බීලනං, මිනීත් මරලනං එහෙම්ම ගිලෙන්න දෙන්නේ නැතිව මොකට ගොඩගත්තද ඕකුංව. පේනවනේ අර කොපිචැට් කරන ෆකයා ඉන්න ආතල් එක මිනිහෙකුත් මරලා. උඹලා බොනවා වෙන්න පුලුවං. හැබැයි බීලා පාඩුවේ ඉන්නේ නැතිව වැරදි වැඩ කරනවා නං උඹලත් බොනවනේ කියලා සාදාරනීකරනය කරලා ඕකුන්ට අනුකම්පා කරන්න යන්න එපා.
මමත් කරටි කැඩෙන්න බීපු එකෙක්. මගේ මුලු ජීවිත කාලෙටම බීලා වාහනේ අරන් තියෙන්නේ එක පාරයි, ඒකත් වයින් ග්ලාස් එකක් බීලා අමතක වෙලා වාහනේ පැදලා.
ගෙදර ආවට පස්සේ මතක්වුනේ බීල නේද ආවේ කියලා. සාමාන්‍යයෙන් මම බිව්වොත් වයිෆ්ට වාහනේ දෙනවා. බීලා ඇතිවෙලාම දැන් එහෙම වැනෙන්නවත් බොන්නේ නෑ.
