නොබෝ දිනකින් රුපියල් ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,307
    17,341
    113
    Cabraal-02.04.2021.png

    ඩොලරයේ අගය රු. 200 ඉක්මවා යාම පිළිබඳව රජය විසින් සැලකිලිමත් වී ඇති බවත් මෙය තාවකාලික සිද්ධියක් බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (02) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ නොබෝ දිනකින් රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කරනු ලබන බවයි.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
    “රුපියල සහ ඩොලරය අතර හුවමාරු අගයයන් තීරණය වන්නේ අපේ රට විදේශ අංශය අපි කළමනාකරණය කිරීමේ තත්ත්වය අනුව. රුපියලේ අගය පවත්වා ගැනීමට මූලික සාධකයක් තමයි රටේ තියෙන සංචිත ප්‍රමාණය. 2014 දී අපේ රටේ තිබුණා සංචිත හැටියට ඩොලර් බිලියන 8.2 ක්. අපි ඒ කාලේ පුරෝකථනය කෙරුවේ 2019 අග වෙන කොට ඩොලර් බිලියන 15 දක්වා අපට වැඩිකර ගන්න පුළුවන් වේවි කියලා. ඒ වුණාට 2019 වෙනකොට අපිට ඩොලර් බිලියන 8.2ක් වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. තිබුණේ 7.4 ක් පමණයි. ඉතිං ඒ නිසා 15 ක් තිබෙන්න තිබුණු තැනක අපිට ලැබුණේ 7.4 ක්. මෙතන දී යථා තත්ත්වය ඒකයි. අපි භාර ගත්ත තත්ත්වය ඒකයි. අපිට අවකාශයක් තිබුණේ නැහැ, මේ රුපියල පාලනය කර ගැනීමටවත්, මේ තත්ත්වයට මුහුණ දෙන්නටවත්. ඒ වුණත් අපි මුහුණ දීලා තියෙනවා.“
    “අපි දැක්කා 2020 තුළ දී බොහෝ දෙනෙක් හිතුවා රුපියල දැවැන්ත ලෙස අවප්‍රමාණය වෙයි කියලා. ඒ වුණාට රුපියල අවප්‍රමාණය වුණේ සියයට 2.8ක් පමණයි. ඒ වුණත් මේ වසරේ දී (ඩොලරය) රු. 200 ඉක්මවා යාම ගැන අපි සැලකිලිමත් වෙලා තියෙනවා. අපි දැන් අපේ සංචිත වැඩිකර ගැනීම සඳහා ක්‍රමවේද රාශියක් අනුගමනය කරනවා. ඒ තත්ත්වයට අපි මුහුණ දෙද්දී රුපියල යම් ආකාරයක වැඩිපුර පීඩනයකට ගොදුරු වෙලා තිබෙනවා. අපි ඒක දන්නවා. ඒ වුණත් අපි නොබෝ දවසකින් නැවත වරක් රුපියල ශක්තිමත් කිරීමට අපිට කටයුතු කරන්න පුළුවන් වේවි කියන එක තමයි අපේ විශ්වාසය. අපි එතනට යොමු වෙනවා. මෙය තාවකාලික සිද්ධියක්.“

    http://biz.adaderana.lk/නොබෝ-දිනකින්-රුපියල්-ශක්/
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලංකාවේ ඇතුලේ භාණ්ඩ නිෂ්පාදනයට මිනිස්සු පෙළඹෙන්නේ රුපියල අව ප්‍රමාණයට පත් උනොත් තමයි. රුපියල ආයේ නැවත ශක්තිමත් උනොත් ඒ භාණ්ඩ මෙහෙ හදනවට වැඩිය ආනයනය ලාබයි.

    උදාහරනයක් විදියට ආනයනය කරන අර්තාපල් සලකන්න. අර්තාපල් කිලෝ එකක් ආනයනය කරන්න ඇමරිකන් ඩොලර් 1 යනව කියලා හිතමු. එතකොට ඩොලර් 1 රුපියල් 200 ට යනවා නං ආනයනික අර්තාපල් කිලෝ එකක් මෙහෙ රුපියල් 200 යි. ඉතිං රටින් ගේනවට වඩා මෙහෙ හදන එක ලාභයි.
    හැබැයි ඩොලර් 1 රුපියල් 100 උනොත් මෙහෙ ආ හදනවට වඩා රටින් ගේන එක ලාභයි.

    චීනය මේක ගොඩක් රටවලට කරනවා. ඇමරිකාවේ ඩොලරයේ වටිනාකම තීරණය කරන්න චීනය සැහෙන්න මහන්සි වෙනවා. මොකද ඩොලරය උනත් ඕනාවට වඩා අව ප්‍රමාණයට පත් උනොත් ඇමරිකානු සමාගම් වලට ඔවුන්ගේ භාණ්ඩ චීනයේ නිෂ්පාදනය කරලා ආනයනය කරනවට වඩා ඇමරිකාව තුලම සදා ගැනීම ලාභයි. ඇත්තටම බැලුවොත් දැන් චීනයේ හදලා ඇමරිකාවට ගෙන්වන සියළුම භාණ්ඩ ඊටත් වඩා හොදට හදන්න පුළුවන් තාක්ෂනය, හැකියාව ඇමරිකාවට තියෙනවා. ඒත් ඔවුන් පිට හදන්නේ ලාභ නිසා.

    ලංකාවෙත් රුපියල බාල්දු වෙන හැම වෙලේම චීනය ලංකාවට ඩොලර් දීලා රුපියල් ශක්තිමත් කරන්නේ චීන ආනයනය නැවතිලා, මෙහෙ නිෂ්පාදන ඇතිවෙයි කියලා.

    සරලව කතන්දරේ කිව්වේ. ගොඩක් අයට නීරස දෙයක්නේ මෙව්වා.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔව් ඉතිං රුපියල ශක්තිමත් කරන්නන නම් දැඩි ලෝහයක් කලවන් කරන්න තමා දැන් තියෙන්නේ.
    අපිට සල්ලි නැති උනාම තව නය අරන් බැංකුවේ දාගෙන කාල හරියන්නේ නැ .
    එකයි මෙච්චර කාලයක් කලේ. දැන් වෙන්න ඕනේ ගෙදර දෙයක් හදලා පිටට විකුණන එක.
    ඇත්තටම ගොටාබය මහත්තයා එක කරයි කියලා හිතුවා. ලොල් තමා එයත් නාට්ටි පිටින් දාල
    රටේ වෙන දේවල් ශේප් කරන (රනිල් මහින්ද අනුර) කම්බයින් තියරියටමනේ යන්නේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    2025 di 246+ thama prediction eka mama hithanne. habaiyi ita wada 300 ta kittu karannath bari naa

    USD/LKR rate equal to 198.880 at 2021-04-02 (today's range: 198.880 - 199.525). Based on our forecasts, a long-term increase is expected, the Forex rate prognosis for 2026-03-28 is 246.648. With a 5-year investment, the revenue is expected to be around +24.02%. Your current $100 investment may be up to $124.02 in 2026.

    https://walletinvestor.com/forex-fo...t=USD/LKR rate equal to,up to $124.02 in 2026.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ලංකාවේ ඇතුලේ භාණ්ඩ නිෂ්පාදනයට මිනිස්සු පෙළඹෙන්නේ රුපියල අව ප්‍රමාණයට පත් උනොත් තමයි. රුපියල ආයේ නැවත ශක්තිමත් උනොත් ඒ භාණ්ඩ මෙහෙ හදනවට වැඩිය ආනයනය ලාබයි.

    උදාහරනයක් විදියට ආනයනය කරන අර්තාපල් සලකන්න. අර්තාපල් කිලෝ එකක් ආනයනය කරන්න ඇමරිකන් ඩොලර් 1 යනව කියලා හිතමු. එතකොට ඩොලර් 1 රුපියල් 200 ට යනවා නං ආනයනික අර්තාපල් කිලෝ එකක් මෙහෙ රුපියල් 200 යි. ඉතිං රටින් ගේනවට වඩා මෙහෙ හදන එක ලාභයි.
    හැබැයි ඩොලර් 1 රුපියල් 100 උනොත් මෙහෙ ආ හදනවට වඩා රටින් ගේන එක ලාභයි.

    චීනය මේක ගොඩක් රටවලට කරනවා. ඇමරිකාවේ ඩොලරයේ වටිනාකම තීරණය කරන්න චීනය සැහෙන්න මහන්සි වෙනවා. මොකද ඩොලරය උනත් ඕනාවට වඩා අව ප්‍රමාණයට පත් උනොත් ඇමරිකානු සමාගම් වලට ඔවුන්ගේ භාණ්ඩ චීනයේ නිෂ්පාදනය කරලා ආනයනය කරනවට වඩා ඇමරිකාව තුලම සදා ගැනීම ලාභයි. ඇත්තටම බැලුවොත් දැන් චීනයේ හදලා ඇමරිකාවට ගෙන්වන සියළුම භාණ්ඩ ඊටත් වඩා හොදට හදන්න පුළුවන් තාක්ෂනය, හැකියාව ඇමරිකාවට තියෙනවා. ඒත් ඔවුන් පිට හදන්නේ ලාභ නිසා.

    ලංකාවෙත් රුපියල බාල්දු වෙන හැම වෙලේම චීනය ලංකාවට ඩොලර් දීලා රුපියල් ශක්තිමත් කරන්නේ චීන ආනයනය නැවතිලා, මෙහෙ නිෂ්පාදන ඇතිවෙයි කියලා.

    සරලව කතන්දරේ කිව්වේ. ගොඩක් අයට නීරස දෙයක්නේ මෙව්වා.
    මුන්ට මේවා තේරෙන්නේනෑ.. චීනෙයි ජපානෙයි තනිකරම ආර්ථික ගොඩ දාගන්නේ උන්ගේ මුදල් ඒකකකය අවප්‍රමාණ කරලා තියාගන්න එකෙන්..මේ වෙලාවේ අපිට ඇත්තටම ඕනි යුවාන්,ආන්ඩුවයි චීනෙයි සෙට් වෙලා දැන් විනිමය හුවමාරුවකින් යුවාම් ණය ගෙවලා රුපියල පොඩ්ඩක් ගොඩ දාගන්න හදනවා.හැබැයි ඒකෙන් වෙන්නේ දැනාට තියෙන විදේශ සංචිත වැඩි වෙන එක නෙමෙයි.දැනට ශේප් එකක දාගන්න එක.ආයෙත තව අවුරුදු කිහිපයකින් මේ ප්‍රශ්නේ මේ විදිහටම ඉස්සරහට එනවා එතකොට ආයෙත මේ විදිහමයි
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    මේක අපිට හොඳයි ද?
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තාවකාලිකව. ෆ්‍රී උනාම පැහැදලි කිරීමක් කරන්නම්.
    මේක අපිට හොඳයි ද?
    මුන්ට මේවා තේරෙන්නේනෑ.. චීනෙයි ජපානෙයි තනිකරම ආර්ථික ගොඩ දාගන්නේ උන්ගේ මුදල් ඒකකකය අවප්‍රමාණ කරලා තියාගන්න එකෙන්..මේ වෙලාවේ අපිට ඇත්තටම ඕනි යුවාන්,ආන්ඩුවයි චීනෙයි සෙට් වෙලා දැන් විනිමය හුවමාරුවකින් යුවාම් ණය ගෙවලා රුපියල පොඩ්ඩක් ගොඩ දාගන්න හදනවා.හැබැයි ඒකෙන් වෙන්නේ දැනාට තියෙන විදේශ සංචිත වැඩි වෙන එක නෙමෙයි.දැනට ශේප් එකක දාගන්න එක.ආයෙත තව අවුරුදු කිහිපයකින් මේ ප්‍රශ්නේ මේ විදිහටම ඉස්සරහට එනවා එතකොට ආයෙත මේ විදිහමයි
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    ඕකා මහලොකුවට කයිවාරු ගැහුවට "2014 දී අපේ රටේ තිබුණා සංචිත හැටියට ඩොලර් බිලියන 8.2 ක්. අපි ඒ කාලේ පුරෝකථනය කෙරුවේ 2019 අග වෙන කොට ඩොලර් බිලියන 15 දක්වා අපට වැඩිකර ගන්න පුළුවන් වේවි කියලා. ඒ වුණාට 2019 වෙනකොට අපිට ඩොලර් බිලියන 8.2ක් වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. තිබුණේ 7.4 ක් පමණයි" කියල දැන් තියෙන ගාන මු කියන්නේ නැනේ යහපාලනේ එව්නුත් අඩු කරලා මුනුත් අඩුකරලා මුන් දෙගොල්ලොම එකයි
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads