True color of things discussion

Emios

Well-known member
  • Dec 10, 2009
    74,359
    66,777
    113
    Sinhalu dan ape mae tiyenaa colors true colors newene.e color eka reflect wena hinda pena color ekakne?dan api sudu skin nan sudu patata penne ape skin eken sudu reject wena hinda neda anith colors agata uragena?etakota api attama sudu newene :oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,591
    2
    54,135
    113
    So if my anology is correct a black person is more real white than a white person.because black person absorb white more

    Going by your "anology", your septic tank is cleaner than your water tank because the septic tank absorbs more poop
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මැටීරියල් එකක පරමාණු ලැටිස් එකේ බෑන්ඩ් ගැප් එකේ තරම අනුව තමා ස්කැටර් වෙන තරංග ආයාමය තීරණය වෙන්නෙ. (කාරණේ ඔයතරම්ම සරළ නැති උනත්, ඉන්ටර්ෆියරන්ස් නිසා වෙන වෙන සංකීර්ණතා තිබුනත් දළ වශයෙන් incedent - absorption වෙනස උඩ විමෝචිත ආලෝකයෙ පාට තීරණය වෙනව කියල ගන්න පුලුවන්). බෑන්ඩ් ගැප් එක පොඩි නම් ඒවගෙ ද්‍රව්‍ය බ්ලැක් බොඩි විදිහට වැඩ කරනව. ලැටිස් එක කොයිම විදිහකින්වත් එක්සයිට් කරන්න බැරි තරම් බෑන්ඩ් ගැප් එක වැඩි නම් ෆෝටෝන ද්‍රව්‍යය හරහා යනව (උදා: වීදුරු).

    උදාහරණ දෙකක්:

    1. නිල්පාට තීන්ත බාල්දිය "නිල් පාට" වෙන්නෙ නිල් තීන්ත වල අවලම්බිත පදාර්ථ වල පරමාණුක දැලිසෙ සැකැස්ම දෘශ්‍ය ආලෝකයෙ ස්පෙක්ට්‍රම් එකේ "නිල්" අයාමය හැර අනිත්ව අවශෝෂණය කරන නිසා (හෝ සුදු අලෝකයෙන් නිල් ලැබෙන්න හැකි තරමකට වෙන ආයාමයන් කීපයක් අහඹු ලෙස අවශෝෂණය කරන නිසා).

    2. සමනල් තටුව වර්ණවත් වෙලා තියෙන්නෙ තටු මත නැනෝ තියෙන දැති, ගොඩැලි සහිත නැනෝ වයුහයකින් ආලෝකය ඉන්ටර්ෆියර් වීමෙන්. සමනල් තට්ටක රතු පැහැති පදාසයක මතුපිට ටොපලොජිය කහ පැහැති පදාසයකට වඩා සියුම්.

    ඉතින් ඕව සළකල බලද්දි වර්ණ කියන්නෙ මිනිස් සංජානන ගොන්නක් වර්ගීකරණය කරගන්න අපි හදාගත්ත සම්මුතීන් බව පැහැදිලි වෙන්න ඕනෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,761
    1
    100,135
    113
    33
    Kalutara
    අපිට පේන පාට ඇත්තම පාට නෙමෙයි නම් කැමරාවකටත් අපිට පේන පාටම පේන්නෙ කොහොමද?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    අපිට පේන පාට ඇත්තම පාට නෙමෙයි නම් කැමරාවකටත් අපිට පේන පාටම පේන්නෙ කොහොමද?
    ඉස්සර ඉදන්ම මට තිබ්බ ප්‍රශ්ණයක්. දැන් බල්ලා වර්ණ අන්ධයි කියනවා.ඌට කළු සුදු පමණයි. නමුත් mantis shrimp කියන එකාට චැනල් 12 පේනවා.අපිට R,G,B විතරයි. සමහරවිට කැමරා වලින් ගන්නෙත් මේ වර්ණ 3 විතරක් වෙන්න ඇති.