බල්ලො පූසෝ හදනවා වගේ ඔය හාවෝ හදන්න බෑ ලු නේ බන් ගෙවල් වල? උන්ට වෙනම Attention සහ care එක දෙන්න ඔනිලු නේ? ආසයි හාවෙක් දෙන්නෙක් හදන්න ආතල් එකට. ඒ උනාට මගේ වැඩ ගැන වත් මට හරි Attention එකක් දී ගන්න බැරි එකේ අදහස අතඅැරියා.......
------
Post added on Apr 6, 2021 at 11:48 AM
බල්ලෝ පුසොන්ට වඩා ලේසියි එක පැත්තකින්, නමුත් අතින් පැත්තෙන් අමාරුයි. හැබැයි උබ සප්ජෙක්ට් එක දැනගන්න ඕනා. හොදට ගෙදර ඉඩ තියෙන්න ඕනා. මොකද හාවා කියන්නේ තඩි ඩිස්රක්ටිව් පොරක්. බල්ලන්ට වඩා හපන්. කනවා කැමක් හැමදේම.වයර් බේරන්නම බැ. ඒවා හදන්න වෙනම වියදම්. නමුත් කිසිම සද්දයක් කරන්නැති තරම්. හැමතිස්සේම වඩාගන්න වත්තම් කරන්න උන් කැමති නැ. දවසින් වැඩි වෙලාවක් කරන්නෙ නිදාගන්න එක.
දවස පුරාම හොදට කන්න දෙන්න ඕනා. පලතුරු විටමින් දෙන්න ඕනා. අපි කන කැම ඌට කන්න දෙන්න බැ. වෙනම තනකොල පිදුරු දෙන්න ඕනා. මේවා නැතුව හැදුවොත් ඌ ලෙඩ වෙනවා. ඒකයි කට්ටිය කියන්නේ ලෙඩ වෙනවා කියලා. ඒ කැම හරියට බේරලා දෙන්නැති නිසා.
හරියට හදනවානම් වියදම් කරනවනම් හාවෙක් හදන්නපුලුවන්. රෝඩන්ලා ගැන හොදට දන්න වෙට්ලා අඩුයි. රුටින් චෙකප් වලට වියදම ටිකක් වැඩි ඒ නිසා. හරියට හාවෙක් හදන්න ක්ලාසි බල්ලෙක් නඩත්තුවට වඩා වියදමක් යනවා.