කොළඹ ඉඳන් එනවා නම් හයිවේ එකේ ඇවිත් ඉමදූවෙන් එලියට දාල එතනින් ඉමදූව > අකුරැස්ස > දෙනියාය පාර තමයි ලඟම සහ හොඳම පාර
තව ඕන නම් මතුගම පැත්තෙන් පාරක් තියනවා, ඒක ටිකක් පාලු පාරක් එක් නිසා මම නම් ඒක Avoid කරනවා පුලුවන් තරම්, මොකද වාහනේ මොකක් හරි අවුලක් උනත් කවුරුවත් නැතිවෙන්න පුලුවන් ලඟ පාතක.
දෙනියායට වහිනවා පට්ට විදියට මේ දවස් ටිකේ හැබැයි
ලංකාගම පැත්තෙ(සිංහරාජෙ, සත්මාල ඇල්ල etc ), ෆැට්නා පැත්තෙ එහෙම ඇවිදින්න පුලුවන්
යද්දි මොරවක පැත්තෙන් ඇතුලට ගිහිනුත් දිය ඇලි දෙක තුනක් තියනවා, මමත් ගිහින් නැහැ හැබැයි ඒවට නම්
යනගමන් මොරවක පහු උනාම ගුරුබෙවුල කියලා තැනක් තියනවා, එතනත් ඕන නම් නතර වෙන්නත් පුලුවන් රූම් එහෙම ලොකුයි හොඳයි, කෑමත් එතනින් ගන්න පුලුවන්. එතන ෆාම් එකක් තියනවා ඒක බලන්නත් පුලුවන් ඕන නම්