මම හිතන්නෙ food city එක ලේසියි සහ ලාබයි කියලා
හාඩ් වෙයා එකක් උනාම සෑහෙන්න බඩු ගැන දැනගන්න ඕන, නිකමට බලපන් හාඩ්වෙයා එකකින් එතන තියන ඕනම බඩුවක් ගැන අහපු ගමන් යූස් කරන හැටි ඉඳන් සේරම විස්තර එහෙම කියනවා
අනික ඉන්වෙස්ට්මන්ට් එක ලොකුයි, පාඩුවක් නම් වෙන්නෙ නැහැ
තව හාඩ්වෙයා වලින් ලොකුවට බඩු ගන්න එවුන් ගන්නෙ අනිවාර්යෙන් ගල් වැලි යකඩ සිමෙන්ති එහෙම තියනවා නම් තමයි, කවුරු උනත් ඕව ගන්න තැනින් තමයි අනෙක් බඩු ගන්නෙත්
තව ඕව ඩිලිවර් කරන්නත් ඕන, ඒවට වාහන ඕන, පුරවන්න ලෝඩර් අනම් මනම් ඕන, ලාබ තිබ්බට හොඳ ගානක් හොයන්න ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙන්න ඕන නේ
මගේ ගෙදර හදපු වෙලේ ස්ලැබ් එකකට + රිටේනින් වෝල් එකකට යකඩ විතරක් 1M වල විතර ඕන උනා, ලඟ හාඩ්වෙයා තිබ්බට උන්ට ඉක්මනට් ඒ තරම් යකඩ දෙන්න තිබ්බෙ නැහැ, අපි ඒ සැරේ දුර තැනිකින් ගත්තෙ, ලඟ හාඩ්වෙයා තිබ්බත් අර දුර එකෙන් ගල් වැලි සිමෙන්ති බඩුත් ගත්තා, හේතුව උනේ උන් ලඟ යකඩ තිබ්බ එක විතරයි, ගනන් එහෙම ලඟ තැනයි දුර තැනයි වෙනසක් නැහැ
හැබැයි food city එක ලාබයි, stock keeping එකත් එක්කම තියන POS සිස්ටම් එකක් වගේ දැම්මා නම්/CCTV ගැහුවා නම් කඩේ ඉන්න එකා අමු හොරෙක් උනත් බය වෙන්න දෙයක් නැහැ, අහු වෙනවා, අනික දැන් හැම මිනිහම කැමතියි සුපර් මාකට් ස්ටයිල් එකේ කඩ වලින් බඩු ගන්න
හන්දියක් හන්දියක් ගානෙ පොඩි සුපර්මාකට් දාන්න ඒකයි, ගොඩක් ඒවයෙ කරන්නෙ හාල්, ළූණු, හාල්මැස්සො, පරිප්පු, ලුණු වගේ ඒව පොඩිම ගානක් තියන් අඩුවට දෙනවා, ඒව අත්‍යවශ්‍ය නිසා මිනිස්සු එනවා ඒව ගන්නම, එතකොට කඩේ තියන අනෙක් බඩු විකිනෙන එකෙන් තමයි ගොඩක් දුරට ලාබෙ එන්නෙ
මම ඉන්න තැනට කිලෝමිටර් 3ක් විතර ඈතින් ඔහොම කඩයක් දාල තියනවා, ඒක නිසා වටේ තිබ්බ සේරම පොඩි කඩ වැහෙන තරමටම කෙල උනා, එතන ඉඳන් කිලෝමිටරයක් විතර ගියාම කාගීල්ස් ෆුඩ් සිටි එකත් තියනවා, ඒත් මිනිස්සු අර ගමේ එකටම යනවා. දැන් හවසට එහෙම බඩු ගන්න ගියාම කවුන්ටරේ පෝලිමේ ඉන්න ඕන,
මේක පැත්ත අනුව වෙනස් වෙන්න පුලුවන් හැබැයි මට තේරෙන විදියට මේ වැඩේ ලාබයි මොකද කන බොන බඩු කවදාවත් විකිනෙන එක නතර වෙන්නෙ නැහැනේ.