මහියංගණය නගරයට ආසන්නයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවකින් ඊයේ දිනය වන විට කොවිඩ් ආසාදිතයින් 108 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා. එම ඇගළුම් කම්හලේ සේවකයින් 10 දෙනෙකු පළමුව සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් ලෙස සොයා ගෙන ඇති අතර පසුව සිදුකළ පරීක්ෂණ මගින් ඊයේ දිනයේදී ආසාදිතයින් 98ක් වාර්තා වී ඇත.
මෙම ආසාදිතයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 1500ක් පමණ මහියංගණය, බිබිල ආශ්‍රිත ප්‍රදේශවල සිටින බැවින් ඔවුන්ව නිවෙස් තුලම නිරෝධායනය කරලීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ.
මේ අතර ඊයේ දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක්, කළුතර 88ක්, කුරුණෑගල 79ක්, ගම්පහ 57ක්, ගාල්ල 38ක්, හම්බන්තොට 27ක්, මන්නාරම 13ක්, නුවරළිය 01ක්, පොළොන්නරුව 05ක්, මාතලේ 05ක්, පුත්තලම 16ක්, මඩකලපුව 01ක්, කෑගල්ල 01, රත්නපුර 01ක්, අනුරාධපුර 11ක්, අම්පාර 12ක්, මාතර 06ක්, කිලිනොච්චිය 02ක්, වව්නියාව 06ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.
අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 61,461ක්. දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව ආසාදිතයින් සංඛ්‍යාව 6,046ක්.
මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා විය. ඒ සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගොස් ඇත.
https://mawurata.lk/archives/6554