Nilantha Liyanage
පාදෙනිය මහත්මයා කියන්නේ ගම්වල සෙක්කු හයිකරන්න ඕනේ කියලා. ඔහුගේ විශය නොවුනත් ඔහු කියන්න උත්සාහකල පනිවුඩය අපි හරියට තේරුම් ගමු. සෙක්කුවක් ගමටම තෙල් දුන්නා ඉස්සර. ඒත් එම තාක්ශණය අදට නොගැලපුනත් එහි ඉංජිනේරු යාන්ත්‍රණය මගින් එකලස්වුනු බොහෝ කාර්යක්ශම යන්ත්‍ර අපි සතුයි.
මේ මගේ දෙපාර්තමේන්තුවේ සවිකර තිබෙන virgin coconut oil expellor එක. මේකෙන් ගමකට තෙල් දෙන්න පුළුවන්. මේ යන්ත්‍රය ගෙනාවේ අලුත් ව්‍යවසායකයෙක් පුහුණු කරන්න.ඔබට පුලුවන් ඇවිත් මේ ගැන ඉගෙනගන්න. අද මේ තිබෙන අභියෝගය මම දුර තියා දැක්කා. ඒ නිසා "ගමකට තෙල්" කියන සංකල්පයට ව්‍යවසායකයෙක් හදන්න පෙර සිටම සූදානම් වූවා. දැන් එන්න අවශ්‍ය කෙනෙක්. අපි කියලා දෙන්නම්, යකඩ සෙක්කුව ගැන. ආහාර විද්‍යා අද්‍යයන අංශය, කෘෂිකර්ම පීඨය,රුහුණ විශ්ව විද්‍යාලය.