තියෙනවා කියනවනේ.ඉතින් දැනට කොටස්වෙළදපල තුළ සිටින, යම් සැලකිය යුතු අයෝජනයක් කරලා ඉන්න පිරිසට සහ ආණ්ඩුවට පක්ෂ දේශපාලනය හෙන්චයියන්ට පට්ට ආතල් වෙලාවක්
    🤑
    🤑
    🤩
    🤩

    අනිත් පැත්තෙන් කොටස්වෙළදපලතුල හිටියටත් තමන්ගේ හිතේ හැටියට අයෝජනයක් කර ගන්න බැරි උන සහ කොටස්වෙළදපල ගැන මෙලෝ හසරක් නොදන්න ඇතැම් විපක්ෂ දේශපාලනය හෙන්චයියන්ට කාලා ඉන්න බැරි වෙලාවක්
    🤮
    🤮
    🤥
    🤥

    ඔයිට අමතරව ඉතින් තව එකෙකුට හරියනවා බලන් ඉන්න බැරුව නලියන පිරිසකුත් නැතුව නෙමේ
    🤚
    🤧

    ඇත්තටම ඇයි එකපාරට මෙහෙම වෙන්නේ.
    🤔
    🤔
    .එක හේතුවක් නෙමේ, හේතු ගොඩක් තියෙනවා.
    - එකක් තමයි පොලී අනුපාත පහල ගිහින් තියෙන එක.එහෙම වෙනකොට කොහොමත් ඉහල ප්‍රතිලාභ සහිත ආයෝජන වලට යොමු වෙන එක සාමාන්‍ය දෙයක්.
    - අනිත් එක තමයි imports නවත්තලා තියෙන එක.ආනයනය වෙනුවෙන් ආයෝජකයෝ යොදවපු මුදල් මේ වෙලාවේ දාන්න පුලුවන් හොදම තැන තමයි කොටස්වෙළදපල.
    - තුන් වෙනි එක තමයි දේශීය ආයෝජකයෝ විශාල වශයෙන් කොටස්වෙළදපලට පිවිසීම.මේ හරහා විශාල වශයෙන් මුදල් කොටස්වෙළදපල වෙත යොමුවීමක් පේනවා( කලු හෝ සුදු )
    - මීට අමතරව ඉතින් අයවැයෙන් කොටස්වෙළදපල ඉලක්ක කරලා දුන්න සහන ටිකත් ගොඩක් වැදගත් .
    - කවුරු කැමති අකමැති උනත්, මිනිහගේ අතීත කෙරුවාව කොහොම උනත් , කබ්‍රාල් වගේ කෙනෙක් මෙතෙන්ට පත්කරපු එකත් මෙතන ලොකු සාධකයක් වෙලා තියෙනවා.
    🤐

    මෙතන ඇත්තටම ‍යන්නේ 𝖒𝖆𝖗𝖐𝖊𝖙 𝖈𝖔𝖗𝖗𝖊𝖈𝖙𝖎𝖔𝖓 එකක්.ඒක ඔය සමහරු කියනවා වගේ කෘතිමව හරි, මුදල් අච්චු ගහපු එකේ ප්‍රතිපළයක් විදියට හරි වෙන දෙයක් නෙමේ.
    කොටස් වෙළෙදපොළ ගැන අවධානයෙන් හිටපු කෙනෙක් නන් දන්නවා පහුගිය අවුරුදු පහේ කොටස්වෙළදපල හැසිරුණ විදිය.කොටස් මිල ගණන් යම් යම් හේතු මත දිගින් දිගටම පහල ගියාට , සමාගම් ලාභ දිගටම ඉහල ගිහින් තිබුනා( හොටෙල් වල හැර ) ඉතින් දැන් මේ යන්නේ කොටසක වටිනාකම නියම මිලට විතැන් වීමක්.අයෝජකයෝ කොටස්වෙළදපලට යොමු වෙද්දි සහ අයෝජනය විශ්වාසය ඉහල යද්දි මේ දේ වෙන එක සාමාන්‍ය දෙයක්.
    ඊට අමතරව රජයෙන් සැළකිය යුතු push එකක් තියෙනවා කියලාත් ඕනේ කෙනෙකුට පේනවනේ.මොකද විදෙස් ආයෝජන රට ඇතුලට ගේන්න කොටස්වෙළදපල ස්ථාවරව තියෙන එක ගොඩක් වැදගත් දෙයක්.
    හැබැයි පුතෝ මේ ලංකාව.උබලා මොන වැඩ්ඩෙක් උනත් උබටට ඒක අමතක වෙනවනන් උබලා පරාදයි.
    😐

    ඒ හින්දා අයෝජනය කරද්දි හොදට හොයලා බලලා ආයෝජනය කරන්න.පුලුවන් තරම් ලාභ උපයන, අනාගත පැවැත්ම ගැන අවධානම අඩු සමාගම් වල අයෝජනය කරන්න.පුලුවන් තරම් අත්තෙන් අත්තට පනින එක අඩු කරන්න මේ වෙලාවේ.
    " දුවන මුවන් දැක නොදමන් නෙළූ පලා "
    👌🏻
    👌🏻

    ඒ අස්සේ ඉතින් trade කරලා ගානක් තලා ගන්නත් අමතක කරන්න එපා.හැබැයි trade කියන්නේ trade. එහෙම නැතුව trade කියන්නේ investmentනන් නෙමේ. Trade කරන්න තියෙන ඒවගේ investment කරලා , පස්සේ රෙද්ද උස්සන් inbox ගානේනන් එන්න එපා " උබ අරෙහෙම කිව්වනේ, මෙහෙම කිව්වනේ " කියලා.
    අවස්ථාක් ලැබිලා තියෙනවා.ඒ අවස්ථාව ඇතුලේ #අවධානම_කළමණාකරණය කර ගන්න එක 100% ක්ම ආයෝජනය කරන ඔබට භාරයි.
    Dihara De Silva
    💪
    ❤️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,986
    113
    ඌ හෙන කතාවක් කියල අන්තිමට මෙහෙමත් කියල තියෙනව බේරුමට

    " හැබැයි පුතෝ මේ ලංකාව.උබලා මොන වැඩ්ඩෙක් උනත් උබටට ඒක අමතක වෙනවනන් උබලා පරාදයි.
    😐

    "
    :D :D
     

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    ඌ හෙන කතාවක් කියල අන්තිමට මෙහෙමත් කියල තියෙනව බේරුමට

    " හැබැයි පුතෝ මේ ලංකාව.උබලා මොන වැඩ්ඩෙක් උනත් උබටට ඒක අමතක වෙනවනන් උබලා පරාදයි.
    😐

    "
    :D :D
    ඒකේ නම් ඇත්තකුත් නැත්තෙම නෑ නේද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,986
    113
    ඔය බයිලා මොනවත් නැතුව අනිත් අය කියල තියෙන්නෙ ඒකම තමයි. :lol:
    හැබැයි, ඒත් වගෙ වචන වලට කලින් තියෙන හැම දේම ඊට පස්සෙ කියන හදන දේ කියන්න හදන දේට ගන්න ප්‍රවේශයක් විතරයි කිසිම වැඩක් නෑ.
    1630549648583.png