Questions සිතාසිය

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    නඩුවකට පෙනී සිටින්න කියලා උසාවියෙන් එවන දැන්වීමක්.පොලීසියෙන් තමයි ගෙනල්ලා භාරදෙන්නේ.ඊයේ කවුද දාලා තිබ්බා තැපෑලෙනුත් ආවා කියලා.අදාල කෙනාගේ අතට තමයි දෙන්න ඕනි.භාර දෙන්න බැරි වුනාම ගෙදර අලෝලා යනවද කොහෙද..අන්තිට එහෙමත් නඩුවට ආවේ නැත්තං පොලිසියෙන අල්ලන් යනවා....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නඩුවකට පෙනී සිටින්න කියලා උසාවියෙන් එවන දැන්වීමක්.පොලීසියෙන් තමයි ගෙනල්ලා භාරදෙන්නේ.ඊයේ කවුද දාලා තිබ්බා තැපෑලෙනුත් ආවා කියලා.අදාල කෙනාගේ අතට තමයි දෙන්න ඕනි.භාර දෙන්න බැරි වුනාම ගෙදර අලෝලා යනවද කොහෙද..අන්තිට එහෙමත් නඩුවට ආවේ නැත්තං පොලිසියෙන අල්ලන් යනවා....

    සිතාසි බාර නොගෙන නඩුවට එන්නත් පුළුවන්. එහෙම අවුලක් නෑ.
    නඩු දිනේට ගියා නම් අල්ලන් යන්නේ නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,553
    1
    57,675
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන අපිට සිතාසිය කියන්නේ සුලබව අහන්න ලැබෙන වචනයක්. නමුත් වයස් භේදයකින් තොරව සිතාසි කියන වචනය ඇසූ පමණින්ම හිත තිගැස්සෙනවා කියන එක නම් රහසක් නෙවෙයි. දඩුවම් ලැබීමට තියන බිය නිසාවෙන්දෝ වරදක් කළත් නොකළත් සිතාසියක් අපේ නමට ලැබුණොත් හිතට ඇති වෙන්නේ වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි තරමේ චකිතයක්.

    නමුත් කොහොමද මේ සිතාසි අපේ ළඟටම එන්නේ කියල ඔබ දැනුවත්ද? මේ හා සම්බන්ධ විධි විධාන මොනවාද, මොන වගේ ක්‍රියා මාර්ගවලින් පස්සෙද අපි ළඟට එන්නේ කියලා අවබෝධයක් ඔබ සතුව තිබෙනවාද? ඒ සම්බන්ධ ඔබේ දැනුම දුර්වලද? එසේ නම් මේ ලිපියෙන් අපි වැඩිදෙනා නොදන්න, අපි කාටත් ගැටළුකාරී තත්වයන් මවන සිතාසියක සුලමුල දැනගනිමු.

    ✴️මොකක්ද මේ සිතාසියක් කියන්නේ?

    සාමාන්‍ය විදියට සිතාසියක් කියන්නේ යම් පුද්ගලයෙක්ට විරුද්ධව තවත් අයෙකු විසින් උසාවියේ නඩුවක් ගොනු කර තිබෙන බවත්, එම නඩුවට යම් නිශ්චිත දිනයකදී උත්තර සැපයිය යුතු බවත් නිල වශයෙන් අනෙක් පාර්ශවය දැනුවත් කෙරෙන ලිපියකටයි.

    සිතාසි සම්බන්ධයෙන් විධි විධාන තිබෙන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ වන අතර එහි 7 වන පරිච්ජේදයේ.

    මේ අනුව නඩුවක් පවරපු දිනයේ සිට මාස 3ක් ඇතුළත දී හෝ උසාවිය නියම කරන දිනයක හෝ ඊට පෙර උසාවියේ පෙනී සිට එම පුද්ගලයාට විරුද්ධව පවරා ඇති නඩුවට නැතිනම් පැමිණිල්ලට පිළිතුරු දීම සිදු කරන ලෙස නියම කරමින් උසාවියේ රෙජිස්ට්‍රාර්වරයා අත්සන් කරන ලද සිතාසියක් නිකුත් කරන ලෙස උසාවිය විසින් නියෝග කරනු ලබනවා.

    ✴️සිතාසියක ඇතුලත් වන්නේ මොනවාද?

    මූලික වශයෙන් සිතාසියක ඇතුලත් වන්නා වූ කරුණු කිහිපයක් දැක්විය හැකියි. ඒ අතර,

    සිතාසිය භාර දෙන පුද්ගලයාට විරුද්ධව සිතාසියේ ලියා ඇති ආකාරයට නඩුවක් ගොනු කර තිබෙන බව ,
    උසාවිය නියම කර ඇති, සිතාසියේ ලියා තිබෙන, මාස 3කින් එළඹෙන දිනයට පෙර පිළිතුර සැපයිය යුතු බව හා එම කාලය තුළ පිළිතුර ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒකපාර්ශවිකව නඩුව විභාගයට ගන්නා බව, (එනම් පැමිණිල්ලේ කරුණු පමණක් සලකා බලන බව)
    විත්තිකරු හෝ විත්තිකරුවන්, එනම් සිතාසිය ලබන්නා ශ්‍රී ලංකාවෙන් පිටත විදේශ රටක ජිවත් වන පුද්ගලයෙක් නම් ඔහු හෝ ඇය මාස 6කට නොවැඩි කාලයක් ඇතුළත එළඹෙන, සිතාසියේ ලියා ඇති දිනයට පෙර පිලිතුරු සැපයිය යුතු බව හා එම කාලය තුළ පිළිතුරු ඉදිරිපත් කරන්නේ නැතිනම් පැමිණිල්ලේ කරුණු පමණක් සලකා බලා තීන්දුව ලබා දෙන බවත් සදහන් කර තිබෙනවා.

    ✴️සිතාසි ලබා දීමේ ක්‍රම වේදයන් මොනවද?

    වර්තමානයේ සිතාසි බෙදන සාමාන්‍ය විදිහවන්නේ ලියාපදිංචි තැපෑලයි. නමුත් මීට පෙර සිතාසි ලබා දීමේ දී භාවිත වූයේ පිස්කල් නිලධාරියෙකු මාර්ගයෙන් පුද්ගලිකව ගෙන ගොස් භාර දීමේ ක්‍රමයයි.

    ඒ වගේම සිතාසි ලබා දෙනු ලබන්නේ සංස්ථාවක් හෝ සංස්ථාගත නොකරන ලද පුද්ගල මණ්ඩලයක් සම්බන්ධයෙන් නම් එම සංස්ථාවේ හෝ පුද්ගල මණ්ඩලයේ ලියාපදිංචි කාර්යාලයට භාර දීම සාමාන්‍යයෙන් සිදු කෙරෙනවා. නමුත් ලියාපදිංචි කාර්යාලයක් නොමැති නම් එහි ප්‍රධාන ව්‍යාපාර ස්ථානයට සිතාසි භාර දෙනු ලබනවා.

    සිවිල් නඩු විධි විධාන සංග්‍රහයේ සඳහන් වන ආකාරයට විත්තිකරු රජයේ නිලධාරියෙකු නම් එම පුද්ගලයා සේවය කරන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙත ලියාපදිංචි තැපෑලෙන් සිතාසි යැවීමත් සිදු කරන්න පුළුවන්. ඒ වගේම දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ කාර්ය භාරය විය යුත්තේ එසේ ලැබුණ සිතාසි පුද්ගලිකව විත්තිකරුට ලැබෙන්නට සලස්වන එකයි.

    විත්තිකරු වෙනත් තැනැත්තෙකු යටතේ සේවය කරනු ලබන්නේ නම් සහ උසාවිය ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් වන්නේ නම් සේවායෝජක වෙත, සේවායෝජකයාගේ ව්‍යාපාර ස්ථානයට, සේවා සමාගමක් හෝ සංස්ථාවක් නම් එහි ලේකම්වරයකු, කළමණාකරුවෙකු හෝ වෙනත් නිලධාරියෙකු වෙත ලබා දීම සිදු කළ හැකියි. එසේ ලබා ගත් සිතාසිය විත්තිකරු වෙත පුද්ගලිකව ලබා දිය යුතුයි.

    යම් කිසි විත්තිකරුවෙකු ලියාපදිංචි තැපෑලෙන් සිතාසියක් ලැබුණු පසු උසාවියේ පෙනී සිටින විට ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැඳුනුම් පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය උසාවියට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේ අවස්ථාවක මේ ඉදිරිපත් වන තැනැත්තාගේ අනන්‍යතාවය තහවුරු කරන එක අධිකරණයේ විනිසුරුවරයාගේ වගකීමක්.

    ✴️පෞද්ගලිකව සිතාසි භාර දීම.

    ලියාපදිංචි තැපෑලෙන් සිතාසි භාර දීමට නොහැකි බවට යම් ආකාරයකින් වාර්තා වුණොත් හරි, ලියාපදිංචි තැපෑලෙන් සිතාසි භාර දී ඇති විට අදාළ දිනයේදී විත්තිකරු නැතිනම් සිතාසිය ලබා ගත් තැනැත්තා උසාවියේ පෙනී සිටීම පැහැර හැර තිබෙනවා නම් හරි, පිස්කල් හෝ ග්‍රාම නිලධාරී මහතෙකු මාර්ගයෙන් පෞද්ගලිකව සිතාසි භාර දිම සිදු කෙරෙනවා.

    පෞද්ගලිකව සිතාසි භාර දෙන අවස්ථාවක විත්තිකරු සංස්ථාවක් හෝ සංස්ථාපිත ආයතනයක් නම් එම ආයතනයේ ලේකම්ට, අධ්‍යක්ෂක වරයාට හෝ එම ස්ථානය භාර තැනැත්තාට සිතාසිය භාර දිය යුතුය.

    ✴️පෞද්ගලිකව සිතාසි භාර දීමට නොහැකි නම්?

    පෞද්ගලිකව සිතාසි භාර දෙන්න නොහැකි වන අවස්ථාවකදී යොදා ගන්නේ ආදේශිත ක්‍රමය කියලා එකක්. ආදේශිත ක්‍රමය වගේම ආදේශිත ක්‍රමයට සිතාසි භාර දෙන ආකාරය ගැනත් දැන ගෙන සිටීම වැදගත්.

    මෙහිදී විත්තිකරු පදිංචි නිවසේ, ප්‍රසිද්ධ ස්ථානයක හෝ ව්‍යාපාරික ස්ථානයේ හොදින් පෙනෙන තැනක සිතාසි ඇලවීම සිදු කෙරෙනවා. මෙසේ කළ අවස්ථාවක එය නිත්‍යානුකූල ආකාරයෙන් සිතාසි භාර දීමක් ලෙස සැලකෙනවා.

    නමුත් සිතාසි පෞද්ගලිකව භාර දීමට නොහැකි බවට පිස්කල් වාර්තාවක් නැති අවස්ථාවක, විත්තිකරු ලංකාවේ සිටින බවට නිසි සාක්ෂි නොමැති විටෙක හෝ ආදේශිත ක්‍රමයට සාක්ෂි භාර දීමට ස්ථානයක් නොමැතිව අවස්ථාවකදී ආදේශිත ක්‍රමයට සිතාසි භාර දෙන්න අවශ්‍ය වන්නේ නැහැ.

    ✴️ශ්‍රී ලංකාවෙන් පිටත දී සිතාසි භාර දෙන ආකාරය.

    ලංකාවෙන් පිටත සිටින විත්තිකරු වෙත සිතාසි භාර දෙන්න කෙරෙන හැම ඉල්ලීමක් සඳහාම මෝසමක් ඉදිරිපත් කරන්න සිදු වෙනවා. ඒ වගේම දිවුරුම් ප්‍රකාශයක් හෝ වෙනයම් සාක්ෂියක් මගින් එසේ ඉල්ලුම් කිරීමට හේතු, විත්තිකරු සිටින හෝ සොයාගත හැකි යැයි අනුමාන කරන රට වගේම ස්ථානයත් ද තහවුරු කළ යුතුයි.

    ඉහත ආකාරයට අපි ළඟටම එන නමුත් අපි වැඩි විස්තරයක් නොදන්නා සිතාසි ගැන විස්තර කරන්න පුළුවන්. ඒ වගේම සිතාසියක් ලැබුණු ගමන් කලබල වෙන්නේ නැතිව නීතීඥයෙක් එක්ක ඒ ගැන කතාබහ කළොත් ගන්න අවශ්‍ය සුදුසුම පියවර ගැන දැනුවත් වෙන්නත් පුළුවන්

    fb
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    බස් එකේ, ත්‍රීවීල් වල උසාවි යන්න එපා බන් වියදම් කරගෙන
    නඩු දවස පැනලා දවසක් දෙකක් යද්දි පොලිසියෙන් ඇවිත් ජීප් එකෙන් වඩම්මගෙන යනවා
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712

    බම්ප්
    hmotama thanks (y)